පාරභෞම ජීවය

විකිපීඩියා වෙතින්
සෝවියට් සංගමය විසින් 1967 දී නිකුත් කෙරුණු, සංකල්පිත පාරභෞම ශිෂ්ඨාචාරයකින් පැමිණි චන්ද්‍රිකාවක් නිරූපණය කරන කොපෙක් 16 ක් වටනා තැපැල් මුද්දරයක්

පාරභෞම ජීවය (පෘථිවියට අයත් නොවන හෝ පෘථිවියෙන් පිටත හෝ යන අර්ථය දෙන) යන්න අර්ථදැක්වෙන්නේ පෘථිවිය වෙතින් ජනිත නොවූ ජීවය ලෙසයි . පාරභෞම ජීවයෙහි මනඃකල්පිත ආකාරයන්, සරල බැක්ටීරියා-නැනි ජීවීන්ගේ සිට මානවයන්ට වඩා බෙහෙවින් දියුණු බුද්ධිමත් සත්ත්වයන් දක්වා පරාසයක පිහිටිය හැක. මෙවැනි කිසියම් ආකාරයෙහි ජීවින් පැවතියාද හෝ පවතිනවාද හෝ යන බව වර්තමානයේදී නොදනී.

පාරභෞම ජීවය පිළිබඳ වාදයන් ප්‍රවර්ධනය හා පරික්ෂාකර බැලීම හැඳින්වෙන්නේ බහිර්ජීව විද්‍යාව හෝ තාරාජීව විද්‍යාව ලෙසිනි; කෙසේවෙතත් තාරාජීව විද්‍යාව යන පදය විසින් පෘථිවියෙහි ජීවය පිළිබඳ අධ්‍යයනයෙහි තාරකාවිද්‍යාත්මක සන්දර්භයද ආවරණය කරයි.

"https://si.wikipedia.org/w/index.php?title=පාරභෞම_ජීවය&oldid=315695" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි