බැට්මින්ටන් ක්‍රීඩාව
Danish badminton player Peter Gade |
|
| Highest governing body | Badminton World Federation |
|---|---|
| First played | 17th century |
| Characteristics | |
| Contact | No |
| Team members | Single or doubles |
| Categorization | Racquet sport |
| Equipment | Shuttlecock |
| Olympic | 1992-present |
වැල් සහිත පිත්තක් (රැකට්) භාවිතයෙන් කෙරෙන ක්‍රීඩාවක් ලෙස බැට්මින්ටන් හැඳින්විය හැකියි. ඒකල හා යුගල වශයෙන් කෙරෙන මෙම ක්‍රීඩා සෘජුකෝණාස්‍රාකාර පිටියක ක්‍රීඩා කරයි. එම පිටිය සමභාග වන ලෙස දැලකින් වෙන්කර ඇත. එම දැල දෙපස කොටසේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් දෙකක් ලෙස ක්‍රීඩා කරයි.
ප්‍රතිවාදී කණ්ඩායමේ සාමාජිකයෙකු විසින් දැලට උඩින් එවන ලද ෂටල කෝකයට ( පන්දම /බැට්මින්ටන් මල ) නිවැරදිව ප්‍රතිප්‍රහාර එල්ල කිරීමෙන් ලකුණු රැස් කිරීම කරයි. ප්‍රතිවාදී පිළට පන්දු දැමීමට පෙර බිම පතිත වීම හෝ වේගයෙන් තරගය කරගෙන යෑමේදී පන්දුව බිම පතිත වීම ලකුණු නොලබන අවස්ථාව වේ. පන්දුව සාදා ඇති විශේෂිත පිහාටුමය ලක්ෂණය නිසා එයට වේගයෙන් ඉදිරියට ගමන් කළ හැකි අතර පන්දුවකට වඩා එය වේගවත්ය. පන්දුව ඉහළින් යාමේදී සුළඟ බලපාන නිසා තරඟකාරීව පත්වන බැට්මින්ටන් තරඟයක් ගෘහස්ථව පවත්වන අතර විනෝදාශ්වාදය සඳහා පවත්වන්නන් බාහිර ස්ථානයන්හි පැවැත්වේ. බොහෝ විට මෙය ගෙවතු හා වෙරළ ආශ්‍රිතව පවත්නා වූ ක්‍රීඩාවකි.
වර්තමානයේදී එම ක්‍රීඩාව කාණ්ඩ 5 කින් යුතු ඔලිම්පික් තරගයක් ලෙස පැවැත්වේ. එය ඒකල පිරිමි හා ගැහැණු යුගල පිරිමි හා ගැහැණු ලෙසද මිශ්‍ර යුගල ලෙස ද පැවැත්වේ. ඉහළ තලයේ ක්‍රීඩා තරගයන්හිදී ක්‍රීඩකයන්ගේ යෝග්‍යතාවය ඉතා සැලකිල්ලට ගන්නා අතර ඔවුහු රිද්මයානුකූල හා වේගවත්ව ක්‍රීඩා කළ යුතු වේ.මෙය තාක්ෂණික ක්‍රීඩාවක් බැවින් ක්‍රීඩකයාගේ චාලක ඒකාග්‍රතාවය හා පිත්ත හැසිරවීමේ කුසලතාවය ඉතා උසස් මට්ටමක තිබිය යුතුය.