පළමුවන පරාක්‍රමබාහු රජ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
පළමුවන පරාක්‍රමබාහු (මහා පරාක්‍රමබාහු) රජු
පොළොන්නරුවේ රජ
Statue of Parakramabahu in Polonnaruwa.jpg
මහා පරාක්‍රමබාහුගේ හෝ පුලස්ති ඍෂිවරයාගේ යැයි සාම්ප්‍රදායික ලෙස විශ්වාස කෙරෙන පොළොන්නරුවෙහි පිහිටා ඇති පිළිමය
රාජ්‍ය කාලය 11531186
උපත 1123
උපන් ස්ථානය පුන්ඛගම/ දැදිගම
මරණය 1186
මරණය වූ ස්ථානය පොළොන්නරුව
පූර්වප්‍රාප්තිකයා දෙවන ගජබාහු
අනුප්‍රපාප්තිකයා දෙවන විජයබාහු
රාජ වංශය පොළොන්නරුව රාජධානිය
පියා මානාභරණ රජ
මව රත්නාවලී බිසව

පළමුවන පරාක්‍රමබාහු ( මහා පරාක්‍රමබාහු;[1][2] 1123–1186) 1153 සිට 1186 දක්වා ශ්‍රී ලංකාවේ රජතුමා විය. එතුමාගේ අග නගරය වූ පොළොන්නරුව හි සිට එතුමාගේ රාජ්‍යත්වය තුලදී, දිවයිනෙහි උප රාජධානි තුන, එතුමා විසින් එක්සත් කරන ලදී. තම අග නගරය පුළුල් කෙරුමට හා විචිත්‍රවත් කෙරුමට යුහුසුළු වූ හේ, විසල් වාරිමාර්ග පද්ධතීන් ගොඩනැංවීම, රටෙහි යුද්ධ හමුදාව ප්‍රතිසංවිධානය කිරීම, බෞද්ධ පිළිවෙත් ප්‍රතිසංස්කරණය කිරීම, කලා කටයුතු වලට රුකුල් දීම ආදියෙහි නියැළුනු අතර, දකුණු ඉන්දියාව සහ මියන්මාරය හි හමුදා ක්‍රියාන්විතයන් හිද නිරත විය. "අහසින් වැ‍ටෙන එක් දිය බිඳුවක්වත් මිනිසාගේ ප්‍රයෝජනයට නොගෙන මුහුදට එක් වීමට ඉඩ නොදිය යුතුය " යන භාෂණය ඔහුගේ ජනප්‍රිය කියමන් අතුරින් එකකි.[3]

පරාක්‍රමබාහුගේ තුරුණු වියෙන් වැඩි කොටසක් ගෙවුනේ, පිළිවෙලින් දක්කිණදේශ සහ රුහුණ යන රාජ්‍යයන්හි රජවරුන් වූ, කිත්ති ශ්‍රී ‍මේඝ සහ ශ්‍රී වල්ලභ යන්නාවූ එතුමාගේ මාමාවරුන්ගේ රජ මාලිගා වල හා, රජ රට රජු වූ, දෙවන ගජබාහු ගේ රජ මාලිගාවෙහිය. 1140 දී පමණ හේ, තම මාමා වූ කිත්තිගේ අනුප්‍රාප්තිකයා ලෙසින් දක්කිණදේශයේ රජු බවට පත්ව ඊලඟ දශකය තුලදී දක්කිණදේශයෙහි යටිතල ව්‍යුහය මෙන්ම එහි යුද්ධ හමුදාවද වැඩි දියුණු කළේය. බොහෝ කල් පැවැති සිවිල් යුද්ධයකින් අනතුරුව, 1153 දී පමණ එතුමාණන්, මුළු දිවයින පුරා තම අණසක පතුරවා 1186 දී එතුමාගේ මරණය දක්වාම එම ස්ථාපිතයෙහි පිහිටියේය. පරාක්‍රමබාහුගේ රාජ්‍ය කාලයෙහිදී, එතුමා විසින්, මියන්මාරයෙහි රජවරුන්ට දණ්ඩන පමුණුවන රිසියෙන් යුද්‍ධ ක්‍රියාන්විතයක් දියත් කල අතර, දකුණු ඉන්දියාවෙහි චෝල අධිරාජ්‍යය ට එරෙහිව පාණ්ඩ්‍යයන් හට උපකාර කරන අතරතුර චීනය හා මැද පෙරදිග රටවල් සමග පුළුල් වෙළෙඳ සබඳතා පවත්වාගෙන ගියේය.[4] දිවයින තුල, ඔහු විසින් ආගමික සිද්ධස්ථාන ස්ථාපිත කිරීම, රෝහල්, සමාජ සුභසාධන ඒකකයන්, ඇළ සහ පරාක්‍රම සමුද්‍රය වැනි විසල් ජලාශ ගොඩනැගීම, ආදිය සිදු කෙරිණි.

පසුබිම[සංස්කරණය]

12වන සියවසෙහි මුල් අවදිය[සංස්කරණය]

993 හිදී සිදුවූ පළමුවන රාජ රාජ චෝල ගේ ශ්‍රී ලංකා ආක්‍රමණයට අනතුරුව, ශ්‍රී ලංකා දිවයින, දකුණු ඉන්දියාවේ බලවත් චෝල රාජ ආණ්ඩුවෙහි අණසකට අඩ වශයෙන් යටත්ව පැවතිණි. Iවන විජයබාහු රජ (1055–1100) රජතුමා රාජ්‍යත්වයට පත්වන තුරු මෙම ප්‍රදේශයන් චෝල පාලනය යටතේ පැවතිණි. තම රාජ්‍යත්වයෙහි ඇරඹුමත් සමගම, පළමුවන විජයබාහු විසින් සාර්ථක ලෙස චෝල ආක්‍රමණිකයන් පලවා හැර, රජ රට අගනගරය, අනුරාධපුරයෙහි සිට, නව සැලසුම් කල නුවරක් වූ, පොළොන්නරුව (පුලත්තිනගර) වෙත ගෙන එන ලදි. පළමුවන වික්‍රමබාහු රජතුමාගේ රාජ්‍ය සමය (1111–1132) වන විට, දිවයින, රාජධානි තුනකට —රජ රට, දක්කිණ දේශ, සහ රුහුණ —වෙන් කොට තිබුණි. එනමුදු, වික්‍රමබාහු ඉමහත් ගරුත්වයෙන් සැලකුණේ, ඓතිහාසික හා ආගමික වැදගත් කමින් හෙබි අඩවි පිරි රජ රට අයත්ව සිටි බැවිනි. එනමුදු, දක්කිණදේශයේ ("දකුණු රට") රජවූ මානාභරණ හා, ඔහුගේ සොහොයුරන්වූ හා රුහුණෙහි සම-රජුන් වූ, ශ්‍රී වල්ලභ හා කිත්ති ශ්‍රී මේඝ, කිරුළ සඳහා ඇස යොමා සිටි පිළිමළුන් වූහ.[5] තවදුරට සැලකූ කල, මෙම තිදෙන ම, විජයබාහුගේ සොහොයුරියගේ පැවතෙන්නන් වූ අතර, එම නිසාම සිහසුනට ප්‍රබල හිමිකමක් දැරූහ; චූල වංශයෙහි ඔවුන් හඳුන්වනුයේ රාජ වංශයෙහි ආර්ය ශාඛාව ලෙස වන අතර, පළමුවන වික්‍රමබාහු කාලිංග ශාඛාවට අයත් විය.

උපත[සංස්කරණය]

පළමුවන විජයබාහුගේ කැරැල්ල ඇරඹෙත්ම චෝල අධිරාජ්‍යයෙහි ප්‍රමාණය

පුරාතන වංශකතාවක් වන චූල වංශයෙහි එන පරිදි, පරාක්‍රමබාහුගේ උපත පිලිබඳව, එතුමාගේ පියාණන් වූ දක්කිණ දේශයෙහි මාණාභරණ රජු විසින් දුටු සිහිනයක පෙනී සිටි දෙවියෙකු වැනි රුවක් විසින් පෙරනිමිති පල කෙරිණි.[6] මානාභරණගේ බිරිය රත්නාවලීට එපරිද්දෙන්ම පුතකු උපන් අතර, ඔහු පරාක්‍රමබාහු ලෙසින් නම් ලැබුවේ, ඔහුගේ "රුපුන්-මඩින බාහු" [7] නිසාවෙනි. ඔහු උපන් වසර නිශ්චය වශයෙන් සහතික කර නොදැනුතත්, සාමාන්‍යයෙන් එය 1123 පමණ විය යැයි විශ්වාසය කෙරේ.[තහවුරු​ කරන්න] ස්ථානය කලක් දක්කිණද්ශයෙහි අග නගරය වූ දැදිගම (පුන්ඛගම) යයි විශ්වාස කෙරේ.[8] මෙම ස්තානය සිහිවීම පිනිස ඉදිකල ස්මාරකය කොටවෙහෙර නම් වේ.

දරුවාගේ උපත පිලිබඳ දැනුවත් වූ පොළොන්නරුවෙහි පළමුවන වික්‍රමබාහු අණකලේ, පිරිමි දරුවා ඔහුගේ සිහසුනට උරුමකරු ලෙස ඇති දැඩි විය යුතු බවයි. තම මරණය තෙක් සිහසුන දරා, ඉක්බිතිව පරාක්‍රමබාහු වෙතට එය පැවරීමට අදහස් කල වික්‍රමබාහු විසින්, මෙවැනි දාරක ග්‍රහණයක් යෝජනා කලේ, සමාදානයේ ලකුණ ක් ලෙසින් විය යුතුයි. කෙසේවෙතත් මානාභරණ විසින් මෙම යෝජනාව ප්‍රතික්ෂේප කලේ, "මෙවැනි පුත් රුවනක් පිටත් කොට යැවුම ... (ඥානාන්විත) සුදුස්සක් නොවේ" යැයි පවසමිනි. ඔහු තවදුරටත් අනුමාන කලේ "...පිරිමි දරුවා එහි රැගෙන ගියහොත්, වික්‍රමබාහුගේ පාර්ශවය... බලයෙන් දිදුලනු ඇත, රෑස් විහිදුවනු ඇත, එනමුදු අපගේ අභාග්‍යය, දැනටමත් ඉමහත්, තවදුරටත් උග්‍ර වනු ඇත!"[9] ශ්‍රී ලංකාවෙහි රාජකීය වංශ අතර පැවැති භේදය කෙතරම් උග්‍රවීදයත් මෙවැනි කරුණකදී පවා එකඟතාවයකට එළඹීමට නොහැකි විය.

දරුවාගේ උපත සිදුවී ඉතා කෙටි කලකින්, මානාභරණ රෝගාතූරවී මිය ගියේය. රුහුණෙහි සම-රජූ වූ, ඔහුගේ බාල සෙහොයුරු කිත්ති ශ්‍රී මේඝ, දක්කිණදේශයෙහි සිංහාසනාරූඪ වූ අතර, රුහුණෙහි එකම රජු ලෙසින් ශ්‍රී වල්ලභ ප්‍රකාශයට පත්කෙරිණි. පරාක්‍රමබාහු, ඔහුගේ මව රත්නාවලී හා ඔහුගේ සොහොයුරියන් දෙදෙන මිත්තා සහ ප්‍රභාවතී, රුහුණෙහි අග නගරය වූ මහානාගහුල වෙත යවන ලදුව, ශ්‍රී වල්ලභ ගේ ආරක්ෂාව යටතේ දිවි ගෙවීමට සලස්වන ලදි.[10]

තුරුණු විය[සංස්කරණය]

රුහුණෙහි හා දක්ඛිණදේශයෙහි[සංස්කරණය]

පරාක්‍රමබාහුගේ ඇතිදැඩි කිරීම වෙත ශ්‍රී ලංකාවෙහි දේශපාලනය විසින් නිතැතින් ම සිදුකළ බලපෑම සැලකිය යුතු තරම් එකක් විය. ඔහු කුඩා දරුවෙකුව සිටියදීම, ඔහුගේ වැඩිමහළු සොහොයුරියවූ මිත්තා; රුහුණේ ශ්‍රී වල්ලභගේ පුතු හා ඔවුන්ගේ ඥාති සෙහොයුරු වූ මානාභරණ වෙත බලහත්කාරයෙන් සරණපාවා දෙන ලද්දේ රත්නාවලී රැජිණගේ අභිප්‍රායට එරෙහිවය.[11] රජ පවුලෙහි කාලිංග වශයෙහි කුමාරිකාවක් වූ රත්නාවලී, ඇය රජ පවුලෙහි ආර්ය ශාඛාවෙහි රජ කෙනෙකුගේ වැන්දඹුවක් වුවද, වඩාත් කැමැත්තක් දැක්වූයේ ඇයගේ දූ වරුන් කාලිංග වංශයෙහි රජෙකුට සරණ පාවා දීමටය. ශ්‍රී වල්ලභගේ රජ මාලිගාවෙහි කල් ගත කල සමයෙහිදී, තම අනාගත මහේශිකාව (රජ මෙහෙසිය) බවට පත් වූ, ශ්‍රී වල්ලභ ගේ දියණිය, ලීලාවතී හමුවීමට පරාක්‍රමබාහුට අවස්ථාව ලැබුණු අතර,[12] පරාක්‍රමබාහුගේ මරණයෙන් පසුව ඇයගේ අභිමතය පරිදි රට පාලනය කිරීමට වරම ඇය වෙත ලැබිණි.[13]


1132 දී, වික්‍රමබාහුගේ මරණයෙන් අනතුරුව, දෙවන ගජබාහු රජරට සිංහාසනාරූඨ විය. නව රජුගේ මානවක බවින් උපරිම ප්‍රයෝජනය ගැනුමට රිසි වූ රජ පවුලේ ආර්ය ශාඛාවෙහි රාජකීයයන් දෙදෙනා වන ශ්‍රී වල්ලභ හා කිත්ති ශ්‍රී මේඝ, රජ රට බලෙන් අල්ලා ගැනුමට අසාර්ථක ප්‍රයත්නයක නිරත වූහ.[14] ගජබාහු පාලකයා ලෙසින් ස්ථීර ලෙසින් ස්ථාවරත්වයකට එළැඹි අතර ඒ අනුව ආර්ය රජුන් දෙදෙනාට වඩා නාමික ලෙසින් ජ්‍යෙෂ්ඨයා බවට පත් වූ අතර [14] ශ්‍රී වල්ලභ හා කිත්ති ශ්‍රී මේඝ දෙදෙනාගෙන් එක් අයෙකුවත් ඔවුන්ගේ ජීවිත කාලය තුලදී රජ රට රජු හට සිංහාසනය අහිමි වනවා දැකීමට වරම් නොලැබූහ.

ආර්ය-කාලිංග යුද්ධයෙන් අනතුරුව, රුහුණේ ශ්‍රී වල්ලභගේ මාලිගයෙන් නික්මුණු පරාක්‍රමබාහු, දක්කිණදේශයෙහි නව අගනුවර බවට පත්ව තිබූ සංඛතාලි වෙත නැවත පැමිණ, ඔහුගේ මාමා සමග විසීම ඇරඹීය.[15] චූල වංශය පවසන පරිදී මෙම නික්මයාමට හේතු යුක්ත වූයේ ඔහු තුලවූ අසහනය හා රුහුණෙහි උත්ත්ජජනක දෑ නොතිබීමය.[16] රජ රට සිංහාසනයට රුහුණෙහි මානාභරණ නැංවීමට ශ්‍රී වල්ලභ වෙත තිබූ සැලසුම් හේතුවෙන්, රාජසභාවෙහි පරාක්‍රමබාහුගේ තරාතිරම ඇඩි ලෙස අවප්‍රමාණ වීම මෙයට පාදක වන්නට ඇත.[16] අනෙක් අතට, ඔහුගේම පුතුන් නොමැති වූ කිත්ති ශ්‍රී මේඝ විසින් දක්කිණදේශයෙහිදී ඔහු සාදරයෙන් පිළිගන්නාලදුව පුත් තනතුරෙහි අනිවාර්යයෙන්ම හදා වඩා ගැණිනි; මෙයින් පසුව චූල වංශය විසින් පරක්‍රමබාහුගේ පියා ලෙසින් කිත්ති දක්වයි. දක්කිණදේශයෙහි ගතකල මේ කාලය තුලදී, හේ, කෞටිල්‍යගේ වැදගත් කෘතීන් හා ව්‍යාකරණ ශාස්ත්‍රය, සාහිත්‍යය, ඇතුන්-පිට-යෑම, සටන් කලාවන්, ගැයුම් හා නැටුම් ආදී විෂයයන් අධ්‍යයනය කලේය.[17]

රජරටෙහි[සංස්කරණය]

වැඩිහිටි වියට පත්ව ටික කලකින්, තරුණ කුමරා රහසේ දක්‍ඛිණදේශයෙන් පිටත්ව රජ රට දෙවන ගජබාහුගේ අඩවිය කරා පිටත්ව ගියේය. බඩලත්ත (වත්මන් බතලගොඩ) හිදී තම මිත්‍ර-පාක්ෂිකයන් හමුව, රජ රට හා දක්‍ඛිණදේශයෙහි මායිමෙහිදී හේ සේනාපති(අණ දෙන නිලධාරි) සංක බැහැදුටුවේය. කුමරුගේ ගමන පිළිබඳව කිත්ති ශ්‍රී මේඝ වෙත දැනුම් දීමට සංක උත්සාහ දැරූ විට, ඔහු මරා දැමීමට පරාක්‍රමබාහු කටයුතු යෙදවීය.[18] තමාගේ රැකවලාව සිටි සංක පිළිබඳ කිත්ති ශ්‍රී මේඝ හැඳින්වූයේ 'මාගේ රාජධානියෙහි බලවත්ම නිලකාරයා' ලෙසට වූ අතර, මේ නිසා ඝාතනය ඉතාමත් බරපතළ ලෙසින් සැලකිල්ලට ගැනිණි.[19] ඉන්පසුව පරාක්‍රමබාහු විසින් බුද්ධගම (වත්මන් මැණික්දෙන නුවර) හා සංකගේ සියළු වස්තුව අත්පත්කොට ගත්තේය.[8] පොළොන්නරු මාලිගය සමග සංකුලතාවයක් ඇති කර ගනී යැයි බියවූ කිත්ති ශ්‍රී මේඝ විසින් තමාට විරුද්ධව එවන ලද බල සේනාවක් ද පැරදවූ හේ, මලය ප්‍රදේශය හරහා ගජබාහුගේ මාලිගය වෙත ගමන් කලේය.[8]

පරාක්‍රමබාහු තරමට දාගැබ් ඉදි කෙරවූ ශ්‍රී ලාංකික රජවරුන් සිටියේ අල්ප ප්‍රමාණයකි.

පරාක්‍රමබාහුගේ හැසිරීම ට හේතූන් අපැහැදිලි නමුත්, චූල වංශය පවසන පරිදී, ඔහුගේ ගමන අනිවාර්යයෙන්ම පෙරික්සුම් සඳහා සිදුවූවකි.[20] පළාත් තුනෙහි රාජකීයයන් තුන් දෙන එක්සත්ව සිටියද, ඔවුන් සියළු දෙකගේ සිත් තුල නලියමින් තුබූ ආශාව වූයේ රජ රට රාජධානිය පාලනය කිරීමයි. කෙසේවුවත්, මේ කාලය වන විට, ඔවුන්ගේ කුඩා පළාත්වල තිබූ සීමාසහිත සම්පත් ප්‍රමාණය හේතුවෙන්, මෙයින් අතුරින් කිසිවෙකු හෝ රජ රට පාලනය සිදුකිරීමට අසමත්වූ බවක් ඇඟවිනි.[20] මෙය විශ්වාස කිරීමට පරාක්‍රමබාහු අකමැති වූ අතර, එම නිසාම රජ රජ සංචාරය කොට එම පළාතේ තිබූ තත්ත්වය තමන් විසින් අධ්‍යයනය කිරීමට රිසි විය.[20]

කුමරු නැවතත් දක්‍ඛිණදේශය වෙත ගෙන ඒමට කිත්ති ශ්‍රී මේඝ දැරූ තැත පැහැදිලි කෙරුණේ තම බෑණනුවන් ගේ සුභසිද්ධිය පිළිබඳ ඔහු තුල වූ සාංකාව හා එලෙසම පරාක්‍රමබාහු විසින් ආර්ය හා කාලිංග දෙපාර්ශවය අතර විරුද්ධතා නැවත අවුළුවායිය යන සැකය හැර වෙන කිසිවක් නොවන ලෙසිනි. කෙසේවෙතත්, දක්‍ඛිණදේශයේ රජු හා ඔහුගේ බෑණා අතර "සෙනෙහෙවන්ත බැඳීමක් " තිබූ බව යන්න නම් "ප්‍රබන්ධයක්" ලෙසින් පිළිගැනෙන අතර, ගෙන හැර දැක්වෙන්නේ "මෙම අරගලයෙහි සිදුවීම් මාලාව එළිදැක්වුනු විලාශය හා, මාමා හා බෑණා අතර ප්‍රශ්න-විරහිත සබැඳියාවක් තිබූ බව පැවසෙන අදහස, පරස්පරවිරෝධි බවය."[21]

ගජබාහු‍ගේ රාජ සභාවෙහි ගතකල කාලය තුලදී, පරාක්‍රමබාහු විසින් වැදගත් කර්තව්‍යයන් දෙකක් කරන ලදි. මෙයින් පළමුවැන්න වූයේ, ගජබාහුගේ රාජසභාව සම්පූර්ණයෙන් ආවරණය වන පරිදී චරපුරුෂ ජාලයක් ඇති කිරීම වන අතර දෙවැන්න වූයේ තම සෙහොයුරියන් අතුරින් එක් අයෙකු වූ භද්දාවතී කුමරිය ගජබාහු රජ වෙත සරණ පාවා දීමයි. මෙම විවාහය හා බොහෝ අනෙකුත් ක්‍රියාවන් ඔස්සේ,

පාලකයා (Iවන ගජබාහු) විසින් හා රජ පවුල විසින් ඔහු වෙත පැවරුනු කාර්යයන් සතුටුදායක ලෙසින් සම්පූර්ණ කිරීමට පරාක්‍රමබාහු සමත්විය.[22] කෙසේවෙතත්, භද්දාවතීගේ මුළු දෑවැද්ද තම භාරයෙහි තබා ගැනුමට ඔහු ක්‍රියාකල අතර, ගජබාහුගේ සේනාධිපති ගෝකණ්ණ හා සමග රහස් ගිවිසුමකට එළඹීමට හේ ක්‍රියා කලේය. අවසානයෙහිදී පරක්‍රමබාහුගේ ක්‍රියාකලාපය පිළිබඳව ගජබාහු තුල සැක පහල වූ අතර, රාත්‍රියෙහි හොර රහසේ රජ රට හැර දමා දක්‍ඛිණදේශය වෙත ගමන් ඇරඹීමට පරක්‍රමබාහු ක්‍රියා කලේය.[23]

දක්ඛිණදේශය වෙත ප්‍රත්‍යාගමනය[සංස්කරණය]

එසේ කරන ලෙසින් තම මව රත්නාවලී ගේ බලවත් පෙරැත්තය නොවන්නට, දක්කිණදේශයෙහි අග නුවර වූ සංඛතාලි යට ඇතුළු වී, තම මාමා වූ කිත්ති ශ්‍රී මේඝ රජු බැහැ දැකුමට පරක්‍රමබාහු අකමැති විය. කෙසේ වුවද, පරක්‍රමබාහුගේ පෙරළා පැමිණීමට කෙටි කලකින් පසුව මරණයට පත්වූ අතර චූල වංශය ගෙනහැර දක්වන්නේ, කුමරු "තම පියාගේ මරණය නිසා ජනිත විය යුතු වූ ශෝකයෙන් විපරිත වූ බවක් නොපෙණිනි" යනුවෙනි—මෙය සමහරවිට දෙදෙනා අතර වූ නොහොඳ නෝක්කඩුව ගෙන හැර පාන්නක් විය හැක.[24] පරාක්‍රමබාහු දැන් දක්කිණදේශයෙහි රජු බවට පත් විය.

දක්කිණ දේශයෙහි රජු[සංස්කරණය]

රාජ්‍ය තන්ත්‍රය[සංස්කරණය]

පරාක්‍රමබාහුගේ රාජ සභා මණ්ඩපය

දක්ඛිණදේශය විෂයයෙහි, පරාක්‍රමබාහුගේ අභිප්‍රාය වූයේ, ඉතා කෙටි කලකින්, අනෙකුත් සියළු රාජධානි අභිබවා යන පරිදී, එය පුළුල් කිරීමයි.[25] ගොඩනැගීමේ හා පිළිසකර කිරීමේ යෝධ ව්‍යාපාරයක් එතුමා විසින් දියත් කල අතර, එහි අවශිෂ්ට වර්තමානයෙහිදීත්, මධ්‍යම ශ්‍රී ලංකාවෙහි දක්නට ලැබේ. වර්තමාන කුරුණෑගල අසබඩ, දැදුරු ඔය මත්තෙන්, කොටබද්ද නම්වූ පුරාතන පැන්නුම් පාලමක්, ප්‍රතිෂ්ඨාපනය කල පුවතක් ඔහු පිළිබඳව තුඩ තුඩ කියැවේ.[26] නව රජුගේ පෞරුෂත්වය නිරූපනය වූයේ, ව්‍යාපෘතිය කිසිසේත් කල නොහැක්කක් බවට එය නිම කිරීමේ කටයුත්ත පවරාතිබූ වාස්තුවිද්‍යාඥයින් පැමිණ ඔහුට වාර්තා කල විට, පරාක්‍රමබාහු ලබා දී තිබූ, "ජන බලය යොදවා නිම කල නොහැකි කිසියම් ව්‍යාපෘතියක් මෙලොව කොහි තිබේද?" යන පිලිතුරෙනි.[27] ඇළ හා බැමි ඉදි කල යුතු බවට නියෝග කල හේ, ඒ අවට විසල් කැලෑ ප්‍රදේශයන් එළි පෙහෙළි කොට, නව කුඹුරු සඳහා ඉඩකඩ සැලසීය. විශාල කුඹුරු යායක් විසින් ජලය ලබා ගැනුම සඳහා භාවිත කල යෝධ ජලාශයක් වූ, පරාක්‍රම සමුද්‍රය ගොඩනැගීම, ඔහු විසින් සිදුකෙරුණු කැපී පෙනෙන කර්තව්‍යයකි. ජලාශයෙහි මධ්‍යයෙහි වූ දිවයින් මත, හේ මාලිගයක් හා දාගැබක් ගොඩනැංවීය.[28] රාජ සභාවෙහි පිළිවෙල වෙනස් කළ ඔහු, එය සංස්කෘතික ක්‍රියාවන්ගේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කොට, ඇතුන් හෝ අසුන් පිට යෑම, කඩු හරඹය, විදේශීය භාෂා භාවිතය හා නැටුම් හා ගැයුම් හි දක්ෂ තරුණ කුලීනයන් එය වෙතට ආකර්ෂණය කර ගති. දක්කිණදේශයෙහි රජය ප්‍රතිසංස්කරණය කළ ඔහු හමුදා කටයුතු හා අභ්‍යන්තර පරිපාලනය පිහිටවූ අමාත්‍යාංශ දෙකට පසුව තුන්වැනි දෙපාර්තමේන්තුවක්ද එක් කළේ ආකර පරිපාලනය අධීක්ෂණය කෙරුමටය. චීන සේද සැලකිය යුතු ලෙසින් සුවිශේෂි ආනයන භාණ්ඩයක් වූ අතර පිළිම හා සිද්ධස්ථාන සංස්කාරය සඳහා භාවිතා කෙරිණි.[29] මුතු හා මැණික් (මෙය වෙත රජු විශේෂ උනන්දුවක් දැක්වීය) දිවයිනෙහි අපනයන අතර වැදගත් ස්ථානයක් ඉසිලු අතර, කුරුඳු (මෙය 19වන සියවස වන තෙක් ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන භාණ්ඩය විය), සහ යුද්ධ ඇතුන් ද එසේම වැදගත් වූහ.[30] වෙළෙඳාමෙන් බොහෝ කොටසක් රාජ්‍යයේ ප්‍රධාන නැව් තොටු වූ කල්පිටිය, හලාවත සහ කොළඹ වෙතින් සිදුවිය.[31]

පරාක්‍රමබාහුගේ රාජ්‍යත්වය තුලදී අලංකෘත කෙරුණු, පොළොන්නරුව රජ මාලිගයේ නටබුන්


යුඬයට සැරැසීම[සංස්කරණය]

පරාක්‍රබාහුගේ හමුදාව ප්‍රකීර්ණක ජනවාර්ගික සැදුමක් සහිත විය. ඔහුගේ සමහරක් නිලධරයන්, අනුරාධපුරයේ සිට පාලන තන්ත්‍රය මෙහෙයවමින් රජරට බලය සමසේ බෙදා ගත් මහා පුරාණ ගෝත්‍රයන් දෙක වන මෞර්ය සහ ලම්භකර්ණ යන්නට අයත් වූහ. මලය රට (නූතන දුම්බර) රජු යැයි කියා ගත් අයෙකු යටතේ හා කුරුණෑගල අවටින් වූ දෙමළ ජාතික සොල්දාදුවන් සමූහයක්ද ඔහු වටා රොක්වූහ. දක්කිණදේශය සහ රජරට අතර සටන් ඇවිලුනු කාලය වන විට මෙම පෙර කී පුද්ගලයාගේ සේනාවට වැද්දන්ද,[32] චේරාවරුන්ද, සාම්ප්‍රදායිකව රණ කෙලියෙහි නොයෙදෙන පහත් කුලයන්ට අයත් වූවන්ද එක්ව සිටියහ. චූලවංශය පවසන පරිදී සොල්දාදුවන් සංඛ්‍යාව 100,000 පමණ වුවත්, සත්‍ය ප්‍රමාණය ඊට අඩු විය හැක.[33] සටන් ඇතුන්, අශ්වාරෝහකයන් සහ වැටලීම් යන්ත්‍ර උපයෝගී කර ගැනුමට පරාක්‍රමබාහුට හැකි වන්නට ඇති අතර උතුරේ ගජබාහුගේ බලයට මොහුගේ සේනාව තර්ජනාත්මක වන්නට ඇත.

රජ රට යටත් කර ගැනුම[සංස්කරණය]

ගජබාහු සමග යුද්ධය[සංස්කරණය]

මානාභරණ සහ ගජබාහු සමග යුද්ධය[සංස්කරණය]

පරාක්‍රමබාහු රජු පොළොන්නරුවේ සාමය ඇති කිරීම සඳහා ඔහුගේ සෙන්පති දේව යැවූ නමුත්, ඔහුගේ හමුදාව ප්‍රතිසංවිධානය කර ගැනීමට පළමුව ඔහුට මානාභරණ සමග සටනක පැටලීමට සිදු විය. රුහුණේ රජු පොරොන්දු වූ ආකාරයටම පරාක්‍රමබාහුගේ හමුදාවට දැඩි ප්‍රහාරයක් එල්ල කර පොළොන්නරුවෙන් පලා යාමට සැළැස්වීය. කාලිංග වංශිකයිනට මානාභරණ සමග තිබූ එකඟතාවය ඔවුනටම පාරාවළල්ලක් විය. මන්ද කියතොත් නගරය ඔහුගේ භාරයේම තබා ගැනීමට මානාභරණ අදහස් කරගෙන තිබුණු බව ඉක්මණටම පැහැදිලි වූ හෙයිනි. ඔහු ගජබාහුගේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් බොහෝ දෙනෙකු මරණයට පත්කොට ගජබාහු පොළව යට තැනූ සිරගෙයක සිර කළේය. මේ අතර මානාභරණගේ (විජයබාහුගේ ලේලිය) මව වූ සුගලා දේවියට සහ බිරින්දෑවරුනට දකුණේ සිට රජරටට පැමිණෙන ලෙස දන්වා යවන ලදී. දකුණේ බොහෝ කාලයක් තිබුණු දන්ත ධාතුව හා පාත්‍රා ධාතුව ඔහුගේ ආරක්ෂාව යටතේ රජරටට ගෙන එන ලදී.

මෙම අවස්ථාවේදී ගජබාහු, පරාක්‍රමබාහුගෙන් උදව් ඉල්ලා ආයාචනය කළේය. පරාක්‍රමබාහු ‍පොළොන්නරුවට ධාන්‍ය ලැබෙන මාර්ග වසා දමන ලෙස සහ රුහුණ සහ රජරට අතර මාර්ගයේ යන සංචාරකයින්ට හිරිහැර කරන ලෙස තම හමුදාවට දන්වා සිටියේය. මෙහි ප්‍රථිඵලයක් වශයෙන් පොළොන්නරුවේ මානාභරණ සමග සිටි ජනතාව "කූඩුවක දැමූ කුරුල්ලන් සේ" දුර්වල වූහ. උතුරේ ඔහුගේ බලය මැඩ පැවැත්වීමේ අරමුණෙන් දක්ඛිණදේශ හමුදාවන්ගෙන් විටින්විට එල්ල වන ප්‍රහාරයන් අතරේ මානාභරණ රක්ඛ සෙනෙවියාට පහර දීමට පොළොන්නරුවෙන් පිටත් විය. රක්ඛ සෙනෙවියා ඒ වන විට බටහිර රජරට මහත් විනාශයක් කරමින් සිටියේය. ඔහු නැති අතර වාරයේ පරාක්‍රමබාහුගේ හමුදාව පොළොන්නරුව අල්ලා ගෙන දෙවැනි ගජබාහු මුදා ගත්තේය. ඒ සමගම මානාභරණගේ භාණ්ඩාගාරය ද තමනට අයිතිකර ගත්තේය. අධෛර්යයට පත් වූ රුහුණේ රජු බුදුන්ගේ ධාතු ද තම පවුලේ අයද සමග දකුණ බලා ආපසු පැමිණියේය.

නිදහස් කරනු ලැබූ ගජබාහු පරාක්‍රමබාහු පැමිණීමට පෙර පොළොන්නරුව අතහැර නැව් නැග රටින් පිට වී යාමට තීරණය කළේය. එහෙත් ගජබාහුගේ අනුගාමිකයින් පිරිසක් පරාක්‍රමබාහුගේ හමුදාවට පහර දීම නිසා දෙපාර්ශවය අතර නැවතත් සටනක් ඇවිලුණේය. පරාක්‍රමබාහු ඔහුගේ හමුදාව ගජබාහු අල්ලා ගැනීම සඳහා පිටත් කළේය. තමා ඉතා ඉක්මණින් අල්ලා ගන්නා බව අවබෝධ වුණු ගජබාහු, මැදිහත් වන ලෙස ඉල්ලා සංඝට ආයාචනා කළේය. රෝගීව සිටින රජුගෙන් ඉදිරියට තර්ජනයක් ඇති නොවන බවත් ඔහුට ඉදිරි කාලය සැනසිල්ලේ ඉන්නට හරින ලෙසත් යනාදී කරුණු පරාක්‍රමබාහුට ඒත්තු ගන්වන ලදී. පරාක්‍රමබාහුට එරෙහිව නැවත යුද්ධ කිරීමට ගජබාහු එකඟ කරවා ගැනීමට මානාභරණ තැත් කළ නමුත් ගජබාහු එම අදහස ප්‍රතික්ෂේප කළේය. "මම රජරට පරාක්‍රමබාහුට පවරා දුනිමි" යනුවෙන් ඔහු ගල් පුවරුවක ඒ බව සටහන් කර ඔහුගේ නිලය පරාක්‍රමබාහු උදෙසා අත්හළ බව තහවුරු කළේය. ගජබාහු කන්තලේට ගියේය. රජරට රජු ලෙස ඔහුගේ රාජ්‍ය ප්‍රාප්තිය සිදු වී 22 වෙනි අවුරුද්දේ ඔහු කන්තලේදී මිය ගියේය.

රාජාභිෂේකය සහ මානාභරණ පැරැදවීම[සංස්කරණය]

පරාක්‍රමබාහු සිංහාසනාරූඪ වීම දක්වා කාලානුරූප සිදුවීම් මාලාව
රාජධානිය රාජකීයයා
1090 1100 1110 1120 1130 1140 1150 1160 1170 1180
රජරට පළමුවන වික්‍රමබාහු දෙවන ගජබාහු
දක්කිණදේශ (මායාරට) පළමුවන විජයබාහු මානාභරණ කිත්ති ශ්‍රී මේඝ පළමුවන පරාක්‍රමබාහු
රුහුණ ශ්‍රී වල්ලභ හා කිත්ති ශ්‍රී මේඝ ශ්‍රී වල්ලභ මානාභරණ

රාජ්‍ය පාලනය[සංස්කරණය]

1153 හි සිට පොළොන්නරුව (චූල වංශයෙහි සඳහන් පරිදි පුලත්තිනගර) තුල ස්ථාවර වූ පරාක්‍රමබාහු, ඊළඟ වසර 33 තුලදී ශ්‍රී ලංකාව සාකල්‍ය ලෙසින් පාලනය කලේය. ඔහු පිළිබඳ අප මතකයන්හි ගැඹුරින් රැඳි බොහෝ කර්තව්‍යයන් සිදු කෙරුණේ මෙම කාලය තුලදී වන අතර, මේ අතර වැදගත් තැනක් ගත්තේ ආගමික ප්‍රතිසංස්කරණ, ඉදිකිරීම්, හා යුද්ධ වේ.

ආගමික ප්‍රතිසංස්කරණ[සංස්කරණය]

ඉදිකිරීම්[සංස්කරණය]

මහා පරාක්‍රමබාහු රජතුමා පරාක්‍රමබාහුගේ ඉදිකිරීම් ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉතා වැදගත් ස්මාරකයන්ය. පොළොන්නරුවේ මෙන්ම බටහිර සහ ගිනිකොණ දිග ලංකාවේද ඔහුගේ ඉදිකිරීම්වල ඉතිරි වු කොටස් අද දක්වාම පවතී. පරාක්‍රමබාහුගේ ප්‍රධාන කාර්යයක් වුයේ පුරාණ රජවරුන්ගේ අගනගරය වී පැවති, චෝල ආක්‍රමණිකයන්ගෙන් විනාශයට පත් වූද අනුරාධපුරය සහ ඒ වන විට කැලෑවට යටවී තිබුණු ථුපාරාමය මිහින්තලේ සහ රුවන් වැලි සෑය ප්‍රතිසංස්කරණය කිරීමයි. ඉන්පසු පරාක්‍රම පුර නම් පාලන මධ්‍යස්ථානයක් පිහිට වු ඔහු අනතුරුව පොළොන්නරුව දෙසට අවධානය යොමු කළේය. හදිසියේම ආක්‍රමණික පිරිස් විසින් අවුරුද්දකට ආසන්න කාලයක් නගරය වැටලීම හේතුවෙන් නගරවාසින්ට බොහෝ පිඩා ඇතිවුණු අතර නගරයේ පැවැත්ම නමට පමණක් සිමාවිය. 12 වැනි සියවසට පෙර පොළොන්නරුවෙන් සුළු නටබුන් ප්‍රමාණයක් පමණක් ඉතිරිව තිබීමේ හේතුව සමහර විට එය විය හැකියි.

රජු ආරම්භයේදීම නගරය දිස්ත්‍රික් හතරකට නැතහොත් උපනගර හතරකට බෙදුවේය. ඒ හැම එකකටම එයට විශේෂ වු (භික්ෂුන් උදෙසා) දාන ශාලාවක් විය. ඒවා තඹ භාජන, කොට්ට, මෙට්ට, පැදුරු, බුමුතුරුණු සහ සයනයන්ගෙන්ද යුක්ත විය. ඔහු ආරෝග්‍ය ශාලා තැනීමටද නියම කළේය. ඒවා බැලීමට කීප වතාවක්ම ගියේය. ඔහු පොළොන්නරුව වටා අලංකාර පවුරු තුනක සංකිර්ණයක් තැනු අතර, අටලු, ආරුක්කුද යොදමින් එය විශාල කළේය. මේවායි නටබුන් අද දක්නට නැත. නගර සීමාවට එපිටින් පරාක්‍රම පුර , රාජවේසි බුජංග, රාජ කුලන්තක (සිංහ පුර) සහ විජිත පුර නමැති සුළු නගර වලට අමතරව තවත් සුළු නගර තුනක් පැනවු බව විශ්වාස කෙරේ. පොකුණු, ස්නානය සදහා ජලාශ වලින්ද යුක්තව පොළොන්නරුව වටා උද්‍යාන නිර්මාණය කළේය. එයින් එකක් වු කුට්ටම් පොකුණ අදද දක්නට ඇත. ‘දූපත් උයන’ නමින් හැදින්වෙන එක් උද්‍යානයක් තෝපා වැව මධ්‍යයේ උස් දූපතක පිහිටියේය.

පොළොන්නරුව අසල ඇති ගල් විහාරය තවමත් සුරැකිව තිබේ. චුල වංශයේ සදහන් වන අන්දමට මෙම විහාරය ඉදිකිරීමේ ගෞරවය පරාක්‍රමබාහු රජුට හිමි වේ. එහෙත් සත්‍ය නම් ඔහු විසින් කරන්නට ඇත්තේ එය අලංකාර ලෙස පිළිසකර කිරීම පමණි. 1157 දී වටදා ගෙය ඉදි කරන ලද්දේ යුගලා රැජින විසින් දියත් කරන ලද රුහුණේ කැරැල්ල මැඩ පැවැත්වීමෙන් පසුවයි. ඊට ආසන්න කාලයේදී සොයාගත් දන්ත ධාතුව සහ පාත්‍රා ධාතුව තැන්පත් කිරීම පිණිස මෙම වටදා ගෙය සාදවන ලදී. ලංකා තිලක විහාරය, ආලාහන පිරිවෙන, ජේතවනාරාමය, සහ දෙමළ මහා සෑය ද ගොඩ නංවන ලද්දේ ඔහුගේ පාලන කාලයේ දීය. පොළොන්නරුවේ නගර මධ්‍යයේ පරාක්‍රම බාහු රජමාළිගය ඉදිකළේය. එහි කොටසක් පමණක් අදටත් ඉතිරිව තිබේ. එහි ඉහළට එසවුණු බිත්ති කොටස්වලින් අපට පෙන්වා දෙන්නේ රජුගේ පුළුල් දර්ශනය පිළිබඳව ඉඟියකි.

ගල්විහාරයේ වෙනස් ඉරියව් තුනකින් යුත් බුද්ධ ප්‍රතිමා තුනක් තිබේ. මේවා විශාල තනි ගල් කුලින් නිමවා ඇත.

පරාක්‍රමබාහු රජතුමා විසින් දක්ෂිණ දේශයේ ආරම්භ කරන ලද ජල ව්‍යාපෘතීන් තවදුරටත් කරගෙන ගියේය. මෙයට චෝල පාලන සමයේදී විනාශයට පත් වු ජලාශ සහ ඇළ මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම්ද ඇතුළත් විය. මෙම කාර්යයන් ගැන විස්තර කෙරෙන සෙල්ලිපි ඌරුවෙල අසල මහවැවේද, වයඹ පළාතේ පදවිය වැව් පතුලේ තිබී 19 වැනි ශතවර්ෂයේදී සොයාගත් ගල් ටැඹකද මෙසේ සටහන් කර ඇත.

“ලෝක වාසි සියලු දෙනා වෙනුවෙන් හෙළ රාජ්‍ය පාලක සමෘද්ධිමත් පරාක්‍රමබාහු රජු විසින් කළ යුතු සුදුසු දේ කුමක්දැයි සිතා සාදවන ලදී.”[34]


පරාක්‍රමබාහු රජතුමා

මෙම ජලාශයන් බොහෝමයක් කරවන ලද්දේ පරාක්‍රමබාහු විසිනැයි චුලවංශයේ සඳහන් කර ඇතත් පරාක්‍රම බාහුගේ කාර්යයන් බොහෝමයක් කර ඇත්තේ ඔහුගේ අනුප්‍රාප්තික නිශ්ශංකමල්ල රජු විසිනැයි අනුමාන කෙරේ. සම්පුර්ණයෙන් ගත් කළ පරාක්‍රමබාහු රජතුමා විසින් කරවන ලද හා ප්‍රතිසංස්කරණය කරන ලද වැව් හා ජලාශ සංඛ්‍යාව 216 කි.

ඒවායේ විශිෂ්ටත්වය හැරුණු විට පරාක්‍රම බාහුගේ කාර්යයන් මහජනතාවට සහ භාණ්ඩාගාරයට අධික බරක් විය . අනුරාධපුරයේදී කරන ලද වැඩ බොහෝමයකම පඬු රට සමග කළ යුද්ධයේදී අල්ලාගත් දෙමළ සිරකරුවන් යොදවන ලදී. එසේම බදු සහ රාජකාරී ක්‍රමය ද මෙම ව්‍යාපෘතිවලට විශාල දායකත්වයක් සැපයීය.

හමුදා ක්‍රියාන්විතයන්[සංස්කරණය]

කැරැලි[සංස්කරණය]

සිහසුන සඳහා පරාක්‍රමබාහු සමග උග්‍ර සටනක යෙදුනු රුහුණේ මානාභරණගේ මව වූ සුගලා දේවිය 1156දී, පරාක්‍රමබාහුට එරෙහි කැරැල්ලක් හා එක් විය. තත්ත්වය දරුණු අතට හැරුණේ, පරාක්‍රමබාහුගේ හමුදාව හා ඔහුගේ වඩාත්ම රූක්ෂ සෙන්පතිවූ රාක්කගේ ප්‍රවාසයෙහි වාසිය අත්පත් කර ගරනුමට රිසි වූ කුලීහේවායින් සමූහයක් විසින් 1157දී කැරලි ගැසුමට ඉඩප්‍රස්තා සලසා ගැනුම හා සමගමය.

උතුරේ කැරැල්ල දිගටම පැවතියදී, රුහුණේ ගැටුම තුල නිමග්නව සිටි රුක්ක හට උපකාර වනු වස් භූත නම් තවද සෙන්පතියෙකු පිටත් කර එවුමට පරාක්‍රමබාහු යුහුසුළු විය. චූලවංශය විස්තර කරනුයේ භූතගේ හමුදාවේ සොල්දාදුවෝ ඊතල වලින් ආරක්ෂා වීම සඳහා "මි හරක් හමින් තැනුනු අංගරකාවන්"[35] පැලඳ සිටි බවයි.

බාගන්සමග යුද්ධය, 1164–1165[සංස්කරණය]

පාණ්ඩ්‍ය යුද්ධය, 1167–1183[සංස්කරණය]

මරණය හා දායාදය[සංස්කරණය]

ගොනුව:Srilanka-banknotes 0001.jpg
ශ්‍රී ලංකාව තුල ගෞරවාදරයට පත් රාජකීයයන් අතුරින් එක් අයෙකු ලෙසින් පරාක්‍රමබාහු රජතුමා සැලකෙන අතර, නවීන මුදල් නෝට්ටු වල වටදාගේ හුවා දක්වා ඇත

චූලවංශය පවසන්නේ, පරාක්‍රමබාහු රජතුමා " වසර තිස්තුනක් පුරා රාජ්‍යය කලේය", සහ එතුමා පොළොන්නරුවෙහිදී මිය ගි‍ය බව පමණි. එතුමා විසින් කාලිංගයෙහි අගනගරය වූ සිංහපුර වෙතින් මෙරටට ගෙන්වා ගෙන ඇති හා ඔහුගේ “සොහොයුරියගේ පුත්‍රයා” ලෙසින් හැඳින්වුනු විජයබාහු, ඔහුගේ අනුප්‍රාප්තිකයා විය.[36] රුහුණෙහි මානාභරණ හට සරණපාවා දී තිබුණු පරාක්‍රමබාහුගේ සොහොයුරියන් වන ප්‍රභාවතීගේ හෝ මිත්තාගේ හෝ පුත්‍රයා වීමට විජයබාහු හට කිසිසේත් ඉඩක් නොමැත්තේ, එවිට කාලිංගයෙන් ඔහු කැඳවා ගැනුම පැහැදිලි කල නොහැකි වීම නිසාය. ගජබාහු සහ රජුගේ අනෙකුත් නම් කරන ලද සෙහොයුරිය වන භද්දාවතී ගේ ප්‍රත්‍රයා වීමටද ඔහුට ඉඩක් නොමැත්තේ, ඔහුට වඩා ආයුෂ සහිතවූ පුතුන් ගජබාහු හට නොසිටිය බව චූල වංශය විසින් පැහැදිලි ලෙසින් දක්වා ඇති බැවිනි.[37] මේ අනුව උපග්‍රහණය කල යුතුව ඇත්තේ විජයබාහු යනු කාලිංග රජෙකුට සරණ පාවා දී තිබුනු රජුගේ අඥාත සතරවැනි සෙහොයුරියක ගේ පුත්‍රයා බවය.[තහවුරු​ කරන්න] රජුගේ භූමදාන ස්ථානය නොදනී.අ0ගම් සටන් මධ්‍යස්ථාන පවා පවත්වාගෙන යාම මෙතුමා අතින් සිදුවූ වැදගත් මෙහෙයකි.

මෙයද බලන්න[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

මෙම ලිපියෙහි අඩංගු බොහෝ කරුණු උකහා ගන්නා ලද්දේ විල්හෙල්ම් ගෙයිගර් ගේ චූල වංශය පරිවර්තනයට ඔහු විසින් සපයා තිබූ මහත්වූ අධෝ සටහන් ඇසුරෙනි.

  1. පරනවිතාන, හිස්ට්‍රි ඔෆ් සිලෝන් , පිටු. 199
  2. එන්සයික්ලොෆීඩියා බ්‍රිටැනිකා, පළමුවන පරාක්‍රමබාහු
  3. චූලවංශ, LXVIII, 8
  4. කෙනත් හෝල්, "ඉකනමික් හිස්ට්‍රි ඔෆ් අර්ලි සවුත් ඒෂියා", නිකලස් ටාලිං (සංස්), ද කේම්බ්‍රිජ් හිස්ට්‍රි ඔෆ් සවුත් ඊඒට් ඒෂියා, වෙළුම. I, කේම්බ්‍රිජ් 1994 හි
  5. චූල වංශය, පරිච්ඡේදය LXI
  6. දිලිසෙන වස්ත්‍ර හා ආභරණ පැලඳි, සුගන්ධ මලින් සැරැසි, උත්කෘෂ්ඨ සෞන්දර්යකින් හෙබි, විශ්මය ජනක දෙවියෙක්, මුළු විශ්වය ඓශ්චර්යමත් කරමින්, මානාභරණ වෙක සිහිනෙන් පෙනීසිට...ඔවිට ඔහු මෙසේ දොඩනු හේ ඇසීය: "සන්තුෂ්ටියට පත්වන්න , මහා පින්කල තැනැත්ත! ප්‍රමුදිත වන්න මහා රජ! බලාංකුර වලින් සුසැදි,...ලොව පුරා පැතිර යන කීර්තිමත් උත්කෘෂ්ට වීර්යයකින් යුතු, ශක්තියෙන් හා බලයෙන්, උදාරත්වයෙන් හා යසසින්, අගතැන් පත්, උසස් ගතිගුණයන්හි උල්පතක් වැනි වූ, ගිහි ජනයා වෙත තම අණසක පතුරවන්නාවූ තේජාන්විත පුතෙක් වැඩි කලක් නොඉක්මවා ඔබ විසින් ලබනු ඇත, මහා රජාණනි!"; චූල වංශය, LXII 12–29
  7. චූල වංශය, පරිච්ඡේදය LXII, 52–53
  8. 8.0 8.1 8.2 කොඩ්රින්ටන්, අ ෂෝර්ට් හිස්ට්‍රි, පරිච්. IV
  9. චූල වංශය, පරිච්ඡේදය LXII, 62–67
  10. චූල වංශය, පරිච්ඡේදය LXII, 68
  11. චූල වංශය, පරිච්ඡේදය LXIII, 15
  12. "Pali Names". http://www.palikanon.com/english/pali_names/l/liilaavatii.htm. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2006-10-30. 
  13. 1197 සිට 1200 දක්වා, 1209 සිට 1210 දක්වා සහ 1211 සිට 1212 දක්වා වූ, විවික්තවූ තුන් වතාවක් තුලදී, ලීලාවතී විසින් ශ්‍රී ලංකාව පාලනය කරන ලදි - පරණවිතාන, ලංකාවෙහි ඉතිහාසය, පිටු. 345
  14. 14.0 14.1 චූල වංශය, පරිච්ඡේදය LXIII, 23
  15. චූල වංශය, පර්ච්ඡේදය LXIV, 7
  16. 16.0 16.1 චූල වංශය, පරිච්ඡේදය LXIII, 41
  17. චූල වංශය, පරිච්ඡේදය LXIV, 5–9
  18. චූල වංශය, පරිච්ඡේදය LXIV, 36–38
  19. චූල වංශය, පරිච්ඡේදය LXVI, 60
  20. 20.0 20.1 20.2 චූල වංශය, LXIV 55–61
  21. ගෙයිගර්, චූල වංශය, හැඳින්වීම
  22. ගෙයිගර්, චූල වංශය, හැඳින්වීම, හා LXV, 149–150
  23. පරණවිතාන, හිස්ට්‍රි ඔෆ් සිලෝන්, පිටුව. 204
  24. චූල වංශය, පරිච්ඡේදය LXVII, 80
  25. චූල වංශය, LXVIII, 4
  26. චූල වංශය, LXVIII, 16
  27. චූල වංශය, LXVIII, 19
  28. චූල වංශය, LXVII, 20–45
  29. චූලවංශය, LXXIII, 56
  30. Culavamsa, LXIX, 19–29
  31. පරණවිතාන, හිස්ට්‍රි ඔෆ් සිලෝන්, පිටුව. 205
  32. පාකර්, ඒන්ෂන්ට් සිලෝන්, පිටුව. 23
  33. චූලවංශය, LXIX, 6–23
  34. Parker, Ancient Ceylon, p. 249
  35. චූල වංශය, පරිච්ඡේදය LXXIV, 73
  36. Culavamsa, LXXX, 1–3
  37. Culavamsa, LXX, 333

ආශ්‍රිත[සංස්කරණය]

තවදුරටත් කියවීමට[සංස්කරණය]

  • මිටන්, ජී.ඊ., ද ලොස්ට් සිටීස් ඔෆ් සිලෝන්, ජේ.මරේ, ලන්ඩනය1916
  • පෙරේරා, එල්.එච්.එච්., ඇඩිෂනල් චැප්ටර්ස් ටු එච්.ඩබ්. කොරිංටන්ස් අ ෂෝර්ට් හිස්ට්‍රි ඔෆ් සිලෝන්, මැක්මිලන්, ලන්ඩනය1952.

බාහිර සබැඳි[සංස්කරණය]

පළමුවන පරාක්‍රමබාහු රජ
උපත: ? 1123 මරණය: ? 1186
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තික 
දෙවන ගජබාහු
පොළොන්නරුවෙහි රජ
1153–1186
අනුප්‍රාප්තිකයා 
දෙවන විජයබාහු
"http://si.wikipedia.org/w/index.php?title=පළමුවන_පරාක්‍රමබාහු_රජ&oldid=310650" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි