පැස්කල් ත්‍රිකෝණය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න

Kdeskjekfjsel;ls.JPG පැස්කල් ත්‍රිකෝණය යනු ගණිතයේ යෙදෙන ද්විපද සංගුණක ත්‍රිකෝණයක් ආශ්‍රිතව සිදු කරන ජ්‍යාමිතික පෙල ගැස්මකි. එය බටහිර යුරෝපයේ බ්ලේයිස් පැස්කල් ආශ්‍රිතව ගොඩනැඟුණු නමක් වුවද මොහුට පෙර ඉන්දිය‍ාව පර්සියාව චීනය හා ඉතාලිය යන රටවල ගණිතඥයින් මෙම සංකල්පය ඊට ශත වර්ෂ ගණනකට පෙර භාවිතා කර තිබුණි. පැස්කල් ත්‍රිකෝණයේ සම්ප්‍රදායික ලෙස ගණන් කිරීම ආරම්භ වනුයේ බිංදුව වෙනි පේළියෙනි. ඔත්තේ පේළිවල සංඛළ්‍යා ඉරට්ටේ පේළිවල සංඛ්‍යා සමඟ විශේෂ සබඳතාවක් පවත්වයි. පහත ආකාරයට ඉතා සරල ගොඩනැඟීමක් මඟින් ත්‍රිකෝණය ගලා යයි. 0 වෙනි පේළියේ ඇති එකම අංකය 1 පමණි. ඊළඟ පේළියේදී කෙලින්ම ඉහළින් ඇති සංඛ්‍යාව හා වමට ඇති සංඛ්‍යාව එකතු කර නව අගය සොයා ගත හැකිය.

PascalTriangleAnimated2.gif

වම හෝ දකු‍ෙණහි සංඛ්‍යාවක් නොපවතීනම් අගය 0 ලෙස ගනී. පළමු පේළියේ පළමු සංඛ්‍යාව 0 + 1 = 1 ලෙස ලබා ගත හැකිය. 3 වන පේළියේ 1 හා 3 එකතු කර 4 වන පේළියේ 4 ලබා ගත හැකිය. ත්‍රිකෝණයේ ඕනෑම සංඛ්‍යාවක් ඊට ඉහළින් ඇති සංඛ්‍යා දෙකෙහි එකතුවට සමාන වේ. මෙම ගොඩනැඟීම පැස්කල් නියමය සම්බන්ධ ද්වීමය සංගුණකය සමඟ සම්බන්ධතාවක් පවත්වයි.

Nekfhwlkfjw3lf.JPG (x+Y)2 ද්විපද ප්‍රසාරණයේ, k වැනි ද්විපද සංගුණකයයි. යනු n හි ක්‍රමාරෝපිත n ය. එවිට, Fme;lgepoguoej.JPG


ඕනෑම ධන නිඛිලයක් වූ n මෙන්ම k අගය 0 හා n අතර ද වේ. පැස්කල් ත්‍රිකෝණය ඉහළ පරිමාණයෙන් සාමාන්‍යකරණය වී පවතී. ත්‍රිමාණ අවකාශීය අවස්ථා සඳහා පැස්කල් පිරමීඩය යොදා ගනී.



[සංස්කරණය] ආශ්‍රිත

http://en.wikipedia.org/wiki/Pascal%27s_Triangle

"http://si.wikipedia.org/w/index.php?title=පැස්කල්_ත්‍රිකෝණය&oldid=211349" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්