පුරා විද්‍යාවේදී GIS භාවිතය

විකිපීඩියා වෙතින්

GIS හෝ භූ විද්‍යාත්මක තොරතුරු පද්ධති පසුගිය වසර 10 පුරාවට පුරාවිද්‍යාවේ වැදගත් මෙවලමක් බවට පත්ව ඇත. එමෙන්ම භූ විද්‍යා තොරතුරු විද්‍යාවේ, GIS හා GIScience හි මුල්ම ප්‍රතිග්‍රාහකයන් පරිශීලකයන් හා නිර්මාණ කරුවන් වුයේ ද පුරාවිද්‍යාඥයින්ය. GIS හා පුරා විද්‍යාවේ සංකලනය, පුරා විද්‍යාව කාලයක් පුරාවට සිදු වු මනුෂ්‍ය හැසිරීමේ අවකාශීය මාන පිළිබද අධ්‍යයනය වන නිසා හා සියළු පුරා විද්‍යා අවකාශීය සංරචක දරා සිටින නිසා පරිපුර්ණ ගැලපුමක් ලෙස සැලකෙයි. පුරා විද්‍යාව භූ ගෝල විද්‍යාව, කාලය හා සංස්කෘතිය හරහා දිග හැරෙන ඓතිහාසික අවස්ථා නිරීක්ෂණය කරන නිසා පුරා විද්‍යාත්මක අධ්‍යයන වල ප්‍රතිඵල අවකාශීය තොරතුරු වලින් පොහොසත් වෙයි. GIS විශාල දත්ත පරිමා ( විශේෂයෙන් භූ විද්‍යාත්මකව පරිශීලනය කරන ලද ) සැකසීමෙහි දක්ෂ වෙයි. එය වියදම අතින් කාර්යක්ෂම, නිරවද්‍ය හා වේගවත් මෙවලමක් වෙයි. GIS හරහා නිපදවන ලද මෙවලම් දත්ත රැස් කිරීමෙන්,ගබඩා කිරීමෙන් හා සමුද්‍රණය, සුපුරුදු තත්ත්ව සදහා හැසිර වීමෙන් හා අවසාන වශයෙන් දත්ත සංදර්ශණයෙන් උදවු වන අතර එමනිසා එය පරිශිලකයාට දෘෂ්‍යව තේරුම් ගත හැකිවෙයි. කෙසේ නමුත් පුරාවිද්‍යාවේ GIS වල වඩාත් වැදගත් ලක්ෂණය තිබෙන්නේ එය ක්ෂුද්ර සිතියම් සැකසීමේ මෙවලමක් ලෙස භාවිතා කිරීම තුළ නොවන අතර එය තිබෙන්නේ නව තොරතුරු තැනීම සදහා විවිධ වර්ග වල දත්ත සංයුක්ත කිරීමේ හා විශ්ලේෂණය කිරීමේ හැකියාව තුළය. පුරා විද්‍යාවේ GIS හි භාවිතය පුරා විද්‍යාඥයන් දත්ත රැස් කිරීමේ හා දර්ශනය ක්‍රමය මත පමණක් වෙනස් නොවන අතර එය පුරා විද්‍යාඥයන් විසින් අවකාශය ගැන සිතන ආකාරය අනුව වෙනස් වෙයි. එමනිසා GIS ඔබිමතාර්ථ මෙවලමකට වඩා විද්‍යාවක් බවට පත්ව ඇත.

සමීක්ෂණවලදී GIS භාවිතය[සංස්කරණය]

සංරක්ෂණය කිරීම සඳහා සමීක්ෂණ හා ලේඛණගත කිරීම වැදගත් වන අතර පුරා විද්‍යාව හා GIS මෙම පරීක්ෂණ හා ක්ෂේත්‍ර කටයුත්ත කාර්යක්ෂම හා වඩා නිරවද්‍ය බවට පත් කරයි. GIS හැකියා යොදා ගෙන සිදු කරන ලද පර්යේෂණ පුරා විද්‍යාත්මක වැඩ බිම් හා අධ්‍යයනයට බලපෑම් එල්ල කරන අත්‍යවශ්‍ය තොරතුරු නැති වීම වැළැක්වීමේ තීරණ ගන්නා මෙවලමක් ලෙස භාවිතා කරනු ලැබේ. එය ඓතිහාසික භූමි පිළිබඳ දත්ත ලබා ගැනීම හා නඩත්තු කිරීම හරහා වටිනාකමක් ඇති ප්‍රභව ආරක්ෂා කිරීම සඳහා වූ ප්‍රාදේශීය සැලසුම්කරණය හා ප්‍රභව කළමනාකරණයට සහාය දෙන විශේෂිත මෙවලමක් ද වේ.

පුරාවිද්‍යාවේ දී GIS කැනීම් ප්‍රදේශයේ දී සෘජුවම භාවිතා කළ විට එහි දත්ත සිතියම්ගත කිරීමේ හා පටිගත කිරීමේ හැකියාව වැඩි දියුණු වේ. එය තනි වූ අධ්යයනයක් ලෙස විශ්ලේෂණය හා දර්ශනය සඳහා එකතු කරන ලද දත්තවලට ක්ෂණික ප්‍රවේශයක් ලබා දීම හෝ වැඩ බිම් ප්‍රදේශය හා එහි සොයා ගැනීම් පිළිබඳ හොඳින් තේරුම්ගැනීමට උදව් වන අනිකුත් අවශ්‍ය දත්ත ප්‍රභව සමඟ කටයුතු කිරීමට ඉඩ ලබා දීම සිදු කරයි.

පුරාවිද්‍යාත්මක ප්‍රදේශ විය හැකි ප්‍රදේශ ආකෘතිකරණයට හා අනුමාන කිරීමට GIS හි ඇති හැකියාව ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැනි භූ ප්‍රභව වල විශාල කලාපයොදා ගන්නා සමාගම් මඟින් යොදා ගනු ලැබේ. ජාතික සංරක්ෂණ පනතේ 106 වන කොටස ඓතිහාසික ප්‍රදේශ විශේෂයෙන් ආමන්ත්‍රණය කරන අතරම ෆෙඩරල වශයෙන් මුදල් යෙදවූ ව්‍යාපෘතීන් හරහා අනෙක්වා පර්යේෂණයට යොදවයි. පවතින හෝ වැදගත්කමක් සහිත පුරාවිද්‍යාත්මක ප්‍රදේශයකට ප්‍රවේශ වීම සඳහා GIS භාවිතය අනුමාන ආකෘතීකරණය හරහා හඳුනාගත හැක. මෙම අධ්‍යනය හා ප්‍රතිඵල ඉන්පසුව අදාල තීරණ හා අනාගත දියුණු වීම් සඳහා සැලසුම් සකස් කිරීමට කළමනාකරණය විසින් භාවිතා කරනු ලැබේ. GIS විසින් මෙම ක්රියාවලිය අඩු කාල පරිභෝජනය කරන හා වටිනා එකක් බවට පත් කරයි.

පුරාවිද්‍යාත්මක පර්යේෂණවල දී භාවිතා කරන විවිධ ක්‍රියාවලි හා GIS ක්‍රියාත්මක විධි ඇත. වැඩ බිමෙහි වූ තොරතුරුවල ඉන්ට්රසයිඩ් අවකාශය විශ්ලේෂණය කිරීම හෝ බෙදා හැරීම් විශ්ලේෂණය, ඇති වීම, වෙනස් වීමේ ක්‍රියාවලිය හා ලේඛණගත කිරීම තේරුම් ගැනීම උදව් වේ. මෙය පර්යේෂණ, විශ්ලේෂණ හා නිගමනවලට මඟ පාදයි. මේ සඳහා යොදා ගන්නා පැරණි ක්‍රම වැඩ බිම් ප්‍රදේශයක සීමා සහිත අනාවරණයක් සපයන අතර පුළුල් අවකාශ හරහා කුඩා රූප රටා පමණක් සපයයි. අනුමාන ආකෘතීකරණය, ජල විද්යාව හා තලාතල විද්‍යාවෙහි මෙන් දත්ත අයත් කර ගැනීම හරහා, වඩා හොඳ විශ්ලේෂණයක් සඳහා පුරා විද්‍යාත්මක දත්ත සමඟ ආකෘති නිපදවීමට යොදා ගනී. GIS හි ලක්ෂීය දත්ත ලක්ෂීය ස්ථාන මත නාභීගත කිරීම හා දත්ත කුලක වල ප්‍රවණතා විශ්ලේෂණයට හෝ විසිරුණු ලක්ෂ්ය අන්තර් නිවේෂණය කිරීම සදහා යොදා ගනු ලැබේ. ස්ථානීය පවනතා විශ්ලේෂණ්ය සදහා ඝනත්ව සිතියම් කරණය සිදු කරන අතර ලක්ෂය දත්ත හරහා පෘෂ්ඨ නිර්මාණය හරහා පෘෂ්ඨ සොයා ගැනීමට උදවු කිරීම සදහා අන්තර් නිවේෂණය සිදු කරනු ලබන අතර එය යම් ප්‍රදේශයක අත්පත් කර ගෙන ඇති ස්ථර සොයා ගැනීම සදහා යොදා ගනු ලැබේ. ආකාශ දත්ත වඩාත් බහුලව භාවිතා වෙයි. එය භූ දර්ශණ හා ප්‍රදේශ මත නාභිගත වී ඇති අතර සන්දර්භයෙන් හා පිහිටුවීමෙන් පුරාවිද්යාත්මක වැඩබිම් තේරුම් ගැනීමට උදවු වෙයි. ආකාශ දත්ත අනුමාන ආකෘති කරණය හරහා විශ්ලේෂණය කරන අතර අදාල ප්‍රදේශයේ වැඩබිම් හා අමුද්‍රව්‍ය වල ස්ථාන අනුමාන කිරීමට යොදා ගනු ලැබේ. එය දැනට ඇති දැනුම් සම්භාරය, අනුමාන ක්‍රමය හා සත්ය ප්‍රතිඵල මත පදනම් වෙයි. මෙය මූලිකවම සංස්කෘතිකමය ප්‍රභව කළමණාකරණයේ දී භාවිතා වෙයි.

විශ්‍ලේෂණයේදී GIS භාවිතය[සංස්කරණය]

GIS වලට බහු දත්ත කුලක ගබඩා කිරීමට, හැසිරවීමට හා සංයුක්ත කිරීමට හැකි අතර එමගින් භූ දර්ශණ වල සංකිර්ණ විශ්ලේෂණ සිදු කිරීමට හැකියාව ලබාදේ. ජලාධාරක විශ්ලේෂණය යනු ජලාධාර ප්‍රදේශ පිළිබද විශ්ලේෂණයයි. ජලාධාරක ප්‍රදේශය යනු දි ඇති කාලය හෝ ශ්‍රමය වැය කිරීමක් සමග ප්‍රවේශ විය හැකි, වැඩබිම වටා පිහිටි ප්‍රදේශයකි. විව්ෂේඩ් (viewshed) විශ්ලේෂණය යනු වැඩ බිමෙහි සිට වැඩ බිම වටා පිහිටි කුමන ප්‍රදේශ දර්ශණය වන්නේ ද පිළිබද අධ්‍යයනයයි. මෙය වැඩ බිම එහි සමාජීය භූ දර්ශනයට ඇති සබඳතාව තේරුම් ගැනීම සදහා යොදා ගනු ලැබේ. අනුහුරු කරණය යනු තාත්විකබවේ සරළ කරන ලද නිරූපණයක් වන අතර ප්‍රධාන විචල්ය හා ඒවායේ අන්තර් ක්‍රියාකාරීත්වය හදුනා ගැනීම තුළින් සංස්දිධි ආකෘතිකරණයට කරණ උත්සාහය. මෙය ගැටලු උත්පාදනය හරහා සිතීමට යොදා ගන්නා අතර කල්පිත උපකල්පන පරීක්ෂා කිරීමේ හා තත්ත්ව නිපදවීමේ ක්‍රමයක් ලෙසද යොදා ගනී.

පසුගිය වසර කිහිපය තුළදී හෙලි වී ඇත්තේ පුරාවිද්‍යාඥයින් ට GIS හෝ අනෙකුත් ඕනෑම අවකාශීය තාක්ෂණයක සම්පුර්ණ විභවය නොලා ගැනීමට හැකි වන්නේ ඔවුන් ඔවුන් විසින් පුරාවිද්‍යාත්මක දත්ත හා පර්යේෂණ ක්‍රියාවලියේ වු විශේෂිත උපද්රව හා විභව පිළිබද හොදින් දැන සිටින්නේ නම් පමණි. පුරා විද්‍යාත්මක තොරතුරු විද්‍යාව පුරාවිද්යාවේ අවකාශීය හා කාලීන රටා හා ගුණ අනාවරණයට හා ගවේෂණයට ප්‍රයත්න දරයි. තොරතුරු සැකසීම සදහා වු අවේනික පුරාවිද්යාත්මක ප්‍රවේෂයක් දෙසට වු පර්යේෂණ මගින් පුරාවිද්‍යාත්මක ගැටළු විසදීම හා තේරුම් ගැනීම දෙසට විශේෂිතව නැඹුරු වී ඇත. ප්‍රාමාණාත්මක ක්‍රම හා පරිගණක මෘදුකාංග නිපදවයි.