පැසිස්ට්වාදී ආර්ථීකය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

පැසිස්ට්වාදී ආර්ථික විද්‍යාව යනු, පැසිස්ට් රජයන් විසින් ක්‍රියාත්මක කළ ආර්ථික ප්‍රතිපත්තිවේ. පැසිස්ට්වාදය යන පදය, 20 වැනි සියවසේ ආරම්භයේ සිට එහි මැද භාගය දක්වා, යුරෝපයේ ඇතැම් ප්‍රදේශවල (සහ ඇතැමුන්ට අනුව, ලතින් ඇමරිකාවේ) පැවති, දැඩි දේශාභිමානී හැසිරීම් හා ආධිපත්‍යකින් හැඳින්වීමට භාවිතා කෙරිණි. “පැසිස්ට්වාදය” සඳහා, පිළිගත් තනි නිර්වචනයක් නැත. පැසිස්ට්වාදීන් ලෙස හඳුනාගන්නා බොහෝ කණ්ඩායම්, තමන්ව හඳුන්වා ගැනීමට එම පදය භාවිතා නොකරති. එසේම පැසිස්ට්වාදය යන පදය, විස්තරාත්මක පදයක් ලෙස ව්‍යවහාර නොකරන අතර, වර්තමානයේ ප්‍රශංසාත්මක පදයක් හෝ දේශපාලන විශේෂණයක් ලෙස ප්‍රධාන වශයෙන් භාවිතා නොකෙරේ. පැසිස්ට්වාදී චින්තනය ආර්ථික ගැටලු පිළිබඳව කලාතුරකින් සලකනු ලබන අතර ඊට අමතරව, මෙමගින් පැසිස්ට්වාදී ආර්ථික විද්‍යාවේ ඕනෑම සාපේක්ෂ අධ්‍යාපනයකට බාධා ඇති කරයි.


එසේ වුවද, වෙනත් ක්‍රමවලින් වෙන්කර හදුනාගත හැකි, පැසිස්ට් ජාතීන් සතු ලක්ෂණ සහිත, පැසිස්ට්වාදී දේශපාලන ආර්ථිකයක් ඇතැයි, සමහර විද්වතුහු හා විශ්ලේෂකයෝ තර්ක කරති. පැසිස්ට්වාදී ආර්ථික අතර සමහර සමානකම් පැවතුනද, පැසිස්ට් ආර්ථික සංවිධාන සඳහා විශේෂ ආකාරයක් නැතැයි තවත් පිරිසක් තර්ක කරති. කිහිප දෙනෙකු, නූතන සුභසාධන තත්වයන් තුළ, පුළුල්වන එක්සත් ජනපදයේ බලය පදනම් වූ බහු ජාතික ධනවාදය තුළ, රජය හා පෞද්ගලික ව්‍යවසාය අතර නව සමායතන සම්බන්ධතාවය තුළ හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ආර්ථීක ප්‍රතිපත්ති තුළ, පැසිස්ට්වාදී ආර්ථීක ප්‍රතිපත්තිවල ප්‍රතිරාවයන් දකී.

පැසිස්ට්වාදී ආර්ථිකයේ පොදු ලක්ෂණ

ප්‍රථම පැසිස්ට්වාදී සංචලන, පළමු ලෝක යුද්ධයේ අවසාන වර්ෂවල ඇතිවිය. ඔවුන්, ජාතික පුනරුප්පත්තියක් අපේක්ෂා කළ අතර, සමාජයට හා සංස්කෘතික පරිහානිය ඇතිකිරීම පිළිබඳව ලිබරල්වාදයට සමාජවාදයට හා භෞතිකවාදයට දෝෂාරෝපණය කරන ලදී. එසේම ඔවුන් සම්ප්‍රදායික, ගතානුගතික වටිනාකම් වලට ආපසු ගමන් කිරීමටද පක්ෂග්‍රාහී විය (නව දේශපාලන ක්‍රමයක් තුළින් මෙයට ලඟාවීමට ඔවුන් යෝජනා කලද).


ජාතියක සංස්කෘතික හා අධ්‍යාත්මික වශයෙන් නව පිබිදීමක් ඇතිවූවිට, සමෘද්ධිය ස්වභාවිකවම ඒ පසුපස පැමිණෙන බව පැසිස්ට්වාදී විශ්වාසයකි. එහි ප්‍රතිඵලයක් ලෙස, ආර්ථීකය වැඩි වැදගත්කමක් නැති දෙයක් ලෙස, පැසිස්ට්වාදීන් සැලකූ අතර ඔවුන්ට පැහැදිලි ආර්ථික දර්ශනයක් නොමැති විය. පැසිස්ට්වාදී පක්ෂයක විවිධ සාමාජිකයන්, ඔවුන් සහාය දෙන ආර්ථීක ප්‍රතිපත්ති පිළිබඳව නිරතුරුවම ප්‍රතිවාදී ප්‍රකාශ සිදු කළ හැකිය. බලයේ සිටියදී, පැසිස්ට්වාදීන් බොහෝවිට දේශපාලන අරමුණු සඳහා වඩාත් සුදුසුයැයි ඔවුන් විශ්වාස කළ ආර්ථීක වැඩසටහන් තෝරාගනු ලැබිණි. බොහෝ කල් පැවති පැසිස්ට්වාදී පාලනයන් (ඉතාලියේ බෙනිටෝ මුසෝලිනිගේ පාලනය වැනි) මඟින්, කාලයෙන් කාලයට ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්තිවල ප්‍රබල වෙනස්කම් ඇති කෙරිණි.


එපමණක් නොව, පැසිස්ට්වාදීන්ට ඔවුන්ගේ ආර්ථික තීරණ හැඩගස්වන දේශපාලන දර්ශන ගණනාවක් ඇත. මෙයින් පළමුවැන්න, සමාජවාදයට හා ලිබරල් ධනවාදයට එරෙහි මූලික පැසිස්ට්වාදී විරෝධතාවයි. ආර්ථික විද්‍යා විෂය තුළට ඔවුන්ගේ අදහස් ක්‍රියාත්මක කිරීමෙන්, “තුන්වන මාර්ගයක්” නිරූපණය කරන බවට පැසිස්ට්වාදීන් තර්ක කළ අතර, ඔවුන් සංස්ථාගතවීමට හා පංති සහයෝගීතාවයට පක්ෂපාතීවිය. විෂමතාවයන් හා වෙනස් සමාජ පංති පැවතීම වාසිදායක විය හැකි යැයි ඔවුන් විශ්වාස කළ නමුත් (සමාජවාදී දර්ශනයට පටහැනිව), මෙම පංති අතර සම්බන්ධතාවලට මැදිහත්වීමේ වගකීමක් රජයට ඇති බවටද ඔවුන් විසින් තර්ක කරන ලදී. (ලිබරල් ධනවාදීන්ගෙන් දර්ශනයට පටහැනිව)

පැසිස්ට්වාදීන් විසින් නිදහස් වෙළඳ ධනවාදී හෝ කොමියුනිට්ස්වාදී නොවන, යථාර්තවාදී ආර්ථීක විකල්පයක් සපයන ලදි. පැසිස්ට්වාදී ආර්ථීකවල ආවේණික ලක්ෂණයක් වුයේ, ආර්ථීක පාලනය කළහැකි බවයි. එනම්, රජය විසින් ඍජු බලපෑමක් සිදුකරන හා සම්පත් හා නිෂ්පාදිත බෙදාහැරීම ඵලදායීව පාලනය කරන ආර්ථිකයක් වීමයි.

සාමාන්‍යයෙන්, ඇතැම් කර්මාන්ත ජනසතු කිරීමට අමතරව, පැසිස්ට් ආර්ථික, පෞද්ගලික දේපල හා පෞද්ගලික මූලාරම්භ මත පදනම් වූ නමුත් රජයට කරන සේවය මත මේවා අවිනිශ්චිත විය.

මානව සම්බන්ධතාවන්ගේ සමාජ ඩාවින්වාදී දෘෂ්ඨියෙන්ද, පැසිස්ට්වාදය ක්‍රියාත්මකවිය. ඔවුන්ගේ අරමුණ ප්‍රබලයන්ට අනුබලදීම හා දුබලයන් ඉවත් කිරීමයි. ආර්ථික භාවිතය අතින් මෙහි අදහස, වෘත්තීය සමිති හා වැඩකරන පංතියේ වෙනත් ආයතන විනාශ කරමින්, සාර්ථක ව්‍යාපාරිකයන්ගේ උනන්දුව වැඩි කිරීමයි. සංස්ථාපිත බලය ආරක්ෂා කිරීම පැසිස්ට්වාදයේ අවශ්‍ය කොටසක් බව ලෝරන්ස් බ්රිට් යෝජනා කරයි. ‘පෞද්ගලික අංශයට වගකියන බදු ගෙවන්නන්, පැසිස්ට්වාදය මගින් ඇති කරයි’ යනුවෙන් ඉතිහාසඥ ගටෙනෝ සල්වෙමිනි විසින් 1936 දි තර්ක කරන ලදී. මන්ද, “රජය පෞද්ගලික ව්‍යවසායවල අත්වැරදීම්වලට ගෙවනු ලබයි.පෞද්ගලික අංශ හා පුද්ගලයන් ලාභය ලබන අතර, පාඩු පොදු සමාජමය අතර බෙදී යයි.”


අවසාන වශයෙන්, පැසිස්ට්වාදය දැඩි හමුදා පාලනයක් විය. එනිසාම, පැසිස්ට්වාදීන් නිරතුරුව යුධ වියදම් කැපී පෙනෙන ලෙස වැඩිකළ අතර, ඔවුන්ගේ ආර්ථික සංවර්ධනය සඳහා ප්‍රධානම හේතුව, ශක්තිමත් හමුදාවක ආධාරය සහිතව, ශක්තිමත් ආර්ථිකයක් ඇතිකිරීමට ඔවුන් තුළ වූ බලාපොරොත්තුවයි. පැසිස්ට් රජයන් මඟින් පෞද්ගලික ලාභ සෙවීම ධෛර්යමත් කළ අතර විශාල ව්‍යාපාරවලට ප්‍රතිලාභ පිරි නැමිණි. නමුත්, අනෙක් අතට සියලු ආර්ථීක ක්‍රියාකාරකම් ජාතියේ යහපතට කළ යුතු යැයි නියම විය. බොහෝ සිද්ධීන්වලදී, විදේශ වෙළෙඳාම සම්පූර්ණයෙන්ම තහනම් කිරීම හෝ අධෛර්යමත් කිරීම මෙයින් අදහස් කෙරිණි. අනවශ්‍ය තරම් ජාත්‍යන්තර වෙළෙඳාමේ නිරතවීම මගින් ජාතික ආර්ථීකය, ජාත්‍යන්තර ප්‍රාග්ධනය මත යැපෙන තත්ත්වයකට පත්වන බව, ඔවුහු විශ්වාස කළහ. එමනිසා ජාත්‍යන්තර ආර්ථික සම්බාධක පැනවීමට ඔවුහු ක්‍රියා කළහ. සමෘද්ධිය(autarky) ලෙස හැඳින්වූ ආර්ථීක ස්වයං පෝෂණය, බොහෝ පැසිස්ට් රජයන්ගේ ප්‍රධානම අරමුණක් විය.

"http://si.wikipedia.org/w/index.php?title=පැසිස්ට්වාදී_ආර්ථීකය&oldid=251106" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි