පරිශීලක සාකච්ඡාව:RusiruGunarathna

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ආයුබෝවන්![සංස්කරණය]

විකිපීඩියාව සංස්කරණයට
නො පැකිළෙන්න​!
බිය නො වන්න​!

ආයුබෝවන් RusiruGunarathna, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
අප හා සම්බන්ධ වීම ගැන ඔබට ස්තූතිය පුද කරන අතර, ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

ස්තූතියි ! --Sachira (සචිර ) (talk) 14:26, 11 ජූනි 2015 (යූටීසී)[reply]

වෙනත් භාෂාවලින් සිංහල භාෂාවට එක් වූ වචන[සංස්කරණය]

දැන් සිංහල යනු මිශ්‍ර භාෂාව කි. බටහිරකරණය හා නවීකරණය ඔස්සේ සිංහල බස ද දැන් නවමු තාලයකට හැඩ ගැසී ඇත. අද ටෙක්නෝ ලංකා- අපේ සිංහල අපෙන් මත්තටහි අපි සිංහල බසට එක් වූ වෙනත් භාෂාවල වචන ගැන සාකච්ඡා කරන්නෙමු.

එස් යන ශබ්දවලින් ඇරඹි පද සිංහලයාගේ භාවිතයට පැමිනියේ ඉස් යන ශබ්දයෙනි. එ බැවින් එස්කෝලා යන පදය ඉස්කෝලේ ලෙස ද, එස්පාසෝ යන පදය ඉස්පාසුව ලෙස ද විය.

පරංගි එෆ් ශබ්දය සිංහලයට ප හඬින් එක්විය. පාං යන පදය ද පරංගි පදයකි. එසේ ම පරංගි බසින් සිංහලයට එක්වූ පෝරකේ, පෝරමේ, පෝරනුව, ගෑරුප්පුව හා අල්පෙනෙත්ත යන පද fora, forma, forno, garfo, alfinete යන පදවලින් බිඳී ආ පද යි.

සමහර වචනවල විවිධ ශබ්දවලට ඊට පර ව යෙදි ව්‍යංජනයක් යෙදිණි. අර්මසාංඕ, කුර්තෝ, ගර්පෝ, ෆෝර්කා, ලන්තෙර්නො, ෆෝර්නො වැනි පද ද අරුමෝසං, කුරුත්තු, ගෑරුප්පු, පෝරකේ, ලන්තැරුම, පෝරණුව යන පදවලින් සිංහලයට එක්විය.


ව්‍යංජනයකට පර ව ර් යෙදීමෙන් සෑදුණු පද ද මේ රීතියෙන් ම සිංහලයට හැඩ් ගැසිණි. මෝස්ත්‍ර, මෝස්තර විය. ලීස්ත්‍ර, ලීස්තර විය. ක්‍රාවො, කරාබු විය. කෲස්, කුරුසිය විය. ලාක්‍රෙ, ප්‍රථමයෙන් ම ලාකිරි බවට ද පසුව ලාකඩ බවට ද පෙරලිණි. ග්‍රාදේ, ගරාදි විය. වීද්‍රො, වීදුරු විය. විනාග්‍රෙ, විනාකිරි බවට ද පත් විය.

කලිසම යන්න සිංහලයට ආවේ කල්සාංඕ යන්නෙනි. පරංගි අල්ගෝස්, අලුගෝසු යනුවෙන් ද, අල්කොවිතෙයිරෝ, අලුකුත්තේරු යනුවෙන් ද සිංහලයට එක් විය. අලුගෝසුවා නිසා වධකයා වඳ විය. අලුකුත්තේරුවා යනු වෛශ්‍යාවන් වෙතට මිනිසුන් කැඳවා ගෙන යන්නා ය.

සමහරක් පද ඒවා ඇති ආකාරය අනුව විදෙස් පද යැයි නො සිතේ. නික්කාංසු යන්න පරංගි දිස්කාන්සු යන පදයෙන් ද, සිකුරුයි යන පදය පරංගි සිගුරො යන පදයෙන් ද ආ බව බොහෝ දෙනා නො දනිති. ගොරෝසු යන්න ග්‍රොස්සො යන පදයෙන් පැමිණියකි. විමසුමට කරුණ නම් පරංගි යන පදය ද සිංහලට එක්වූයේ ෆෙරිංගි යන හින්දි පදයෙන් බව යි.

මේ අයුරින් දවත් බොහෝ පද සොයා ගහ හැකි ය.

ඉදින් "ඉස්කෝලේ" පස් පාගා, සිංහල "මෝස්තරේ" උගෙන, "පෝරකේට" නො යා "නික්කාංසුවේ" දිවි ගමන තරණය කරන්නට අපි අදිටන් කර ගමු.

විකිපීඩියා ආසියානු මාසයට ආරාධනා[සංස්කරණය]

විකිපීඩියා ආසියානු මාසය

විකිපීඩියා:විකිපීඩියා ආසියානු මාසය යනු, ආසියානු විකිපීඩියා ප්‍රජාවන් අතර අවබෝධය පුළුල් කරලීමේ අරමුණින් 2015 නොවැම්බරයේ ක්‍රියාත්මක කරනු ලබන සංස්කරණ ව්‍යාපෘතියක් වේ. වෙනත් ආසියානු භාෂා විකිපීඩියා ගණනාවක් සමග සමගාමීව සිංහල විකිපීඩියාව තුලද ක්‍රියාත්මක වන මෙහි අරමුණ වන්නේ අපගේ විකිපීඩියාව තුල ආසියානු රටවල් පිළිබඳව පවතින ලිපි සංඛ්‍යාව හා ඒවායේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම වේ. මෙම ව්‍යාපෘතිය සාර්ථක ව්‍යාපෘතියක් ලෙස නිමකිරීමට දායකවන ලෙස ඔබටද ආරාධනා කරමු.
සාමාජික ලැයිස්තුවෙහි ඔබේ නම ඇතුලත් කරමින් ඔබත් ඒ හා එක්වන්න. ස්තූතියි -- L Manju (talk) 14:27, 26 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]