පියරේ පෝල් පෘඩෝන්

විකිපීඩියා වෙතින්
පියරේ පොල් පෘඩෝන් විසින් අඳින ලද ජොසෙපින් ඩී බිහානස් ගේ සිතුවමක් , ලූවර් පැරිස් හිදී

පියරේ පෝල් පෘඩෝන් (1758 අප්‍රේල් 04 – 1823 පෙබරවාරි 16) යනු ප්‍රංශ ජාතික ශෲංගාර චිත්‍ර ශිල්පියෙකු හා සැලසුම් කරුවෙකු වන අතර ඔහු ඔහුගේ රූපක සිතුවම් හා චිත්‍රවලට වඩාත් ප්‍රසිද්ධ වේ. සමහර අවස්ථාවලදී පෘඩෝන් පැහැදිලි ලෙසම සම්භාව්‍යය වාදයෙන් හා සමහර අවස්ථාවලදී ශෲංගාරවාදය බලපෑමට ලක් විය. ඔහු ඔහුගේ කියරොස්කුරෝ ශෛලිය හා ඇඟවෙන යථාර්ථවාදී බව සඳහා ස්ටෙන්ඩාර් , ඩීලැක් රොයික්ස් , මිලට් හා බෝඩෙලෙයාර් වැනි කලාකරුවන් හා ලේඛකයන් මගින් ප්‍රශංසාවට බඳුන් විය. ඔහු විසින් මෙට්ස්හි st. එටිනේගේ ප්‍රධාන පල්ලිය සඳහා අඳින ලද crucifixion වඩාත්ම ජනප්‍රිය චිත්‍රය වේ. මෙම චිත්‍රය දැනට ලූවර්හි ඇත. පියරේ පෝල් පෘඩෝන් ඔහුගේ පුහුණුවීම් ප්‍රජංශයේදී ලබා ගත් අතර වයස අවුරුදු 26 දී ඔහුගේ අධ්‍යාපන කටයුතු සඳහා ඉතාලිය බලා නික්ම ගියේය. ඔහු නැවත පැරීසියට පැමිණීමේදී ඔහු පුද්ගලික මාලිගා කිහිපයක් සරසන ලද අතර මුදල් අතින් පොහොසත් ඉඩම් හිමියන් සඳහා ඔහු කළ සේවයන් නැපෝලියන් අධිකරණයේදී ඔහුගේ තත්වය ඉහළ නැංවීමට හේතුවිය. ඔහු විසින් ජොසපින්ගේ අඳින ලද සිතුවම් ඇයව රැජිනක් ලෙස නොව ආකර්ෂණීය කාන්කාවක් ලෙස දක්වයි. මෙම සිතුවම දකින අයෙකුට ඔහු ඇය සමග ආලයෙන් වෙළී ඇතැයි ද සිතිය හැක. නැපෝලියන් හා ජොසපින්ගේ දික්කසාදයෙන් පසු ඔහුව නැපෝලියන්ගේ දෙවන බිරිඳ වන මාරි ලුවිස් විසින් සේවයට ගන්නා ලදී.

"https://si.wikipedia.org/w/index.php?title=පියරේ_පෝල්_පෘඩෝන්&oldid=250051" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි