බැසිලස් තුරින්ජෙන්සිස් ඉස්රෙයලැන්සිස්

විකිපීඩියා වෙතින්

බැසිලස් තුරින්ජෙන්සිස් සරෝවා ඉස්රෙයලැන්සිස් (බීටීඅයි) යනු සමහරක් මැසි වර්ගයන්හී පිළවු අවස්ථාවෙහිදී ඒවා මත ජීවවිද්‍යාත්මක පාලන කාරකයක් ලෙසින් භාවිතා කෙරෙන බැක්ටීරියා සමූහයකි. බීටීඅයි වෙතින් නිපැයෙන විස විසින් විවිධ මදුරුවන්, හෝහපුටුවන්, සහ මැස්සන් වර්ග විනාශකිරීමට ක්‍රියාකරනමුත් අනෙකුත් ජීවීන්ට කිසිදු බලපෑමක් නැති තරම්ය. ඉලක්ක-නොවන ජීවි විශේෂ කිහිපයකට පමණක් බලපෑම් ඇති කිරීමේ මෙම ගුණාංගය ඇත්ත වශයෙන්ම සාමාන්‍ය ලෙසින් බැ. තුරින්ජෙන්සිස් නිපැයුම්හී ප්‍රධාන වාසියක් ලෙසින් සැලකෙයි.