පරිශීලක(පරිගනක)

විකිපීඩියා වෙතින්
 පරිගණක වැඩසටහනක් හෝ වෙබ් අඩවිය තුල,බොහෝවිට පරිශීලක පුද්ගලයා වියුක්ත අයිකනය මගින් නියෝජනය වේ.

පරිශීලකයා පරිගණකය හෝ ජාලය සේවා භාවිතා කරන කෙනෙකි. පරිශීලකයන් සාමාන්‍යයෙන් එය සම්පූර්ණයෙන්ම තේරුම් ගැනීමට[1] අවශ්‍ය තාක්ෂණික දැනුම නොමැතිව පද්ධතිය හෝ මෘදුකාංග නිෂ්පාදන [1] භාවිතා කරයි.බලය භාවිතා කරන්නන් වැඩසටහන් වල දියුණු ලක්ෂණ භාවිතා කලත් , ඔවුන්ට පරිගණක වැඩසටහන්කරණය සහ පද්ධති පරිපාලනය[2][3] කල නොහැක. 

බොහොවිට පරිශීලකයා සතුව පරිශීලක ගිණුමක් ඇති අතර එය පද්දතිය මගින් හදුනා ගන්නේ පරිශීලක නාමය (හෝ පරිශීලක නාමය ) මගිනි. පරිශීලක නාමය සදහා යොදාගන්නා අනෙකුත් පද වන්නේ පිවිසුම් නාමය, තිර නාමය,කෙටි නාමය, මේවා  ව්‍යුත්පන්න වන්නේ කාලින පුරවැසි ගුවන්විදුලි කලාපයෙනි.

සමහර මෘදුකාංග නිෂ්පාදන අනෙකුත් පද්දතිය වලට සේවා සපයන අතර ඒවාට ඍජු අවසන් පරිශීලකයෙකු I think this 1 WA TX to to ha 6 5නොමැත.

අවසන් පරිශීලක[සංස්කරණය]

අවසන් පරිශීලකයන් මෘදුකාංග නිෂ්පාදනයක අවසාන මානව පරිශීලකයන් (මෙහෙයුම් සංකේතක ලෙස හදුන්වයි) වේ. මෙම පදය, පද්දතියේ වර්ධකයින්ගෙන් මෘදුකාංග භාවිතා කරන්නන් හා පරිශීලකයන්[4] සදහා මෘදුකාංග වැඩිදියුණු කරන්නන් වියුක්ත කිරීමට හා වෙනස හදුනා ගැනීමට භාවිතා කරයි. පරිශීලක-කේන්ද්‍රික නිර්මාණ වල, මෙය මෘදුකාංග ක්‍රියාකරුවන්ගෙන් සේවදයකයන් සහ පාර්ශවකරුවන් වෙන් කරන අතර සේවාදායකයන් එහි සංවර්ධන කටයුතු සදහා ගෙවන අතර, පාර්ශවකරුවන් සමහරවිට මෘදුකාංග සෘජුවම භාවිත නොකලත් එහි අවශ්‍යතා[5][6] ස්ථාපිත කිරීමට උපකාර කරයි.  මෙම වියුක්තීකරණය පරිශීලක අතුරු මුහුණත නිර්මාණය කිරීමට මුලික වශයෙන් උපකාරී වන අතර, බොහෝ පරිශීලකයන් පොදුවේ බලාපොරොත්තු වන ලක්ෂණ උපකුලකය කෙරෙහි අවදානය යොමු කරයි.

පරිශීලක-කේන්ද්‍රික නිර්මාණ වල, විවිධ පරිශීලකයන් නිරුපනය කිරීමට පුද්ගලිකතාවයන් නිර්මාණය කරයි. සමහර අවස්ථා වලදී කුමන වර්ගයෙ පරිශීලක අතුරු මුහුණත් සුවපහසුද?(පෙර අත්දැකිම් හෝ ආවේණික සරල බව මගින්) සහ විශේෂිත ක්ෂේත්‍ර හෝ විෂයයන් සදහා ඇති  කාර්මික ප්‍රවිනතාව හා දැනුම ප්‍රමාණය කුමක්ද යන්න සැම පුද්ගලතවකම නිරුපනය කරයි.  අවසන් පරිශීලකයන්ගෙන්[7] අවම තාක්ෂණික දැනුමක් හා පෙර පුහුණුවක් බලාපොරොත්තු වීම පොදු ක්‍රියාවක් වන්නේ බාධක කීපයක් අවසන් පරිශීලක වර්ගය මත පදනම් වූ විටයි විශේෂයෙන් පොදු භාවිතය සදහා වැඩසටහන් නිර්මාණය කරන විටයි. මෙම සම්බන්දයට අනුව, ප්‍රයෝජනවත් බව[8] නිසා චිත්රක පරිශීලක අතුරුමුහුණත් සාමාන්යෙන් විධාන-රේකා අතුරුමුහුණත් ලෙස යොදා ගනී. 

අවසන් පරිශීලක සංවර්ධනයේදී පරිශීලකයන් හා සංවර්ධකයින් අතර ඇති වෙනස අවම කරයි. මෙය සැලසුම්කරණ භාෂාව ගැන සැලකිය යුතු දැනුමක් නැති වෘත්තීය නොවන සංවර්ධකයන්ට ස්වයංක්‍රීය හැසිරීම සහ සංකීර්ණ දත්ත වස්තුන් නිර්මාණය කිරීමට අවශ්‍ය ක්‍රියාකාරකම් සහ ශිල්ප ක්‍රම  නම් කරයි.

පද්දති වල ක්‍රියාකරන්නා වෙනත් පද්දතියක් හෝ සෘජු අවසන් පරිශීලකයන් නොමැති මෘදුකාංග නියෝජිතයෙක් වේ.

පරිශීලක ගිණුම[සංස්කරණය]

පරිශීලකයාගේ ගිණුම පරිශීලකයා සත්‍ය බවට පද්දතියට සහතික කිරීමට ඉඩදෙන අතර  සපයන ලද සම්පත් පරිශීලනයට සහ පද්දතියට සම්බන්ධ වීමට බලය ලබා දේ;එසේවෙතත්, සත්‍ය බවට සහතික කිරීම බලය ලබා දීම ලෙස අදහස් නොකරයි. ගිණුමට පිවිසීමගිණුම්කරණය, ආරක්ෂාව, පිවිසීම සහ සම්පත් කළමනාකරණය යන අරමුණු සදහා මුරපදය හෝ අනෙකුත් සාක්ෂි පද සහිතව තම විසින්ම සත්‍ය බවට සහතික කිරීම අවශ්‍ය වේ. 

පරිශීලකයා පිවිසී තිබෙන විට, මෙහෙයුම් පද්දතිය මගින් ඔවුන් හදුනා ගැනීමට පරිශීලක නාමයට  වඩා පුර්ණ සංක්‍යාවක් වැනි හදුන්වනයක් යොදා ගන්නා ක්‍රියාවලිය අනන්‍යතා සහසම්බන්ධය නම් වේ. යුනික්ස් පද්දති වල, පරිශීලක නාමය පරිශීලක හදුන්වනය සමග සහසම්බන්ධ වේ.

පරිගණක පද්ධති එය සතු පරිශීලක වර්ගය මත පදනම් වී වර්ග දෙකෙන් එකක් ලෙස ක්‍රියාත්මක වේ:

  • තනි-පරිශීලක පද්ධති සතුව පරිශීලක ගිණුම් කිහිපයක් සංකල්පයක් නැත.
  • බහු-පරිශීලක පද්ධති වැනි සංකල්පයක් ඇති අතර පද්දතිය භාවිතා කිරීමට පෙර තමන් හදුනා ගැනීමට පරිශීලකයන් අවශ්‍ය වේ.

බහු-පරිශීලක පද්දතියක් සතු සෑම පරිශීලක ගිනුමකටම මුල් නමාවලියක් ඇති අතර, එහි පරිශීලකයාගේ ක්‍රියාකාරකම් වලට අදාල ගොනු ගබඩා කෙරේ,ඒවා අනෙකුත් පරිශීලකයන්ගේ ප්‍රවේශ වීමෙන්  ආරක්ෂා කරයි.(පද්දති කළමනාකරුවන්ගෙන් ප්‍රවේශ විය හැක). පරිශීලක ගිණුම් වල සාමාන්‍යයෙන් පොදු පරිශීලක පැතිකඩ අඩංගු වන අතර, එහි ගිණුමේ අයිතිකරු ලබා දෙන මුලික තොරතුරු අඩංගු වේ. මුල් නමාවලියෙ(සහ පද්දතියේ අනිකුත් නාමාවලි වල) ගබඩා කර ඇති ගොනු සතුව ගොනු පද්ධති අවසර ඇති අතර ඒවා මෙහෙයුම් පද්දති මගින් පරික්ෂා කරන්නේ කුමන පරිශීලකට ගොනු කියවීමට හෝ ක්‍රියාත්මක කිරීමට අවසර දෙන්නේද හෝ නව ගොනුවක් නාමාවලිය තුල ගබඩා කිරීමට අවසර දෙන්නේද යන්න තීරණය කිරීමටයි.

බොහෝ පරිශීලක ගිණුම් තනි පුද්ගලයෙකු විසින් භාවිතා කරන බව පද්ධතිය බලාපොරොත්තු වන අතර , බොහෝ පද්ධති සතුව ඇති විශේෂ ගිණුම ඕනෑම කෙනෙකුට පද්ධතිය භාවිතා කිරීමට ඉඩ දෙන බවට අදහස් කෙරේ,  උදාහරණ ලෙස නිර්නාමික දත්ත හුවමාරු ප්රොටෝකෝල සදහා පරිශීලක නාමය ''නිර්නමික'' සහ ආගන්තුක ගිණුම් සදහා පරිශීලක නාමය ''ආගන්තුක'' වේ.

පරිශීලක නාමය[සංස්කරණය]

විවිධ පරිගණක මෙහෙයුම් පද්ධති සහ භාවිතයන් පරිශීලක නාම ආකෘති සදහා විවිධ නියමයන් අපේක්ෂා/ බල කෙරේ.

මයික්රොසොෆ්ට් වින්ඩෝස් පරිසරය තුළ, උදාහරණයක් ලෙස, ඇති විය හැකි භාවිතයන්:[9]

පරිශීලක ප්‍රධාන නාම ආකෘතිය-උදාහරණයක් ලෙස  UserName@orgName.com 
පහල - පෙළ පුරන්න නාම ආකෘතිය- උදාහරණයක් ලෙස: DOMAIN\accountName

සමහර මාර්ගගත ප්‍රජා ගිණුම් හිමියන් සදහා පරිශීලක නාම ලෙස කෙටි නාම භාවිතා කරයි. සමහර අවස්ථා වලදී, පරිශීලකයා ඔවුන්ගේ සැබෑ නාමයට වඩා පරිශීලක නාමයෙන් දැනගත හැක,  උදහාරණයක් ලෙස CmdrTaco(රොබ් මැල්ඩා), ස්ලෑෂ්ඩොට් වෙබ් අඩවියේ නිර්මාතෘ.

පාරිභාෂික ශබ්ද මාලාව[සංස්කරණය]

සමහර වෘත්තීමය වශයෙන් පරිහරණය කරන්නන් ''පරිශීලක '' යන පදයට ඇති අකමැත්ත ප්‍රකාශ කර ඇති අතර, එය වෙනස් විය යුතු බවට[10] යෝජනා කර ඇත.  ඩොන් නොර්මන් ප්‍රකාශ කර ඇත්තේ "පරිශීලක යනු අපි භාවිතා කරන අප්‍රසන්න වචනයකි. මම 'පරිශීලක' යන වචනය ඉවත් කිරීමට කැමති. මම එයට 'ජනතාව' [11]ලෙස කතා කිරීමට කැමති.

පරිශීලන[සංස්කරණය]

  1. 1.0 1.1 Jargon File entry for "User". සම්ප්‍රවේශය November 7, 2010.
  2. "Power Users' Guide". sap.com. සම්ප්‍රවේශය 2015-01-14.
  3. "Windows Confidential: Power to the Power User". microsoft.com. 2012. සම්ප්‍රවේශය 2015-01-14.
  4. "The State of the Art in End-User Software Engineering" (PDF). media.mit.edu. 2011-10-12. සම්ප්‍රවේශය 2015-01-11.
  5. "Understanding Organizational Stakeholders for Design Success" (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 2004-05-06. සම්ප්‍රවේශය 2016-08-31.
  6. Rigsbee, Sarah, and William B. Fitzpatrick. "User-Centered Design: A Case Study on Its Application to the Tactical Tomahawk Weapons Control System. සංරක්ෂණය කළ පිටපත 2017-10-14 at the Wayback Machine"Johns Hopkins APL Technical Digest 31.1 (2012): 76-82.
  7. "What is end user?". සම්ප්‍රවේශය November 7, 2010.
  8. Andisheh Feizi; Chui Yin Wong (2014-09-18). "Usability of User Interface Styles for Learning Graphical Software Applications" (PDF). cscjournals.org. pp. 1–2. සම්ප්‍රවේශය 2015-01-11. The development of GUI software applications has been one of the noteworthy improvements in programming field that reduce the difficulty of remembering syntax and semantics with the guidance of menu-based interactive properticccces it delivers. [...] Command Line Interfaces (CLI) are considered quite inconvenient environment for new generation of users since they are substantially used to GUIs.
  9. "User Name Formats". MSDN. Developer technologies. Microsoft. සම්ප්‍රවේශය 2016-01-11. The down-level logon name format is used to specify a domain and a user account in that domain [...].
  10. Don Norman. "Words Matter. Talk About People: Not Customers, Not Consumers, Not Users".
  11. "Don Norman at UX Week 2008 © Adaptive Path". සම්ප්‍රවේශය 8 November 2010.
"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක(පරිගනක)&oldid=592508" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි