පරිගණකය සිසිල් කිරීම
[සංස්කරණය] Desktop පරිගණක
Desktop පරිගණක තුළ තාප කළමනාකරණය සදහා එක් පංකාවක් හෝ ඊට වැඩියෙන් භාවිතා කෙරේ. සෑම Desktop පරිගණක ශක්ති සැපයුමකම පාහේ අසුරණය තුළ ඇති වාතය පිටකිරීමට එක් පංකාවක් හෝ ඇත. බොහෝ නිෂ්පාදකයන් , අසුරණයේ ඉදිරි යට කොටසින් නැවුම් සිසිල් වාතය ඇතුළු කරගැනීමත් රත් වූ වාතය පසුපස ඉහළ කොටසින් පිට කිරීමත් අනුමත කරයි.
පද්ධතිය තුළට ඇදගන්නා වාත ප්‍රමාණය , ඉන් ඉවත් කරනා වාත ප්‍රමාණයට වඩා වැඩි වුවහොත් (පංකා ප්‍රමාණයේ අසමතුලිතතාවය හේතුවෙන්) එය ධන වායු වහනයක් ලෙස සදහන් කරයි. ඊට හේතුව පද්ධතිය තුළ පීඩනය , පිටත පීඩනයට වඩා වැඩි බැවිනි. සුළු ධන වාත වහනය , දූවිලි පෙරහන භාවිතා කළහොත් අඩු ධූලි බැදීමක් ඇති කරන නමුත් වඩාත් කාර්යක්ෂම වන්නේ සංතුලිත හෝ උදාසීන වාත වහනයන්ය.
නූතන පර්යේෂණ හා අධ්‍යයන මගින් සමහරක් සමාගම් ශබ්දයෙන් තොර පරිගණක නිෂ්පාදනය කරමින් සිටී.
[සංස්කරණය] තාප නලය
තාප නලය යනු තාප සම්ප්‍රේෂණ ද්‍රවයකින් සමන්විත කුහර නලයකි. ද්‍රවය වාෂ්ප වීමත් සමගම එය තාපය වඩාත් සිසිල් අග්‍රයට ගෙන යන අතර ඒ සමගම එය නැවත ඝණ වී වඩාත් උෂ්ණ අග්‍රයට නැවත යයි (කේෂාකර්ශන ක්‍රියාව යටතේ ) කෙසේ හෝ තාප නාලවලට , ඝණ ද්‍රව්‍යයන්ට වඩා ඉහළ සඵල තාප සන්නායකතාවයක් ඇත. පරිගණක තුළ භාවිතයේ දී , මධ්‍යම සැකසුම් ඒකකය මත තාප ගිල්ලුම , වඩා විශාල තාප ගිල්ලූ විකිරකයකට සම්බන්ධ කරනු ලබයි. තාප ගිල්ලුම් දෙකම කුහර වන අතර ඊට හේතුව ඒ අතර සම්බන්ධය නිසා එක් විශාල තාප නලයක් මධ්‍යම සැකසුම් ඒකකයේ සිට විකිරකයට තාපය ගලා යවන බැවිනි. පසුව මෙය සාම්ප්‍රදායික ක්‍රම මගින් සිසිල් කරනු ලබයි. මෙකී ක්‍රමය මිලෙන් වැඩි අතර අවකාශය සීමා අවස්ථාවලදී සාමාන්‍යයෙන් යොදා ගනියි (කුඩා හැඩ සාධක පරිගණක තුළ ඇති පරිදි). නැතිනම්, ( සජීවී පටිගත කිරීමක් අතරතුර ශ්‍රව්‍ය නිෂ්පාදන මැදිරි තුළ භාවිත පරිගණක තුළ මෙන්) පූර්ණ නිශ්ශබ්දතාවයක් අවශ්‍ය වේ.