බණ්ඩාරනායක විද්‍යාලය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
බණ්ඩාරනායක විද්‍යාලය ගම්පහ
Batch5.gif
විද්වතා සැමදා පිදුම් ලබයි
ස්ථානය
ගම්පහ
ශ්‍රී ලංකාව
තොරතුරු
වර්ගය බෞද්ධ
ස්ථාපිත 1918 සැප්තැම්බර් 18
ආදිකර්තෘ චාල්ස් සමරසූරිය මහතා
Staff 350
ශ්‍රේණි 6-13 ශ්‍රේණිය දක්වා
Gender බාලක
Age 12 to 19
Enrollment 5000
වර්ණuය(න්) ලෝහිත සහ නිල්

        

වෙබ් අඩවිය

බණ්ඩාරනායක විද්‍යාලය ආරම්භ වූයේ වර්ෂ 1918 දීය. එය ගම්පහ දිස්ත්‍රික්කය තුළ පිහිටා ඇති ප්‍රධාන සහ ජනප්‍රිය පිරිමි පාසැලකි. එය රජය විසින් පාලනය කරන ද්වීතියික අධ්‍යාපනය ලබා දෙන ජාතික පාසැලකි. මෙම විද්‍යාලය සියලු පහසුකම් වලින් යුක්ත වේ.ශ්‍රී ලංකාවේ තිබෙන ප්‍රධාන පිරිමි පාසල් අතුරින් විනයගරුක,ශිෂ්ඨසම්පන්න හැසිරීමක් සිසුන් තුල දක්නට ලෑබෙන පාසලක් ලෙස බණ්ඩාරනායක විද්‍යාලය කීර්ති නම ලබයි.උසස් පෙල මගින් විද්‍යාලයෙන් සිසුන් විශාල ප්‍රමානයක් ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වල ඉංජිනේරු පීඨ වලට ඈතුලත් වේ.

ප්‍රධාන කරුණු[සංස්කරණය]

  • පිරිමි පාසලකි
  • ශ්‍රේණිය 6 -13 දක්වා (වයස 11-18)
  • අ.පො.ස(සා.පෙළ) /අ.පො.ස(උ.පෙළ)
  • ගුරුභවතුන් 250 ක් පමණ
  • සිසුන් 5000 ක් පමණ


2006 වර්ෂයේ දී ලංකාවේ බාලක පාසැල් අතුරින් ගම්පහ දිස්ත්‍රිකයේ විශිෂ්ඨතම පාසැල බවට පත් වීමට ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය සමත් විය. ශිෂ්‍යයෙකුට සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපන කටයුතු වල නිරත වීමට අවස්ථාව පවතී.

ඉතිහාසය[සංස්කරණය]

1918 දී ශ්‍රී ලංකාවේ තුළ නව අධ්‍යපනය ප්‍රතිසංස්කරණ සිදු විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් සිසුන්ගේ අධ්‍යාපනය සඳහා වේයන්ගොඩ ශාන්ත මරියා සහ හෙනරත්ගොඩ උඩුගම්පල විද්‍යාල ගම්පහ දිස්ත්‍රික්කය තුළ ආරම්භ විය. ශිෂ්‍යයින් 100 දෙනෙකුගේ සහභාගීත්වයෙන් හෙනරත්ගම උඩුගම්පොල විද්‍යාලය ජ්‍යෙෂ්ඨ ඉංග්‍රීසී පාසලක් ලෙස 1918 දී ආරම්භ විය. ආරම්භයේදී එහි 6, 7, 8 ශ්‍රෙ'ණී පැවැත්විණි. එහි ප්‍රථම විදුහල්පති තුමා වූයේ චාල්ස් සමරසූරිය වේ. 1921 දී රජය විසින් හෙනරත්ගොඩ උඩුගම්පල විද්‍යාලය ගම්පහ රජයේ විද්‍යාලය ලෙස දැනට යශෝදරා දේවී බාලිකා විද්‍යාලය පවතින පළමුව ස්ථානයේ ස්ථාපිත කරන ලදි. පසු කාලයේදී එය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය ලෙස වර්තමානයේ පවතින ස්ථානයට ගෙන එන ලදි (කසගහවත්ත).

අතීත විදුහල්පතිවරුන්[සංස්කරණය]

E.W සමරසිංහ යුගය

විද්‍යාල ඉතිහාසයේ, තමාගේ විශිෂ්ඨ සේවය නොමැකෙන ලෙස ලිවීමට හැකිවූ මුල් ගුරුවරයෙකි. ශිෂ්‍ය භට ඛණ්ඩයක් හා පුහුණුවීම් සඳහා ක්‍රීඩාංගනයක් සැකසීම මෙතුමාගෙන් සිදුවූ සේවාවන් අතර කැපී පෙනේ. මෙම ශිෂ්‍ය භට ඛණ්ඩය අදටත් විශිෂ්ඨ දස්කම් දක්වයි. 1939.03.31 වන දින මෙතුමාගේ උදාර සේවා කාලය අවසන් විය.

J. මුණසිංහ මහතාගේ යුගය

1954 දී මුනසිංහ මහතා හෙනරත්ගොඩ ජ්‍යෙෂ්ඨ ඉංග්‍රිසි පාසලේ මුල් පුටුව භාරගත්තේය. විද්‍යාලය නඟා සිටුවීමට අපිරිමිත සේවයක් ඉටු කල විදුහල්පතිවරයෙකි, මෙතුමා. පළමුව ඔහු මෙම පාසැල කසගහවත්ත ප්‍රදේශයේ ප්‍රතිස්ථාපනය කලේ "ග්‍රීන්" නම් වූ යුරෝපීය ජාතිකයා විසින් 1957 දී පරිත්‍යාග කල ඉඩමේය. මේ සඳහා නැසීගිය S.D. බණ්ඩාරනායක මහතා ද අතිශයෙන් උපකාර කලේය. ඒ වනවිට ගුරු මණ්ඩලයේ ගුරුවරුන් 22 පමණ සිට අති අතර උසස් පෙල දක්වා පන්ති පැවැත්විණි. 1956 දී පාසැලේ ඉගැන්විමේ මාධ්‍යය ඉංග්‍රිසි වල සිට සිංහල පරිවර්තනය වුයේ එවක දේශීය අනන්‍යතාවයට මුල් තැනක් දීම අවශ්‍ය වූ නිසාය. විද්‍යාලයේ ගීතය එවක සංගීත ගුරුවරයාව සිටි තිරිමාන්න මහතා විසින් රචනා කල අතර පාසැල් ලාංඡනය, සංගීත කණ්ඩායම බිහිවීමද ක්‍රීඩා උපකරණ ලැබීමද මෙතුමාගේ කාලයේදී සිදුවිය. නැසීගිය S.W.R.D. බණ්ඩාරනායක මහතා සිහිවීම පිණිස විද්‍යාලයේ නම "බණ්ඩාරනායක මහා විද්‍යාලය" ලෙස වෙනස් කෙරිණි. මුණසිංහ මහතා ඔහුගේ විශිෂ්ඨ සේවය 1968.05.06 දින අවසන් කලේය.

S.A. සුබසිංහ යුගය (1968 - 1971)

මෙතුමා විද්‍යාලයේ ආදිශිෂ්‍යයෙකි. විද්‍යාලයේ අධ්‍යාපනය හා වෙනත් කැපීපෙනෙන අංශ තවදුරටත් ඉහලා එසැවීමට අපිරිමිත සේවාවක් ඉටු කල මුල් ගුරුතුමෙකි. 1971.12.22 මෙතුමාගේ සේවා කාලය අවසන් විය.

D.N. රාජපක්ෂ යුගය (1972 - 1979)

1972.03.01 දින රාජපක්ශ මහතා විදුහල්පතිධූරයේ වැඩ භාරගත්තේය. මෙතුමාගේ පරිපාලන කාලය පාසැල් ඉතිහාසයේ රන් යුගය ලෙස සදහන් කල හැක. මෙම කාලයේ විද්‍යාලයේ පහත වෙනස්කම් සිදුවිය.

  • වොලිබෝල් කණ්ඩායම සමස්ත ලංකා ශූරතාවය දිනා ගැනීම.
  • විමල් වයනර්ද මහතා යටතේ නැටුම් කණ්ඩායම ඇති කිරීම.
  • යෝග්‍ය හා ක්‍රමානුකූල අධ්‍යාපනයක් ලබා දීමට නව අධ්‍යාපන ක්‍රම හඳුන්වාදීම.
  • ළමුන් හා ගුරුවරු සඳහා නව විනය නීති හදුන්වාදීම.
  • දේශපාලන බලපෑම් සැලකිල්ලට නොගැනීම.
  • C.W. ජයසිංහ මහතාගේ අනුග්‍රහය යටතේ බෞද්ධ මන්දිරයක් ගොඩනැංවීම.
  • ළමුන්ට කෙරේ ඇල්මක් ඇතිව කටයුතු කරන ලෙස ගුරුවරුන්ට උපදෙස් දීම.

පාසැල මට්ටම ඉහලට එසැවීමට අධ්‍යාපන බලධාරීන්ගේ අවධානය යොමුකරවා ගත්තේය. 1979.19.18 දින අධ්‍යාපන අධ්‍යක්ෂධූරයක් ලබා විදුහල්පතිධූරයෙන් ඉවත්විය.

P. උඩුගම්පොල යුගය

ප්‍රේමසේන උඩුගම්පොල මහතා ඔහුගේ විශිෂ්ඨ සේවා කාලය පාසැල් ඉතිහාසයේ සනිටුහන් කලේ 1983.10.15 දින විදුහල්පති බවට පත්වීමෙන් පසුවය. ඔහුගේ කාලය තුල පාසැලේ ප්‍රයෝජනවත් වෙනස්කම් රැසක් සිදුවිය. ඔහු බණ්ඩාරනායක මිශ්‍ර පාසැල පිරිමි පාසැලක් බවට පත්කලේය. තට්ටු 3කින් සමන්විත විද්‍යා අංශයක් ගොඩනැගූ අතර ක්‍රීඩාවන් සදහා තවදුරටත් පහසුකම් සැලසීය. සිසුන් අතර මනා ශික්ෂණයක් ඇති කිරීමට මහත් වෙහෙසක් දැරීය. 1988.06.20 දින අධ්‍යාපන අමත්‍යංශයේ තනතුරක් ලැබීමෙන් පසු මෙතුමා පාසැලෙන් ඉවත්විය.

P.P.D.T. ඇක්වයිනස් යුගය (1988 - 1989)

1988 දී මෙතුමා විදුහල්පති බවට පත්වූ අතර සිසුන්ගේ දක්ෂතා ඉහල මට්ටමකට ගෙන යාමට 1989.10.18 සිට 1989.10.11 දක්වා අධ්‍යාපනික ප්‍රදර්ශනයක් පැවැත්වීමට කටයුතු කලේය. 1989 වසරේදී සේවා කාලය අවසන් විය.

R.M. සුමනපාල යුගය

සුමනපාල මහතා 1992.11.17 වන දින අප විද්‍යාලයේ විදුහල්පතිධූරය භාරගත්තේය. ඔහු පාසැලට ප්‍රෞඩත්වයක් හා ප්‍රසිද්ධියක් ලබාදීමට අගනා මෙහෙවරක් ඉටු කල විදුහල්පතිවරයෙකි.

හෙතෙම පාසැල් ලමුන්ගේ අධ්‍යාත්මිකබව වැඩිදියුණු කිරීමට භාවනා වැඩසටහන් ආරම්භ කලේය.

  • පාසැල් වටපිටාව අලංකාර කිරීමට තුරුලතා හා විවිධ මල් වර්ග වැවීම.
  • විද්‍යාලයේ 75 වන සංවත්සරය සැමරීමට සිසුන් 2500 ක පමණ සහභාගීත්වයෙන් විද්‍යා, අත්කම් හා කලා ප්‍රදර්ශනයක් පැවැත්වීම.
  • ශිෂ්‍ය නායකයන් සඳහා සම්මන්ත්‍රණ පැවැත්වීම.
  • වෙසක් පෝය දින "භක්ති ගීත වැඩසටහන්" සංවිධානය කිරීම.
  • දෙමාපිය රැස්වීම් පැවැත්වීම.
  • පාසැල හැරයන්නන් සඳහා වෘත්තීමය පුහුණු පාඨමාලා පැවැත්වීම.
  • පාසැල වටා තාප්පයක් ගොඩනැගීම.

පාසැල් භූමිය අක්කර 12 කින් සමන්විත වූ අතර සිසුන් 2500 ක් හා 75 ක් පමණ වූ ගුරු මණ්ඩලයක් මේ වනවිට සිටියහ. ඇත්ත වශයෙන්ම විදුහල්පතිවරයෙකු ලෙස සුමනපාල මහතා උසස්, ආදර්ශමත් චරිතයක් විය. ඔහු ඔහුගේ වටිනා අත්දැකීම් ශිෂ්ට, යෝග්‍ය තරුණ පරපුරක් බිහිකිරීමට යොදා ගත්තේ පලපුරුදු ගුරු මණ්ඩලයේ සහයෝගය ඇතිවය. ඔහුගේ සුවිශේෂි විදුහල්පති චරිතයේ රහස අවංකභාවය හා සත්‍යවාදීභවයි. යහපත් සමාජයක් නිර්මාණය කිරීමට උපකාරි වූ ඔහුගේ දර්ශනයට පදනම් වුයේ ඔහු ලද ආගමික පසුබිමයි. ඔහු තම සේවය සිසුන් වෙනුවෙන් සිදුකලේ බොහෝ කැපකිරීම් කිරීමෙන් හා නැණවත් ලෙස බවට කිසිදු සැකයක් නැත.

විදුහල්පති ලේඛනය[සංස්කරණය]

නම සිට තෙක්
චාර්ල්ස් සමරසූරිය
1918
1922
G.S.සෙල්වියා
1922
1924
E.W.P.සමරණායක
1925
1938
දන්දෙණිය.එච්.සිල්වා
1939
1941
K.A.පීරිස්
1941
1944
D.W.P.සමරසිංහ මහතා
1944
1948
M.A.R.කුරේ මහතා
1949
1953
G.මුණසිංහ මහතා
1954
1968
S.A.W.සුභසිංහ මහතා
1968
1972
D.N.රාජපක්ෂ මහතා
1972
1979
ධර්ම ශ්‍රී ගුණපාල මහතා
1979
1980
E.ජයනෙත්ති ආරච්චි මහතා
1980
1983
A.J.K.ජයසුන්දර මහතා
1982
1983
P.උඩුගම්පොල මහතා
1983
1988
P.P.D.T.Aquinas
1988
1991
S.K.මල්ලවාරච්චි මහතා
1991
1992
R.M.සුමනපාල මහතා
1992
1998
M.L.B.පීරිස් මහතා
1998
1998
B.A.අබේරත්න මහතා
1998
2001
J.H.M.W.රංජිත් මහතා
2001
2002
W.M.J.වික්‍රමනායක මහතා
2002
2004
P.ශ්‍රී ලාල් නෝනිස් මහතා
2004
2005
A.D.M.දයා බණ්ඩාර මහතා
2005
2006
පූජ්‍ය.ලබුතලේ සුදස්සන හිමි
2006
2012
ලාල් දිසානායක
2012

වර්තමානයේ පාසල[සංස්කරණය]

වර්තමානයේ සිසුන් 5000 ක් පමණ සියලූ පහසුකම් වලින් සමන්විත පාසලකි. දේශන ශාලා, විද්‍යාගාර,ශ්‍රවණාගාර,පරිගණක විද්‍යාගාර,පිහිනුම් තටාක,ගෘහස්ත ක්‍රීඩාංගන,මාධ්‍ය උපකරණ විද්‍යාලය සතුව පවතී. අ.පො.ස. සා/පෙ හා අ.පො.ස. උ/පෙ විභාග වලින් විශිෂ්ට ප්‍රතිඵල අත්කර ගන්නා සිසුන් මෙහි වේ. 2000 වර්ෂයේ සිට ඉංග්‍රීසී මාධ්‍යයෙන්ද අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව සලස්වා ඇත. පෙරදිග හා අපරදිග තුර්ය වාදක කණ්ඩායම් විසින් සමස්ත ලංකා ජයග්‍රහන ලබා ගනී.

නිවාස[සංස්කරණය]

ශිෂ්‍යයන් නිවාස 04 කට ඛෙදා ඇත.

01. විජය (රතු)

02. ගැමුණු (නිල්)

03. තිස්ස (කොළ)

04. පරාක්‍රම (කහ)

අතීතයේ සිටි විශිෂ්ට රජවරුන්ගේ නම් වලින් නිවාස නම් කරන ලදි. අන්තර් නිවාස තරඟ මගින් සිසුන්ගේ ක්‍රීඩා කෞෂල්‍යය වර්ධනය කර ගැනීමට අවස්ථා සලසා ඇත.

ක්‍රීඩා[සංස්කරණය]

දැනට විදුහලේ පවතින ක්‍රීඩා ඉසව්වන්.



සමිති සහ සංගම්[සංස්කරණය]

සමිති කිහිපයක නම්

  • බෞද්ධ සංගමය
  • ක්‍රිස්තියානී සංගමය
  • පරිගණක සංගමය
  • ගණිත සංගමය
  • රතු කුරුස සංගමය
  • ප්‍රථමාධාර සංගමය
  • ගුවන් විදුලි සමාජය
  • මාධ්‍ය ඒකකය
  • තාරකා විද්‍යා සංගමය
  • සිංහල සාහිත්‍ය සංගමය
  • ඉංග්‍රීසී සාහිත්‍ය සංගමය
  • ජපන් භාෂා සංගමය
  • නාට්‍ය හා රංග කලා සංගමය
  • පරිසර සුරැකුම් සංගමය
  • චිත්‍රපටි සංගමය
  • ඡායාරූප සංගමය
  • චිත්‍ර කලා සංගමය
  • විද්‍යා සංගමය
  • කෘෂිකාර්මික සංගමය

ශිෂ්‍යභට බලකාය[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=බණ්ඩාරනායක_විද්‍යාලය&oldid=307041" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි