ප්‍රාග් ලේඛන කටයුතු

විකිපීඩියා වෙතින්
ක්‍රිපූ 6000 පමණට කාල නිර්ණය කර ඇති හා කැස්බෑ ලෙළි මත හමුවූ ලිවීම් වැනි සලකුණු වන ජියහියු සංකේතයන්හී නිදසුන් කිහිපයක්.[1]


ක්‍රි.පු. 4 වැනි සහස්‍රයේ අග භාගයට අයත් ප්‍රාග් ලේඛන ක්‍රම එක්වරක් පමණක් සොයා ගත්තක් නොවේ. ඒවා පැරණි සම්ප්‍රදායට අයත් සලකුණු ක්‍රමය මත පදනම් වී ඇත. නමුත් සංඥා ක්‍රමය නියම ලේඛන ක්‍රමයක් ලෙස සැලකිය නොහැකිය. මේ සදහන් කරන ක්‍රමයෙහි අතීතාස්මරණය කරවන අන්දමේ ලාක්ෂණික ගති (ලේඛනයේ) සහිත වේ. මෙම ක්‍රමය ප්‍රාග් ලේඛන ක්‍රමය ලෙස නිර්වචනය කළ හැකි අතර තොරතුරු ප්‍රචාරණය සදහා චිත්‍ර ලිපි හෝ අතීත ස්මරණ යොදා ගෙන ඇත. නමුත් පෙනෙන ලෙසට එය භාෂාමය භාවයෙන් තොරය. මෙම ක්‍රම නව ශිලා යුගයේදී මතු වු අතර කි.පු. 7 වැනි සහස්‍රය තරම් පැරණි බව පැවසේ. (කම්යානා මෝහ්ලා)

නවශිලා යුගය[සංස්කරණය]

නවශිලා යුග චීනය[සංස්කරණය]

2003 දී කළ කාබන් විකිරණ පරීක්ෂණයන් මගින් චීනයෙන් සොයා ගත් ඉබි කටු වල කොටන ලද ජියාහු අක්ෂර ක්‍රි.පු. 7 වැනි සහස්‍රයට අයත් බව සොයා ගෙන ඇත. උතුරු චීනයේ හෙනන් පළාතේ ජයිහුවලවු නව ශිලා යුගයට අයත් සෝහොන් 24 ක් කැණීමේදි මනුෂ්‍ය කොටස් සමග මෙම ඉබි කටු ද හමු වී ඇත. සමහර පුරා විද්‍යාඥයින් කියන පරිදි මීට සමාන කටුවල ලියන ලද ලේඛන ක්‍රි.පු. 2 වැනි සහස්‍රයට අයත් ඔරකල් බෝන් ලිපියෙන් ද සම්භ වී ඇත. නමුත් සාක්ෂ්‍ය මදකම නිසා අන් අය මෙම මතය පිළි ගැනීම ප්‍රතික්ෂේප කරති. ඔවුන් ප්‍රකාශ කර සිටින්නේ ඒවායින් හමුවු ආකාරයේ ජ්‍යාමිතික හැඩතල (ජියාහු වලින් නම් වු) ප්‍රාග් ලේඛන කලාව සමග සම්බන්ධව තිබිය නොහැකි බවයි.

නවශිලා යුග යුරෝපය[සංස්කරණය]

මැටි පරිත්‍රය, ක්‍රිපූ 4500 ට පමණ කාල නිර්ණය කර ඇති ටර්ටාරියා පුවරු අතුරින් එකක්

7 වැනි සහස්‍රයේ ආරම්භයේ සිට 6 වැනි සහස්‍රය පුරා සරල සලකුණු වල සිට සංකිර්ණ සලකුණු දක්වා විකාශනය වු අයුරු වින්කා සලකුණුවලින් මනාව පෙන්වයි. මේවායෙන් එකිනෙක ගලපමින් ලියු වගන්තියක සේයාවක් පෙන්නුම් කරයි. 6 වැනි සහස්‍රයේ අග්‍රභාගයේ ඩිස්පිලියෝ පුවරුව ද මීට සමානකම් දක්වයි. පුරාණ පෙරදිගාසන්න ප්‍රදේශ (ඊජිප්තු, සුමරියානු ප්‍රාග් - කීලකාකාර සහ ක්‍රීටන්) වලද මෙවන් සලකුණු ක්‍රම මගින් චිත්‍ර ලිපි ලියා ඇත. එම නිසා වින්කා සලකුණුවල අර්ථයන් ගැන පැහැදිලි වැටහීමක් ලබා ගත නොහැකි වීමෙන් මෙම ලේඛණයන් හි නියම අදහස් හෝ පණිවිඩය වටහා ගැනීම අපහසුව ඇත.


ක්‍රි.පු. 4 වැනි සහස්‍රයේ ඉන්දු ලේඛන වල ප්‍රාග් ලේඛන කලාව මුසුවී තිබිය හැකියි. ඇතැම්විට ඊට, ඒ වන විටත් මෙසපොතේමියානු ලේඛන කලාව බලපා තිබුණා ද විය හැක.

ස්ලැක්වික් අකුරු (පුරාණ ජර්මන් අකුරු වර්ගයක්) ද යම් ආකාරයක ප්‍රාග් ලේඛන ක්‍රමයක් යැයි මධ්‍යකාලීන ලේඛකයින් සමහරක් ප්‍රකාශ කරති. ඉන්කාස් හි කුයුපී ද ඊට සමාන සම්භවයක් සහිත විය හැකිය. ඊට ඇති ඓතිහාසික උපහැරණයක් වන්නේ උරාක් විසින් යුග්ටූන් අක්ෂර ක්‍රමය දියුණු කිරීමට පෙර සොයා ගත් පින්තූර ක්‍රමයයි.


ආශ්‍රිත[සංස්කරණය]

  1. හෙලන් ආර්. පිල්ෂර් 'අර්ලියස්ට් හෑන්ඩ්රයිටිං ෆවුන්ඩ්? චයිනීස් රිලික්ස් හින්ට් ඇට් නියෝලිතික් රිචුවල්ස්', නේචර් (30 අප්‍රේල් 2003), doi:10.1038/news030428-7 "ස්ම්බල්ස් කාව්ඩ් ඉන්ටු ටෝර්ටස් ෂෙල්ස් මෝ දෑන් 8,000 ඉයර්ස් අගෝ [...] අන්අර්ත්ඩ් ඇට් මෑස්-බරියල් සයිට් ඇට් ජියහියු ඉන් හෙනං ප්‍රොවින්ස් ඔෆ් වෙස්ටර්න් චයිනා". ලී, එක්ස්., හාබොට්ල්, ජී., සැං, ජේ. සහ වං, සී. 'දි අර්ලියස්ට් රයිටිං? සයින් යූස් ඉන් ද සෙවන්ත් මිලේනියම් බීසී ඇට් ජියහියු, හෙනාං ප්‍රොවින්ස්, චයිනා'. ඇන්ටික්විටි, 77, 31–44, (2003).
"https://si.wikipedia.org/w/index.php?title=ප්‍රාග්_ලේඛන_කටයුතු&oldid=264046" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි