ශ්‍රී ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීම

විකිපීඩියා වෙතින්
(පෞද්ගලික විශ්වවිද්‍යාල වෙතින් යළි-යොමු කරන ලදි)

ශ්‍රී ලංකාවේ දැනට පවතින්නේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියක් පමණි.

ඉතිහාසය[සංස්කරණය]

ආරමිභය[සංස්කරණය]

පෞද්ගලික විශ්ව විද්‍යාලයක් පිළිබඳ මුල්ම අත්දැකීම ශ්‍රී ලංකාවට ලැබුනේ 1985 දී පෞද්ගලික උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය පිහිටු වීමත් සමඟය.දහස්ගණනක් සිසුන්ගේ ජීවිත අහිමි නිරීමට මූල බීජ සැපයූ ඵය අවසානයේදී ඡාතික විශ්වවිද්‍යාල පද්ධතියට අන්තර්ග්‍රහනය කරගන්නා ලදී.

සංකල්පය වර්ධනය[සංස්කරණය]

පෞද්ගලික විශ්වවිස්‍යාල පිහිටුවීම සඳහා දැරූ තවත් උත්සාහයක් 2001 වසරේදී වාර්තා විය. මෙ‍ම උත්සාහය පිළිබඳ පළමු සලකුණ වුයේ පෞද්ගලික විශ්වවිස්‍යාල පිහිටුවීම සඳහා ඉඩ කඩ සපයන නව පණතක් ගෙන ඵ්මට උසස් අධ්‍යාපන හා තොරතුරු අමාත්‍යාංශය සුදානම් වන බව ඵම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය ආර්.පී ගුණවර්ධන 2001 ඡනවාරි 23 වන දා උසස් තනතුරු දරනන් පිළිබඳ විශේෂ පාර්ලිමේන්තු කාරක සභා රැස්වීමේදී පැවසීමයි. එවකට ඡාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝඡිතයා ලෙස කටයුතු කරන නසීම් උල් හක් මාර්තු 14 වන දින ලංකාදීප පුවත්පතට ප්‍රකාශයක් කරමින් ලංකාව සංවර්ධනය කිරීමට නම්අධ්‍යාපනය පෞදිගලික අංශයට විකුණා දැමිය යුතු බවත් අධ්‍යාපනයේ වගකීම පෞද්ගලික අංශයට පැවරෑ විට ඵය වඩා කාර්යක්‍ෂම වන බව පවසා තිබුණි.පසුව 2001 මාර්තු 15 වනදා The Island පුවත්පත මඟින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තාරා ද මෙල් මහත්මියගේ දේශනයක් වාර්තා කර තිබුනු අතර ඵම දේශනයේදී ඇය අධ්‍යාපනය පෞද්ගලීකරනය පිලිබඳ අදහස් දක්වා තිබිණි. රඡයට තව දුරටත් මේ ආකාරයට අධ්‍යාපනය පවත්වාගෙන යා නොහැකි බවත් අධ්‍යාපනයට පෞද්ගලික අංශයේ මැදිහත් වීම මවිතවීමට හේතුවක් නොවන බවත් ඇය ඵහිදී අවධාරනය කර තිබිණි.


ආශ්‍රිත හේතු[සංස්කරණය]

පෞද්ගලික විශ්ව විද්‍යාල පිහිටු වීමේ සැලැස්ම ඉබේ නිර්මාණය වූවක් නොවේ.

ලෝක බැංකුව හා ඡාත්‍යන්තර මූල්‍ය අරමුදල, මතය[සංස්කරණය]

ඵය ලෝක බැංකුව හා ඡාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රමුඛ අධිරාඡ්‍යවාදී සංවිධානවල බලපෑමෙන් සිදුවූවන බවට මතයක් පවතී .2001 වසර ආරම්භ වන විට ලංකාවේ ආර්ථිකය විශාල ලෙස බිඳවැටී තිබුණු අතර ඵම තත්වය සමහන් කර ගැනීම සඳහා විශාල මුදලක් ණය හෝ ආධාර වශයෙන් අවශ්‍ය වී තිබිණි.2000 වසර අවසානයේදි ඡනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක හා ඵවකට අධ්‍යාපන ඇමති ඉන්දික ගුණවර්ධන පැරීසියේ පැවති යුරෝපා ආධාර කොමිසමේ රැස්වීමට ගියේ ඔවුන්ගේ කවර හෝ කොන්දේසියක‍ට යටත්වී ණය මුදලක් ලබා ගැනීමේ අරමුණිනි.ඵම රැසිවීමේසී අධ්‍යාපනය පෞස්ගලීකරණය කරන ලෙස යෝඡනාවක් ඉදිරිපත් වූ අතර අධ්‍යාපන ඇමතිවරයා ඵම යෝඡනාවට ඵකඟ වූබව අන්තර් ඡාල වාර්තාවල සඳහන් වේ.උසස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම සඳහා වූ යෝඡනාවක් පැරිස් සමුළුවේදී ඉදිරිපත් නොවූ බව මුලින් පැවසු ඇමතිවරයා,2001 මාර්තු 27 වනදා පාර්ලි මේන්තු වේ පැවති උසස් අධ්‍යාපන හා තොරතුරැ තාක්‍ෂණ අමාත්‍යාංශයේ වැය ශ්‍රීර්ශය පිළිබඳ විවාදයේදී පැරිස් සමුළුවේදී ඵවැනි යෝඡනා 4 ක් ඉදිරිපත් වූ බවත් පැවසීය. අධ්‍යාපනය පෞද්ගලීකරණය කළ හැකි විවිධ ක්‍රම 4 ක් ඔවුන් යෝඡනා කල බවත් තමා ඉන් 4 වන යෝඡනාව පිළිගත් බව ඔහු පැවසීය.ඵම කාලයේදී රට තුල පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ වීම පිළිබඳ රට තුල විශාල විරෝධතාවක් ඇති විය.

මුලාශ්‍ර[සංස්කරණය]

විලංගු ලූ අකුරු/සමාඡවාදී ශ්‍රිෂ්‍ය සංගමය