පාර්ලිමේන්තුව - ශ්‍රී ලංකා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡනය

ශ්‍රී ලංකා ප්‍රජාතන්තවාදි සමාජවාදි ජනරජයේ නිති සමිපාදනය කිරිමෙ ආයතනය හෙවත් ව්‍යවස්ථාදායකය වන්නේ පාර්ලිමේන්තුවයි. 1978 ව්‍යස්ථාවට අනුව පාර්ලිමේන්තුව ජනරජයේ උත්තරීතර ආයතනයයි.

පටුන

ව්‍යුහය [සංස්කරණය]

1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ ව්‍යවස්ථාදායකය වන්නේ පාර්ලිමේන්තුවයි.මෙහි මන්ත්‍රවරු 225කි.ධුර කාලය වසර 6කි.196 දෙනෙකු සමානුපාතික නියෝජන ක්‍රමයෙන් දිස්ත්‍රික් පදනම මත සර්වජන ජන්ද බලයෙන් පත් කරනු ලබයි.ඉතිරි 29 දෙනා ඒ ඒ දේශපාලන පක්ෂ ලංකාවෙන්ම ලබාගන්නා ලද ජන්ද සංඛාවේ අනුපාතයට අනුව ජාතික ලැයිස්තුවෙන් පත් කරනු ලබයි.මෙය ජනාධිපති අාණ්ඩුක්‍රමයක් වන නිසා පෙර පැවති පාර්ලිමෙන්තු වලට වඩා බලය අඩුවන බව පෙනේ.1978 ව්‍යවස්ථාව් 4 වගන්තියෙන් සඳහන් වන්නේ ජනතාවගේ පරමාධිපති බලය පාර්ලිමෙන්තුව විසින්ද ජනමත විචාරණයකදි ජනතාව විසින්ද ක්‍රියාත්මක කරන්නේය යනාදි වශයෙනි.පාර්ලිමේන්තුවට සියලු මන්ත්‍රිවරු සමානුපාතික මැතිවරණ ක්‍රමය යටෙත් ෙතාරා පත්කර ගනියි.

1978 පාර්ලිමේන්තුව තුළ පනතක් නිතියක් බවට පත්වන්නේ කථානායකවරයාගේ අත්සනනි.පාර්ලිමේන්තුව කථානායකවරයාගේ මුලිකත්වෙයන් රැස්වන අතර කථානායකවරයා නොමැති අවස්තාවක නියෝජ්‍ය කතානායකවරයාත් එසේ නොමැති නමි නියෝජ්‍ය කාරකසභා සභාපතිවරවරයාගේත් මුලිකත්වෙයන් පාර්ලිමේන්තුව රැස්වේ.1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82 වගන්තියේ සදහන්වන පරිදි ඒම වගන්තියේ කරුණු සමිබන්දෙයේන් පනත් සම්මත කිරිමට පාර්ලිමේන්තුවට නොහැකිය.පනත් කෙටුම්පතක් සකස් කිරි මෙන් පසුව නිතිපතිවරයා වෙත ඉදිරිපත්කිරිම කරනු ලැබිමෙන් නිතිමය තත්වය විමසා බලයි.ඒමෙන්ම 78 ව්‍යවස්ථාදායකය වන පාර්ලිමේන්තුවට අනාගත පාර්ලිමේන්තුවකට බලපාන පනතක් සමිමත කළ නොහැකිය.

1978 අණ්ඩුක්‍රම ව්‍යස්ථාවට අනුව පාර්ලිමේන්තුව පළමු රැස්විෙමිදි මුලාසනයට පත්වන්නේ ජනාධිපතිවරයාය.ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව හැම විටම විසුරුවා හැරිය නොහැක.

ශ්‍රී ලංකා ව්‍යවස්ථාදායක ඉතිහාසය [සංස්කරණය]

ශ්‍රි ලංකාවේ ව්‍යවස්ථාදායකය ලෙස පාර්ලිමේන්තුව මුල්වරට හදුන්වා දුන්නේ 1947 සොල්බරි වයවස්ථාව යටතේ සර් අයියර් ජෙනිංස් මහතා විසිනි.මීට පෙර පැවති නිති සමිපාදනය ආයතන වල දුර්වලතා හේතු කොටගෙන එනම් 1931 ඩොනමොර් ආණ්ඩු ක්‍රමයේ විධායක කාරක සභා ක්‍රමය වෙනුවට 1947 පාර්ලිමේන්තු ක්‍රමය හදුන්වා දෙන ලදි.1947 හා 1978දක්වා ලංකාවේ ව්‍යවස්ථාදායකය ලෙස පාර්ලිමේන්තුව යන නමින් හදුන්වනලදි.එම ආණ්ඩු ක්‍රම ගැන විමසා බැලිමේදි,

  • 1947 පාර්ලිමේන්තුව
  • 1978 පාර්ලිමේන්තුව
දියවන්නා ඔය අසල පිහිටි නව පාර්ලිෙම්න්තු සංකිර්නය

1947 ලංකා පාර්ලිමේන්තුව [සංස්කරණය]

ගාලු මුවෙදාර පිහිටි ශ්‍රි ලංකාව් පැරණි පාර්ලිෙම්න්තු සංකිර්ණය

1947 ව්‍යවස්ථාදායකය වන්නේ පාර්ලිමෙන්තුව වන අතර එය ද්වි මාණ්ඩලික පාර්ලිමේන්තුවකි.එනම්

  • නියෝජිත මන්ත්‍රි මණ්ඩලය
  • සෙනෙට් සභාව

නියෝජිත මන්ත්‍රි මණ්ඩලයේ මන්ත්‍රිවරු 101කි.ධූර කාලය වසරකි. 1947 ව්‍යවස්ථාදායකයේ ප්‍රථම මණ්ඩලය මෙයයි. මේ මන්ත්‍රිවරු අතර 95ක්ම සරල බහුතර නියෝජන ක්‍රමය යට‍තේ ජන්දයෙන් පත්වන අතර ඉතිරි 6 දෙනා සුලු ජාතිකයන් වෙනුවෙන් අගමැතිගේ උපදෙස් පරිදි අග්‍රාණ්ඩුකාරවරයා විසින් පත් කරනු ලබයි.සාමාන්‍ය පනත්,මුදල් පනත් මෙම මණ්ඩලයට සම්මත කළ හැකිය.මෙහි ආණ්ඩු පක්‍ෂයක් හා විපක්‍ෂයක්ද දක්නට ලැබුණි.නියොජිත මණ්ත්‍රි මණ්ඩලය තුළ ආණ්ඩු බලය හිමි වුයේ ආණ්ඩු පක්‍ෂයටයි.ආණ්ඩු පක්‍ෂය තුළ අගමැතිවරයා,සභානායකවරයා,කැබිනට් ඇමතිවරු.අනෙක් ඇමතිවරු,ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රිවරු අසුන් ගත්හ. 1947 පාර්ලිමේන්තුවේ ප්‍රථම කථානායකවරයා වන්නේ ෆැරැන්සිස් මොලමුරේ මහතාය.1947 පාර්ලිමේන්තුවේ ප්‍රථම අගමැතිවරයා ඩී.එස්. සේනානායක මහතාය.විපක්ෂ කායකවරයා වුයේ ලංකා සම සමාජ පක්‍ෂයේ නායක ඇන්.එම්.පෙරේරා මහතාය.මේ අනුව 1947 පාර්ලිමේන්තුව තුළ ප්‍රථම මණ්ඩලය වු නියෝජිත මන්ත්‍රි මණ්ඩලය වැඩි බලයක් භුක්ති විදින ලදි.මෙහි දෙවන මණ්ඩලයවුයේ සෙනෙට් සභාවයි.එහ් සමාජික සංඛාව 30 කි.අගමැතිගේ උපදෙස් පරිදි ග්‍රණ්ඩුකාරයා විසින් සුළු ජාතිකයන් 15 දෙනෙකු පත් කළේය.ඉතිරි 15 දෙනා දේශපාලකයට අකමැති සාමාජ සේවයට කැමති පිරිස් වෙනුවෙන් නියෝජිත මන්ත්‍රි මණ්ඩලයෙන් මන්ත්‍රිවරැන් ගේ කැමත්තෙන් පත් වුණි.විශේෂයෙන්ම අධිකරණ අමැතිකරයා පත්වුයේ සෙනෙට් සභාවනි.මේ අනුව 1947 පාර්ලිමේන්තුවේ දෙවන මණ්ඩලය වූ සෙනෙට් සභාවට වඩා පළමු මණ්ඩලය වූ නියෝජිත මන්ත්‍රි මණ්ඩලය වැඩි වරප්‍රසාද හා බලතල භුක්ත් විදින බව පෙනේ.

1972 ජාතික රාජ්‍ය සභාව [සංස්කරණය]

ආශ්‍රිත [සංස්කරණය]

මෙයද බලන්න [සංස්කරණය]

බාහිර සබැඳි [සංස්කරණය]