පොල්මල් කරවලා

විකිපීඩියා වෙතින්
Chrysopelea ornata
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Animalia
වංශය: Chordata
උපවංශය: Vertebrata
වර්ගය: Reptilia
ගෝත්‍රය: Squamata
උපගෝත්‍රය: Serpentes
කුලය: Colubridae
උපකුලය: Colubrinae
ගණය: 'Chrysopelea'
විශේෂය: C. ornata
ද්වීපද නාමය
Chrysopelea ornata
(Shaw, 1802)

සර්පයින් අතරින් අලංකාර සර්පයෙක් ලෙසින් මල්සරාව /පොල්මල් කරවලාව හැදින්විය හැක.
ඉංග්‍රීසි භාෂාවෙන් golden tree snake, gliding snake, ornate flying snake, golden flying snake, gold and black tree snake, flying tree snake යන නම් වලින් මෙම සර්පයා හදුන්වයි.
විද්‍යාත්මක නාමය Chrysopelea ornata (Shaw, 1802)

උප විෂේශ[සංස්කරණය]

ලෝකය පුරා මොවුන්ගේ ප්‍රධාන උප විෂේශ 3ක් හමුවේ.
Chrysopelea ornata ornata (Shaw, 1802)
Chrysopelea ornata ornatissima (Werner, 1925)
Chrysopelea ornata sinhaleya (Deraniyagala, 1945)

හදුනා ගැනීම[සංස්කරණය]

Chrysopelea ornata සාමාන්‍යයෙන් කොළ පාටට හුරු ශරීර වර්ණයක් දැරුවත් බොහොමයක් සර්පයින්ගේ ශරීර වර්ණය පුෂ්ඨියව කලු පාටක් ගනී. එහි හරස් අතට කහ පැහැති පේලි දැක ගත හැක. ශරීරය මධ්‍යයෙහි රතු පාට තිත් ද සමහර අවස්ථා වල කහ පැහැති තිත්ද දැකීමට පුලුවන. මේ ආකාරයට වර්ණවත් ශරීරයක් දැරීම නිසා මෙම සර්පයාව පහසුවෙන් වෙනත් සර්පයෙකුගෙන් වෙන් කර හදුනා ගැනීමේ හැකියාවක් පවතී.
පැතලි හිසක් සහ හැකිලුනු ගෙලක් මේ සර්පයාගෙන් දැක ගත හැක. ඇසේ විශාල රවුම් කනිකාවක් පිහිටා ඇත.
සෙන්ටිමීටර 80- 120 පමණ දිගකට වර්ධනය වේ.

විෂ[සංස්කරණය]

මද විෂ සහිත සර්පයෙක් ලෙසින් පොල්මල් කරවලාව හදුන්වනු ලබයි.

වාසස්ථාන[සංස්කරණය]

මොවුන් නිතරම ගස් හා පදුරු අතර වාසය කරයි. ඇතැම් විට ගස් වල තරමක් උසින් පිහිටි අතු වලත් මොවුන් දැක ගැනීමේ හැකියාවක් පවතී. උස ස්ථානයක ඉදලා පහල ස්ථානයකට පැනීමේ හැකියාවකුත් ඇති නිසා මොවුන්ට Flying Snake කියන නම ලැබෙන්න ඇතැයි සිතිය හැක. මොවුන්ට ඉතා වේගයෙන් සංචරණය කිරීමේ හැකියාවක් පවතී.

ආහාර[සංස්කරණය]

හූනන් වවුලන් ආහාරයට ගන්නා මේ සර්පයා සතුව තියෙන තියුනු ඇස් ඉගිලෙන පක්ෂීන් අල්ලා ගැනීමට ආධාර වේ.

බෝවීම[සංස්කරණය]

මොහුගේ බෝවීම බිත්තර මගින් සිදුවෙන අතර වර්ෂාව ඇති කාලයට ගැහැනු සර්පයා වරකට බිත්තර 6ත් 12ත් අතර සංඛ්‍යාවක් දැමීම සිදු කරයි.

මූලාශ්‍රය[සංස්කරණය]

http://www.snakelanka.blogspot.com/

"https://si.wikipedia.org/w/index.php?title=පොල්මල්_කරවලා&oldid=288613" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි