බිල් බ්‍රවුන්

විකිපීඩියා වෙතින්

බිල් බ්‍රවුන්
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නමවිලියම් ඇල්ෆ්‍රඩ් බ්‍රවුන්
උපත31 ජූලි 1912(1912-07-31)
ටූවූම්බා, ඕස්ට්‍රේලියාව
මරණය16 March 2008(2008-03-16) (වයස 95)
බ්‍රිස්බන්, ඕස්ට්‍රේලියාව
උස1.76 m (5 ft 9 in)
පිතිකරන විලාසයදකුණතින්
පන්දුයැවීම් විලාසයදකුණතින් දඟ පන්දු යැවීම
භූමිකාවපිතිකරුවා
දේශීය කණ්ඩායම් තොරතුරු
වසරකණ්ඩායම
1932/33–1935/36නිව් සවුත් වේල්ස් ක්‍රිකට් කණ්ඩායම
1936/37–1949/50ක්වීන්ස්ලන්ත ක්‍රිකට් කණ්ඩායම
වෘත්තියමය සංඛ්‍යාන
කරගාවලි ටෙස්ට් මුල්-පෙළ
තරග 22 189
රැස් කල ලකුණු 1,592 13,838
ලකුණු රැස් කිරීමේ සාමාන්‍යය 46.82 51.44
100ඒවා/50ඒවා 4/9 39/66
වැඩිම ලකුණු 206* 265*
යැවුනු පන්දු 169
කඩුළු 6
පන්දු යැවීමේ සාමාන්‍යය 18.33
ඉනිමකදී කඩුළු පහක් ndash;
තරගයකදී කඩුළු 10 ක් ndash;
හොඳම පන්දු යැවීම 4/16
පන්දු ඇල්ලීම්/ස්ටම්ප්කිරීම් 14/– 110/1
මූලාශ්‍රය: CricketArchive, 2007 10 දෙසැම්බර්

මුලික අවධිය[සංස්කරණය]

බ්‍රව්න් උපත ලද්දේ ටූවූම්බා හිදීය. පියා ගොවියෙකු හා හොටෙල් අයිතිකරුවකු විය. වයස අවු 03 වන විට පවුලේ ව්‍යාපාර අසාර්ථක වීම හේතුවෙන් ඔවුන් සිඩ්නි හි අභ්‍යන්තරයහි වූ මර්රික්විල් වෙත පදිංචිය මාරුකරන කළෝය.ඔවුන් එහි එක් නිදන කාමරයක් සහිත නිවසක ජිවත් වීම ඔවුන්ගේ ආර්ථික දුෂ්කරතා මනාව පිළිබිඹු කරන්නක් වූ අතර බ්‍රව්න්ට හා ඔහුගේ සහෝදරයා එක්ව තිබු එකම ඇඳ බෙදාගැනීමට ද සිදුවිය.ඔහු ඩල්විච් හිල් සහ පිටර්ශම් උසස් අධ්‍යාපන ආයතන තුලින් අධ්‍යාපනය හැදෑරූ අයෙකි.ආරම්භක පිතිකරුවකු ලෙස ක්‍රීඩා කිරීමට ප්‍රථම ඔහු ක්‍රිකට් දිවිය ආරම්භ කරන ලද්දේ කඩුලු රකින්නකු ලෙසය.මහත් ආර්ථික අපහසුතා හේතුවෙන් ඔහු අවුරුදු දෙකකට පසුව පාසල අතහැර ගිය අතර ස්ථිර රැකියාවක් සොයාගැනීමට අපහසුවිය.1930-32 කාලය තුල ඔහු මැරික්විල් ක්‍රිකට් සමාජය වෙනුවෙන් ඉතා හොදින් ක්‍රීඩා කල නුමුදු කණ්ඩායමේ එකොලොස් දෙනා අතර ස්ථීර ස්ථානයක් පවත්වාගැනීමට අපොහොසත් විය.සිඩ්නි අතහැර යාමට තරම් වූ අසන්නන මොහොතක ඔහු ශියර් කණ්ඩායම වෙනුවෙන් රැස්කළ ලකුණු 172 ඔහුගේ ක්‍රිකට් දිවිය යලි ආරම්භකරන්නක් විය. ඉන්පසු ඔහු කණ්ඩායමේ පළමු එකෙලොස්දෙනා අතර ස්ථීර ස්ථානයක් හිමිකරගනිමටද නිව් සවුත් වේල්ස කණ්ඩායමට සදහා තේරී පත්වීමටද වාසනාව උදාවිය.

යුද්ධයට පෙර[සංස්කරණය]

බ්‍රව්න් තම මංගල පළමු පන්තියේ තරගයට නිව් සවුත් වේල්සය නියෝජනය කරමින් ෂෙෆීල්ඩ් ෂිල්ඩ් තරගාවලියට සහභාගී වුයේ 1932 නොවැම්බර් මාසයේදීය. එහිදී ඔහු ජැක් ෆින්ගල්ටන් සමග ආරම්භක පිතිකරුවකු ලෙස පැමිණියද කිසිදු පන්දුවකට ක්‍රීඩා කිරීමට ප්‍රථම දුවද්දී දවියාමට ලක්විය. කෙසේ වුවත් බ්‍රව්න්ගේ කණ්ඩායම ඉනිමකින් හා ලකුණු 274කින් ජයගැනීමට හැකියාව ලැබිණි.බ්‍රව්න්ගේ ක්‍රිකට් දිවියේ පළමු සමයේ විශේෂිත සිදුවීම් ලෙස දකුණු ඔස්ට්‍රේලියාවට එරෙහිව වාර්තා කල ලකුණු 79 සහ එංගලන්තයේ ඩග්ලස් ජර්ඩින්ස් කණ්ඩායමට එරෙහිව වාර්තාකළ 69 ත් සදහන් කල හැකිය. බ්‍රව්න් තම ක්‍රිකට් දිවියේ පළමු සමයේදී දොන් බ්‍රැඩ්මන්ගේ දෝෂාරෝපණයට ලක්වීමට සිදු විය, ඒ බ්‍රව්න්ගේ දුර්වල සන්නිවේදනය හේතුවෙන් සිදු වූ දුවද්දී දවියාම් නිසාවෙනි.කෙසේ වෙතත් ඔහු තම පළමු කාර්තුවේ ලකුණු 269ක් රැස් කළේ ඉනිමක සාමාන්‍ය ලකුණු 29.88 ක් පවත්වා ගනිමිනි.

1933 නොවැම්බර් මාසයේදී බ්‍රව්න් තම දෙවන තරගාවලියේ පළමු තරගයේදී ක්වින්ලන්ඩ්ස් කණ්ඩායමට එරෙහිව බ්‍රිසබ්න් හිදී ලකුණු 154 රැස්කිරීමට සමත් වුයේ බ්‍රැඩ්මන් හා එක්ව ලකුණු 294 සබඳතාවක් පැය තුනකදී ලකුණු පුවරුවට එක්කරමිනි.එම සුසංයෝගය හේතුවෙන් ඔවුන් තම ඉනිම අත්හිටුවන විටදී ලකුණු පුවරුවේ ලකුණු 494/4 ක් ලෙස සටහන්ව තිබු අතර එම තරගය ඉනිමකින් ද ජයගැනීමට ඔවුන් සමත්විය.මීළග තරගයදී බ්‍රව්න් තම ඉනිමට 205ක් එක් කලේ කණ්ඩායම වෙනුවෙන් ලකුණු 340 ක ආරම්භක සබඳතාවක් වික්ටෝරියා කණ්ඩායමට එරෙහිව වාර්තා කරමිණි.බ්‍රව්න් එම සමයේදී තවත් අර්ධ ශතක දෙකක්ද සමඟින් මුළු ලකුණු 878ක් එක් කලේ ඉනිමක සාමාන්‍ය ලකුණු 67.53ක් රදවා ගනිමිනි,මුලික තරග වලිදී මෙම සාමාන්‍ය දෙවෙනි වුයේ බ්‍රැඩ්මන්ට පමණි.මීළගට නියමිතව තිබූ එංගලන්ත සංචාරය සඳහා ක්‍රීඩකයන් තෝරාගැනීම මහත් ගැටළුවක් වුයේ බ්‍රව්න් හා ෆින්ගල්ටන් සම දක්ෂතා පෙන්නුම් කිරීම නිසාය,නමුත් මෙහිදී වික්ටෝරියා ප්‍රාන්තයේ ආරම්භක පිතිකරු යුගළය බිල් පොන්ස්වර්ඩ් සහ නායක බිල් වූඩ්ෆුල් හට ස්ථීර ස්ථාන හිමිව තිබු අතර තව එක් ක්‍රීඩකයකුට අතිරේක ආරම්භක පිතිකරුවකු කණ්ඩායමට එක්වීමට අවස්ථාව තිබිණි.මෙහිදී ඔස්ට්‍රේලියානු ප්‍රධාන පිතිකරුවකු වූ බ්‍රැඩ්මන්ගේ උපදෙස් පැතීමට සන්විධායක මණ්ඩලයට යොමු විය,එහිදී බ්‍රැඩ්මන්ගේ නිර්දේශය වුයේ බ්‍රව්න්ගේ පිතිකරණ රටාව එංගලන්ත තණතිලි සදහා වඩාත් යෝග්‍ය තත්වයක පවතින බවයි.මේ පිළිබඳව කනස්සල්ලට පත් ෆින්ගල්ටන් කණ්ඩායම් නායක වූඩ්ෆුල් හට ලිපියක් යවමින් කියා සිටියේ “ඔබ තෝරා ගත් පුද්ගලයා වේග පන්දු යවන්නන්ට අකමැති අයෙකි ”යන්නයි.නමුත් බ්‍රව්න් තරගාවලිය සඳහා නික්ම යාමට පෙර තස්මේනියාවට එරෙහිව තරඟ දෙකකදී ලකුණු 100 ට ආසන්න අර්ධ ශතක දෙකක් වාර්තා කරමින් තමන් කණ්ඩායමේ එකොලොස්දෙනා අතර සිටිය යුතු බව මනාව සනිටුහන් කළේය.

ආරම්භක තරඟ සංචාරයේ වෝකෙස්ටර්ෂයර් ට එරෙහිව පළමු තරඟය බ්‍රව්න් හට අහිමි වූ අතර දෙවන තරඟය වූ ලෙයිකෙස්ටර්ෂයර්ට ට එරෙහි තරඟය ඔහුගේ මංගල තරඟය බවට පත්විය.ඔහුගේ දෙවන සංචාරයදී කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලට එරෙහිවමැදපෙළ ක්‍රීඩා කරමින් ලකුණු 105ක් රැස්කිරීමට සමත්විය.අවසාන තරඟ සංචාරයේදී ලන්කෙස්ටර්ෂයර් ට එරෙහිව අංක තුන ස්ථානයේ ක්‍රීඩා කරමින් අනර්ඝ ලකුණු 119ක් ලබාගැනීමට බ්‍රව්න්ට හැකියාව ලැබිණි.මෙම තරඟ සංචාර දෙස බැලීමේදී පෙනීගිය කරුණ නම් ඔහු ඉනිමක සාමාන්‍ය ලකුණු 43.88ක් පවත්වාගනිමින් මුළු ලකණු 351 රැස්කිරීමට සමත්ව ඇතිබවයි,මෙය බ්‍රව්න් ටෙස්ට් සංචිතය සඳහා තෙරිපත්විමටද මහඟු සාධකයක් විය.බ්‍රව්න් ටෙස්ට් තරඟ පහකින් යුත් තරඟාවලියේ ඔහුගේ මංගල ටෙස්ට් තරඟය නොටින්හැම් හි ට්‍රෙන්ට් බ්‍රිජ් දී මුහුණදුන් අතර එහිදී පළමු ඉනිමේදී ලකුණු 22ක් රැස්කිරීමට හැකිවිය.ඔස්ට්‍රේලියානු දෙවැනි ඉනිමේ පළමු කඩුලු තුන ඉතා ඉක්මනින් බිඳවැටුණු මොහොතක බ්‍රව්න් තම කණ්ඩායමට ලකුණු 73ක් එක්කරමින් ජයග්‍රාහී ඉදිරිගමන සනිටුහන් කිරීමට සමත්විය.ඉන්පසු බ්‍රව්න් ආරම්භක පිතිකරුවකු ලෙස ක්‍රීඩා කරමින් නෝර්ත්ඇම්ප්ටන් ට එරෙහිව ශතකයක්ද දෙවෙනි ඉනිමේ නොදැවී ලකුණු 62ක්ද ලබාගනිමින් සුදු මහත්වරුන්ට එරෙහිව කඩුලු අටක ජයග්‍රහණයකට මගපෙන්වීමට හැකිවිය.ලෝර්ඩ්ස් හිදී පවතී දෙවැනි ටෙස්ට් තරඟය සඳහා පොන්ස්වර්ඩ් හට අසනීප තත්වයක් හේතුවෙන් සහභාගී වීමට නොහැකි වුයෙන් බ්‍රව්න් හට ආරම්භක පිතිකරුවෙකු ලෙස වූඩ්ෆුල් සමග ක්‍රීඩා කිරීමට වරම් උදාවිය.

"https://si.wikipedia.org/w/index.php?title=බිල්_බ්‍රවුන්&oldid=413144" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි