බරීස් නිම්සෝෆ් ඝාතනය කරනු ලැබීම

විකිපීඩියා වෙතින්
බරීස් නිම්සෝෆ් ඝාතනය කරනු ලැබීම
ස්ථානයබොල්ෂෝයි මොස්කොරිටට්ස්කි පාලම,[1] මොස්කව්
ඛණ්ඩාංක55°45′00″N 37°37′26″E / 55.75000°N 37.62389°E / 55.75000; 37.62389ඛණ්ඩාංක: 55°45′00″N 37°37′26″E / 55.75000°N 37.62389°E / 55.75000; 37.62389
දිනය27 පෙබරවාරි 2015 (2015-02-27)
23:31[2] (UTC+03:00)
ඉලක්කයබරීස් නිම්සෝෆ්
ප්‍රහාර මාදිලියඝාතනය,
වාහන පදවමින් වෙඩි තැබීම
ආයුධය(න්)මකාරව් පිස්තෝලය[3]
මරණ1

රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයෙක් සහ විපක්ෂ දේශපාලනඥයෙක් වූ, බරීස් නිම්සෝෆ් ඝාතනය කරනු ලැබීම (උපත 1959) සිදු වූයේ, 2015 පෙබරවාරි 27 දිනදී (මොස්කව් වේලාවෙන්) 23:31 ට මධ්‍යම මොස්කව් හිදීය.[4]

සිද්ධි මාලාව[සංස්කරණය]

කිසිදු උපද්‍රවයකට ලක් නොවුණු යුක්‍රේනියානු නිරූපිකාව ඇනා ඩූරිට්ස්කා හා සමගින්, [1] ක්‍රෙම්ලිනය අසබඩ පිහිටි, බොල්ෂෝයි මොස්කොරිටට්ස්කි පාලම හරහා ගමන් කරද්දී, නිම්සෝෆ් හට වෙඩි තබා මරා දමන ලදි. [5] ඝාතනය සිදුවූ අවස්ථාවෙහිදී පාලමෙහි දර්ශනය පෙන්වන, සත්‍යාපනය නොකෙරුණු ටීවී සෙන්ටර් වීඩියෝ පටය ප්‍රකාර, එය සිදුවී ඇත්තේ මහ නගර සභා උපයෝගිතා වාහනයක් නිම්සෝෆ් පසුකර යනවාත් සමග වන අතර, සුදු හෝ අළු හෝ මෝටර්රථයකින් කිසියම් පුද්ගලයෙක් සිද්ධිය වූ ස්ථානයෙන් පැන යන බවද පෙන්නුම් කරයි.[6][7][8]

කොමර්සෑන්ට් නම් රුසියානු පුවත්පත අනුව, ප්‍රදේශයේ සියළු ආරක්ෂක කැමරා, ඝාතනය සිදුවන අවස්ථාවෙහිදී නඩත්තු කටයුතු සඳහා අක්‍රීය කර තිබුණි. [9] සිද්ධිය පිළිබඳ එකම වීඩියෝ දර්ශනය ලබා ගනු ලැබුවේ, ටීවී සෙන්ටර් සඳහා වීඩියෝ දර්ශන සැපයුම් කැමරාවක් විසින් ඉතා ඈතක සිටි ලබා ගත් දසුනකිනි. ඝාතනය සිදුවූ අවස්ථාවෙහිදී, නවතා තිබූ මහ නගර සභා රථයක් විසින් කැමරාව අවහිරව තිබුණි. [9] පාලම වෙත වන පඩි පෙළෙහි සැඟවී සිටි ඝාතකයා නිම්සෝෆ්ගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටින්නට ඇත. ඔහු විසින් අඩුම වශයෙන් වෙඩි පහර සයක් එල්ල කර ඇති අතර, එයින් සතරක් බරීස් වෙත වැදී, එක් මරණීය තුවාලයක් සිදු කර ඇත. භාවිතා කර ඇති පතොරම්, පැරණි 9×18මිමී මකාරව් කාට්‍රිජ වූහ. එයින් සතරක්, යුරියුසයින් යාන්ත්‍රික කම්හලෙහි 1982 වසරෙහිදී නිෂ්පාදනය කර ඇති අතර කාට්‍රිජ දෙකක් නිමවා ඇත්තේ ටූලා පතොරම් කම්හලේදී 1992 වසරෙහිදීය.[9]

රුසියාවේ ආර්ථික තත්ත්වය සහ යුක්‍රේනයේ යුද්ධයට විරෝධතාවය දැක්වීමට සංවිධානය කර තිබුණු වීදී උද්ඝෝෂණයක් වූ, වෙස්නා ("වසන්තය" සඳහා රුසියානු භාෂාවෙන්) නම් විපක්ෂ පෙළපාළියට නායකත්වය සැපයීමට නිම්සෝෆ් නියමිතව සිටියදී, එයට දිනයකට පෙර මෙම ඝාතනය සිදුවී තිබුණි.

රුසියානු අපරාධ විමර්ශකයෝ අනුමාන කරන්නේ, මෙම ඝාතනය, "රට අස්ථාවර කිරීමේ අපේක්ෂාවෙන් සිදු කල ප්‍රකෝපනයක්" විය හැකි බවයි. ඔහුගේ මරණය සිදුවීමට සමීපව තිබියදී, යුක්‍රේනයේ යුද්ධයට ඔහුගේ විරෝධය හේතුවෙන්, පූටින් විසින් ඔහු මරා දමුනු ඇති බවට භයක් ඇති බව නිම්සෝෆ් ප්‍රකාශ කර තිබුණි.[10]

විමර්ශනය[සංස්කරණය]

රුසියානු ජනාධිපති ව්ලැඩීමිර් පූටින්, අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයෙහි විමර්ශන කමිටුවට සහ ෆෙඩරල් ආරක්ෂක සේවාවට උපදෙස් දුන්නේ, නිම්සෝෆ්ගේ ඝාතනය පිළිබඳ විමර්ශනය කිරීමට එක් කණ්ඩායමක් ලෙසින් ක්‍රියා කරන ලෙසයි. [11]

වෙඩි තැබීමට පසු රාත්‍රියෙහිදී, මලයා ඕර්ඩන්කා වීදියේ පිහිටි නිම්සෝෆ්ගේ බද්ධනිවාසය පරික්ෂා කොට ඔහුගේ ව්‍යාපාර සහ දේශපාලන ක්‍රියාකාරකම් වලට සම්බන්ධ සියළු ලිපිලේඛන සහ ද්‍රව්‍යයන් රාජ සන්තක කෙරිණි.[12][13]

බොහෝ විට ඝාතකයන්ට අයිති යැයි සැක කෙරෙන, සුදු පැහැති ලාඩා ප්‍රියෝරා මෝටර් රථයක් අත්හැර දමා ගොස් තිබියදී, පෙබරවාරි 28 දිනදී හමු වුණි. ඉන්ගුෂෙටියා ජනරජයේ සම්භවයක් සහිත අංක තහඩුවක් මෙම මෝටර් රථය සතු විය.[14]

අත්අඩංගුවට ගැනීමට හා චෝදනා පමුණුවීමට හේතු විය හැකි කිසියම් තොරතුරක් සැපයීම සඳහා රූබල් මිලියන 3 (~යූරෝ 43,000) ක මුදල් ත්‍යාගයක් පිරිනැමිණි. [15]

ප්‍රතිචාර[සංස්කරණය]

 රුසියාව:

බරීස් නිම්සෝෆ් සිහිකිරීමට මොස්කව්හී පැවති පෙළපාළිය, 1 මාර්තු 2015. Sight from the inside #5. Remand.
බරීස් නිම්සෝෆ් සිහිකිරීමට මොස්කව්හී පැවති පෙළපාළිය, 1 මාර්තු 2015. Sight from the inside #9. Flag of Ukraine.
බරීස් නිම්සෝෆ්ගේ ඝාතනය සිදු වූ ස්ථානයේ ජනතාව රැස්ව සිටි අයුරු, 28 පෙබරවාරි 2015
බරීස් නිම්සෝෆ් සිහිකිරීමට මොස්කව්හී පැවති පෙළපාළිය, 1 මාර්තු 2015
නිම්සෝෆ් වෙනුවෙන් මොස්කව් පෙළපාළිය, 1 මාර්තු 2015, ඉදිරියෙන් ඇති දැන්වීම පවසන්නේ "මිනීමරුවෝ සිටින්නේ ක්‍රෙම්ලිනයේය" යනුවෙනි
නිම්සෝෆ් වෙනුවෙන් මොස්කව් පෙළපාළිය, 1 මාර්තු 2015
  • ජනාධිපති, ව්ලැඩීමිර් පූටින්, සිය ‍‍‍ශෝකය ප්‍රකාශ කරමින් නිම්සෝෆ්ගේ 86-වියැති මව, ඩින එයිඩ්මන් වෙත විදුලි පණිවුඩයක් යවමින් තවදුරටත් කියා සිටියේ, "මෙම අධම සහ නින්දාශීලී අපරාධය සිදු කල අපරාධකාරයන් සහ මෙය පිටුපස සිටිනවුන් සුදුසු පරිදී දඬුවම් ලබන බව සහතික වන ලෙසට අප සියළු දෙය කරමු."

ආශ්‍රිත[සංස්කරණය]

  1. 1.0 1.1 "රෂියා එපොසිෂන් පොලිටීෂියන් බරීස් නිම්සෝෆ් ෂොට් ඩෙඩ්". බීබීසී. සම්ප්‍රවේශය 28 පෙබරවාරි 2015.
  2. ТВЦ опубликовал запись с зафиксировавшей убийство Бориса Немцова камеры (රුසියානු)
  3. අස්ට්රූක්, අන්ද්‍රේ; කලියන්ද්‍ර, ඇලෙක්සැන්ඩර් (28 පෙබරවාරි 2015). "රෂියා ප්‍රෝබ්ස් මෝටිව්ස් ඉන් කිලිං ඔෆ් පූටින් ක්‍රිටික් බරීස් නිම්සෝෆ්". ද වෝල් ස්ට්‍රීට් ජර්නල්. http://www.wsj.com/articles/russian-investigators-in-boris-nemtsov-killing-look-at-several-possible-motives-1425129399. 
  4. "සෝස්: බරීස් නිම්සෝෆ් කිල්ඩ් ඉන් මොස්කව්". Kommersant. රුසියාව. 28 පෙබරවාරි 2015. සම්ප්‍රවේශය 28 පෙබරවාරි 2015.
  5. "යුක්‍රේනියන් මොඩල් ඇනා ඩූරිට්ස්කා බිකේම් අ විට්නස් ටු ද මර්ඩර් ඔෆ් නිම්සෝෆ්". රෙන් ටීවී. රුසියාව. සම්ප්‍රවේශය 28 පෙබරවාරි 2015.
  6. "නිම්සෝෆ් ෂූටර්ස් එස්කේප් ඉන් අ වයිට් ෆෝර්ඩ් ෆෝකස් ඕ ෆෝඩ් මොන්ඩියෝ". ගසියටා (රුසියාව). 28 පෙබරවාරි 2015. http://www.gazeta.ru/politics/news/2015/02/28/n_6967653.shtml. 
  7. "ෆෝමර් රෂියන් ඩෙපියුටි පීඑම් ෂොට් ඇන්ඩ් කිල්ඩ් ඉන් මොස්කව්". 27 පෙබරවාරි 2015. https://meduza.io/en/news/2015/02/28/former-russian-deputy-pm-shot-and-killed-in-moscow. සම්ප්‍රවේශය කෙරුණු දිනය 27 පෙබරවාරි 2015. 
  8. "බරීස් නිම්සෝෆ් කිල්ඩ් ඉන් මොස්කව්". ලයිෆ් නිවුස් (රුසියාව). http://lifenews.ru/news/150493. 
  9. 9.0 9.1 9.2 "Человек на мосту". කොමර්සෑන්ට්. 02 මාර්තු 2014. http://www.kommersant.ru/doc/2678101. 
  10. "රෂියා ඔපසිෂන් පොලිටීෂියන් බරීස් නිම්සෝෆ් ෂොට් ඩෙඩ්". බීබීසී නිවුස්. 27 පෙබරවාරි 2015. http://www.bbc.com/news/world-europe-31669061. සම්ප්‍රවේශය කෙරුණු දිනය 28 පෙබරවාරි 2015. 
  11. "එනවුන්ස්ඩ් ද මේන් වර්ෂන් ඔෆ් ද මර්ඩර් ඔෆ් බරීස් නිම්සෝෆ්". Interfax. සම්ප්‍රවේශය 28 පෙබරවාරි 2015.
  12. "В квартире Немцова проводится обыск [අ සර්ච් ඊස් ගොයිං ඕන් ඉන් නිම්සෝෆ්ස් ෆ්ලැට්]" (රුසියානු බසින්). RBK (රුසියාව). 28 පෙබරවාරි 2015. http://www.rbc.ru/rbcfreenews/54f1228e9a7947d2f285e4ed. සම්ප්‍රවේශය කෙරුණු දිනය 28 පෙබරවාරි 2015. 
  13. "දි අපාර්ට්මන්ට් ඊස් බීං සර්ච්ඩ් බරීස් නිම්සෝෆ්". ලයිෆ් නිවුස්. සම්ප්‍රවේශය 28 පෙබරවාරි 2015.
  14. "මීඩියා රිපෝටඩ් ද ඩිස්කවරි ඔෆ් කාර් ඔදෙ කිලර්ස් ඔෆ් නිම්සෝෆ්". ලෙන්ටා. සම්ප්‍රවේශය 28 පෙබරවාරි 2015.
  15. "Правоохранительные органы пообещали 3 млн рублей за информацию об убийстве Немцова". ඉන්ටර්ෆැක්ස්. සම්ප්‍රවේශය 01 මාර්තු 2015. {{cite web}}: Check date values in: |accessdate= (help)