ප්‍රතික්‍රීයකයේ ස්වභාවය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ප්‍රතික්‍රීයකයේ භෞතික තත්ත්වය[සංස්කරණය]

කුමන සංඝටක ප්‍රතික්‍රියා කරන්නේ ද යන්න මත, ඊට ගත වන කාලය වෙනස් වේ. (ලවණ සෑදීමෙන් සහ අයන හුවමාරුවෙන් සිදුවන අම්ල ප්‍රතික්‍රියා ඉතාම වේගවත් ප්‍රතික්‍රියා වේ.) ප්‍රතික්‍රියාව සෙමින් සිදුවන්නේ අණු අතර සංයුජතා බන්ධන වින්‍යාසය පවතින විට හා අණු විශාල වු විටය.

භෞතික තත්ත්වය[සංස්කරණය]

ප්‍රතික්‍රියකයක භෞතික තත්ත්වය (ඝන, වායු, ද්‍රව) ප්‍රතික්‍රියා වේගය වෙනස් කිරීමට ඉවහල් වන ඉතාම වැදගත් සාධකයකි. ජලීය මාධ්‍යයේදී මෙන් ප්‍රතික්‍රීයක එකම කලාපයක තිබෙන අවස්ථාවේදී, තාප චලනය ඒවා එකිනෙක මුණගස්වයි. කෙසේ වුවද, ඒවා වෙනස් කලාපවල තිබෙන අවස්ථාවේදී ප්‍රතික්‍රීයක අතර අන්තර්කලාප වලට ප්‍රතික්‍රියා සිමාවේ. ප්‍රතික්‍රියා සිදු විය හැක්කේ ඒවා සම්බන්ධ විය හැකි පෘෂ්ඨය ඔස්සේ පමණි. ද්‍රව සහ වායු වලදී එය සිදුවන්නේ ද්‍රව මතුපිට පමණි. ප්‍රතික්‍රියාව සම්පුර්ණ වීම සදහා තදබල ලෙස සෙලවීම සහ කලවම් කිරීම අවශ්‍ය වේ. එනම් ඝන සහ ද්‍රව ප්‍රතික්‍රියකයක් බෙදා වෙන් කරන මට්ටම වැඩි වන විට එහි පරිමා ඒකක 1 කට පෘෂ්ඨීය ක්ෂේත්‍ර ඵලය වැඩි වේ. එමෙන්ම එය අනෙකුත් ප්‍රතික්‍රීයක සමග සම්බන්ධ වන ප්‍රමාණය වැඩි වී ප්‍රතික්‍රියාව වේගවත් වේ. මීට සමාන අවස්ථාවක් විස්තර කරන්නේ නම්, උදාහරණයක් ලෙස කිසිවෙක් ගින්නක් ඇවිලු විට, ඔහු කුඩා දර කැබලි සහ අතු කැබලි යොදා ගනී. ඔහු කෙලින්ම විශාල දර කොට යොදා නොගනී. කාබනික රසායනික විද්‍යාවේදී සමජාතීය ප්‍රතික්‍රියා විෂමජාතිය ප්‍රතික්‍රීයාවලට වඩා වේගයෙන් සිදුවේ යන සංසිද්ධියට ජලයෙහි සිදුවන ප්‍රතික්‍රියා අදාල නොවේ. ඒවා විශේෂිත වූ අවස්ථාවකි.


සාන්ද්‍රණය[සංස්කරණය]

සාන්ද්‍රණය, ඝට්ටන වාදයට‍ අනුව ප්‍රතික්‍රියාවේ වැදගත් ස්ථානයක් හිමිකරගනී. මෙයට හේතුව වන්නේ අණු එකිනෙක සමග ප්‍රතික්‍රියා කිරීමට ඝට්ටනය වීම සිදුවීමයි. ප්‍රතික්‍රියක වල සාන්ද්‍රණය වැඩි වන විට අණු ඝට්ටනය වීමේ සංඛ්‍යාතය වැඩි වන අතර මෙසේ සිදු වන්නේ යම් අවස්ථාවකදී ඒවා එකිනෙක ළගින් පිහිටිමෙන් එකිනෙක සමග ගැටීම හේතුවෙනි. වැසූ බඳුනක පිහිටි ප්‍රතික්‍රීයක 2ක් පිලිබඳ සිතන්න. එහි ඇති සියළුම අණු නිරන්තරයෙන්ම ඝට්ටනය වේ. එක් ප්‍රතික්‍රීයකයක් හෝ ඊට වැඩි ප්‍රමාණයක ප්‍රතික්‍රීයක ප්‍රමාණය වැඩිකිරීම මගින් මෙම ඝට්ටනය නිරන්තරයෙන්ම සිදු වීමට හැකියාව ඇති වන අතර එබැවින් ප්‍රතික්‍රියා ප්‍රමාණයද වැඩිවේ.


උෂ්ණත්වය[සංස්කරණය]

ප්‍රතික්‍රියාවේ වේගය සදහා උෂ්ණත්වය ප්‍රධාන බලපෑම් ඇති කරයි. ඉහළ උෂ්ණත්වයක ඇති අණු වඩා තාපශක්තියක් හිමිකර ගනී. ප්‍රතික්‍රීයක (ප්‍රතික්‍රියක + ප්‍රතික්‍රියක ඵලය)රසායනික ප්‍රතික්‍රියාවකදී රත් කළ විට, වඩාත් ශක්තිමත් අණු සහ පරමාණු වලට එකිනෙක සමඟ ගැටීම සඳහා වඩා හැකියාවක් ඇත. මේ ආකාරයට ඉහළ උෂ්ණත්වයකදී වැඩි ඝට්ටනයක් ඇතිවන්නේ රසායනික ප්‍රතික්‍රියාවකදී ඵලයක් ඇති කරමින්ය. කෙසේ වුවද විශේෂයෙන්ම ඉහළ උෂ්ණත්වයකදී අණු සදහා කම්පන ශක්තියක් ඇත. එනම් පරමාණු ඉතාම තදබල ලෙස කම්පනය වන අතර එබැවින් ඉහළ ගිය උෂ්ණත්වය ඝට්ටන ප්‍රමාණය වැඩි කරනවා පමණක් නොව එම ඝට්ටන පරමාණු ප්‍රතික්‍රීයක අණු නැවත සකස් කරයි. උදාහරණයක් ලෙස ශීතකරණයක් ප්‍රතික්‍රියා වේග මට්ටම අඩු කරනු ලබන්නේ ඒවා අණු සිසිල් කරන බැවිණි. අනෙක් අතට උදුනක් අණු සදහා තාපය ලබාදී ප්‍රතික්‍රියා මට්ටම වැඩි කරයි. එබැවින් ආහාර ඉක්මණින් පිස ගැනීමට හැක.

යම් ප්‍රතික්‍රියාවක චලනය අධ්‍යනය කළ හැක්කේ උෂ්ණත්ව වෙනස් වීමක් පැමිණුන විටයි. මෙම ක්‍රියාවලියේදී උෂ්ණත්වය තියුණු ලෙස ඉහළ නැගීමක් සිදුවිය යුතු අතර, (සමතුලිත ක්‍රියා වලිය අතරතුර මෙය ඉහල්වීමේ එක් අචල අගයකට පත්විය යුතුය.)


උත්ප්‍රේරක[සංස්කරණය]

සාමාන්‍යයෙන් විභව ශක්ති සටහනක පෙන්වනුයේ උපකල්පිත තාපදායක රසායනික ප්‍රතික්‍රියාවකදී උත්ප්‍රේරයක ආචරණයයි. උත්ප්‍රේරකයක් මගින් ප්‍රතික්‍රියාවකට වෙනස් මඟක් සාදාදෙන අතර (රතු පැහැයෙන් දැක්වෙන පරිදි එහිදී එය සක්‍රීයන ශක්තිය අඩු කරයි. නමුත්, අවසාන ප්‍රථිඵලයේ හා තාප ගතිකයේ කිසිදු වෙනසක් සිදු නොවේ.

උත්ප්‍රේරකයක් යනු රසායනික ප්‍රතික්‍රියාවකදී ප්‍රතික්‍රියාවේ අතර මැදියෙක් ලෙස එහි වේගය වෙනස් කිරීමට උපකාරීවෙන නමුත් අවසානයේදී රසායනිකව වෙනස් නොවී පවතින්නකි. උත්ප්‍රේරකයක් ප්‍රතික්‍රියාවේ සක්‍රීයන ශක්තිය අඩු කරමින් එහි යාන්ත්‍රණය වෙනස් කිරීමට දායක වේ. ස්වයං උත්ප්‍රේරණයේදී ප්‍රතික්‍රියාවේ ප්‍රතිඵලයම උත්ප්‍රේරකයක් වන අතර එය ප්‍රතික්‍රියාව ධනාත්මක ප්‍රතිචාරයක් වෙත යොමු කරයි. ජෛව රසායන ප්‍රතික්‍රියා වලදී උත්ප්‍රේරකයක් වශයෙන් ක්‍රියාකරන ප්‍රෝමීන්, “එන්සයිම” නම්වේ. මිෂේලිස්-මෙන්ටන් චාලක රසායනය මගින් එන්සයිම ප්‍රතික්‍රියා වල පවතින තත්ත්වය පිළිබද පැහැදිලි කරයි.

ඇතැම් කාබනික අණු වල ඇති විශේෂ අතර මැදි වලට එයට ආසන්නයේ ඇති කාණ්ඩයේ ප්‍රතික්‍රියාවට සහභාගි විය හැක.

මිශ්‍ර කිරීම / සෙලවීමද ප්‍රතික්‍රියාවේ ක්‍රියාකාරීත්වය වැඩි කරන අතර, එමගින් අංශු වල ගැටීම් වැඩි කර විශාල චාලක ශක්තියක් ලබාදෙයි. මෙහිදී අංශුවලට ඉහළ චාලක ශක්තියක් ලැබෙන අතර ප්‍රතික්‍රියක අතර සාර්ථක ඝට්ටනයක් ඇති වේ.

වායුමය ප්‍රතික්‍රියාවක පීඩනය වැඩි කිරීමෙන් එහි ප්‍රතික්‍රියක අතර ඝට්ටන වැඩි කර සීඝ්‍රතාවය වැඩි කළ හැක. මෙය සිදු වන්නේ වායුවේ ආංශික පීඩනය,එහි සක්‍රියතාවට සමානුපාතික බැවින් මෙම ආවරණය, ද්‍රවණයක සාන්ද්‍රණය වැඩි කිරීමට සමාන වේ. උත්ප්‍රේරක මගින් ඉදිරි හා ආපසු ප්‍රතික්‍රියා වල වේග සමානව වැඩි කරන නිසා එමගින් සමතුලිත ලක්ෂ්‍යය වෙනස් නොකරයි.