බිලියන 7 සම්බන්ධ කෘත්‍යයන්

විකිපීඩියා වෙතින්
බිලියන 7 සම්බන්ධ කෘත්‍යයන් මෙහෙයුම
ආදර්ශ පාඨයසැම දෙන තවත් බිලියන 7 ජනයා ගණනයට ගනිමින්
සංස්ථාපනය2011
මූලස්ථානයනිව්යෝර්ක් නගරය
පිහිටුම
  • ගෝලීය
නිල භාෂා
ඉංග්‍රීසි
Key people
බබාටුන්ඩෙ ඔසොටිමෙහින් (විධායක අධ්‍යක්ෂ, UNFPA)
වෙබ් අඩවිය7billionactions.org

සත්වන බිලියන පුද්ගලයා[සංස්කරණය]

එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදලෙහි ප්‍රකාශක ඔමාර් ගාර්සඩ්ඩයින් පැවසුවේ, "31වනදා කුමන විනාඩියෙහි බිලියන 7 වන බිලිඳා උපත ලබයිදැයි දැනගැනීමට එ.ජා. සංවිධානයට හෝ වෙන යම් අයෙකුට හෝ හැකියාවක් නොමැත"යි සහ, එක්සත් ජාතීන් විසින් මෙම සහ එවැනි අනෙකුත් ප්‍රචාරක ව්‍යායාමයන්ට නිල තත්ත්වයක්ප්‍රදානය නොකරන බවයි.[1] කෙසේවෙතත් කණ්ඩායම් කිහිපයක් විසින් අළුත උපන් දරුවන් කිහිපදෙනෙක් තෝරාගත්තේ බිලියන් සත්වන පුද්ගලයා නිරූපණය කිරීමටය:

ප්ලෑන් ඉන්ටර්නැෂනල් කණ්ඩායම විසින් බිලියන සත්වන දිනය සංකේතාත්මකව සනිටුහන් කරමින්, සත්වන බිලියන මානවයාගේ උපත උත්තර් ප්‍රදේශ් ඉන්දියානු ප්‍රාන්තයේදී උත්සවාකාරයෙන් සමරමින්, නාගීස් කුමාර් නම් අළුත උපන් බිලිඳියට ඇයගේ උප්පැන්න සහතිකය පිරිනමන ලද්දේ,[2] එම ප්‍රාන්තයේ ස්ත්‍රී පුරුෂත්ව-වරණීය ගබ්සාව පිළිබඳ විරුද්ධත්වය ප්‍රකාශකිරීමටය. 0–6-වසර-වියැත්තියන් සඳහා ඉන්දියානු ගැහැණු ලමයින් හා පිරිමි ලමයින් අතර අනුපාතය, දේශව්‍යාප්තව පිරිමි ලමයින් 1000කට ගැහැණු ලමයින් 914 වන අතර, අඩුම අගයයන් අතුරින් එකක් වන්නේ උත්තර් ප්‍රදේශ්හී පිරිමි ලමයින් දහසකට ගැහැණු ලමයින් 889 ක් යන අගය වෙයි.[3]

තෝරාගත් අනෙකුත් ළදරුවන් අතර වන්නේ, පිලිපීනයේ, මැනිලා නුවර, ආචාර්ය ජොසෙ ෆාබෙලා අනුස්මරණ රෝහලෙහිදී, බිලියන හත දිනය උදාවෙද්දී මධ්‍යම රාත්‍රියට මෙහොතකට පෙර උපන් ඩානිකා මේ කමාචෝ,[4] සහ, ශ්‍රී ලංකාවේ, කොළඹ උපත ලද සනාලි මුතුමාලි සිරිවර්ධන වෙති.[5]


ආශ්‍රිත[සංස්කරණය]

  1. කොස්මික් ලෝග් – 7 බිලියන් පීපල්? හවු ඩූ දේ නෝ?, http://cosmiclog.msnbc.msn.com/_news/2011/10/28/8525681-7-billion-people-how-do-they-know, ප්‍රතිෂ්ඨාපනය 2013-10-30 
  2. "ඉන්ඩියා වෙල්කම්ස් ‘වර්ල්ඩ්ස් සෙවන් බිලියන්ත් බේබි'". බීබීසී නිවුස්. ඔක්තොම්බර් 31, 2011. http://www.bbc.co.uk/news/world-south-asia-15517259. සම්ප්‍රවේශය කෙරුණු දිනය ඔක්තොම්බර් 31, 2011. 
  3. "බේබි7 බිලියන්: කවුන්ට්ඩවුන් බිගින්ස් ෆො අ ගර්ල් ඉන් ඉව්ඩියා". රොයිටර්ස් නිව්ස්ඇලර්ට්. ඔක්තොම්බර් 14, 2011. සම්ප්‍රවේශය ඔක්තොම්බර් 16, 2011.
  4. කෝල්මන්, ජැස්මින් (2011-10-31). "වර්ල්ඩ්ස් 'සෙවන් බිලියන්ත් බේබි' ඊස් බෝර්න්". ලන්ඩනය: ද ගාර්ඩියන්. http://www.guardian.co.uk/world/2011/oct/31/seven-billionth-baby-born-philippines?newsfeed=true. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2011-10-31. 
  5. "සෙවන් බිලියන්ත් චයිල්ඩ් බෝර්න් ඉන් SL | කැප්ෂන් ස්ටෝරි". Dailymirror.lk. 2011-10-31. සම්ප්‍රවේශය 2012-10-05.

බාහිර සබැඳි[සංස්කරණය]