ප්‍රතිපදාර්ථය

විකිපීඩියා වෙතින්
උච්ඡේදනය

ප්‍රතිපදාර්ථ යනු, අංශුමය භෞතික විද්‍යාවෙහිදී හා ක්වොන්ටම් රසායන විද්‍යාවෙහිදී හමුවන ප්‍රතිඅංශු පිළිබඳ සංකල්පයේම තවත් ඉදිරි පියවරකි. සාමාන්‍ය පදාර්ථය අංශුවලින් සමන්විත වන ආකාරයට ප්‍රතිපදාර්ථය ප්‍රතිඅංශුවලින් සමන්විත වේ. සාමාන්‍යය පදාර්ථයේ හයිඩ්‍රජන් පරමාණුවක් එක් ඉලෙක්ට්‍රෝනයක හා එක් ප්‍රෝටෝනයක සංකලනයෙන් සෑදෙන ආකාරයටම ප්‍රති-ඉලෙක්ට්‍රෝනයක් ( පොසිටෝනයක් එනම් ධන ආරෝපණයක් දරන ඉලෙක්ට්‍රෝනයක් ) හා ප්‍රති-ප්‍රෝටෝනයක් (ඍණ ආරෝපණයක් දරන ප්‍රෝටෝනයක්) සංකලනයෙන් ප්‍රති-හයිඩ්‍රජන් පරමාණුවක් නිර්මාණය විය හැක‍. තවද, ප්‍රතිඅංශු හා අංශු එකිනෙක හමු වූ විට සිදුවන ආකාරයට පදාර්ථය හා ප්‍රතිපදාර්ථය හමුවීමේදී උච්ඡේදනයට භාජනය වෙමින් අධි ශක්ති ප්‍රෝටෝන (ගැමා කිරණ) හෝ වෙනත් අංශු-ප්‍රති අංශු යුගල උපදවනු ඇත. තවද, පදාර්ථ-ප්‍රතිපදාර්ථ උච්ඡේදනය නිසා හටගන්නා අංශු උච්ඡේදන ඵලයන්හි ස්කන්ධයත් මුල් පදාර්ථ - ප්‍රතිපදාර්ථ යුගලයේ ස්කන්ධයත් අතර වෙනසට අනුරූප ශක්තිය බොහෝ විට අති විශාල අගයක් වේ.

අපට නිරීක්ෂණය වන විශ්වය සම්පූර්ණයෙන්ම පාහේ පදාර්ථයෙන් සමන්විත වීමට හේතුව පිළිබඳවත්, විශ්වයේ සම්පූර්ණයෙන්ම පාහේ ප්‍රතිපදාර්ථයෙන් සමන්විත ප්‍රදේශ පවතී ද යන්න පිළිබඳවත්, ප්‍රතිපදාර්ථය අවශ්‍ය පරිදි ප්‍රයෝජනයට ගතහැකි වුවහොත් කළ හැකි වන්නේ මොනවාද යන්න පිළිබඳවත් විද්‍යා සහ විද්‍යා ප්‍රබන්ධ ක්ෂේත්‍රවල විවිධ මත වාද නිර්මාණය වී තිබේ. කෙසේ නමුත් අපට හමුවන නිරීක්ෂණයන් මත විශ්වය තුළ පවතින ප්‍රතිපදාර්ථ හා පදාර්ථ අතර අසමමිතිය භෞතික විද්‍යාවේ මේ දක්වා විසඳුම් නොමැති ප්‍රධානතම ගැටළු අතරින් එකක් බවට පත්ව තිබේ. අංශු හා ප්‍රතිඅංශූ නිර්මාණය බැරියෝන-ජනන විද්‍යාව ලෙස හැඳින්වේ.

"https://si.wikipedia.org/w/index.php?title=ප්‍රතිපදාර්ථය&oldid=353389" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි