බ්‍රේක් ඩාන්ස්

විකිපීඩියා වෙතින්
B-boying
A b-boy performing in Faneuil Hall, Boston, MA.
GenreHip-hop dance
InventorN/A - Street dancers from New York City
Year1970s
CountryUnited States
CompetitionsBattle of the Year
The Notorious IBE
R-16 Korea
Red Bull BC One

දකුනු ආසියානු භාණ්ඩ හා වෙනත් කාලීන සංගීත ක‍්‍රම සමග මිශ‍්‍රණයේ තායිලන්ත බ්‍රේක් ඩාන්ස් කරුවෙකු තායිලන්ත එම් ටී වී වීදි සංගීතෝස්වයේදී තනි අතින් අතින් සිට ගැනීම (හෑන්ඞ් ස්ටෑන්ඞ්) දක්වන අයුරු. බ්‍රේක් ඩාන්ස් හෝ බ්‍රේකිං යනු හිප් හොප් රැල්ලේ කොටසක් ලෙස ව්‍යාප්ත වුන වීදි නර්තන ක‍්‍රමවේදයකි. නිව් යෝර්ක් නගරයේ සවුත් බ්‍රොන්ක්ස් ප‍්‍රදේශයේ අප‍්‍රිකානු අමෙරිකානුවන්, පුවටෝ රීකෝ තරුණයන් අතර 1970 දශකයේ දී මෙය ප‍්‍රචලිත විය. මෙය සාමාන්‍යයෙන් පොප් ෆන්ක් හා හිප් හොප් සංගීතයට භාවිතා වේ. බොහෝ විට මෙහි විරාමයන් ප‍්‍රමාද කිරීම සඳහා රී මික්ස් කරනු ලැබේ. බ්‍රේක් ඩාන්ස් කරුවෙකුහට බ්‍රේක් ඩාන්සර්, බ්‍රේකර්, බී බෝයs හෝ බී ගර්ල් වැනි නම් භාවිතා කරනු ලැබේ

ආරම්භයේ පටන් ම බ්‍රේක් ඩාන්ස් දරුණු නාගරික වීදි කණ්ඩායම් වලට අර්ථසාධක විකල්පයක් විය. අද වන විට බ්‍රේක් ඩාන්ස් සංස්කෘතිය නර්තනයේ හා මලල ක‍්‍රීඩාවේ අතරමැදි සුවිශේෂී අනන්‍යතාවයක් හිමිකරගෙන ඇත. මෙම නර්තන ශෛලීය වර්තමානයේ පෘථුල පිළිගැනීමකට ලක්වූ පසු උප සංස්කෘතිමය, ගෝත‍්‍ර, වර්ග, ලිංගික හෝ ජාතික බැමි වලින් මිදී ලොවපුරා පිළිගැනීමකට ලක් වී ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=බ්‍රේක්_ඩාන්ස්&oldid=427824" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි