පාදුක්ක
ඛණ්ඩාංක: 6°50′06″N 80°05′30″E / 6.835°N 80.09167°E
පාදුක්ක ශ්‍රී ලංකාවේ කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි නගරයකි. මෙහි ජනගහනය පුද්ගලයින් 9000ක් තරම් වූවද, දිස්ත්‍රික්කය මැද ප්‍රෙද්ශයේ පිහිටා ඇත. දැනට මෙම නුවර සීතාවක ප්‍රාදේශීය සභාව යටෙත් පාලනය වන අතර, නුවර තුළ පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පොලීසිය, ප්‍රාදේශීය රෝහල, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ දුම්රිය ස්ථානයක් පිහිටා තිබේ.
ඉතිහාසය [සංස්කරණය]
අතීතෙය්දී මෙම නගරය සීතාවක රාජධානියට අයත්ව තිබුනි. පෘතුගීසි ආක්‍රමණ සමයේදී බලකොටු නුවරක් ලෙස පැවති බවට සාධක පවතී. දිනක් රාජසිංහ රජු යුද්ධයට ගොස් පැමිණීමේ දී පයට ඇනුණු උණ ගසේ කටුව නිසා වේදනා විඳිමින් පැමිණි අවස්ථාවේ පැවසු "අනේ මගේ පා වලට දුක " යන වැකිය නිසා , පා වලට දුක - පාදුක්ක ලෙස ව්‍යවහාර වූ බව ජනප්‍රවාදයෙහි දැක්වෙන්න කි.
පරිසරය [සංස්කරණය]
පාදුක්ක නගරය මුලික වශයෙන් භූගෝලීයව කඳු වැටියකින් වටවී ඇති බව පෙනී යයි. මෙම සුවිශේෂී බව නිසා ශ්‍රීලංකා පෘථිවි චන්ද්‍රිකා සන්නිවේදන මද්‍යස්ථානය පාදුක්ක නගරයෙහි පිහිටුවා ඇත. කොළඹට නුදුරින් පිහිටියත් ඉතා මනරම් ස්වභාවික පරිසරයකට උරුමකම් කියන බව ප්‍රසිද්ධ කරුණකි.