පොළොව මත ඇති අයිස්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
Overview of the Cryosphere and its larger components, from the UN Environment Programme පෘථිවිය මත අයිස් සහ හිම.

පොළොව මත ඇති අයිස් සහ නීත්‍ය තුහීන[සංස්කරණය]

උත්තර අර්ධ ගෝලයේ මිලියන 54 km2ඉඩ ප්‍රමාණයක් අයිස්වලින් වැසී ඇත. එ නිසා මේ ප්‍රදේශය ලෝකයේ අයිස් වලින් වැසුණු විශාල ප්‍රදේශය. නිත්‍ය භූහින ඇතිවන්නේ -100C හෝ- 20C අතරය. එය - 70 0C දක්වා තිබිය හැකිය. නමුත් ලෝකයේ කොපමණ ප්‍රමාණයක් නිත්‍ය වශයෙන් හිමෙන් වැසි ඇති දැයි කිව නොහැකිය. ආක්ටික් වෙරළ හා සයිබීරියා වෙරළදී හිම තට්ටුවේ ගණකම 600 m පමණ වේ. මේ අතර ග්ලැසියරකරණය නිසාද නීත්‍ය තුහින ඇතිවිය හැකිය.

උෂ්ණත්වයේ වැඩි වන විට නිත්‍ය තුහීන දියවීම හා ගලායාම පිළිබඳව'මැකෙන්සි නිම්නයෙන් ' වාර්තා වේ. නමුත් මෙය පොදුවේ බලපාන තත්ත්වයක් නොවේ. නිත්‍ය තුහිත ඇති සියලුම කලාපවල පොළාව මත අයිස් තට්ටු දක්නට නැත. බොහෝ දුරට එය පස් හෝ පාෂාණ ඝනවීමකි. අයිස් ඉහළ ස්ථර වලදී ඝන අයිස් දැකිය හැකිය. පොළව යට ඇති ජලයේ උණුසුම මත නිත්‍ය තුහීන කලාපද වෙන් කර ගත හැකිය.

සියවස් 2 ක් තුළ 25m ඝන අයිස් තට්ටුවක් දියවී ඇත. එහි උෂණත්වය - 0.40C සිට 00C වු අතර එය - 2.6 0C දක්වා ඉහළ යයි. නිත්‍ය තුහින වෙනස් වීම අඩුවෙන් සිදුවුණත් උෂ්ණත්වය වෙනස් වීම සමග තුහින පිහිටීමද වෙනස් වේ. මේ නිසා මෙයද ගෝලීය උණුසම කෙරෙහි බලපාන ප්‍රබල සාධකයක් වේ.


මුහුදු අයිස්[සංස්කරණය]

මුහුදු ජලය මීදීමෙන් ඇතිවුණු මුහුදු අයිස් ධ්‍රැවීය සාගර වැඩි ප්‍රමාණයක් ආවරණය කරයි. අර්ධ ගෝල දෙකෙහිම මුහුදු අයිස් ආවරණයන්හි සෘතුමය වශයෙන් ප්‍රාදේශීය වශයෙන් හා අන්තර් වාර්ෂික මට්ටමින් සැලකිය යුතු ආකාරයේ විචලනයක් 1970 මුල් භාගයේ සිට චන්ද්‍රිකා දත්ත මගින් ආනාවරණය කරගෙන ඇත. සෘතුමය වශයෙන් දක්ෂිණ අර්ධ ගෝලයේ මුහුදු අයිස් ප්‍රමාණය පෙබරවාරි මාසයේදී වර්ග කිලෝමිටර මිලියන 5 සිට 3 – 4 අවමයේ සිට සැප්තැම්බර් මාසයේ වර්ග කිලෝමීටර් මිලියන 17 සිට 20 උපරිමයක් දක්වාත් විචලනය වේ. සෘතුමය විපර්යාසය උත්තර අර්ධ ගෝලයේදී අවම වන අතර ආක්ටික් සමුද්‍රයේ ඉහළ අක්ෂාංශයන් හා ස්වභාවය මගින් එහිදී ඇතිවන සීමාවීම තරමක් විශාල අයිස් ආවරණයක් ඇති කරයි. එමෙන්ම වටවූ භූමිය මඟින් ශීත සෘතුවේ අයිස්වල සමකය දෙසට ඇති ප්‍රමාණය සීමා කරයි. එබැවින් උත්තර අර්ධ ගෝලයේ සෘතුමය විචලනය සැප්තැම්බර් මාසයේ වර්ග කිලෝමිටර් මිලියන 7 සිට 9 යක අවමය දක්වාත් මාර්තු මාසයේදී වර්ග කිලෝමීටර මිලියන 14 සිට 16 යක උපරිමයක් දක්වාත් විචලනය වේ. අර්ධ ගෝලීය විචලනයට වඩා ප්‍රාදේශීය පරිමාණයේ අන්තර් වාර්ෂික විචලනය වඩාත් වැඩිපුර අයිස් වැස්ම විසින් දක්වනු ලබයි. උදාහරණයක් වශයෙන් ජපානයේ හා Okhotsk මුහුදු ප්‍රදේශයන්ගේ උපරිම අයිස් ප්‍රමාණය 1983 දී වර්ග කිලෝමීටර් මිලියන 1.3 සිට 1984 වනවිට වර්ග කිලෝමිටර් මිලියන 0.85 ක් දක්වා අඩුවිය. එය 35% ක අඩුවීමකි. යලිත් ඊළඟ වර්ෂයේදී වර්ග කිලෝමීටර් මිලියන 1.2 දක්වා එම ප්‍රමාණය වැඩිවිය. ප්‍රාදේශීය උච්ඡාවචනයන් අනුව (අර්ධ ගෝල දෙකෙහිදීම වසර කිහිපයක චන්ද්‍රිකා වාර්තා කාලයක් සඳහා සැලකීමේදී) ඇතැම් ප්‍රදේශවල අයිස් වැස්මේ අඩුවීමක් දක්නට ලැබෙන අතර ඇතැම් ප්‍රදේශවල වැඩිවීමක් දක්වයි. අක්‍රීය ශුද්ධ තරංග වාර්තාවලට අනුව විස්තර කෙරෙන සමස්ත නැඹුරුව (1978 සිට 1995 දක්වා පෙන්වන පරිදි) දශකයකට ආක්ටික් මුහුදු අයිස් ප්‍රමාණයකින් 2.7% ක ප්‍රමාණයකින් අඩුවේ. (johanness enetal 1995) චන්ද්‍රිකා අක්‍රීය ශුද්ධ තරංග දත්ත සමග සිදුවුණු අපරාපරිය වැඩ කටයුතුවල (miracles ට අනුව) 1978 ඔක්තෝබර් අගභාගයේ සිට 1996 අගභාගය දක්වා වසර දශකයකට 2.9% කින් ආක්ටික් මුහුදු අයිස් ප්‍රමාණය අඩුවී ඇති අතර ඇන්ටාටික් මුහුදු අයිස් ප්‍රමාණය වසර දශකයකට 1.3% කින් වැඩි වී ඇත. (cavalieri et al 1997)


විල් අයිස් හා ගංගා අයිස්

සෘතුමය ශීත වීමට ප්‍රතිචාර ලෙස ගංගා හා විල්වල අයිස් ඇති වේ. මීට අන්තර්ගත වන අයිස් දේහවල ප්‍රමාණය බලපැවැත්වීම ඉතා කුඩා වන අතර එය ප්‍රාදේශීය දේශගුණික ආචරණයන්ට වඩා අඩුවෙන් බලපායි. කෙසේ නමුත් මිදීමේ හා දියවීමේ ක්‍රියාදාමයන් ප්‍රාදේශීය කාලගුණික සාධක හමුවේ විශාල ප්‍රමාණයෙන් ප්‍රතිචාර දක්වයි. එබැවින් අයිස් ඇති වීමේ හා නැතිවීමේ දිනවල සැලකිය යුතු අන්තර් වාර්ෂික විචලනයක් පෙන්වයි. විල් අයිස්වල දිග ශ්‍රේණියක් ප්‍රමුඛ දේශගුණිකව වාර්තා ලෙස නිරීක්ෂණය කළ හැකිය. එමෙන්ම මිදීමේ හා දියවීමේ නැඹුරුතාවයන් මතු කිරීමට උචිත ඒකාබද්ධ වීමක් හා දේශගුණික විපර්යාසයන්ගේ සෘතුමය විශේෂිත දර්ශකයක් සපයයි. ගංගා අයිස් තත්ත්වයන්ගේ තොරතුරු දේශගුණික එතරම් වැදගත් නොවන්නේ අයිස් සෑදීම ගංගාව ගැලීමේ ආධිපත්‍යයට නතු වී ඇති බැවිනි. එය වර්ෂාපතනයේ බලපෑමට ලක්වේ. හිම දියවීම හා දියබස්නාවේ ගලායාම අගල් ඔස්සේ ගලායාම විකිරණය කරන බැවින් මානව අතුරු මුහුණතට විෂය වී ඇත. එසේ නැත්නම් එය භූමි පරිහරණ ව්‍යවහාරයන් වෙත අතිරික්ත මගින් වක්‍රව බලපෑම් කරයි.

විල්වල අයිස් මිදීම විලෙහි පවතින තාපධාරිතාවය මත රඳා පවතී. එබැවින් එහි ගැඹුරේ ශීඝ්‍රතාවයේ, ඕනෑම ඇතුළත ගැලීමක උෂ්ණත්වය හා ජල වායු ශක්ති ස්‍රාවයන්ගේ බලපෑම මත රඳා පවතී. බොහෝ විට විලේ ගැඹුර පිළිබඳ දත්ත ලබාගත නොහැකිවේ. කෙසේ නමුත් ආක්ටික් සාගරයේ පිහිටි ඇතැම් නොගැඹුරු විල්වල ශීත සෘතුව අගභාගයේදී අයිස් දියවේ.රේඩාර් ප්‍රතිරූපයන් මගින් මෙන්ම ගිම්හානයේදී ලබා ගන්නා අභ්‍යවකාශචර ප්‍රකාශ ප්‍රතිබිම්භයන්ගෙන් ද ඒ පිළබඳව යම් ඉඟියක් ලබාගත හැකිය. දියවීමට ගතවන කාලය, අයිස්වල හිම ගැඹුර මෙන්ම අයිස් ඝනකම හා ඇතුළට ගලන නැවුම් ජලය ඒ කෙරෙහි බලපායි.

හිමායනගෝලයේ පවතින හිම[සංස්කරණය]

හිමායනගෝලයේ දෙවැනියට වැඩිම ප්‍රදේශයක් ආවරණය කරන්නේ හිම වැස්මයි. එය සාමාන්‍ය උපරිම මිලියන 47 km2 ක් පමණ ප්‍රදේශයක පැතිරී පවතී. පෘථිවියේ හිමෙන් වැසී පවතින ප්‍රදේශවලින් වැඩි කොටසක් උතුරු අර්ධගෝලයේ පවතින අතර, සෘතු චක්‍රයට අනුව එහි ප්‍රමාණය තාවකාලික වේ. උතුර අර්ධගෝලයෙහි හිම වැස්ම ජනවාරි මාසයේදී මිලියන 46.5 km2 ක ප්‍රමාණයක සිට අගෝස්තු වලදී මිලියන 3.8 km2 (රොබින්සන් සහ පිරිස 1993) ප්‍රමාණයක් දක්වා වෙනස් වේ. උතුරු ඇමරිකාවේ ශීත සෘතුවේදී හිමෙන් වැසුනු ප්‍රදේශ ප්‍රමාණය මෙම ශතවර්ෂයේදී ක්‍රමයෙන් වර්ධනය වු පෙන්නුම් කරනු ලබයි. (බ්‍රවුන් සහ ගූඩිසන් 1996, Hughe හා පිරිස, 1996) මෙය වර්ෂාපතනයේ ඉහළ යාමට අනුකූලව සිදුවේ (Groisman සහ Easterling 1994). නමුත් චන්ද්‍රිකා මඟින් ලබාගත් දත්ත වලට අනුව 1972-1996 කාල පරිච්ඡේදය තුළ ධ්‍රැව ප්‍ර‍දේශවල වාර්ෂික ශීත සෘතුවේ හිම වැස්සුම් ප්‍රමාණයේ සැලකිය යුතු වෙනස්වීමක් දක්නට නොලැබේ. උත්තර ධ්‍රැව ප්‍රදේශ වල ජනවාරි මාසය සඳහා විචල්‍යතා සංගණකය (සම්මත අපගමනය/ මධ්‍යයනය) 00.04 ට වඩා අඩු අගයක් ගනී. ග්‍රොයිස්මෑන් (Groisman) ඇතුළු විද්‍යාඥයින්ට අනුව (1949) මෙම ශතවර්ෂයේ උතුරු අර්ධ ගෝලයේ වසන්ත සමයේ උෂ්ණත්වය ක්‍රමයෙන් ඉහළ යාමට අනුරූපව එම සමයේදී හිම වැස්මේ ප්‍රමාණය අඩුවේ යැයි බලාපො‍රොත්තු විය යුතුය. නමුත් ඉතිහාස ගත දත්ත වලින් ලබාගත් ඇස්තමේන්තු වලට අනුව මෙම තත්ත්වය වාර්තා වන්නේ යුරේඩියාවෙන් පමණි. උතුරු ඇමරිකාවේ වසන්ත හිම වැස්ම මෙම ශතවර්ෂ පුරාවට වර්තමානයේ පෙන්වන අගයන්ට සමාන අගයකින් පැවතුණි. (බ්‍රවුන් 1997). චන්ද්‍රිකා දත්ත ලබාගත් කාලය තුළ (IPCC1990) උතුරු අර්ධගෝලයේ වායු උෂ්ණත්වය හා හිම වැස්මේ ප්‍රමාණය අතර සමීප සම්බන්ධතාවයක් දක්නට ලැබුනි. මේ වනවිට ශීත දේශගුණික විපර්යාස හඳුනාගැනීම හා නිරීක්ෂණය සඳහා උතුරු අර්ධ ගෝලීය හිම වැස්මේ ප්‍රමාණය නිරීක්ෂණය කෙරෙහි සැලකිය යුතු අවදානමක් යොමු වී ඇත.

හිම වැස්ම ජල සමතුලිතතාව සඳහා ජලය ගබඩා කිරීමේදී අතිශය වැදගත් කාර්යයන් ඉටු කරයි. ලෝකයේ කඳුකර ප්‍රදේශවල සෘතු හිමවැස්ම මේ අතරින් විශේෂ වේ. ප්‍රමාණයෙන් සීමා සහිත වුවද, කඳුකර හිම වැස්ම ඇළ මාර්ග වලට හා මධ්‍ය දේශාංශ ප්‍රදේශ රාශියක භූගත උල්පත් වලට ජලය සැපයීමේ ප්‍රධානතම ම්‍රලාශ්‍රයයි. මෙයට නිදසුනක් ලෙස කොලරා‍ඩො ගංගාව දැක්විය හැක. එහි වාර්ෂිකව ගලායන ජල ප්‍රමාණයෙන් 85% පමණ හිම දියවීමෙන් ලැබුණු ජලය වේ. කඳුකරයෙන් ගලාඑන දියුණු හිම ගංගාවන්ට එකතුවී එමඟින් මිලියනකටත් වැඩි ජනතාවක් තම ජල අවශ්‍යතා සපුරා ගැනීමට භාවිතා වන ජලධර 40% ක්ම කඳුකරයේ පවතියි. මේවා ජෛව පද්ධතියේ වටිනාකම හා මිනිසුන්ට විනෝදාස්වාදය සපයන ප්‍රදේශ ලෙස වැදගත් වෙයි. උෂ්ණත්වය ඉහළ යාම නිසා හිම පතනයේ හා වර්ෂාපතනයේ, හිමදිය වීමට ගතවන කාලයේද බරපතල වෙන්කම් ඇතිවේ යැයි බලාපොරොත්තු වන නිසා ජලය පරිහරණය හා කළමණාකරණය පිළිබඳ සැලකිලිමත් විය යුතු වේ. මෙමඟින් කාලය හා අවකාශය අනුව පසේ තෙතමනය හා සාගරවලට එකතුවන ජල ප්‍රමාණයේ සිදුවන වෙනස්වීම් හරහා දශක ගණනාවක් හෝ ඊටත් වැඩි කාලයකින් දෙශගුණ පද්ධතිය බලපෑ හැක. (වොල්ස් 1995) හිම වැස්මේ සිට සාගරයට එකතුවන ජල ප්‍රමාණය වැදගත් වන්නේ ලවණික කඳු හා කුඩා කැබලි වශයෙන් සාගරයේ පවතින අයිස් ප්‍රදේශවල ජල ප්‍රමාණයට මෙය සාමන විය හැකි බැවිනි. (Prinseberg 1998)

"http://si.wikipedia.org/w/index.php?title=පොළොව_මත_ඇති_අයිස්&oldid=251151" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි