පුනර්භවය
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
පුනර්භවය යන්නෙහි අදහස වන්නේ යම් පුද්ගලයෙකු මරණයෙන් පසුව නැවත නැවතත් උපත ලබන බවය. මෙය බොහෝමයක් පෙරදිග දර්ශන වල අඩංගු විශ්වාසයකි.
හින්දු දහමට අනුව මරණයේදී පුද්ගලයෙකුගේ ආත්මය ශරීරයෙන් වෙන්ව අලුත් ශරීරයක උපත ලබයි. නමුත් බුදු දහමට අනුව ආත්මයක් නොමැති හෙයින් මෙය වෙනස් ආකාරයකට විග්‍රහ කර ඇත.
[සංස්කරණය] බුදු දහමට අනුව පුනර්භවය
බුදු දහමේ එන ත්‍රි-ලක්‍ෂණයට අනුව ලෝකයේ යථා ස්වරුපය අනිත්‍ය දුක්ඛ හා අනාත්ම වේ. එනම් (ආත්ම) නමින් සදාකාලිකව පවතින දෙයක් නොමැත. එම නිසා සිත යනු ඇතිවෙමින් නැතිවෙමින් යන සිතුවිලි පරම්පරාවකි. එය විඥ්ඥාණය නම් වෙයි. විඥ්ඥාණය යනු පංචේන්දියන්ට ග්‍රහණය වන දෙයයි.
බුදු දහමට අනුව පුනර්භවයෙදී ඊලඟ භවයට ගෙන යන්නේ මෙම සිතුවිලි පරම්පරාවේ අවසාන විඥ්ඥාණ අවස්ථාව සහ රැස් කරන ලද කර්මයයි.