පරිශීලක:Sujeewads

විකිපීඩියා වෙතින්

ආයුබෝවන්!

මම සුජීව ද සිල්වා. ශ්‍රී ලාංකිකයෙක් වන මම භාෂා ශාස්ත්‍ර පිළිබඳ උනන්දුවක් දක්වන්නෙක්මි.

මට භාෂා සම්බන්ධයෙන් උනන්දුවක් මුල් වරට ඇති වූයේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට ආසන්න කාලයේදීයි. නමුත් අපේ සමාජ ක්‍රමයේ බලපෑම සහ අධ්‍යාපන රටාවෙ ස්වරූපය නිසා උසස් පෙළදී යොමු වූයේ විද්‍යා, ගණිත විෂයන් හැදෑරීමටය. ඒ තුළින් අවසානයේ මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු විද්‍යා පීඨයට ඇතුළත් වීමට අවස්ථාව ලැබුවෙමි.

නමුත් එහිදී තේරුම් ගත් කරුණු අනු‍ව පසු කලෙක එම අංශයෙන් සම්පූර්ණයෙන්ම බැහැර වී, භාෂා විෂයන් පිළිබඳව පෞද්ගලිකව අධ්‍යයනය කිරිම ආරම්භ කළෙමි. විශාල උත්සාහයක් දරා විදේශ භාෂා කීපයක් ඉගෙන ගත්තෙමි. එසේ ඉගෙනීමේදී ශ්‍රී ලංකාවේ සාමාන්‍යයෙන් භාවිතා වෙන භාෂා අධ්‍යයන ක්‍රමවල අඩුපාඩුද තේරුම් ගැනීමට හැකි විය.

මේ ආකාරයෙන් ඉගෙන ගත් දෙයින් අන් අයටද ප්‍රයෝජනයක් ලබා දීම සඳහාද වර්තමානයේදී කටයුතු කරමින් සිටින අතර, එහි එක් අංගයක් ලෙස, ජාත්‍යන්තර බස ලෙස ඉංග්‍රීසිය හදාරණ ශ්‍රී ලාංකිකයනට යම් පිටුබලයක් සැපයීම සඳහා සිංහල භාෂාවෙන් ලියවෙන බ්ලොග් සටහනක්ද - 'ඉංගිරිසි Ingirisi' - පවත්වාගෙන යමි.

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Sujeewads&oldid=96807" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි