පවර්පොයින්ට් සජිවිකරණය

විකිපීඩියා වෙතින්
ගොනුව:PowerPointAnimation2003.png
A screenshot showing PowerPoint 2003's Custom Animation.

පවර්පොයින්ට් සජිවිකරණය යනු ක්‍රිඩා හෝ චිත්‍රපට නිර්මානය සදහා මයික්‍රෝසොෆ්ට් පවර්පොයින්ට් මෘදුකාංගය සහ ඒහා සමාන වෙනත් මෘදුකාංග භාවිතා කෙරෙන සජිවිකරණ ආකාරයකි. අභිමත සජිවිකරණ, ඇදිම් උපකරණ සහ ස්ලයිඩ් භාවිතයෙන් පවර්පොයින්ට් මෘදුකාංගය තුළ සජිවිකරණය නිර්මාපකයක් ක්‍රිඩාවක් හෝ චිත්‍ර පටයක් නිර්මාණය කරයි.

අභිමත සජිවිකරණ[සංස්කරණය]

අබිමත සජිවිකරණය යනු පවර්පොයින්ට් මෘදුකාංගයේදී ස්ලයිඩ් ප්‍රදර්ශණයේදී සජිවිකරණය වන ආකාරයට වස්තුවක් මත යෙදිය හැකි ප්‍රයෝග සමුහයකි. Custom Animation නම් කාරකය මගින් (Slide show / Custom Animation) හෝ Visual Basic for Applications (VBA) මගින් ඒවා යෙදිය හැකි වේ. පවර්පොයින්ට් 2000 මෘදුකාංගය සහ එහි ඊට පැරණි ආකාර වල මතුවීම, අතුරුදහන්වීම සහ පියඹා ඒම වැනි මූලික ප්‍රයෝගයන් අන්තර්ගත විය. පවර්පොයින්ට් 2002 / XP පසු ආකාර වලදී අබිමත සජිවිකරණ හැකියාවන් වැඩි දියුණු කොට මූලික කොටස් 4 කට වෙන් කර නව සජිවිකරණ ප්‍රයෝග අන්තර්ගත කොට තිබුණි. මෙම කොටස් 4 ඇතුල්වීම (Entrance), අවධාරණය (Emphasis), පිටවීම (Exit) සහ චලන පත (Motion Paths) නම් විය.

මේ අතරින් ඇතුළ්වීම සම්බන්ධ ප්‍රයෝගයන් වස්තුවක් මත යෙදවු විට ස්ලයිඩ් ප්‍රදර්ශනය අතර තුර ඒවා සජිවීකරණ ප්‍රයෝගයන් සහිතව දර්ශණයට ඇතුල් වේ. අවධාරණ ප්‍රයෝග මගින් වස්තුවක් ඒවා පිහිටන ස්ථානයේදීම සජිවිකරණය කරීම සිදු කරයි. පිටවීමේ ප්‍රයෝග යෙදු විට ප්‍රදර්ශනය අතරතුර වස්තූන් සජිවීකරණ සහිතව දර්ශණයෙන් ඉවත් වෙයි. චලන පථ මගින් ප්‍රදර්ශනය තුල වස්තූන්ට විවිධ චලන දැක්වීමේ හැකියාව ලැබේ. මෙම එක් එක් ප්‍රයෝගය සදහා ආරම්භය (ක්ලික් කල විට, පෙර ප්‍රයෝගය සමග, පෙර ප්‍රයෝගයට පසු ආදි ලෙස), පමාකිරීම, වේගය, ප්‍රත්‍යාවර්ථනය සහ එකවර කියාත්මක වීම වශයෙන් විචල්‍යයන් අන්තර්ගත වේ. මේ හේතුවෙන් සජිවිකරණයන් වඩාත් නම්‍යශීලි සහ අන්තර්ක්‍රියාකාරි තත්ත්වයට පත් කෙරෙන අතර මෙය ඇඩෝබ් ෆ්ලෑෂ් මෘදුකාංගයට සමාන වේ.

සජිවිකරණ එකවර ක්‍රියාත්මක කරවීම[සංස්කරණය]

මයික්‍රෝසොෆ්ට් පවර් පොයින්ට් 2002/XP මෘදුකාංගය සහ එහි පසු ආකාර වල (කෙසේ නමුත් මේ දක්වා මැකින්ටොෂ් පරිගණක සදහා මෙය හදුන්වාදී නොමැත) සජිවිකරණය එකවර ක්‍රියාව‍ට නැංවීමේ හැකියාවක් අන්තර්ගත වේ. මේ මගින් සජිවිකරණ නිර්මාපකයා හට ස්ලයිඩ් ප්‍රදර්ශනයේ නිෂ්චිත වස්තුවක් මත ක්ලික් කල විට පමණක් ක්‍රියාත්මක වන ප්‍රයෝගයන් යෙදීමේ හැකියාව ලැබේ.