පොක්රාන්-II
| This article does not cite any references or sources. (සැප්තැම්බර 2009) Please help improve this article by adding citations to reliable sources. Unverifiable material may be challenged and removed. |
පොක්රාන්-II යන නමින් හැඳින්වෙන්නේ ඉන්දියාව විසින් පොක්රාන් අත්හදාබැලීම් අඩවියෙහිදී, තුනක් මැයි 11 දිනදී සහ දෙකක් 1988 මැයි 13 දිනදී වශයෙන් සිදුකරනු ලැබූ න්‍යෂ්ටික උපකරණ පහක අත්හදාබැලීම් පිපිරවීම් ය. මෙම න්‍යෂ්ටික අත්හදාබැලීම් හේතුවෙන් ප්‍රමුඛ ජාතීන් කිහිපයක් විසින් විවිධ සම්බාධක ඉන්දියාව වෙත පනවන ලද අතර, ඉක්බිතිව ප්‍රධාන-ප්‍රතිවාදී පකිස්තානය විසින් න්‍යෂ්ටික අත්හදාබැලීම් සිදු කෙරුමට හේතු පාදක විය. 1974 මැයි 18 වන දිනදී ඉන්දියාව ස්මයිලින් බුද්ධා (මඳසිනා පාන බුදුන් වහන්සේ) යන කේත-නාමය ලද තම පළමු න්‍යෂ්ටික මෙවලම ස්ඵෝටනය කලාය. සියවස් කාර්තුවකින් පමණ පසුව, නැවතත් බුද්ධ ජයන්ති දිනදී, 1998 මැයි 11 දිනදී, ශක්ති මෙහෙයුම ක්‍රියාත්මක කෙරිණි. ශක්ති (शक्ति සංස්කෘත බසින් අර්ථය 'බලය' යන්නයි), යනු බලය සඳහා හින්දු දෙවඟන ද වේ. ශක්ති යනු පොක්රාන්-II සඳහා කේත නාමයයි.