පිළිකා රෝග නිර්ණය

විකිපීඩියා වෙතින්

බොහොමයක් පිළිකා මුලින්ම හදුනාගනු ලබන්නේ එහි රෝග ලක්ෂණ මගින් හෝ රෝග විමර්ශන ක්‍රම මගිනි. ඉහත කී ආකාර දෙකෙන්ම පිළිකාවක් පිළිබද නිශ්චිත රෝග නිර්ණයක් ලබාදිය නොහැකි අතර ඒ සදහා ව්‍යාදිවේදියකුගේ උපදෙස් අවශ්‍ය වේ. ව්‍යාදිවේදියෙකු යනු පිළිකාවන් සහ අනෙකුත් රෝග නිර්ණය කිරීම සදහා විශේෂඥ දැනුමක් ඇති වෛද්‍ය වරයෙකි.

රෝග නිර්ණය කිරීමේ ක්‍රම[සංස්කරණය]

පිළිකාවක් ඇති බවට සැක සහිත පුද්ගලයෙකු විවිධ වෛද්‍ය පරීක්ෂණ කෙරෙහි භාජනය කෙරේ. ඒවා නම් රුධිර පරීක්ෂා, එක්ස් රේ පරීක්ෂාවන්, සී.ටී. ස්කෑන් සහ එන්ඩොස්කොපි පරීක්ෂාවන්ය.

ශරීරයේ පටක විශ්ලේෂණය (බයොප්සි පරීක්ෂාවක්)[සංස්කරණය]

විවිධාකාර හේතුමත පදනම් වුවත් පිළිකාවක් ඇති බවට සැක කලද බොහෝ පිළිකාවන් සදහා නිශ්චිත රෝග නිර්ණයක් ලබාගැනීමට ව්‍යාදිවේදියකු මගින් ලබාදෙන අදාල පිලිකා සෛල වල පටක වාර්තාවක් අත්‍යවශ්‍ය වේ. මෙම අදාල පටක කොටස බයොප්සි පරීක්ෂාවකින් හෝ සැත්කමකින් ලබාගත හැකිය. බොහෝ බයොප්සි පරීක්ෂාවන් ශල්‍යාගාරයකට නොගොස් වෛද්‍යවරයා රැඳී සිටින කාමරය තුළදීම ලබා ගත හැකිය. උදා - සම, පියයුරු හෝ අක්මාවේ පටක කොටස් අනෙකුත් අවයව වල සිදුකරන බයොප්සි පරීක්ෂාවන් සදහා නිර්වින්දන ක්‍රම භාවිතා කරමින් ශල්‍යාගාරයක් තුළ සිදු කරන සැත්කමක් අවශ්‍ය වේ.

ව්‍යාදිවේදියෙකු මගින් ලබාදෙන නිර්ණයෙහි වර්ධනයට ලක්වන සෛල වර්ගය පිලිබද හැදින්වීමක් කරයි. තවද අදාල වර්ධනයෙහි පටක විද්‍යාත්මක වර්ගි කරණයේ සහ එහි අනෙකුත් ලක්ෂණ ද සදහන් කරයි. ඉහත තො‍රතුරු එක්ව ගත් කළ අදාල රෝගියාගේ රෝගයෙහි තත්ත්වය අවබෝධකර ගැනීමට සහ වඩාත් සුදුසු ප්‍රතිකාර ක්‍රමය තෝරා ගැනීමට උපකාරීවේ. සෛල ජාන විද්‍යාව (Cytogenetics) සහ ප්‍රතිශක්ති පටක රසායන විද්‍යාව (Immunohistochemistry) යනු ව්‍යාදිවේදීන් විසින් පටක කොටස් මගින් සිදුකරන අනෙකුත් වර්ග වල පරීක්ෂාවන්ය. මෙම පරීක්ෂණ මගින් අදාල පිළිකාව අනාගතයේදී හැසිරෙන ආකාරය සහ වඩාත් සුදුසු ප්‍රතිකාර ක්‍රම පිලිබද අවබෝධයක් ලබාගත හැකිය.



…

"https://si.wikipedia.org/w/index.php?title=පිළිකා_රෝග_නිර්ණය&oldid=330767" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි