බැරැක් ඔබාමා "Hope" පෝස්ටරය

විකිපීඩියා වෙතින්
ගොනුව:Barack Obama Hope poster.jpg
”Hope” යන වචනය මූලිකව යොදා ගනිමින් ශෙපර්ඩ් ෆේරි විසින් නිර්මාණය කරන ලද, ඉතාම අධිකව බෙදා හැරුණු ඔබාමාගේ පෝස්ටරය. මෙය ප්‍රතිනිර්මාණය කිරීමේදී “Change” සහ “Progress” යන වචන යොදා ගෙන ඇත.

බැරැක් ඔබාමා "Hope" පෝස්ටරය යනු බැරැක් ඔබාමාගේ පින්තූරයක් යොදා ගනිමින් ශෙපර්ඩ් ෆේරි නම් කලාකරුවා විසින් නිර්මාණය කරන ලද පෝස්ටරයකි. 2008 ඔබාමා ජනාධිපතිවරණ ව්‍යාපාරය[1][2] නියෝජනය කළ ප්‍රබලතම අංගයක් ලෙස මෙම නිර්මාණය සැළකෙයි. තද රතු, ලා දුඹුරු හා (හුණු පැහැ සහ අඳුරු) නිල් යන වර්ණ උපයෝගී කරගෙන ස්ටෙන්සිලයක අධාරයෙන් නිර්මාණය කළ බැරැක් ඔබාමාගේ ඡායාරූපයක් සහිත මෙහි පහළින් "progress", "hope" හෝ "change" යන වචන (තවත් ප්‍රතිනිර්මාණයන්හි වෙනත් වචන) යොදා ඇත.

දිනක් තුළ මෙහි සැලසුම නිර්මාණය කෙරුණු අතර පළමුව මුද්‍රණය කෙරුණේ පෝස්ටරයක් ලෙසිනි. මෙය මුද්‍රණය කළ විගස ෆේරි විසින් පෝස්ටර් 350ක් පමණ අලෙවි කළේය. ආරම්භයේදී තනිව වුවත් ඔබාමාගේ, නිළ ඡන්ද ව්‍යාපාරයත් සමග 2008 ඡන්ද සමය තුළ ඩිජිටල් මෙන්ම වෙනත් මාධ්‍ය හරහාද එය අධික ලෙස බෙදා හැරුණි. මෙම පින්තූරය ඔබාමාගේ ජනාධිපතිවරණ පණිවිඩයේ විශේෂිත වූ සංකේතයක් බවට පත් විය. විවිධ වෙනස්කම් සහ අනුකරණයන් සහිතව ලොව පුරා ව්‍යාප්ත වූ මෙම පින්තූරය පිළිබඳ අධිකාරික බලයක් ඔබාමාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය විසින් ලබා ගත්තේය. මෙය ජිම් ෆිට්ස්පැට්‍රික්ගේ චේ ගුවේරා පෝස්ටරය මෙන් ඉතා ඉක්මණින් සම්භාවනාවට පාත්‍ර වූ බවත් ඉදිරි වසරේදී ටී-ෂර්ට්, කෝපි කෝප්ප හා ළමයින්ගේ නිදන කාමර වල බිත්ති අලංකරණයට නිසැකවම යොදාගන්නා බවත් ප්‍රකාශ කිරීමට තරම් ද ගාර්ඩියන් පුවත්පතේ ලෝරා බාර්ටන් පෙළඹවීය.[3]

2009 ජනවාරියේදී ඔබාමාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණයත් සමග ෆේරි විසින් නිර්මිත මිශ්‍ර මාධ්‍යයික, ස්ටෙන්සලීකරණය කරන ලද ඔබාමාගේ රුව සහිත පින්තූරය ස්මිත්සෝනියන් ආයතනය විසින් එහි ජාතික පිළිරූ ගැලරිය වෙත ලබා ගත්තේය. ෆේරි විසින් මෙම පෝස්ටරය සඳහා පාදක කරගත් ඡායාරූපය පිළිබඳව 2009 ජනවාරි අගදී අනාවරණය විය. එය ඇසෝසියේටඩ් ප්‍රෙස්හි හිටපු නොබැඳි ඡායාරූප ශිල්පී මැනී ගාර්ෂියා විසින් 2006 අප්‍රේල් මාසයේදී ගන්නා ලද්දකි. ඇසෝසියේටඩ් ප්‍රෙස්හි හිමිකම් පිලිබඳ ප්‍රකාශනයට ප්‍රතිචාරයක් ලෙස හානිපූරණයක් වශයෙන් ෆේරිට විරුද්ධව දඩ ගසන ලද්දේ ඔහුගේ පෝස්ටරය පැහැදිලිවම මුල් ඡායාරූපයේ භාවිතයක් නිසාය. මෙම පාර්ශවයන් 2011 ජනවාරි මස උසාවියේදී මෙය විසඳගත් අතර එහි තොරතුරු රහසිගතව තබාගන්නා ලදී.

ෆේරි 2012 පෙබරවාරි 14 වන දින නිව් යෝර්ක් ෆෙඩරල් උසාවිය ඉදිරියේදී , ඇසෝසියේටඩ් ප්‍රෙස් ආයතනය සමග කළ නීතිමය සටනේදී ලියකියවිලි විනාශ කිරීම හා වංචනික ලෙස සකස් කිරීම පිළිබඳව වරද පිළිගත්තේය. 2009 වසරේදී ෆේරි විසින් පුවත් සේවයට එරෙහිව නඩු පවරන ලද්දේ, ඔහු මෙම සුප්‍රකට පෝස්ටරයට පාදක කරගත්තේ තමන්ගේ ඡායාරූපයක් බව එම ආයතනය ප්‍රකාශ කළ නිසාය. ෆේරි විසින් ප්‍රකාශ කර සිටියේ තමා විසින් පෝස්ටරය සඳහා යොදාගත්තේ වෙනත් ඡායාරූපයක් බවයි. නමුත්, නඩුවට මූලාශ්‍ර වූ ලියකියවිලි විනාශ කිරීම හා වෙනත් ඒවා සැකසීම තුළින් තම වරද සැඟවීමට උත්සාහ කිරීමෙන් නීතිය හෑල්ලුවට ලක් කිරීම පිළිබඳව වරද ඔහු පිළිගත්තේය.[4] සැප්තැම්බර් මාසයේදී වසර දෙකක පරිවාස කාලයකට, පැය 300 ක සමාජ සේවයකට හා ඩොලර් 25 000 ක දඩයකට ඔහු යටත් කරන ලදී.[5]

සංකල්පය හා සැලසුම් නිර්මාණය[සංස්කරණය]

රජය සහ ජෝර්ජ් ඩබ්. බුෂ් පිළිබඳව තීරණාත්මක දේශපාලනික වීදි චිත්‍ර ඇඳ තිබූ ශෙපර්ඩ් ෆේරි 2007 ඔක්තෝබර් මස අවසානයේදී, නැගී එන ඔබාමා ව්‍යාපාරය පිළිබඳව අන්තර්ජාතික නීති ලේඛක යෝසි සර්ජන්ට් හා සාකච්ඡා කළේය. ඔබාමා හට සහය පිණිස චිත්‍ර කිහිපයක් නිර්මාණය කරන ලෙස සර්ජන්ට් ඔහුට යෝජනා කළේය. ෆේරි හට ඔබාමා පෝස්ටරයක් නිර්මාණය කිරීමට අවසර ගනු පිණිස සර්ජන්ට් ඔබාමා ව්‍යාපාරය හමු වීය. ශ්‍රේෂ්ඨ අඟහරුවාදා දිනට සති කිහිපයකට පෙර ඒ සඳහා අවසරය ලැබුණි. තමා විසින් ඔබාමාගේ ඡායාරූපය සහිත නිර්මාණයක් කිරීමට තීරණය කළේ, කථිකයෙකු වශයෙන් ඔබාමා තුළ තිබූ බලය හා අවංකභාවය, ඔහුගේ රූපය හා මනා සම්බන්ධයක් ඇති කරන බවට තමාට ඇති වූ හැඟීම නිසා බව ෆේරි ප්‍රකාශ කර තිබුණි. ගූගල් පින්තූර සෙවීම (නොබැඳි ඡායාරූප ශිල්පී මැනී ගාර්ෂියා විසින් 2006 අප්‍රේල් මාසයේදී ඇසෝසියේටඩ් ප්‍රෙස් වෙනුවෙන් ගත් ඡායාරූපක් බව අවසානයේදී අනාවරණය විය)[6][7] හරහා ඔබාමාගේ ඡායාරූපයක් සොයාගත් ෆේරි පෝස්ටරයේ මුල් පිටපත එක් දිනක් තුළදී නිර්මාණය කළේය. මුල් පිටපතෙහි "progress" යන වචනය යොදා තිබූ අතර ෆේරිගේ අත්සන obey සලකුණ—අන්ද්‍රේ ද ජයන්ට් හැස් අ පොසේ නම් වීදි චිත්‍ර ව්‍යාපාරය හා සම්බන්ධිත සංකේතයක්—ඔබාමාගේ සන්රයිස් ලාංඡනය[8] හා සම්බන්ධ කොට යෙදීය. මුල් පිටපතේ යෙදූ වචනයේ කරදරාකාරී අරුත් ගැන්වීම පිළිබඳව ඔබාමා ව්‍යාපාරයෙන් නැගී ආ අකමැත්ත හේතුවෙන් ෆේරි විසින් "progress" යනුවෙන් තිබූ සටන් පාඨය "hope" ලෙස වෙනස් කර මුද්‍රණය කළේය.[9]

මෙහි සැලසුම් නිර්මාණකරු වූ ස්ටීවන් හෙලර්ට අනුව, මෙම පෝස්ටරය තුළින් ජීවිත අරගලය ඉතා අපූර්ව ලෙස මූර්තිමත් කෙරන අතර එහි නව්‍ය බව හා අනන්‍යතාවය හේතුවෙන් පුළුල් ලෙස පැසසුමට ලක් වෙයි. එමෙන්ම, පැරණි සාම්ප්‍රදායික සමකාලීන චිත්‍ර ශිල්පීන් විසින් කළ නිර්මාණයන්ගේ අපූර්වත්වය දේශපාලන අපේක්ෂකයන්ගේ පෝස්ටර් නිර්මාණය තුළින් දැක ගත හැක්කේ යොදාගන්නා වර්ණයන් හා ශෛලිය නිසා පමණක් නොව, ලබා දෙන පණිවිඩය තුළින්ද සීමාවන් බිඳ දමන නිසාය. වඩාත්ම අපූර්වත්වයෙන් යුතු තම ඓතිහාසික නිර්මාණය වන්නේ ජෝන් එෆ්. කෙනඩි, මදක් ඉහළට දෑස් යොමා ඈත බලා සිටින ලෙස නිර්මාණය කළ චිත්‍රය බවත් ඩොලර් පහේ මුදල් නෝට්ටුව මත නිර්මාණය කර ඇති ලින්කන්ගේ රූපයද එවැනිම හැඟීමක් දනවන බවත් ෆේරි විසින්ම ප්‍රකාශ කර තිබුණි.

2008 ජනපතිවරණ සමය තුළ බෙදා හැරීම[සංස්කරණය]

සැලසුම නිර්මාණය කර අවසන් වූ විගස ස්ක්‍රීන් පින්ටින් තාක්ෂණය යොදා ගනිමින් එය මුද්‍රණය කිරීම ආරම්භ කළ ෆේරි, එය සර්ජන්ට් හට පෙන්වීය. ආරම්භයේදී ඔහු පිටපත් 350 ක් අලෙවි කළ අතර පිටපත් 350 කට වැඩි ප්‍රමාණයක් ප්‍රසිද්ධියේ පළ කළේය. එම ආරම්භයත් සමග ජනපතිවරණ ව්‍යාපාරය පුරාවට ෆේරි එය අලෙවි කරමින් වැඩි වශයෙන් ලාභ ඉපදවීය. පළමු මුද්‍රණයෙන් අනතුරුව ඔහු තවත් පිටපත් 4000 ක් පමණ මුද්‍රණය කළ අතර ඒවා ශ්‍රේෂ්ඨ අඟහරුවාදා දිනට පෙර පැවැත්වූ ඔබාමා රැළි වලදී බෙදා හැරුණි. එමෙන්ම, මුද්‍රණ හැකියාව සහිත පිටපතක් ඔහු තම වෙබ් අඩවියෙහි පළ කළේය. 2008 ඔක්තෝබර් මාසයේ දිනක පැවති සම්මුඛ සාකච්ඡාවකදී ෆේරි පැවසූ ආකාරයට, මෙම පින්තූරය සමාජ වෙබ් අඩවි සහ කට කතා හරහා වයිරසයක් මෙන් ඉතා වේගයෙන් විසිරී පැතිරී ගියේය.[8]

ආරම්භක පෝස්ටර් 700 ට පසුව ඔබාමා ව්‍යාපාරය සර්ජන්ට් හරහා දන්වා සිටියේ බලාපොරොත්තුව නම් තේමාව ප්‍රචාරණය කිරීමට අවශ්‍ය බවය. ෆේරි විසින් අලෙවි කළ බොහෝ පෝස්ටර් වල පසු කාලීනව "progress" යන වදන වෙනුවට යොදා තිබුණේ "hope" යන්නත් පසුව, "change" යන්නත්ය. පසුව බිහිවූ පිටපත් වල obey සලකුණද දක්නට නොලැබුණි. 2008 ඔක්තෝබර් වන විට වෙනත් පුද්ගලයින් විසින් මුද්‍රණය කළ පිටපත් වලට අමතරව, පෝස්ටරයේ මුද්‍රිත පිටපත් 300,000 කට (මෙයින් 2,000 කටත් අඩු ප්‍රමාණයක් අලෙවි කර ඉතුරු ප්‍රමාණය ප්‍රදර්ශනය කර හෝ වෙනත් අයට ලබා දී තිබුණි) හා ස්ටිකර් 1000,000 කටත්, ෆේරිගේ වෙබ් අඩවිය හරහා එම පින්තූරය සහිතව අලෙවි කෙරුණු වස්ත්‍ර හා භාණ්ඩ විශාල ප්‍රමාණයකටත් ෆේරි සහ සර්ජන්ට් හිමිකම් කියූහ.[8][10] ඔවුන් දෙදනාට අනුව, මෙම පින්තූරය අලෙවි කොට උපදවා ගත් මුදල් ෆේරිගේම ලාභය පිණිස යෙදවීමට වඩා ඔබාමා ජනපතිවරණ ව්‍යාපාරයට සහය දක්වනු පිණිස තවත් පෝස්ටර් හා වෙළඳ භාණ්ඩ නිෂ්පාදනය කිරීමට යොදවා තිබේ.[8]

අනුකරණයන් හා උපහාසානුකරණයන්[සංස්කරණය]

ව්‍යාපාරයේ දියුණුවත් සමග ෆේරිගේ නිර්මාණයේ අනුකරණ හා උපහාසනුකරණයන් රැසක් දැක ගත හැකි විය. එක් ඔබාමා විරෝධී ප්‍රතිනිර්මාණයක "hope" යන වදන වෙනුවට "hype" යන්න යොදා තිබූ අතර ඔබාමාගේ ප්‍රතිපාක්ෂිකයින් වූ සාරා පලින් හා ජෝන් මැකේන්ගේ රුව යොදා "nope"[11] යන වදන සහිතව බිහි වූ උපහාසනුකරණයන් උදාහරණයක්‌ ලෙස දැක්විය හැක. පේස්ට් සඟරාව මගින් 2009 ජනවාරි මාසයේදී මෙම පෝස්ටරයට අදාලව තම ප්‍රතිනිර්මාණයන් කිරීමට මිනිසුන්ට ඉඩ ලබා දෙන ආකාරයේ වෙබ් අඩවියක් නිර්මාණය කළේය. ඉන් පළමු සති දෙක ඇතුළත නිර්මාණ පිටපත් 70,000 ක් මෙම වෙබ් අඩවිය තුළ පළ කොට තිබුණි.[12][13][14]

මෑඩ් සඟරාව විසින් ඇල්ෆ්‍රඩ් ඊ.නියුමන් ජනපති අපේක්ෂක ලෙස යොදා ගනිමින් "hope" පෝස්ටරයේ උපහාසාත්මක අනුකරණයක් සිදු කළේය. පොස්ටරයෙහි ඇල්ෆ්‍රඩ්ගේ රුව යොදා තිබුණ අතර "hope" යන වදන වෙනුවට "hopeless" යන්න යොදා තිබුණි. චිකාගෝහි ගඩාෆි විරෝධීන් 2011 ලිබියන් සිවිල් යුද්ධය සමග එක්සත්ව එම පෝස්ටරයේ රුව වෙනස් කරන ලදී.


මීට සමාන ආකාරයේ නිර්මාණයන් කිහිපයක් තමන් විසින්ම කිරීමට ෆේරි පෙළඹුණි. වෙනත් ඡායාරූපයන් දෙකක් යොදා ගනිමින් ඔබාමා ව්‍යාපාරය[15] වෙනුවෙන් නිර්මාණයන් දෙකක් කළ අතර ටයිම් සඟරාව නිකුත් කළ වසරේ මිනිසාහි කවරයට යොදාගනු පිණිස තවත් නිර්මාණයක් කළේය. එමෙන්ම ස්ටෙෆන් කොල්බර්ට්ගේ ඡායාරූපය යොදා මේ ආකාරයේම නිර්මාණයක් කළ අතර එය ද කොල්බර්ට් රිපෝර්ට් නම් වූ කොල්බර්ට්ගේ රූපවාහිනී වැඩසටහනට ගරු කිරීමක් වශයෙන් එන්ටර්ටේයින්මන්ට් වීක්ලි සඟරාව මගින් පළ කෙරුණි.[16]

දැඩි ලෙස විවාදයට තුඩු දුන් ඔබාමා “කවටයා” පින්තූරය නිර්මාණය කළ ෆිරස් අල්කතීබ් ශිෂ්‍යයා සඳහන් කරන්නේ තමා විශාලම අභාෂය ලැබුවේ ෆේරිගෙන් බවයි.[17] ෆේරි විසින් කළ ඔබාමාගේ උත්කර්ෂවත් නිරූපණයෙහි නිවැරදි කිරීමක් ලෙස ඔහු තමා විසින් කළ “කවටයා” නිර්මාණය පිළිබඳව විස්තර කළේය.[17][18] චිත්‍රයක් ලෙස එය ශ්‍රේෂ්ඨ නිර්මාණයක් බවත් ඉතා ඉක්මණින් සැබෑම අගයක් ලබා ගන්නා බවත් පවසමින් මෙම නිර්මාණය ඔසවා තැබුවාක් මෙන්ම එහි දේශපාලනික අන්තර්ඝතය හා තමා එකඟ නොවන බව පවසමින් ෆේරි එම නිර්මාණය විවේචනය කළේය.[18][19]

'"කන්සර්වටිව් සටයර්" වෙබ් අඩවියෙහි "ද පීපල්’ස් ක්‍යුබ්" නම් කණ්ඩායම් බ්ලොගය විසින් රූෂ් ලිම්බෝගේ ඡායාරූපය සමග “Chaos” යන වදනද ("Operation Chaos"), අයන් රෑන්ඩ්ගේ ඡායාරූපය සමග “Shrugged” යන වදනද (“Atlas Shrugged”හි මෙන්), ගෘෂෝ මාර්ක්ස්ගේ ඡායාරූපය සමග “Marxism” යන වදනද යොදමින් නිර්මාණයන් කළේය.

ඇමරිකාවේ පැරණිම LGBT ප්‍රකාශනය වන ද ඇඩ්වොකේට් සඟරාවෙහි 2009 සැප්තැම්බර් කලාපයෙහි කවරයට යොදා තිබුණේ ෆේරිගේ නිර්මාණයේ පින්තූරයට සමාන පින්තූරයකි. නිල් සහ රතු වර්ණ වෙනුවට රෝස සහ දම් පැහැයන් යොදා තිබූ අතර hope" යන ප්‍රධාන වැකිය වෙනුවට "nope?" යන්න යොදා තිබුණි.[20] සඟරාවේ ප්‍රධාන සංස්කාරක වූ ජෝන් බැරට් පැවසූයේ මෙම කවරය තුළින් LGBT සංගමයෙහි සිටින ඇතැම් ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගේ අපේක්ෂා භංගත්වය සංකේතවත් වන බවයි.[20]

ජනප්‍රිය සංස්කෘතිය තුළද මෙම පෝස්ටරය අනුකරණය කර තිබෙනු පෙනෙයි. Futuramaහි Proposition Infinity කතාංගයේදී “DESPAIR” යන පාඨය යොදා නිර්මිත ජනපති රිචර්ඩ් නික්සන්ගේ පෝස්ටරයක් දැක ගත හැක. 2010 වසරේ තිරගත වූ මෙගාමයින්ඩ් චිත්‍රපටයේදී මෙගාමයින්ඩ්ගේ මුහුණ හා “NO YOU CAN’T” යන වැකිය යෙදීම මගින් ඔබාමාගේ ඡන්ද ව්‍යාපාරයේ සටන් පාඨය වූ “Yes we can” යන්න උපහාසයට ලක් කර තිබෙයි. ඩිස්නි ආයතනයට අයත් ෆීනීස් ඇන්ඩ් ෆර්බ් සජීවීකරණ රූපවාහිනී කතා මාලාවේ "නර්ඩ්ස් ඔෆ් අ ෆාදර්" සහ "ශී’ස් ද මේයර්" නම් කතාංගයන්හිදී කැන්ඩේස්ගේ මුහුණ යොදා ගනිමින් ඔබාමා පෝස්ටරය උපහාසයට ලක් කරයි.

සමාජ පෙරළිය උදෙසා යන ගමන වෙනුවෙන් ෆේරිගේ අනුවර්තනය[සංස්කරණය]

ගොනුව:Shepard Fairey Occupy Poster.jpg
සමාජ පෙරළිය උදෙසා ෆේරිගේ අනුවර්තනය

සමාජ පෙරළියක් උදෙසා යන ගමන පිළිබඳව සංවේදී වූ ශෙපර්ඩ් ෆේරි විසින් 2011 නොවැම්බර් මාසයේදී ඔහුගේ “Hope” පෝස්ටරයේ අනුවාදයක් බිහි කළේය. නව පෝස්ටරය නිර්මාණයේදී ඔබාමාගේ මුහුණ වෙනුවට ගයි ෆෝව්ක්ස් වෙස් මුහුණ යොදා තිබූ අතර “Hope” යන තනි වදන වෙනුවට “Mister President, we HOPE you’re on our side” යන පණිවුඩය ඇතුළත් කර තිබුණි. මෙහි “Hope” යන්න විශාල අකුරින්ද ඉතුරු කොටස් කුඩා අකුරින්ද යොදා තිබූ අතර දකුණුපස තිබූ ඔබාමා ව්‍යාපාරයේ ලාංඡනය වෙනුවට එයට සමාන ආකාරයේ ලාංඡනයක් “We are the 99%” යන අන්තර්ලේඛනය සහිතව නිර්මාණය කර තිබෙයි.[21]

ස්මිත්සෝනියන් ආයතනය විසින් හිමිකම ලබා ගැනීම[සංස්කරණය]

2009 ජනවාරි 7 වන දින ස්මිත්සෝනියන් ආයතනයට අයත් ජාතික පිළිරූ ගැලරිය විසින් නිවේදනය කර සිටියේ ෆේරි විසින් "hope" යන වදන සහිතව අතින් නිම කළ කොලාජ් (කඩදාසි කොළයක් මත ස්ටෙන්සිල හා දිය සායම් වලින් කළ) නිර්මාණයේ හිමිකම ඔවුන් ලබාගත් බවත් 2009 ජනවාරි 10 වන දින ඔබාමා සේවාව භාර ගැනීමට පෙර ඉතා ඉක්මණින් එය ප්‍රදර්ශනය කරන බවත්ය. චිත්‍ර එකතු කරන්නන් වූ හෙදර් සහ ටෝනි පෙදස්තා විසින් මෙහි බලය ලබා තිබූ අතර (ඔබාමා සංක්‍රාන්තියේ මුලසුන දැරූ ඔහුගේ සහෝදර ටෝනි පෙදස්තා) පසුව එය පරිත්‍යාග කරන ලදී. සාමාන්‍යයෙන් ජාතික පිළිරූ ගැලරිය විසින් නිළ ඡායාරූප එකතු කරගනු ලබන්නේ ජනාධිපතිවරුන් තම සේවා කාලය අවසන් කර යන අවස්ථාවේදී බැවින්, ජනපති තම සේවාව භාර ගැනීමටත් පෙර ලබාගත් මෙම හිමිකම විශේෂිත වේ.[22][23]

මූලාශ්‍රය හා ප්‍රකාශන අයිතිය පිලිබඳ ගැටළු[සංස්කරණය]

ඔබාමා විසින් ජනපතිවරණයේ ජය ලබන තුරු, ෆේරිගේ පෝස්ටරයට පාදක වූ මූලාශ්‍රය කුමක්දැයි ප්‍රකට නොවීය. අන්තර්ජාතික රොයිටර් පුවත් සේවයේ ඡායාරූප ශිල්පී ජිම් යුං විසින් 2007 ජනවාරි මාසයේදී ගත්, මීට සමාන ආකාරයේ ඡායාරූපයක් බවට වැරදි ආරෝපණයක් කිරීමෙන් පසුව, ඇසෝසියේටඩ් ප්‍රෙස් ආයතනයේ නොබැඳි ඡායාරූප ශිල්පී මැනී ගාර්ෂියා විසින් ගත් ඡායාරූපයක් මෙම පෝස්ටරයට මූලාශ්‍ර කරගෙන ඇති බව ඡායාරූප ශිල්පියෙකු හා බ්ලොග්කරුවෙකු වූ ටොම් ග්රැලිෂ් විසින් 2009 ජනවාරි මාසයේදී සොයා ගත්තේය. ඒ අනුව 2006 දී කැන්සාස්හි අපේක්ෂක සෑම් බ්‍රවුන්බ්ලැක් සමග පැවති මාධ්‍ය හමුවේදී නළු ජෝර්ජ් ක්ලූනි විසින් ඩාෆූර් යුද්ධය පිළිබඳව අවධානය වැඩි කරමින් සිටින අවස්ථාවේදී මෙම ඡායාරූපය ගෙන තිබේ.[24][25]

2009 පෙබරවාරි 4 වන දින අස්සෝසියේටඩ් ප්‍රෙස් ප්‍රකාශ කර සිටියේ පෝස්ටරයට යොදා ගත් ඡායාරූපය තම ආයතනයට අයත් බවත් ඊට අවශ්‍ය අවසරය තමා සතු බවත්ය. සාමකාමී විසඳුමකට ළඟ වනු පිණිස තමන් ෆේරිගේ නීතිඥයා සමග සාකච්ඡා කරමින් සිටින බව ඇසෝසියේටඩ් ප්‍රෙස් ආයතනය මාධ්‍ය සාකච්ඡාවක් මගින් නිවේදනය කර සිටියේය.[26] ෆේරි වෙනුවෙන් පෙනී සිටියේ, ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයට අයත් ෆෙයාර් යූස් ව්‍යාපෘතිය භාර විධායක අධිකාරී ඇන්තනී ෆැල්සන් ය. ශෙපර්ඩ් මෙහි කළ ක්‍රියාව කිරීමට ඔහුට සාධාරණ අයිතියක් ඇති බවට ෆැල්සෝන් කළ ප්‍රකාශය මාධ්‍ය සාකච්ඡාවේදී උපුටා දැක්විණි. [26] ෆේරි දිගින් දිගටම තමා එම ඡායාරූපය නිවැරදිව යොදාගත් බවට ප්‍රකාශිත තීන්දුවක් ලබා ගැනීමට ඇසෝසියේටඩ් ප්‍රෙස් ආයතනයට එරෙහිව නඩු මාර්ගයට පිවිසුණි.[27]

තමා පෝස්ටරයට මූලාශ්‍ර කරගත්තේ ඇසෝසියේටඩ් ප්‍රෙස් ආයතනයට අයත් ඡායාරූපයක් බවත්, සිද්ධිය පිළිබඳ තොරතුරු සැඟවීමට එහි සාක්ෂි වෙනස් කිරීම හා විනාශ කිරීම සිදු කළ බවත් 2009 ඔක්තෝබර් මස 16 වන දිනදී ෆේරි පිළිගත්තේය.[28] පැරණි දෘඩ තැටියක තිබී තමා මෙම ලියකියවිලි සොයාගත් බවට ෆේරිගේ එක් සේවකයෙක් ඔහුට දන්වා සිටීමේ ප්‍රතිපලයක් ලෙස මෙය සිදු විය. වරද සැඟවීමට තමා කළ උත්සාහය මෙම ලියකියවිලි හේතුවෙන් විනාශ වී යනු ඇති බව අවබෝධ කරගත් ෆේරි, තම නීතිඥයා හමුවී සියල්ල හෙළි කිරීමට තීරණය කළේය.[9]

ඇසෝසියේටඩ් ප්‍රෙස් ගිවිසුමට අනුව තමා කතෘ අයිතිය අත් නොහැරි බව ඡායාරූප ශිල්පී මැනී ගාර්ෂියා තරයේ පැවසුවේය. මෙම ඡායාරූපය පිළිබඳව සහ තමා කළ කාර්යය ෆේරි විසින් කලාත්මකව හා ශක්තිමත් ලෙස කර තිබීම පිළිබඳව තමා බොහෝ සෙයින් ආඩම්බර වන බව පැවසූ නමුත් මිනිසුන් හැකියාව තිබු පමණින් අන්තර්ජාලය හරහා දේවල් ලබා ගැනීම පිලිබඳ සමාව නොදුන්නේය.[25] තමා ගාර්ෂියාගේ මුල් ඡායාරූපයේ කිසිඳු ආරක්‍ෂිත ප්‍රකාශනයක් උපුටා ගෙන නොමැති බව පවසමින් තම ක්‍රියාව තුළින් අනිසි හිමි කර ගැනීමක් සිදුවී නොමැති බව ෆේරි තරයේ කියා සිටියේය. එමෙන්ම ඔහු පවසා සිටියේ තම ක්‍රියාව හිමිකම් පිලිබඳ කොන්දේසි වලට යටත්ව කළ ක්‍රියාවක් ලෙස සැළකිය යුතු බවයි. විනිශ්චයේදී මෙම තර්කයන් දෙක පිළිබඳවම අදහස් දැක්වීමට ඇසෝසියේටඩ් ප්‍රෙස් ආයතනයට සිදු විය. [9]

ඇසෝසියේටඩ් ප්‍රෙස් ආයතනය ජයග්‍රහණය කළ යුතු බවට කරුණු දක්වා විනිශ්චකරු නඩුව විසඳුවේය.[29] 2011 ජනවාරි මස උසාවියේදී ෆේරි සහ ඇසෝසියේටඩ් ප්‍රෙස් ආයතනය විසඳුමකට එළඹුණි. ඒ අනුව ඔවුන් ෆේරි සමග එක්ව කටයුතු කිරීමටත් Hope පෝස්ටරය සමග ඉදිරියට යාමට හා එම පින්තූරය සහිත පෝස්ටර් සහ වෙළඳ භාණ්ඩ සැකසීමේ අයිතිය බෙදා ගැනීමටත් ඔවුන් එකඟ වූ බව මෙන්ම තම ආයතනයට අයත් ඡායාරූප පදනම් කොට ගෙන නිර්මාණය කෙරෙන පින්තූර මාලාවකට ෆේරි දායක වනු ඇති බවත් ඇසෝසියේටඩ් ප්‍රෙස් ආයතනය පුවත්පත් නිවේදනයකින් දන්වා සිටියේය. එමෙන්ම, මූල්‍යමය කොන්දේසි පිලිබඳ ගිවිසුමකට දෙපක්ෂය එකඟ වූ අතර ඒ පිලිබඳ තොරතුරු රහසිගතව තබාගන්නා ලදී.[30]

කුමන හෝ ආකාරයක සිර දඬුවමවක් රහිතව ලබා දෙන දඬුවමවක් මගින්, මෙවැනි අපරාධ කරන පුද්ගලයින්ට අයහපත් පණිවුඩයක් ලබා දෙන බව පවසමින් ෆෙඩරල් චෝදක තැන විසින් ෆේරි හට සිර දඬුවමවක් සහ ඩොලර් මිලියන 3.2 ක දඩයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.[31]

ආශ්‍රිත[සංස්කරණය]

  1. Pasick, Adam (2009-01-15). "Iconic Obama poster based on Reuters photo". Reuters. 2009-01-20 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2009-01-20. {{cite news}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  2. "Copyright battle over Obama image", BBC News, February 5, 2009. Accessed February 22, 2009.
  3. Hope - the Image that is Already an American Classic by Laura Barton, The Guardian, 10 November 2008
  4. Creator of popular Obama ‘HOPE’ poster pleads to criminal contempt charge in NYC
  5. David Ng (2012-09-08). "Shepard Fairey sentenced to probation, fine in Obama 'Hope' case". Los Angeles Times. සම්ප්‍රවේශය 2012-09-08.
  6. Mannie Garcia website
  7. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Gralish2 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  8. 8.0 8.1 8.2 8.3 Ben Arnon, "How the Obama "Hope" Poster Reached a Tipping Point and Became a Cultural Phenomenon: An Interview With the Artist Shepard Fairey", The Huffington Post, October 13, 2009. Accessed January 17, 2009.
  9. 9.0 9.1 9.2 Fisher III, William W. (Spring). "Reflections on the Hope Poster Case" (PDF). Harvard Journal of Law and Technology. 25 (2). සම්ප්‍රවේශය 21 January 2013. {{cite journal}}: Check date values in: |date= and |year= / |date= mismatch (help); Unknown parameter |coauthors= ignored (|author= suggested) (help)
  10. William Booth, "Street Artist Fairey Gives Obama a Line of Cred, Washington Post, May 18, 2008. Accessed January 17, 2009.
  11. Kate Linthicum, "Artist’s Obama poster spawns wave of parodies", Los Angeles Times, October 9, 2008. Accessed February 21, 2009.
  12. The Star. Toronto http://www.thestar.com/printArticle/573737. {{cite news}}: Missing or empty |title= (help)
  13. Paste’s Obama Site Surpasses Magazine’s Online Traffic in Less Than a Week
  14. http://blogs.abcnews.com/politicalpunch/2009/01/make-your-own-o.html
  15. Nicole Powers, "Shepard Fairey: Purveyor of Hope", SuicideGirls, December 12, 2008. Accessed February 22, 2009.
  16. Stephen Colbert, "Shepard Fairey", The Colbert Report, January 15, 2009. Accessed February 22, 2009.
  17. 17.0 17.1 Good, Oliver (September 1, 2009). "The joke's on who?". The National. thenational.ae. සම්ප්‍රවේශය September 25, 2009.
  18. 18.0 18.1 Borrelli, Christopher (August 19, 2009). "Talking to the Chicago college student who may be behind Obama-as-Joker poster". Chicago Tribune. chicagotribune.com. January 2, 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය September 25, 2009.
  19. Milian, Mark (August 10, 2009). "Shepard Fairey has 'doubts' about intelligence of Obama Joker artist". Los Angeles Times. latimesblogs.latimes.com. August 12, 2009 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය September 25, 2009. {{cite news}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  20. 20.0 20.1 Mirchandani, Rajesh (October 10, 2009). "Obama: Letting down gay supporters?". BBC News. news.bbc.co.uk. October 13, 2009 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය October 10, 2009. {{cite news}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  21. Bell, Melissa (November 20, 2011). "Shepard Fairey asks Obama to support Occupy". Washington Post. සම්ප්‍රවේශය 2011-11-21.
  22. "NPG Acquires Shepard Fairey’s Portrait of Barack Obama," National Portrait Gallery, January 7, 2009. Accessed January 17, 2009.
  23. "Gallery gets iconic Obama image," BBC News, January 8, 2009. Accessed January 17, 2009.
  24. Tom Gralish, "Obama Poster Photo Mystery Archives සංරක්ෂණය කළ පිටපත 2012-07-08 at archive.today", Scene on the Road, December 22, 2008 through January 23, 2009. Accessed February 21, 2009.
  25. 25.0 25.1 Randy Kennedy, "Artist Sues The A.P. Over Obama Image", New York Times, February 9, 2009. Accessed February 21, 2009.
  26. 26.0 26.1 Elliott, Philip (February 4, 2009). "AP alleges copyright infringement of Obama image". Associated Press. usatoday.com. සම්ප්‍රවේශය October 10, 2009.
  27. Itzkoff, Dave (2009-02-09). "Shepard Fairey Sues Associated Press Over Obama Poster". The New York Times. 2009-02-11 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2009-02-09. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help); Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help) The case is Shepard Fairey; Obey Giant Art Inc. v. The Associated Press, No. 09-CV-1123, S.D.N.Y..
  28. Robbins, Liz (2009-10-17). "Artist Admits Using Other Photo for 'Hope' Poster". The New York Times. 2009-10-28 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2009-11-05. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help); Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  29. Itzkoff, Dave (2010-05-29). "Judge Urges Resolution in Use of Obama Photo". New York Times.
  30. "AP and Shepard Fairey announce agreement in Obama poster case". Associated Press. January 12, 2011.
  31. http://www.thesmokinggun.com/documents/shepard-fairey-sentencing-report-683412

බාහිර සබැඳි[සංස්කරණය]

සැකිල්ල:Barack Obama