පොදු රාජ්‍ය මණ්ඩලීය රජයේ ප්‍රධානින්ගේ රැස්වීම 2013

විකිපීඩියා වෙතින්
23වන පොදු රාජ්‍ය මණ්ඩලීය රජයේ ප්‍රධානින්ගේ රැස්වීම
චෝගම් 2013
සත්කාරක රටශ්‍රී ලංකාව
දිනයන්15 නොවැම්බර් 2013
17 නොවැම්බර් 2013
ස්ථානය(න්)නෙළුම් පොකුණ රංගශාලාව, බීඑම්අයිසීඑච්, වෝටර්ස් එජ්
නගරකොළඹ
සහභාගිවූවන්51
රජයේ ප්‍රධානියා/රාජ්‍ය නායකයා27[1]
සභාපතිමහින්ද රාජපක්ෂ
(ජනාධිපති)
අනුගාමී සිද්ධිය2011
පූර්වගාමී සිද්ධිය2015
වෙබ්අඩවියchogm2013.lk
ප්‍රධාන කරුණු

ශ්‍රී ලංකාවේ මානව අයිතිවාසිකම් ගැටළු නිසා සමුළු වර්ජනය

23 වන පොදු රාජ්‍ය මණ්ඩල රජයේ ප්‍රධානින්ගේ රැස්වීම වර්ෂ 2013 නොවැම්බර් මස 15 වෙනි දින සිට 17 වෙනි දින දක්වා කොළඹ දි පැවැත්වුණි. පොදු රාජ්‍ය මණ්ඩලය යීය නායකයින් විසින් 2009 දී ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ වල පෝට් ඔෆ් සපෙයින් හී පැවැත්වුනු රැස්වීම් වලදී 2013 චෝගම් සමුළුව ශ්‍රී ලංකාව තුල පැවැත්වීමට තීරණය කරන ලදී. නමුත් ශ්‍රී ලංකාවේ දෙමළ සුළුතරයට වූවා යැයි කියන මානව හිමිකම් කඩවීම් නිසා කැනඩාව හා මුරුසිය සමුළුව නිල වශයෙන් වර්ජනය කල අතර ඉන්දියානු රාජ්‍ය නායකයා සමුළුව දේශපාලනික හේතුන් මත මගහරින ලදී .[2][3] සමුළුව අතරතුර කාලය තුල කොළඹ විරෝධතා පැවැත්වීම තහනම් කෙරිණි.[4] ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස විසින් සමුළුවේ අවධාරණය කල මූලික කරුණු වූවේ: "සන්නිවේදනය මත පදනම් වූ සංවර්ධනය, දේශපාලනික වටිනාකම්, ගෝලීය අභියෝග හා තර්ජන සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය සුහදතාවයයි ."[5] නමුත් ඊට අමතරව සමුළුව තුල ශ්‍රී ලංකාවේ අවසන් යුධ සමයේ සිදු වූවා යැයි කියන මානව හිමිකම් කඩවීම් පිළිබඳ එකිනෙක පරස්පර විවාද සිදුවිය.[6][7][8] වර්ෂ 40 කට පසු 2 වැනි එළිසබෙත් රැජින සහභාගී නොවූ ප්‍රථම සමුළුව මෙය වීමද විශේෂත්වයකි.[9][10]

පසුබිම් කථාව[සංස්කරණය]

2007 පොදු රාජ්‍ය මණ්ඩලීය රජයේ ප්‍රධානින්ගේ රැස්වීම උගන්ඩාවේ කම්පාලා අගනුවර පැවැති අතර එහිදී 2011 පොදු රාජ්‍ය මණ්ඩලීය රජයේ ප්‍රධානින්ගේ රැස්වීම ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සම්මත කර ගන්නා ලදී.[11] එසේ නමුදු, ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වූ කාල වකවානුවේ ශ්‍රී ලංකා රජයට එරෙහි යුධ අපරාධ චෝදනා එල්ල වීම නිසා, 2009 දී ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ වල පෝට් ඔෆ් සපෙයින් හි පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය රජයේ ප්‍රධානින්ගේ රැස්වීම තුලදී ඊලග සමුළුව ඔස්ට්‍රේලියාව පර්ත් හි පැවැත්වීමටත් 2013 සමුළුව ශ්‍රී ලංකාවට ලබා දීමටත් තීරණය කෙරිණි.[12][13][14][15][16]

2013 මැයි මසදී, බකින්හැම් මාලිගාව විසින් 2 වන එළිසබෙත් මහ රැජින සමුළුවට සහභාගී නොවන බව නිවේදනය කරන ලදී.[17][18] 87 හැවිරිදි රැජිනගේ සෙෘඛ්‍ය තත්වය පිලිබඳ සැලකිලිමත් වීමත් ඇය වෙනුවට චාල්ස් කුමරු සමුළුවට සහභාගී වනු ඇති බවත් එහි දැක්විනි.[19][20]

සංවිධානය[සංස්කරණය]

රැස්වීම් පැවැත්වූ ස්ථාන[සංස්කරණය]

සමුළුවේ ආරම්භක උත්සවය කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහල දී උත්කර්ෂවත් ලෙස සිදු කෙරිණ. නායකයින් සඳහා විශේෂ විවේකී හමුවක් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හී වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්විණි. අනෙකුත් රැස්වීම් හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේත්, හික්කඩුව චායා ට්‍රාන්ස් හීදිත්, කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදිත් පැවැත්විණි.[21][22]

සමුළුව[සංස්කරණය]

සමුළුවේ න්‍යාය පත්‍රය[සංස්කරණය]

රාජ්‍ය නායකයන්ගේ දින තුනක සමුළුවද ඇතුළුව තවත් සමුළු කීපයක් සතියක් පුරා පැවැත්විණ.[23]

සංවාදයන්[සංස්කරණය]

බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් විසින් නැවත වතාවක් ශ්‍රී ලංකාවේ සිදු වූවා යැයි කියන යුධ අපරාධ සම්බන්දයෙන් ස්වාධීන හා විශ්වාසනීය පරික්ෂණයක් ඉල්ලා සිටියේය.[24][25] "මෙහි නිවැරදි විමර්ශනයක් හා ශ්‍රී ලංකාවේ දෙමල සුළුතරයට මානව හිමිකමත් ප්‍රජාතන්ත්‍රවාදයත් උරුම වීම සිදු විය යුතු බව ඔහු තව දුරටත් කියා සිටියේය.[26][27] එවැනි විමර්ශනයක් අරඹා 2014 මාර්තු වන විට අවසන් නොවුනහොත් බ්‍රිතාන්‍යය විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ස්වාධින හා ජාත්‍යන්තර විමර්ශනයක් ඉල්ලා සිටින බව හෙතෙම තව දුරටත් අවධාරණය කර සිටියේය.[28][29][30] පසුව යාපනය අර්ධද්වීපය තුල සංචාරය කරමින් බ්‍රිතාන්‍ය අගමැතිවරයා ශ්‍රී ලංකාවේ උතුරේ සංචාරයක් කල ප්‍රථම විදේශීය නායකයා බවට පත් විය.[31][32] සංචාරය අතරතුරදී බොහොමයක් කාන්තාවන් පිරිසක් විසින්, යුද්ධයේදී හා පසුව අතුරුදහන් වූ සිය ඥාතීන් සොයා දෙන ලෙස ඉල්ලා පැවැත්වූ කලහකාරී උද්ඝෝෂණයකට මුහුණ දීමටද ඔහුට සිදු විය.[33][34]තවද අගමැති කැමරන් වැඩිදුරටත් කියා සිටියේ තමන් ජනපති රාජපක්ෂ සමග තදින් මේ ප්‍රශ්නය පිළිබඳ සංවාද කරන බවයි.[6] බ්‍රිතාන්‍ය අගමැති කැමරන්ගේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර විමර්ශනයක් ඉල්ලා සිටීමේ ප්‍රකාශයට ප්‍රතිචාර ලෙස, ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේ: "එවැනි ජාත්‍යන්තර පරික්ෂණයක් අවශ්‍ය නොවන බවත්, එවැන්නකට කිසි ලෙසකත් ඉඩ නොදෙන බවත්ය."[35] ආරක්ෂක ලේඛම්, ගෝඨාභය රාජපක්ෂ මහතාද, ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ "ශ්‍රී ලංකාව තව දුරටත් බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් නොවන බවයි.[36]

පොදු රාජ්‍ය මණ්ඩලීය අමාත්‍යවරුන්ගේ ක්‍රියාකාරී කමිටුව විසින් මාල දිවයිනෙහි ජනාධිපතිවරණය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.[37][38]

කාලගුණ විපර්යාස වෙනුවෙන් අරමුදලක් ඇති කිරීම සම්බන්ධයෙන් ගෙන ආ යෝජනාවක් මෙම සමුළුවේදී කැනඩාව සහ ඔස්ට්‍රේලියාව විසින් වලක්වන ලදී.ගෝලීය උණුසුම ඉහල යාමත් සමග ඇතිවන ගැටළු වලදී දුප්පත් රටවලට සහය වීම මෙහි අරමුණ වී තිබිණ.[39]


සමුළුවේ ප්‍රතිඵල[සංස්කරණය]

2015 පොදු රාජ්‍ය මණ්ඩලීය රජයේ ප්‍රධානින්ගේ රැස්වීම මෝල්ටාවදී පැවැත්වීමට තීරණය විය.[40][41][42] එසේම 2017 පොදු රාජ්‍ය මණ්ඩලීය රජයේ ප්‍රධානින්ගේ රැස්වීම වනාතු රාජ්‍යයේදීත්, 2019 පොදු රාජ්‍ය මණ්ඩලීය රජයේ ප්‍රධානින්ගේ රැස්වීම මැලේසියාවේදීත් පැවැත්වීමට තීරණය කෙරිණි.[40][43]

සමුළුව අවසානයේ සැමට සාධාරණ වූ හා ධරණීය සංවර්ධනය පිළිබඳ කොළඹ ප්‍රකාශනය එලි දැක්විණි. දුප්පත්කම පලවා හැරීමටත් කාලගුණ විපර්යාස නිසා ඇතිවන අභියෝග වලට සාර්ථකව මුහුණ දීමටත් සමුළුවේදී එකඟත්වය පල විණි.[40][44]චෝගම් සමුළුව අවසානයේ ඇති කරගත් සාර්ථක ප්‍රතිඵල පිළිබඳ තමන් සතුටට පත්වන බව ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමුළුව අවසානයේ කියා සිටියේය.[45][46]සමුළුවේ සාකච්චා වූ අනෙකුත් කරැණු වූවේ ප්‍රජාතන්ත්‍රවාදයේ "හර වටිනාකම්" , යහ පාලනය, මානව හිමිකම්, ආගමික හා ප්‍රකාශනයේ නිදහස , කාන්තා අයිතිවාසිකම්, දූෂණය පිටු දැකීම, විනිවිද භාවය, ස්වභාවික සම්පත් පාලනය හා තක්සේරැ කිරීම ආදියයි. පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් අතර පොදු සුහදතාවය හා බැඳීම් වර්ධනය කිරීම සම්බන්දයෙන්ද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ගැණින .[40]

මතභේදාත්මක[සංස්කරණය]

බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් යාපනයේ උදයන් පුවත්පත් කාර්යාලයේ සංචාරය කිරීම

සමුළුව වර්ජනය කිරීම් හා මග හැරීම්[සංස්කරණය]

මානව හිමිකම් කඩවූවා යැයි නැගෙන චෝදනා නිසා ශ්‍රී ලංකාවේ පවත්වන සමුළුව වර්ජනය කරන ලෙස ඉල්ලා සමහර ප්‍රබල රටවල් හා සමහර සංවිධාන සහභාගී පාර්ශවයන්ගෙන් ඉල්ලීම් කලහ.[47][48][49]

  • කැනඩාව: කැනඩා අගමැති හාපර් ප්‍රථමයෙන්ම සමුළුව වර්ජනය කරන බව පැවසීය. තමන්ගේ ක්‍රම වේදය අනුගමනය කරන ලෙස අනෙක් රට වලින්ද ඔහු ඉල්ලා සිටියේය. 2011 දී ඔස්ට්‍රේලියාවේ පර්ත් හි පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය රජයේ ප්‍රධානින්ගේ රැස්වීමේදීද ඔහු ශ්‍රී ලංකා ජනපතිට කථා කිරීමට ආරාධනා ලද අවස්ථාවේ සමුළුවෙන් නික්ම ගිය බව සඳහන්ය .[50]
  • ඉන්දියාව: 2013 ඔක්තෝම්බර යේදී තමිල්නාඩු නායකයන් විසින් ඉන්දියාව ශ්‍රී ලංකාවේ පවත්වන සමුළුව වර්ජනය කල යුතු බවට පවසා එ්ක පාර්ශ්වික ලෙස තීන්දුවක් සම්මත කර ගන්නා ලදී..[47][51][52][53] පසුව ඉන්දීය අගමැති මන්මෝහන් සිං, ඔහුට සමුළුවට සහභාගී වීමට අපහසු බව දන්වමින් අවසන් මොහොතේ ශ්‍රී ලංකා ජනපති වෙත ලිපියක් යොමු කරන ලදී. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සල්මන් කුර්ෂිද් මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් කියා සිටියේ, අගමැතිවරයාගේ එම තීරණය දේශපාලන කරැණු පදනම් කොට ගනු ලැබූ බවත් ඉන්දියාව සමුළුව වර්ජනය කිරීම ඉන් අදහස් නොවන බවත් ය.[54]
  • මුරුසිය: මුරුසි අගමැති නවීන් රාම්ගුලම්, ශ්‍රී ලංකාවේ පවත්වන සමුළුව වර්ජනය කරන බව පැවසූ දෙවන නායකයා වෙයි.[55][56] 2015 පොදු රාජ්‍ය මණ්ඩලීය රජයේ ප්‍රධානින්ගේ රැස්වීම මුරුසියේ පැවැත්වීමට මීට පෙර තීරණය කර තිබුනත් මුරුසි අගමැතිගේ මෙම තීරණය නිසා ඔවුන්ට 2015 සමුළුව අහිමි විය. ඊට ප්‍රතිචාර දැක්වූ මුරුසි අගමැති කියා සිටියේ සිය රට 2015 සමුළු සත්කාරය ඉවත්කර ගන්නා බවත්, සමුළුවකට වඩා මානව හිමිකම් වටිනා බවත්ය.[57]

බ්‍රිතාන්‍යයේ , විදේශ කටයුතු පිළිබඳ කමිටුව බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මහතා සමුළුවට සහභාගී වීම අනුමත නොකරණ ලදී.[58]

මැලේසියාවේ, පෙනැන්ග් හි ප්‍රධාන අමාත්‍ය ලිම් ගුවාන් එන් සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරී පක්ෂයේ මහ ලේකම්, එරට රජයෙන් සමුළුව වර්ජනය කරන ලෙස ඉල්ලා සිටින ලදී.[49]

නවසීලන්තයේ හරිත පක්ෂය විසින්ද සමුළුව වර්ජනය කල යුතු බව කියා සිටියේය.[59][60]

දකුණු අප්‍රිකානු ජාතික ඩෙස්මන් ටුටූ ද සමුළුව වර්ජනයෙන් ශ්‍රී ලංකාවේ දෙමල ජනයාට උදව් අත්විය හැකි බව කියා සිටියේය."[61][62]

මාධ්‍ය වලට බාධා සිදුවීම[සංස්කරණය]

සියළුම මාධ්‍ය සඳහා සම්පූර්ණ නිදහස ලැබෙන බව සමුළුව ආරම්භයට පෙර රජය ප්‍රකාශ කරන ලදී.[63]

ශ්‍රී ලංකාවට එරෙහිව මතභේදයට තුඩුදුන් චිත්‍රපට නිපදවූ චැනල් 4 හි පිරිස බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ට 2013 නොවැම්බර් 11 දා පැමිණි අතර ඔවුන්ට විරෝදය දක්වමින් පිරිසක් ගුවන් තොටුපල රැඳී සිටියහ.[64][65] තවද චැනල් 4 පිරිස චෝදනා කරමින් කියා සිටියේ ශ්‍රී ලංකා බුද්ධි අංශ ඔවුන්ව ලුහු බැඳි බවයි.[66][67] 2013 නොවැම්බර් 13 චැනල් 4 පිරිස දුම්රියෙන් කිලිනොච්චිය බලා ගමන් ඇරඹුවත් උද්ඝෝෂකයින් විසින් අනුරාධපුරය දුම්රිය නැවතුමේදී ඔවුන්ව නැවත හරවා එවන ලදී.[68][69][70] 2013 නොවැම්බර් 17 චැනල් 4 පිරිස ශ්‍රී ලංකාවෙන් නික්ම ගිය අතර රජය විසින් තමන් බිය වැද්දීමට හා නිරික්ෂණයට ලක්වූ බව චැනල් 4 පිරිස විසින් අවධාරණය කරණ ලදී.[71][72][73]

විරෝධතා වලට බාධා සිදුවීම[සංස්කරණය]

2013 නොවැම්බර් 14 වන දින ශ්‍රී ලංකා පොලීසිය විසින් චෝගම් අතරතුර කාලයේ සියළු විරෝධතා තහනම් කරමින් අධිකරණ නියෝගයක් ලබා ගන්නා ලදී.[74][75]

2013 නොවැම්බර් 13 උතුරේ සිට පැමිණෙමින් සිටි දෙමල විරෝදතාකරුවන් පිරිසක් නැවත හරවා යවන ලදී.[76][77]

සංචාරයට බාධා සිදුවීම[සංස්කරණය]

සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් යාපනය ගුවන් තොටුපල වෙත යානා ගමන් කරවීම 2013 නොවැම්බර් 10-18 කාලය අතරතුර සීමා කරන ලදී.[78][79]

සහභාගිත්වය[සංස්කරණය]

රටවල් 53 ක රාජ්‍ය නායකයින් අතුරින් සමුළුවට, රටවල් 27 ක නායකයින් පැමිණියහ(ජනපතිවරු 9, අගමැතිවරු 16, සුල්තාන්වරු 1 සහ රාජ්‍ය ජනරාල්වරු 1). එය මෙතෙක් පැවැති චෝගම් සමුළු වලින් අඩුම රාජ්‍ය නායක පැමිණීම සහිත චෝගම් සමුළුව ලෙස සඳහන් වෙයි.[40][66] අනෙකුත් රටවල් 22 ක නියෝජිත මඩුළු සමුළුවට සහභාගී විය.[66] නමුත් ග්‍රෙනේඩා, කිරිබති හා මාල දිවයින යන රටවල් සමුළුවේ පාර්ශවකරුවන් ලෙස පැමිණීමට ප්‍රතික්ෂේප කල අතර සාමාජිකත්වය අත්හිටුවා තිබීම නිසා ෆීජි රාජ්‍යයද සමුළුවට නොඑන ලදී.[80] සහභාගිත්වය වූවේ:[81][82]

Summary of participants
සාමාජිකයා නියෝජිතයා තනතුර
පොදු රාජ්‍ය මණ්ඩලය චාල්ස් කුමාරයා වේල්සයේ කුමරු
පොදු රාජ්‍ය මණ්ඩලය කමලේශ් ෂර්මා මහ ලේකම්
 ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා Carl Bertrand Westerby Roberts මහ කොමසාරිස්
 ඕස්ට්‍රේලියාව ටෝනි ඇබට් අගමැති
 බහාමාස් පෙරි ක්‍රිස්ටි අගමැති
 බංග්ලාදේශය ෂෙයික් හසිනා අගමැති
 බාබඩෝස් Maxine McClean විදේශ ඇමති
 බෙලීස් Wilfred Peter Elrington විදේශ ඇමති
 බොට්ස්වානා Ontefetse Kenneth Matambo මූල්‍ය හා සංවර්ධන සැලසුම් අමාත්‍ය
 බෲනයි Hassanal Bolkiah සුල්තාන්
 කැමරූන් Joseph Dion Ngute Minister Delegate to the Minister for Foreign Affairs
 කැනඩාව Deepak Obhrai[83] Parliamentary Secretary to the Minister of Foreign Affairs
 සයිප්‍රස් Nicos Anastasiades ජනපති
 ඩොමිනිකා Francine Barron මහ කොමසාරිස්
 ෆිජී අත්හිටවූ n/a
 ඝානාව Kwesi Amissah-Arthur උප ජනපති
 ග්‍රෙනේඩා නැත n/a
 ගයනා Donald Ramotar ජනපති
 ඉන්දියාව සල්මාන් කුර්ෂිද් විදේශ ඇමති
 ජැමෙයිකාව Arnold Nicholson විදේශ ඇමති
 කෙන්යාව Amina Mohamed Cabinet Secretary for Foreign Affairs
 කිරිබතී නැත n/a
 ලෙසොතෝව Tom Thabane අගමැති
 මලාවි Khumbo Kachali උප ජනපති
 මලයාසියාව නජිබ් රසාක් අගමැති
මාල දිවයින් මාල දිවයින නැත n/a
 මෝල්ටාව Joseph Muscat අගමැති
 මුරුසිය Arvin Boolell විදේශ ඇමති
 මොසැම්බික් Oldemiro Balói විදේශ ඇමති
 නැමිබියාව Hifikepunye Pohamba ජනපති
 නයූරු Baron Waqa ජනපති
 නවසීලන්තය ජෝන් කී අගමැති
 නයිජීරියාව Namadi Sambo උප ජනපති
 පාකිස්ථානය නවාස් ෂරීෆ් අගමැති
 පපුවා නව ගිනිය Leo Dion උප අගමැති
 රුවන්ඩා Paul Kagame ජනපති
 ශාන්ත කිට්ස් සහ නේවිස් Denzil Douglas අගමැති
 ශාන්ත ලුසියා Alva Baptiste Minister for External Affairs, International Trade and Civil Aviation
 ශාන්ත වින්සන්ට් සහ ග්‍රෙනාඩින්ස් Cenio E. Lewis මහ කොමසාරිස්
 සැමෝවා Tuilaepa Aiono Sailele Malielegaoi අගමැති
 ෂිසෙල්ස් James Michel ජනපති
 සියෙරා ලියෝන් Samura Kamara විදේශ ඇමති
 සිංගප්පූරුව Lee Hsien Loong අගමැති
 සොලොමන් දිවයින් Gordon Darcy Lilo අගමැති
 දකුණු අප්‍රිකාව Jacob Zuma අගමැති
 ශ්‍රී ලංකාව මහින්ද රාජපක්ෂ ජනපති
 ස්වාසිලන්තය Barnabas Sibusiso Dlamini අගමැති
 ටැන්සානියාව Jakaya Kikwete ජනපති
 ටොන්ගා Sialeʻataongo Tuʻivakanō අගමැති
 ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ Winston Dookeran විදේශ ඇමති
 ටුවාලු Iakoba Italeli ආණ්ඩුකාරවරයා
 උගන්ඩාව Edward Ssekandi උප ජනපති
 එක්සත් රාජධානිය ඩේවිඩ් කැමරන් අගමැති
 වනුටු Moana Carcasses Kalosil අගමැති
 සැම්බියාව Guy Scott උප ජනපති

අදාල[සංස්කරණය]

  1. "කොමන්වෙල්ත් පුට්ස් ඕන් යුනයිටඩ් ෆ්‍රන්ට් ආෆ්ටර් සමිට් රිෆ්ට්ස්". බැංකොක් පෝස්ට්. 17 නොවැම්බර් 2013. http://www.bangkokpost.com/news/asia/380283/commonwealth-to-put-on-united-front-after-summit-rifts. 
  2. "Mauritius pulls out of CHOGM". The Sydney Morning Herald. Agence France-Presse. 13 November 2013.
  3. "Mauritius pulls out of hosting 2015 CHOGM: PM". The New Indian Express. Press Trust of India. 16 November 2013. 3 December 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2 December 2013.
  4. "Colombo summit overshadowed by rights row". Al Jazeera English. සම්ප්‍රවේශය 2013-11-17.
  5. http://www.aljazeera.com/news/asia/2013/11/war-crimes-dominate-commonwealth-summit-20131117133558811920.html
  6. 6.0 6.1 "Colombo summit overshadowed by rights row". Al Jazeera. 15 November 2013.
  7. "Sri Lanka summit overshadowed by human rights record". ITV News. 16 November 2013.
  8. "CHOGM 2013: Commonwealth leaders sign communiqué on poverty reduction and trade as talks close". ABC News (Australia). 17 November 2013.
  9. Cavill, Amanda (12 November 2013). "Controversy stalks Sri Lanka's CHOGM". SBS World News.
  10. ""Perfidious Albion cannot change its spots"". TamilNet. 5 November 2013.
  11. "CHOGM ends in Kampala". Commonwealth Secretariat. 25 November 2007.
  12. Watt, Nicholas (29 November 2009). "Commonwealth vetoes Sri Lanka bid to hold 2011 gathering". The Guardian.
  13. "Australia to host 2011 Commonwealth meeting". The Sydney Morning Herald. Australian Associated Press. 29 November 2009.
  14. Chase, Steven (27 November 2009). "Ottawa opposes Sri Lanka bid to host next Commonwealth summit". The Globe and Mail.
  15. Webster, Philip (27 November 2009). "Gordon Brown will not back Sri Lanka's bid to host Commonwealth summit". The Times.
  16. "Commonwealth leaders release CHOGM 2011 Communiqué". Commonwealth Secretariat. 30 October 2011.
  17. "Queen to miss Commonwealth meeting". BBC News. 7 May 2013.
  18. "Queen to miss Commonwealth meeting in Sri Lanka". Channel 4 News. 7 May 2013.
  19. Davison, Janet (8 May 2013). "Prince Charles gets higher Commonwealth role as Queen stays home". CBC News.
  20. Mayer, Catherine (7 May 2013). "The Queen's Era Is Drawing to an End as Prince Charles Assumes New Royal Duties". Time (magazine).
  21. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; airlines නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  22. "Venues". CHOGM 2013.
  23. "Official Programme" (PDF). CHOGM 2013.
  24. Jivanda, Tomas (16 November 2013). "Sri Lanka dismisses David Cameron's call for independent human rights inquiry". The Independent.
  25. Mason, Rowena (17 November 2013). "Sri Lanka defiant after Cameron calls for war crimes investigation". The Observer.
  26. Woodcock, Andrew (15 November 2013). "Sri Lanka: Cameron calls for war crimes inquiry". Scotland on Sunday.
  27. Shihar Aneez; Frank Jack Daniel (15 November 2013). "Britain's Cameron faces protests in former Sri Lanka war zone". Euronews. Reuters. 18 November 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
  28. "Cameron calls for war crimes inquiry in Sri Lanka". BBC News. 16 November 2013.
  29. "Britain gives Sri Lanka deadline on war crimes probe". The Hindu. Deutsche Presse-Agentur. 16 November 2013.
  30. "David Cameron puts Sri Lanka on notice over war crime allegations". ABC News (Australia). Agence France-Presse. 17 November 2013.
  31. Robinson, Nick (15 November 2013). "Cameron in Northern Sri Lanka". BBC News.
  32. "Relatives of missing Tamils plead for PM to act". ITV News. 16 November 2013.
  33. Doherty, Ben (16 November 2013). "Tamil protesters mob British Prime Minister in Jaffna". The Sydney Morning Herald.
  34. Mason, Rowena (15 November 2013). "David Cameron's car surrounded by Sri Lankan protesters". The Guardian.
  35. "Sri Lanka says it will block UN rights probe - Central & South Asia". Al Jazeera English. සම්ප්‍රවේශය 2013-11-17.
  36. "Gota slams British Premier". Colombo Gazette. 18 November 2013. සම්ප්‍රවේශය 19 November 2013.
  37. "Statement on Maldives by the Commonwealth Ministerial Action Group". The Commonwealth. 2013-11-11. සම්ප්‍රවේශය 2013-11-17.
  38. "Commonwealth decides to wait till Saturday on Maldives prez issue". First Post (India). 2011-02-23. සම්ප්‍රවේශය 2013-11-17.
  39. "Australia, Canada block Commonwealth climate fund". The Australian. 18 November 2013. සම්ප්‍රවේශය 18 November 2013.
  40. 40.0 40.1 40.2 40.3 40.4 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; communique නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  41. "Malta to host CHOGM 2015". The Daily Mirror (Sri Lanka)/The Times (Malta). 17 November 2013.
  42. "Malta to host 2015 CHOGM summit". Colombo Gazette. 17 November 2013. 17 November 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2 December 2013.
  43. "CHOGM headed to Malta". Sky News Australia. 17 November 2013.
  44. "Colombo Declaration on Sustainable, Inclusive and Equitable Development". Commonwealth of Nations. 17 November 2013.
  45. "CHOGM 2013: Commonwealth leaders sign communiqué on poverty reduction and trade as talks close". ABC News (Australia). 17 November 2013.
  46. "Commonwealth puts on united front". The Daily Mirror (Sri Lanka)/Bangkok Post. 17 November 2013.
  47. 47.0 47.1 "TN Assembly passes resolution demanding CHOGM boycott". සම්ප්‍රවේශය 27 October 2013.
  48. "Mauritius joins India, refuses to send PM to Lanka for CHOGM". The Times of India. සම්ප්‍රවේශය 14 November 2013.
  49. 49.0 49.1 "Penang Chief Minister calls for boycott of CHOGM in Colombo". සම්ප්‍රවේශය 27 October 2013.
  50. Cheadle, Bruce (30 October 2011). "Commonwealth leaders agree to develop charter of values and little else". Toronto Star. සම්ප්‍රවේශය 30 October 2011.
  51. "Tamil Nadu govt moves resolution demanding Centre to boycott CHOGM". සම්ප්‍රවේශය 27 October 2013.
  52. "Tamil Nadu assembly passes resolution demanding India boycott Commonwealth meeting". සම්ප්‍රවේශය 27 October 2013.
  53. "India should stay away from CHOGM: Tamil Nadu assembly". සම්ප්‍රවේශය 27 October 2013.
  54. "Indian PM to boycott Commonwealth summit in Sri Lanka over human rights issue, says official". The Washington Post. 10 November 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 10 November 2013.
  55. "Mauritius PM also to boycott CHOGM in Sri Lanka". සම්ප්‍රවේශය 12 November 2013.
  56. http://www.bbc.co.uk/news/world-asia-24918261
  57. "Cameron set to antagonise Commonwealth summit hosts again". Yahoo News. November 15, 2013. සම්ප්‍රවේශය November 15, 2013.
  58. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; AJ111113 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  59. "18.10.13 NZ Green MP urges Foreign Minister to change CHOGM chair". TamilNet. 2013-10-18. සම්ප්‍රවේශය 2013-11-17.
  60. Andrea Vance (2013-11-05). "Amnesty International protest at Beehive over Sri..." Stuff.co.nz. සම්ප්‍රවේශය 2013-11-17.
  61. "Reuters - Boycotting Commonwealth summit may help Sri Lankan Tamils - Tutu". සම්ප්‍රවේශය 9 November 2013.
  62. Gheddo, Piero. "Desmond Tutu says no to Commonwealth meeting to stop violations in Sri Lanka". AsiaNews. සම්ප්‍රවේශය 2013-11-17.
  63. "Sri Lanka Committed to Providing Full Media Access for CHOGM 2013". news.lk. 13 July 2013. 2 January 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2 December 2013.
  64. Bastians, Dharisha (12 November 2013). "Channel 4 team greeted with protests on arrival". Daily FT. 2 December 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2 December 2013.
  65. Paranahewa, Ashan (11 November 2013). "Protest against Callum Macrae". Ceylon Today. 12 November 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2 December 2013.
  66. 66.0 66.1 66.2 Wijedasa, Namini (17 November 2013). "CHOGM-SHOWGM: Highs and lows of Govt.'s magnum opus". The Sunday Times (Sri Lanka).
  67. "Channel 4 News returns to Sri Lanka". Channel 4 News. 15 November 2013. 17 November 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2 December 2013.
  68. Shihar Aneez; Ranga Sirilal (13 November 2013). "British TV crew blocked from reaching Sri Lanka's former war zone". Reuters.
  69. "Channel 4 crew blocked from reaching Sri Lanka's former war zone". RTE News. 13 November 2013.
  70. "Protesters stop journalists from travelling in Sri Lanka". ITV News. 13 November 2013.
  71. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; C4171113 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  72. "British news team leaves Lanka after harassment". Hindustan Times. Agence France-Presse. 18 November 2013. 21 November 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2 December 2013.
  73. "UK's Channel-4 team forced to pull out of Sri Lanka". Oneindia.in. 18 November 2013. 2 December 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2 December 2013.
  74. Edirisinghe, Dasun (15 November 2013). "Police obtain order restraining protests". The Island (Sri Lanka).
  75. "Court bans protests during CHOGM". Daily FT. 15 November 2013. 2 January 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2 December 2013.
  76. "Tamils stopped en route to Colombo before Commonwealth summit". BBC News. 13 November 2013.
  77. "Colombo cracks down on protesters". Arab News. Agence France-Presse. 14 November 2013.
  78. Ariyawansha, Niranjala (13 November 2013). "No private air travel to Jaffna for CHOGM". Ceylon Today. 16 November 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2 December 2013.
  79. "Colombo suspends flights to Jaffna ahead of CHOGM". TamilNet. 12 November 2013.
  80. "CHOGM, Channel 4 and the SL Editors' Guild". Sunday Island (Sri Lanka). 17 November 2013.
  81. "Commonwealth Countries Come Together in Sri Lanka for CHOGM 2013" (PDF). CHOGM 2013. 15 November 2013.
  82. Jayasuriya, Ranga (17 November 2013). "Sri Lanka's moment in the limelight". Ceylon Today. 10 June 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2 December 2013.
  83. "Sri Lanka accuses Canadian government of 'placating' Tamil Tigers as row over Commonwealth summit grows | National Post". News.nationalpost.com. සම්ප්‍රවේශය 2013-11-17.

භාහිර සබැඳි[සංස්කරණය]

සැකිල්ල:Commonwealth Heads of Government Meetings

ආශ්‍රිත[සංස්කරණය]

ආශ්‍රිත ලිපි[සංස්කරණය]