පරිශීලක සාකච්ඡාව:Pradeepmaduranga

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ආයුබෝවන්![සංස්කරණය]

විකිපීඩියාව සංස්කරණයට
නො පැකිළෙන්න​!
බිය නො වන්න​!

ආයුබෝවන් Pradeepmaduranga, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
අප හා සම්බන්ධ වීම ගැන ඔබට ස්තූතිය පුද කරන අතර, ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

ස්තූතියි ! --තඹරු විජේසේකර සාකච්ඡාව 13:29, 11 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]

බොහොම ස්තූතියි ඔබ හට, මාගේ උපරිම දායකත්වය සිංහල විකීපීඩියා වෙත ලබාදීමට හැකි සෑම අවස්ථාවකම කටයුතු කරමි...
ප්‍රදීප් මධුරංග (talk) 15:53, 13 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]

ඉතා අගෙයි[සංස්කරණය]

ඔබ කරන දේ ඉතා අගෙයි. ඉදිරියට යන්න. දැන් කරලා තියෙන දේ වැඩි දියුණු කරමු. ---ශ්වෙත (talk) 05:22, 16 පෙබරවාරි 2012 (යූටීසී)[reply]

ස්තූතියි ඔබට, වෙලාව තමා හරහට හිටින්නෙ...ප්‍රදීප් මධුරංග (talk) 05:24, 16 පෙබරවාරි 2012 (යූටීසී)[reply]
හදිසි නැහැ. පමා වී හෝ හරි දේ කිරීම වැදගත්. --ශ්වෙත (talk) 05:41, 16 පෙබරවාරි 2012 (යූටීසී)[reply]

peer සඳහා නිවැරදි සිංහල අරුතක් අවැසි වේ.[සංස්කරණය]

විකිපීඩියා:ලිපි තැනීමේ මායා අඳුන/මූලාශ්‍ර පරිවර්ථනයේදී මෙම ගැටලුව පැනනැගිනි. උචිත යෙදුම එම ස්ථානයට යොදා සංස්කරණය කිරීමෙන් හෝ peer සඳහා උචිත යෙදුම මෙහි සඳහන් කිරීමට කාරුණික වන්න. ස්තූතියි.— ප්‍රදීප් මධුරංග (talk) 18:18, 16 අප්‍රේල් 2012 (යූටීසී)[reply]

තුල්‍යයා හෝ සමයා හෝ භාවිතා කරන්න. peer group වෙනුවට සම කණ්ඩායම භාවිතා කරන්න.-- ශ්වෙත (talk) 00:56, 17 අප්‍රේල් 2012 (යූටීසී)[reply]
ස්තූතියි ශ්වේත, නමුත් ‘the sources should preferably be peer reviewed. Sources should also be appropriate to the claims made’ යන්න ‘මූලාශ්‍ර ඉතා සුවිශේෂි ලෙස තුල්‍යයයන් සමාලෝචනයට ලක්වී තිබීම ඉතා වැදගත් වේ. එමෙන්ම මූලාශ්‍රවල හිමිකම් අයීතීන් පැහැදිලිව තිබීම’ ලෙස දැක්වීම උචිතද? නැත්නම් ‘ සම සමාලෝචනය’ ලෙස යෙදීමෙන් අර්ථයට හානියක් සිදුවේද? ස්තූතියි. — ප්‍රදීප් මධුරංග (talk) 04:46, 17 අප්‍රේල් 2012 (යූටීසී)[reply]
උසස් අධ්‍යාපන ආයතනවල දේශකයන්ගේ දේශන වලට ඔවුන්ගේ සහෝදර දේශකයන් පැමිණ ගුණ දොස් බැලීමක් කරනවා. ඒක peer review එකක්. ඒකේ වෙන දේ බැලුවම සම සම සමාලෝචනය කියන එක් හරි වගෙයි. peer communication යන්නට භාවිතා වන්නේ සම සම සන්නිවේදනය යන්නයි.---ශ්වෙත (talk) 04:53, 17 අප්‍රේල් 2012 (යූටීසී)[reply]
ගැටලුවක්..! සම සම සමාලෝචන ද? සම සමාලෝචන ද?, මෙහි අරුතෙහි වෙනසක් පවතියිද? ස්තූතියි ඔබ සහය දක්වනවාට. — ප්‍රදීප් මධුරංග (talk) 05:30, 17 අප්‍රේල් 2012 (යූටීසී)[reply]
සම සම සමාලෝචනය යන්න උචිත බව සිතමි. සම සම කී විට අදාල දෙදෙනෙකු ඇති බවත් ඔවුන් තත්ත්වයෙන් සමාන බවත් සිතෙන බවක් මට හැඟේ. ---ශ්වෙත (talk) 07:14, 17 අප්‍රේල් 2012 (යූටීසී)[reply]
ස්තූතියි ශ්වේත ඔබගේ පැහැදිලි කිරීමට., මම සම සම සමාලෝචනය ලෙස වෙනස් කරන්නම් එය. — ප්‍රදීප් මධුරංග (talk) 07:23, 17 අප්‍රේල් 2012 (යූටීසී)[reply]

"Submit an edit request" සබැඳිය සොයා දෙන්න[සංස්කරණය]

උදවු:සංස්කරණය ඉංග්‍රීසි ලිපියෙහි, දෙවන ඡේදය අවසන You can submit a request by clicking on the View source tab on that page and using the "Submit an edit request" link at the bottom right. ලෙස සඳහනක් පවතියි. ඉංග්‍රීසි විකියෙහි එවැන්නක් පැවතියත්, මෙහිදී "Submit an edit request" වැනි සබැඳියක් මා හට සොයාගැනීමට හැකිවිය. එමෙන්ම සිංහල විකියෙහි එවන් සබැඳියක් තිබේදැයි මා නොදනී. සොයාගැනීමට නොහැකි විය.එබැවින් එවැන්නක් පවතීනම් එය එක්කරමින් මෙහි පරිවර්ථනය සඳහා දායක වන්න. එවැන්නක් නොපවතියි නම් එබැව් මෙහි සඳහන් කර පරිපාලකවරුන්ද දැනුවත් කරන්න. ස්තූතියි — ප්‍රදීප් මධුරංග (talk) 04:04, 7 මැයි 2012 (යූටීසී)[reply]

මෙම කොටස සිංහල විකිපීඩියාවේ තාම ක්‍රියාත්මක නොවන්නක්. --Lee (talk) 07:37, 23 ජනවාරි 2015 (යූටීසී)[reply]
බොහොම ස්තුතියි Lee.--ප්‍රදීප් මධුරංග (talk) 07:44, 23 ජනවාරි 2015 (යූටීසී)[reply]

Invitation to Wikiproject Featured articles

Hello, Pradeepmaduranga.

You are invited to join Wikiproject Featured articles, a WikiProject and resource dedicated to improving Wikipedia's number of Featured articles and related topics.

To join the project, just add your name to the member list. Randeer (talk) 14:47, 15 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]

විකිපීඩියා ආසියානු මාසයට ආරාධනා[සංස්කරණය]

විකිපීඩියා ආසියානු මාසය

විකිපීඩියා:විකිපීඩියා ආසියානු මාසය යනු, ආසියානු විකිපීඩියා ප්‍රජාවන් අතර අවබෝධය පුළුල් කරලීමේ අරමුණින් 2015 නොවැම්බරයේ ක්‍රියාත්මක කරනු ලබන සංස්කරණ ව්‍යාපෘතියක් වේ. වෙනත් ආසියානු භාෂා විකිපීඩියා ගණනාවක් සමග සමගාමීව සිංහල විකිපීඩියාව තුලද ක්‍රියාත්මක වන මෙහි අරමුණ වන්නේ අපගේ විකිපීඩියාව තුල ආසියානු රටවල් පිළිබඳව පවතින ලිපි සංඛ්‍යාව හා ඒවායේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම වේ. මෙම ව්‍යාපෘතිය සාර්ථක ව්‍යාපෘතියක් ලෙස නිමකිරීමට දායකවන ලෙස ඔබටද ආරාධනා කරමු.
සාමාජික ලැයිස්තුවෙහි ඔබේ නම ඇතුලත් කරමින් ඔබත් ඒ හා එක්වන්න. ස්තූතියි -- L Manju (talk) 12:31, 26 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]

විකිපීඩියා ආසියානු මාසය 2016[සංස්කරණය]

සිංහල විකිපීඩියාව කෙරේ ඔබේ පවතින උනන්දුව සහ රුචිකත්වය මතපදනම්ව, 2016 විකිපීඩියා ආසියානු මාසයට එක්වන ලෙස අපි ඔබට ආරාධනා කර සිටිමු!

විකිපීඩියා ආසියානු මාසය යනු ආසියානු විකිපීඩියා ප්‍රජාවන් අතර අවබෝධය පුළුල් කරලීමේ අරමුණින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සංස්කරණ ව්‍යාපෘතියක් වේ. 2016 නොවැම්බර් මාසයේදී ඇරඹෙන එම ව්‍යාපෘතියහි මූලික අරමුණ වන්නේ, සිංහල විකිපීඩියාව තුළ ශ්‍රී ලංකාව සම්බන්ධ ලිපි හැරුණු විට අනෙකුත් ආසියානු රටවල් පිළිබඳව පවතින ලිපි සංඛ්‍යාව හා ඒවායේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම වේ. පසුගිය වර්ෂයේදී ලොව වටා භාෂා 43ක පැවැත්වූ විකිපීඩියා ආසියානු මාසය සඳහා ඉදිරිපත් වූ ලිපි සංඛ්‍යාව 7,000 අධිකය.

අවම වශයෙන්, අදාළ උපමාන සපුරන ලද ලිපි පහක් තනනු ලබන එක් එක් විකිපීඩියානුවා වෙත, මීට සහභාගී වන අනෙකුත් රටවල්වලින් නිර්මාණය කරන ලද විශේෂ විකිපීඩියා තැපැල්පතක්, විකිපීඩියා ආසියානු ප්‍රජාව අතර මිත්‍රත්වයේ සංකේතයක් වශයෙන් හිමිවනු ඇත.

විකිපීඩියාව තුළ දී වැඩිම ලිපි ප්‍රමාණයක් තනන විකිපීඩියානුවා/වන් "විකිපීඩියා ආසියානු තානාපති"වරයා/වරුන් ලෙස ගෞරවයට පාත්‍ර වනු ඇත.

මේ සම්බන්ධව ඔබේ අවධානය යොමුකිරීම පිළිබඳව ස්තූතියි! L Manju (talk) 10:25, 26 ඔක්තෝබර් 2016 (යූටීසී)[reply]