පුරාණ DNA

විකිපීඩියා වෙතින්
මෙහි දැක්වෙනුයේ පැරණි ඊජිප්තු පූජකයෙකු වූ නෙක්ට්-අන්ඛ් ගේ වසර 4000ක් පැරණි මල සිරුරෙහි අක්මාවෙන් ලබාගත් හරස් බන්ධන සහිත DNA කොටසකි.

පුරාතන DNA (aDNA) යන පදය සරල වශයෙන් සැලකූ කළ පසු කාලීනව DNA විශ්ලේෂණය සඳහා යොදා ගැනීමට විශේෂයෙන් සංරක්ෂණය නොකළ ඕනෑම ජීව විද්‍යාත්මක නිදර්ශකයකින් ලබා ගන්නා ලද DNA හැඳින්වීමට යෙදෙන්නක් සේ සැලකිය හැක. .[1][2] මෙවැනි DNA විශ්ලේෂණයන් සඳහා යොදා ගැනෙන සාම්පල සඳහා උදාහරණ ලෙස පෞරාණික අස්ථි කොටස්,මමීකරණයට ලක් වූ පටක, සුරක්ෂිතාගාරවල පවතින ශීතනය‍නොකළ වෛද්‍ය නිදර්ශන, විවිධ හේතු නිසා ආරක්ෂිතව ඉතිරි වූ ශ්‍රාව කොටස්, අයිස් සහ නිත්‍ය තුහින හරයන් ආදිය පෙන්වාදිය හැක. නූතන ජානමය විශ්ලේෂණයන් මෙන් නොව පුරාණ DNA විශ්ලේෂණයන් සඳහා යොදා ගැනෙනුයේ එතරම් හොඳ තත්වයක නොපවතින DNA වේ. මේ හේතුවෙන් විශ්ලේෂණයක් මඟින් ලබා ගත හැකි ප්‍රතිඵල සීමිත වේ. තවද ඇතැම් තත්ව යටතේ කාලය , උෂ්ණත්වය සහ නිදහස් ජලයේ පැවැත්ම වැනි සාධක හේතුවෙන් තවදුරටත් DNA අණු ප්‍රකෘති තත්වයෙන් පැවතිය නොහැකි අවස්ථා ද පවතී. මෙයට හේතු වන්නේ DNA අණු පරිහානියට පත් වීම වන අතර එසේ පරිහානියට පත් වීම සඳහා ඉහත සාධක යම්තාක් දුරකට බලපායි. වර්තමාන ඇස්තමේන්තුවලට අනුව DNA වල පැවැත්ම සඳහා උපරිම වශයෙන් හිතකර වන පරිසර තත්වයන් තුළ (උදා - අධික ශීත පරිසර තත්ව - නිත්‍ය තුහින හෝ අයිස් වැනි) DNA අණු උපරිම වශයෙන් වසර මිලියනක පමණ කාලයක් ආරක්ෂිතව පැවතිය හැකි යැයි අනුමාන කෙරේ. ඒ අනුව මීට වඩා පැරණි DNA අණු නිස්සාරණය කළ බවට වූ වාර්තා ( උදා - ක්‍රිටේසියස් යුගයට අයත් ‍ඩයිනසෝර අස්ථිවලින් DNA ලබා ගැනීම වැනි) අසත්‍ය බව ඔප්පු වී ඇත. මෙවැනි අසත්‍ය වාර්තාවන්ට අදාල නියැදි බාහිර DNA මඟින් අපිරිසිදු තත්වයට පත් වීම ‍හේතු වී යැයි හැක.

ආශ්‍රේයයන්[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Ancient_DNA

  1. Pevsner J (2015). Bioinformatics and Functional Genomics (3rd ed.). Wiley-Blackwell. ISBN 978-1118581780.
  2. Jones M (2016). Unlocking the Past: How Archaeologists Are Rewriting Human History with Ancient DNA. Arcade. ISBN 978-1628724479.
"https://si.wikipedia.org/w/index.php?title=පුරාණ_DNA&oldid=465315" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි