පරවි ඡායාරූපකරනය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
පළමු ලෝක යුද්ධ සමයේ ගන්නට ඇති යැයි සිතිය හැකි ජර්මානු ක්ෂුද්‍ර කැමරාවක් සවිකරන ලද පරවියෙක්.

පරවි ඡයාරූපකරණය යනු ගුවනේ සිට ඡායාරූප ගැනීම සඳහා ජ(ර්)මානු ජාතික බෙහෙත් සකස් කරන්නෙකු වන ජුලියස් නියුබ්‍රොනර් විසින් 1907 වර්ෂයේදී ඔහු විසින් බෙහෙත් යැවීම සඳහා යොදාගන්නා ලද පරවියන් ආශ්‍රයෙන් නිපදවූ තාක්ෂනයි. මෙහිදී නිවසෙහි ඇතිකිරීමට ගන්නා පරවියෙකුට කාල ප්‍රමාදිත ක්ෂුද්‍ර කැමරාවක් සවිකර හැකිවනසේ ඇලුමිනියම් ලෝහයෙන් සාදන ලද පපු සන්නාහයක් පළඳවනු ලැබේ. මෙම තාක්ෂනය සඳහා ජර්මානු ආරක්ෂක බලපත්‍රය ( පේටන්ට් ) සඳහා නියුබ්‍රොනර් මහතා විසින් කරන ලද ඉල්ලීම ඉල්ලු සැනින් ප්‍රතිෂේප වුවද ඔහුගේ පරවියක් විසින් ගන්න ලද සැබෑ බවට සහතික කරන ලද ඡායාරූප ප්‍රභුත කල පසු 1908 වසරේ දෙසම්බෙර් මාසයේදී ඔහුට එම ආරක්ෂක බලපත්‍රය ( පේටන්ට් ) ලබා දෙන ලදී.ඔහු විසින් මෙමෙ තාක්ෂණය ප්‍රසිද්ධියට පත්කරනු ලැබුවේ 1909 වසරේදී පවත්වනු ලැබූ ඩ්‍රස්ඩෙන් ජාත්‍යන්තර ඡායාරූප ප්‍රද්ර්ශනය්යේදී වන අතර ඔහු මෙමෙ තාක්ෂණයේ ප්‍රසිද්දිය සඳහා ෆරෑන්ක්ෆර්ට් ජාත්‍යන්තර ගුවන් තාක්ෂණික ප්‍රදර්ශනයේදී සහ 1910 සහ 1911 වසරේදී පවත්වනු ලැබූ අප්‍රංශ ගුවන් සංදර්ශනයේදී ඔහුගේ පරවියන් විසින් ගනු ලැබූ ඡායාරූප තැපැල්පත් ලෙස අලවි කිරීමක්ද සිදු කරනු ලැබිය.

ප්‍රථමයෙන්ම, පරවි ඡායාරූපකරණය යොදාගනිමින් යුධ හමුදා මෙහෙයුම් වලදී සිදුකිරීමට සිදුවෙන ගුවනේසිට පිරික්සුම් කටයුතු සිදුකිරීමට ඇති හැකියාව සිත්ගන්නා සුළු විය.පළමු ලෝක යුද්ධ සමයේදී යුද්ධ පිටියේ සිදුකෙරුනු පරීක්ෂණ මෙමෙ තාක්ෂනය යොදාගැනීම තව තවත් ධෛර්යමත් කරවන ආකාරයේ ප්‍රථිපල ගෙනදුන්නද මෙහි ප්‍රධාන කාර්‍ය සඳහා උදව් කිරීමට තිබූ ජංගම පරවී කූඩු මගින් මෙම තාක්ෂනය යොදා ගැනීමෙහිලා විශාල බලපෑමක් සිදුකරන්නට විය.මෙමෙ කාලයේදී ගුවන් තරණ තාක්ෂණයෙහි සිදුවුනාවූ සීග්‍ර දිවුණු වීම හේතුවෙන් පරවී ඡායාරූප කරණයෙහි ලා යුද්ධ හමුදාවට තිබුනාවූ උනන්දුව ක්‍රමයෙන් ගිලිහෙන්නට වූ අතර මේ හේතුව නිසාවෙන් නියුබ්‍රොනර් මහතා ඔහුගේ පරවි ඡායාරූප තාක්ෂනය සම්බන්ධයෙන් සිදුකෙරුණු පරීක්ෂණ අතහරිනු ලැබීය.මෙමෙ අදහස නැවත වතාවක් 1930දී ස්විස්ටෙර්ලන්ත ජාතික ඔරලෝසු සාදන්නෙකු විසින් සහ වාර්තාගත ලෙස ජර්මානු සහ ප්‍රංශ හමුදා විසින් සැලකිල්ලට ගනු ලැබීය. දෙවන ලෝක යුද්ධ සමයේ යුද්ධ පරවියන් විශාල වශයෙන් යොදාගනු ලැබුවද, යම්කිසි පක්ෂියෙකු ගුවනේසිට පිරික්සුම් කටයුතු සඳහා යොදාගන්නේද,එසේනම් එය කුමන සීමාවක් දක්වාද යන්න අපහදිලිව පැවතිනි.මේ අතර ඇමරිකානු මද්‍යම රහස් ඔත්තු සේවය (CIA) පරවියන් යොදාගෙන සිදුකරන්නාවූ ඔත්තු බැලීමේ කටයුතු සඳහා බැටරි බලයෙන් ක්‍රියාත්මක වන කැමරාවක් නිර්මාණය කල අතර එය භාවිතය සම්බන්ධ කරුණු රහසිගතව පවතී.

මෙහිදී මෙමෙ පක්ෂින් හට ගෙනයාමට ප්‍රමාණවත් වන පරිඳි කුඩා සහ බරින් ඉතාමත් අඩු කැමරා නිර්මාණයද එම පක්ෂීන්ට කැමරාව ඇතුළු උපන්ග වල බර රැගෙන යාම සඳහා පක්ෂීන් පුහුනුකීරීම සහ එම පක්ෂීන් පාලනයද මෙමෙ තාක්ෂණය භාවිතයෙහිලා පැන නැගුන ප්‍රධාන අභියෝග ලෙස දැක්විය හැකිය. මීට හේතුව වුයේ පරවියන්ගේ ස්ථාපිතය (සිටින ස්ථානය), දිශානුයෝජනය සහ ඡායාරූප ගන්නාවිට පක්ෂියාගේ වේගය යන කරුණු සම්බන්දයෙන් තිබු සීමාසහිත පාලන‍යි. 2004 වර්ෂයේදී බ්‍රිතාන්‍ය ගුවන්විදුලි සංස්ථාව (BBC) ක්ෂුද්‍ර රූපවාහිනි කැමරා සවිකරන ලද උකුස්සන් වැනි පක්ෂීන් යොදාගෙන සජීවී දත්ත ලබාගැනීම සිදු කර තිබෙන අතර අදටත් පර්යේෂකවරුන්, කලාකරුවන් සහ වෙනත් උද්යෝගිමත් පිරිස් විවිධ මාදිලියේ සතුන්ගේ දත්ත රැස්කිරීම සඳහා කුඩා කැමරා එම සතුන්ට සවිකිරීම සිදුකරනු ලබයි .

මුලාරම්භය[සංස්කරණය]

මෙහි දැක්වෙන්නේ අවුරුදු 4ක් වයසැති නිවසේ ඇතිකිරීමට ගන්නා වර්ගයේ පරවියෙකි. මෙමෙ පරවියා බලූනයක සේවය කර ඇති අතර 15 වතාවක් උසස්වීම් ලබා ඇතැයි වාර්තා වේ

'ගුවනේ සිට ගත්' ඡායාරූප ඉතිහාසයේ ප්‍රථම ඡායාරූපය 1858 වසරේ වායු බලුනයකින් සංචාරය කරන ඡායාරූප ශිපියෙකු වන නඩාර් මහතා විසිනි. අදටත් නොනැසී පවතින ගුවනේ සිට ගන්නාලද ඡායාරූපය 1860 වසරේදී ජේම්ස් වෝලර්ස් බ්ලැක් මහතා විසින් ගන්න ලද්දකි. එම ඡායාරූපයද වායු බලූනයක් මත සිට ගන්න ලද්දක් බවට වාර්තා වේ. ඡායාරූපකරණයහිලා සිදු වූ දියුනුවත් සමගම 19වන සියවසේ අග බාගය වන විට සමහර පුරෝගාමීන් විසින් මිනිසුන් සේවයේ නොයෙදෙන ගුවනේ සැරිසරන මෙවලම් වල කැමරා සවිකිරීම සිදුකරන ලදි . මෙයට කදිම උදාහරණයක් වන්නේ 1880 දශකයේදී ආතර් බෙටට් මහතා විසින් සරුංගල් යොදාගෙන ගුවනේ සිට ඡායාරූප ගැනීම පරීක්ෂා කිරීමයි. පසු කාලීනව මෙමෙ තාක්ෂනය බොහෝ පුද්ගලයන් විසින් අනුගමනය කෙරීමද සිදු විය. මෙමෙ තාක්ෂනය භාවිතයෙන් විලියම් ඇබර්නර් එඩී මහතා විසින් ගන්න ලද බොස්ටර්න් නගරයේ ඡායාරූප ඉතාමත් ප්‍රසිද්ධ වූ අතර එම ඡායාරූප ඉතාමත් ඉහල ප්‍රමිතියකින් යුක්ත ඒවාද විය. මීට අමතරව ආම්ර්ඩ් ඩෙනිස් නැමැත්තෙකු විසින් රොකට් සහ පැරෂුට් සමග කැමරා සම්බන්ධ කරමින් ගුවනේ සිට ඡායාරූප ගැනීම අත්හදා බලූ අතර ඇල්ප්‍රඩ් නොබෙල් මහතාද රොකට් යොදාගනිමින් ගුවනේ සිට ඡායාරූප ගැනීම සිදුකර ඇති බවට වාර්තා වේ.

නිවසේ ඇති කරන ලද පරවියන් 19වන සියවසේදී සහ 20 වන සියවසේ මුල භාගය වන විට පුළුල් ලෙස සාමාන්‍ය පණිවිඩ යවන පරවින් ලෙස සහ යුද්ධ පරවියන් ලෙස භාවිතා කරන්නට විය. 1870 වසරේදී ඇති වූ ෆ්රැන්සිකෝ සහ පර්සියානු යුද්ධයේදී ප්‍රංශයේ එවකට ප්‍රසිද්ධියට පත් වී තිබූ ස්ථානයක් වන පරවී සන්දේශ යැවීමේ මද්‍යස්ථානය විසින් සූක්ෂම ලෙස සැකසු දුර සන්දේශ 50000කට අසන්න ප්‍රමාණයක් එක් පරවි පියසැරියක් තුල ටුවර්ස් නගරයේ සිට වටකර තිබූ අගනුවරට යැවූ බවට වාර්තාවේ. සංදේශය ලැබුන බවට සනාථ කරන සුක්ෂම දුර පණිවිඩයත් සමග එම නගර දෙක අතර මෙලෙස හුවමාරු වූ මුළු දුර පණිවිඩ ප්‍රමාණය 150000කට අසන්න වේ. 1889 වසරේදී රුසියානු අධිරාජ්‍යයේ ශු. පිටර්ස්බර්ග් හි පිහිටියාවූ තාක්ෂණික සමාජය විසින් පරීක්ෂණ සිදුකරන ලද පරීක්ෂණ වලදි රුසියානු බැලූන් හමුදාවේ ප්‍රධානීයා විසින් ගුවනේ සිට ගන්නා ලද ඡායාරූප වල දියුණු කරන ලද කොලොඩියන් ප්‍රතිඡායාරූප නැවත පොළවට (බලුනයේ සිට) එවන ලද්දේ පරවි සන්දේශ භාවිතයෙනි.

ජුලියස් නියුබ්‍රොනර්[සංස්කරණය]

ජුලියස් නියුබ්‍රොනර් මහතා (1914)

1903 වසර වන විට වෘතියෙන් බෙහෙත් සාදන්නෙකු වූ ජුලියස් නියුබ්‍රොනර් මහත්මා ජර්මනියෙහි ෆරෑන්ක්ෆර්ට් නගරය අසල පිහිටි ක්‍රෝන්බර්ග් නගරයෙහි විසුවෙකි. ඔහුගේ පියාගේ උත්සාහයක ප්‍රතිඵල අනුව අඩ සියවසකට පමණ පෙර සිටම ෆල්කෙන්ස්ටයින් නගරය අසල තිබූ සුභාස්ථානයක් (රෝගීන් හට ප්‍රතිකාර කරන ස්ථානයක්) සමග පරවී සංදේශ තුලින් ඔවුන් හට අවශ්‍ය බෙහෙත් වර්ග පණිවිඩ හුවමාරු කිරීම සිදු කරන ලදී. ( එම සුභාස්ථානය වසා අවුරුදු 3 කින් පසු ඒ සමග තිබූ පරවී සංදේශ හුවමාරුවද නවත්වන ලදී ) ඉතාමත් හදිසි බෙහෙත් වර්ග ඔහු විසින් එම සුභාස්තයනට යවනු ලැබුවේද පරවි සංදේශ ක්‍රමවේදය භාවිතයෙනි. ග්‍රෑම් 75 (අවුන්ස 2.6 ක් ) වන බරකින් යුක්ත බෙහෙත් මෙලෙස එක් පරවියෙක් භාවිතයෙන් යවනු ලැබිය හැකිවිය. මේ අතර ඔහු විසින් ඔහුගේ තොග බෙහෙත් වෙළෙන්දා සමගද ඔහුගේ පරවියන් කීපදෙනෙකු නවතා තබනු ලැබුවේ ඔහුට තමාගේ සැපයුම් ඉක්මනින් ලැබීමේ වාසිය ලබා ගත හැකි නිසාවෙන්ය. මෙසේ කටයුතු සිදුවන විට දිනක් නියුබ්‍රොනර් මහතාගේ පරවියෙකු හට මීදුම් සහිත තත්වයක් හේතුවෙන් දිශානතිය නැතිව නැවත පැමිණෙන මාර්ගය සොයාගැනීමට නොහැකි විය. නමුත් නියුබ්‍රොනර් මහතාව පුදුමයට පත්කරමින් එම පරවියා නැවතත් නිවසට පැමිණියේ සති 4 කට පසුව වන අතර එම සති හතර තුල පරවියාට අහාර පාන වලින්ද අඩුවක් තිබු බවට පෙනෙන්නට නොතිබිණි. නියුබ්‍රොනර් මහතා හට පරවියන් හට ස්වයංක්‍රීය කැමරා සවිකරමින් ඔවුන්ගේ යනෙන ගමන් මාර්ග පිලිබඳ දත්ත ලබාගැනීමට අදහස පැමිණියේ ඉහත කී සිදුවීමෙන් පසුවයි. මෙමෙ සිතුවිල්ල නියුබ්‍රොනර් මහතාගේ විනෝදාංශ දෙක 'ද්විත්ව ක්‍රීඩාවක්' බවට පත්වුයේ මෙලෙස පණිවිඩ සහ බෙහෙත් ප්‍රවාහනය කරන පරවියන් හට කැමරා සම්බන්ද කර ඔවුන් ආධුනීක ඡයාරූප ශිල්පීන් පවට පත්කිරීමත් සමගයි. (ඉහත සඳහන් වූ නැති වූ පරවියා එම සති 4 තුල වයිස්බර්ඩෙන් නැමති නගරයේ ආපනශාලා හිමිකරුවෙකුගේ ආරක්ෂාව යටතේ සිටි බව නියුබ්‍රොනර් මහතා විසින් පසුව සොයාගනු ලැබීය.)

ඔරලෝසු කැමරා ( Ticka Watch Camera ) භාවිතා කරමින් දුම්රියක් තුල සහ හිමයානයක ගමන් කරන අතර සිදු කරාවූ පරීෂණ සාර්ථක වූ පසුව නියුබ්‍රොනර් මහතා විසින් කම්බි සහ ඇලුමීනියම් සන්නාහයක් භාවිතා කරමින් පරවියෙකුගේ පපු ප්‍රදේශයට සවිකර හැකි අයුරින් කුඩා කැමරාවක් නිර්මාණය කරන්නට විය. මෙමෙ කැමරාවේ බර දරාගෙන පියාසර කරන්නට පරවියන්ට හැකි වන ආකාරයෙන් ඔවුන් පුහුණු කිරීමට ලී වලින් සෑදු ආකෘති භාවිතා කරන්නට විය. මෙමෙ එක ආකෘතියක් ග්‍රෑම් 30 සිට ග්‍රෑම් 70 දක්වා (අවුන්ස 1.1 සිට අවුන්ස 2.6 දක්වා) බරකින් යුක්ත විය. පුහුණු කෙරීම්වලින් පසු ඡායාරූප ගැනීමේ කටයුතු සඳහා නියුබ්‍රොනර් මහතා විසින් පරවියෙකු රැගෙන නිවසෙන් කිලෝමීටර් 100ක් (සැතපුම් 60ක් ) පමණ දුර ගොස් කැමරාව සවි කර මුදාහරිනු ලැබීය. කැමරාවේ බරද දරාගෙන සිටින පරවියා ඍජුවම නිවාස වෙත පියඹා යයි. මෙසේ පියාසර කරන පරවියා බර නිසා පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 100ත් 50ත් (අඩි 160ත් 330ත් ) අතර උසකින් පියාසර කරන අතර කැමරාවේ ඇති වායු රෝධක පද්ධතිය මඟින් ඡායාරූප ගැනීමේදී සිදුවන කාල පමාව පාලනය කරනු ලබයි. තවද මෙහිදී කැමරාවේ බර දරාගෙන පියාසර කරන පරවියා හට කුඩුවට ගොඩබැසීම පහසු කිරීමට පරවී කූඩුව ඉඩකඩ සහිතව තරමක් විශාල ලෙසද ප්‍රත්‍යස්ථ ගොඩබැසීම් පුවරුවක් සහ තරමක් විශාල ඇතුළු වීමේ විවරයක් සහිතවද නිම කරනු ලැබීය.

ඉහල වම් කෙලවර : ගුවනේ සිට ගන්න ලද ක්‍රෝන් බර්ග් හි පිහිටි ශ්ලොස් හෝටලයේ ඡායාරූප. පහල වම් කෙලවර සහ මැද : ෆ්‍රෑන්ක්ෆර්ට් නගරය. දකුණු පස : කැමරා සවි කරන ලද පරවියන්.



ඉහළ: ප්‍රතිවිරුද්ධ දිශා දෙකකට(ඉදිරිපසට සහ පසුපසට) යොමුවන කාච දෙකකින් යුක්ත ද්විත්ව කැමරාව. පහළ : වායු රෝධක පද්ඩතිය.
ප්‍රත්‍යක්ෂණීකෘත කැමරාව

නියුබ්‍රොනර් මහතා පවියන්ට සවි කරන කැමරාව නිර්මාණය කෙරීම සඳහා සැලසුම් 12ක් ගොඩ නඟා තිබිණි. 1907 වසර හිදී ඔහු විසින් සුරැකුම් බලපත්‍රයට ඉල්ලුම් කෙරීමට තරම් සාර්ථක කැමරාවක් නිර්මාණය උවද ජර්මානු සුරැකුම් බලපත්‍ර කාර්යාලය විසින් එම "ඉහල අහසේ සිට ඡායාරූප ගැනීමේ ක්‍රමෝපාය" හට සුරැකුම් බලපත්‍රයක් ලබාදීම ප්‍රතිෂේප කරනු ලැබීය. නමුත් ඔහුගේ පරවියන් විසින් ගුවනේ සිට ගනු ලබූ ඡායාරූප ඉදිරිපත් කිරීමෙන් පසුව 1908 වසරේ දෙසැම්බර් පසය වන විට එම බලපත්‍රය ඔහුට ලබා දෙනු ලැබීය. (ඉහතදී සිදුවූ ප්‍රතිෂේප වීමට හේතුව වුයේ ගෘහාශ්‍රිත පරවියන්ට කැමරාවේ බරද රැගෙන පියාසර කිරීම සම්බන්දව තිබූ අවසංකල්පනවයි.) නියුබ්‍රොනර් මහතා විසින් 1909 වසරේදී ඩ්‍රස්ඩෙන් නගරයේ පැවැත්වුණු ජාත්‍යන්තර ඡායාරූප ප්‍රදර්ශනයේදී සහ එම වසරීදීම ෆ්රෑනක්ෆ්ර්ට් හිදී පැවැත්වුණු ජාත්‍යන්තර ගුවන් තාක්ෂණික ප්‍රදර්ශනයේදී ඔහුගේ පරවියන් විසින් ගුවනේ සිට ගනු ලැබූ ඡායාරූප ප්‍රදර්ශනය කෙරීමත් සමඟ මෙමෙ තක්ෂය පිලිබඳ පුළුල් ලෙස පුද්ගලයන් දැනුවත් වන්නට විය. ඩ්‍රස්ඩෙන් හි සිටි ප්‍රේක්ෂකයන් හට පරවියන්ගේ පැමිණීම සියසින් දැකගැනීමට හැකියාව ලැබුණු අතර එහිදී එම පරවියන් විසින් ගෙන එන ලැබූ ඡායාරූප. 'තැපැල් පත්' බවට පරිවර්තනය කරන ලදී. නියුබ්‍රොනර් මහතාගේ ඡායාරූප ඩ්‍රස්ඩෙන් හි පවතී ප්‍රදර්ශනයේදී මෙන්ම 1910 සහ 1911 වසර වලදී පැවති ප්‍රංශ ගුවන් සංදර්ශන වලදීද ත්‍යාග දිනාගන්න ලද බවට වාර්තා වේ.

ක්‍රෝන්බර්ග් හි පිහිටි ශ්ලොස් හෝටලයෙහි (පසුව එය එහි අයිති කරු වූ කයිස්රින් ෆ්‍රෙඩ්රිච් මහතා විසින් ශ්ලොස් ෆ්‍රෙඩ්රිචෝෆ් ලෙස නම් කරනු ලැබීය.) ඡායාරූපයක් ප්‍රසිද්ධියට පත්වූයේ ඡායාරූපය ගනු ලැබූ පරවියගේ තටුවෙහි අගිස්සවල් අහම්බෙන් එම ඡායාරූපයෙහි සටහන් වීම නිසාවෙනි. 1929 වසරෙදී මෙමෙ ඡායාරූපය කර්තෘ බලයද උල්ලංගනය කරමින් ජර්මානු සිනමාවේ සතිපතා විකාශය වන නිව්ස්රීල් හි විකාශය වූ බවටද වාර්තා වේ.

1909 වසරේ දී ප්‍රකාශයට පත් වූ කුඩා පොතක් තුලින් නියුබ්‍රොනර් මහතා කැමරා මාදිළි 5ක් ගැන විස්තර කර තිබේ. එහි සඳහන් වන පරිඳි,

  • ආරක්ෂක බලපත්රයෙහි විස්තර කර තිබූ 'ද්විත්ව කැමරාව' එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශා දෙකකට(ඉදිරිපසට සහ පසුපසට) යොමුවන කාච දෙකකින් යුක්ත විය. මෙමෙ කාචයක නාභිය දුර මිලිමීටර් 40ක් පමණ වන අතර තනි යතු පියනකින් (ෂටරයකින්) යුක්ත විය. මෙමෙ කැමරාව භාවිතා කරමින් එකවිට තලීය කැඩපත් ඡායාරූප දෙකක් ගැනීමේ හැකියාව තිබිණි. තවද මෙහි කාල පමාව වායු රෝධක පද්ඩතිය විසින් හසුරුවනු ලැබීය.
  • මෙහි දැක්වෙන ත්‍රිමානේක්ෂ කැමරාවද ඉහත දැක්වෙන අංග වලින්ම යුක්ත වූ අතර වෙනසකට දැකියහැකි වුයේ එහි කාච දෙකම එක දිශාවකට යොමුවී තිබීමයි.
  • එක් මාදිලියක් පටල පරිවහන හැකියාවෙන් යුක්ත වූ අතර එයට එක දිගට ඡායාරූප කීපයක් ගැනීමේ හැකියාවක්ද තිබිණි.
  • තවත් එක් මාදිලියක කැමරාව මලු ම්යිනහමකට සවි කරන ලදී. මෙහිදී කතුරු යාන්ත්‍රණයක් භාවිතයෙන් මෛනහම රැඳවූ අතර ඡායාරූපය ගන්නා තුරු ම්යිනහම ප්‍රසාරණය කල අතර ඉන් පසු ක්ෂණිකව එය ඝනීභුත කිරීම සිදුකරන ලදී. මෙය ඡායාරූ පලයෙහි සෙන්ටිමීටර් 6 x සෙන්ටිමීටර් 9 ප්‍රමාණයේ විස්තාරණයක්(නිරාවරණයක්) ඇතිකිරිමට සමත්විය. මෙහි කාච නාභිය දුර මිලි මීටර් 85ක් විය.
  • තවත් එක මාදිලියක් වන පරිදර්ශක කැමරාවෙහි කාචයෙහි තනි යතු පියන අංශක 180ක භ්‍රමනයකින් ප්‍රතිස්ථාපනය කර තිබිණි. මෙමෙ මාදිලිය පසුකාලීනව නියුබ්‍රොනර් මහතා විසින් අලවිකරණය කිරීමට උත්සහ කරනු ලබූ ඩෝපල් ක්‍රීඩා පරිදර්ශක කැමරා වට මූලික අඩිතාලමද විය.මෙය ඡායාරූ පටලය මත සෙන්ටිමීටර් 3 x සෙන්ටිමීටර් 8 ප්‍රමාණයේ පරිදර්ශක දර්ශනයක් නිර්මාණය කිරීමට සමත් වුනු නමුත් මෙම කැමරාව ශ්‍රේනික නිෂ්පාදය දක්වා ඉදිරියට යාමක් සිදුනොවිය.


වර්ෂ 1920 වනවිට පෑම්ප්ලට් නගරයේදී නියුබ්‍රොනර් මහතා විසින් ඔහුගේ අවසාන කැමරා මාදිලිය සම්බන්දයෙන් කල විස්තර වලට අනූව එය ග්‍රෑම් 40කට (අවුන්ස 1.4) වඩා ඉතාමත් සුළු ප්‍රමාණයක් බරින් වැඩි වන අතර එයට ඡයාරූප 12ක් පමණ ගැනීමේ හැකියාවක්ද පවතී. 2007 වසරේදී පර්යේක්ෂකයෙකු විසින් ප්‍රකාශ කල ආකාරයට නියුබ්‍රොනර් මහතාගේ කැමරාවෙහි කාච , කැමරා ෂටරය සහ වේගය සම්බන්ධව තොරතුරු ලබාගැනීමට ඒවා කිසියම් හෝ තැනක සඳහන්ව නොතිබුණු අතර එම පර්යේක්ෂකයාගේ සොයාගැනීම් වලට අනුව නියුබ්‍රොනර් මහතා ඔහුගේ පරිදර්ශන කැමරාව සඳහා ආම්පන්න මිලදීගෙන ඇත්තේ ඇඩොක්ස් නමැති වෙළඳ ව්‍යාපාරයෙන්ය.තවද ඔහුගේ කැමරාවේ ඡායාරූ පටලයේ වේගය අයිඑස්ඕ (ISO) 25/15° – 40/17° අතර ප්‍රමාණයක් වූ අතර ෂටරයේ වේගය තත්පර 1/60 – තත්පර 1/100 අතර අගයක් වූ බවට වාර්තා විය. මෙමෙ ඡයාරූ පටලය මිලිමීටර් 30 × මිලිමීටර් 60 ප්‍රමාණයට කපනු ලැබූ අතර එය උන්නත හැඩයට නවනු ලැබූයේ කචයහි සිදුවන්නාවූ අර්ද වෘත්තාකාර චලිතයේදී සිදුවිය හැකි අනවශ්‍ය හානි වලින් මුදා ගැනීම සඳහා වේ.

වර්ෂ 1920 වන විට නියුබ්රෝනේර් මහතාට දැනුන අකාරයෙන් ඔහු විසින් කල අවුරුදු 10 ක දුෂ්කර පරීක්ෂණ සහ ඔහු ඇති සිදු වූ සියලුම සැලකිය යුතු තරමේ වූ වියදම් වලට ලැබුන එකම ත්‍යාගය වන්නේ ඔහු පිලිබඳ විශ්වකෝෂ වල සඳහන් වීම සහ තාක්ෂනය හා තාක්ෂණික දැනුම ඇසුරු කරගෙන ලබාගන්නට හැකි වූ ස්ව සෑහීම පමණකි. ඔහුගේ ජංගම පරවී කූඩුව (පහල විස්තර කර ඇති පරිඳි) එහි ප්‍රයෝජනවත් භාවය පළමු ලෝක යුද්ධ සමය තුල පෙන්වූ අතර ඔහුගේ පරිදර්ශක කැමරාව බර්ලින් නගරයේ පිහිටි ජර්මානු තාක්ෂණික කෞතුකාගාරයේ සහ මුන්චි නගයයේ ඩෝයිෂ් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබේ.

පළමු ලෝක යුද්ධය[සංස්කරණය]

නියුබ්රෝනර් මහතාගේ ජංගම පරවී කුඩුව

නියුබ්රෝනර් මහතාගේ සොයාගැනීම යම්තාක්දුරකට හෝ දිරිගැන්වීමට හැකි වුයේ යුද්ධ කටයුතු සඳහා මෙම තාක්ෂනය යොදාගනීමෙහි ලා තිබු හැකියවයි. එවකට ගුවනේ සිට ගනු ලැබූ ඡායාරූ භාවිතයෙන් පිරික්සුම් කටයුතු කිරීමේ හැකියාවක් තිබුනද එහිදී උවමනා වන ගුවන් බැලූන , සරුංගල් , රොකට් හේතුවෙන් එම කටයුතු කසිදු කිරීම තරමක් දුෂ්කරව පැවතිනි. මේ අතරවාරයේදී [ http://en.wikipedia.org/wiki/Wright_brothers රයිට් සහෝදරයිගේ] ගුවන්යානයේ සාර්ථක පියාසැරිය සිදු වූනු අතර මේ මගින් ගුවනේ සිට ඡායාරූප ගැනීමේ කලාවට නව අදහස් සහ මන් මවත් විවර වෙන්නට විය. පළමු ලෝක යුද්ධ සමයේ මුර ගුවන් යානා කරලියට පැමිණියේද මෙහි ප්‍රථිපලයක් වශයෙනි. එවකට තිබුන තාක්ෂනය සමග සලක බලන විට පරවියන් ආශ්‍රයෙන් සිදුකරන මේ ඡායාරූපකරනයෙදි සිදුවන ප්‍රයෝගික අපහසුතා හැරුනකොට මේ තාක්ෂණයෙන් පොලවේ සිට පහල උසක සිට පැහැදිලි සන්පූරක ඡායාරූප ලබාදෙන බවට ප්‍රකාශ කර සහ ඔප්පු කර තිබිණි.

පර්සියානු යුද්ධ අමාත්යංශය මෙමෙ පරවී ඡායාරූපකරණය සම්බන්දව උනන්දුවක් දක්වා තිබුන අතර ඇතිවන සංශයවාදය මඟහරවා ගැනීමට සාර්ථක ආදර්ශන ප්‍රදර්ශන මාලාවක් සිදුකිරීමටද සිදු වූ බවට ද වාර්තාවේ. මෙහි තිබු මුලිකම විශේෂත්වයක් වනුයේ යුද්ධයේදී සිදුවන පිපිරීම් වලට පරවියන් ඍණාත්මක ප්‍රතිචාර නොදක්වීමයි. ඒ අතරම පන නැඟුණ ප්‍රශ්නයක් වන්නේ යුද්ධ අවස්ථා වැදලි පරවියන් සිටින ස්ථානයෙන් තවත් ස්ථානයකට ගෙන යාමට සිදුවීමයි, එහිදී පරවියන් එම ස්ථානයට හුරුවීමට තරමක් කල් ගතවන්නට වීම බරපතල ප්‍රශ්නයක්ව පැවතිනි. 1880 වසරේදී ඉතාලි යුද්ධ හමුදාව විසින් ඉක්මනින් කෙටි පුහුණුවක් ඇතුලට පරවියන් ස්ථානයට හුරුකරවීම සිදු කිරීමට සමත් වූ අතර ප්‍රංශ කාලතුවක්කු හමුදාවේ කපිතාන් විසින් මෙමෙ ප්‍රශ්නයට විසඳුමක් ගෙන එනු ලැබුවේ ජංගම පරවි කුඩුවක් තුල තම පරවියන් ඇති දැඩි කිරීමෙනි. කටයුතු එලස සිදු වුවද නියුබ්‍රොනර් මහතා ඒවා පිලිබඳ දැනුවත් බවක් තිබුබවට නොපෙනෙන්නේ ඔහුද එම ගැටලුවට විසඳුමක් අවශ්‍ය බව දැනගෙන විසඳුමක් සොයමින් සිටිය නිසාවෙනි. ඔහුව අසන්නට ලැබුන ආකාරයට බිම් නඩත්තු කරන්නෙකුට (එම පුද්ගලයා පරවින්ද ඇතිකරයි) තමගේ රථයට සවිකරගත හැකි ජංගම පරවි කුඩුවක් තිබිණි. ඉන් අදහස ගත් නියුබ්‍රොනර් මහතා ඩ්රෙස්‌ඩරන් හිදී සහ ෆ්රෑන්ක්ෆරට් හිදී පැවැත්වුන ප්‍රදර්ශන වලදී කළුවර කාමරයක් සහිත වර්ණවත් පරවී කුඩුවකින් සාමග වූ කුඩා රථයක් නිර්මාණය කර තිබිණි. මාසයක පමණ උද්යෝගිමත් සහ අපහසු පුහුණු කිරීම් වලින් පසුව ඔහුට විස්ථාපනය කල පරවී කුඩුවකට උවද පරවියන් ගෙන්වාගැනීමට හැකිවන පරිඳි එම පරවියන් දියුණු කිරීමට හැකියාව ලැබිණි.

1912 වර්ෂය වන විට නියුබ්‍රොනර් මහතා ඔහුට පැවරුන ඔහුගේ ජංගම පරවී කුඩුව භාවිතා කරමින් ජලාංග ඡායාරූප ගත කිරීමේ කටයුතු සාර්ථකව නිමාවට පත් කරන ලදි . (එම කාර්ය ඔහුට පැවරුනේ 1909 වසරේදීය.) පුරා අවුරුදු 10ක කාලයක් මෙම තාක්ෂණයත් සමග කල කටයුතු සමග ස්ට්‍රාබර්ග් ප්‍රදේශයේ ප්‍රායෝගික පරීක්ෂණයක් සිදුකරන්නට කටුතු සම්පාදනය කර තිබිණි. මෙය එම ප්‍රාන්තය යුද්ධයෙන් අත්පත් කරගැනීමට පසු කෙරීමට තිබුනත් යුද්ධයේ පැතිරිම හේතුවෙන් එම සියලු සැලසුම් නැවත දැමීමට සිදුවිය. පසුව නියුබ්‍රොනර් මහතා ඔහුගේ සියලුම උපකරණද පරවියන්ද යුද්ධ හමුදාවට බාරදෙනු ලැබූ අතර යුද්ධ බිමේදී මෙමෙ පරවියන් යොදාගෙන සිදු කල පරීක්ෂණ සැනසිලි දායක ප්‍රතිඵල ලබා දෙන්නට විය. එසේ උවද මෙමෙ පරවියන් යොදාගෙන ඡායාරූප ගැනීම එහිදී පුළුල් ලෙස භාවිතයට නොගැනිණි.

එවකට ඇති වූ අලුත් තත්වයන් හමුවේ පරවියන් ඡායාරූපකරණයට යොදාගන්නවා වෙනුවට වැඩිවැඩියෙන් ඔවුන්ගේ සම්ප්‍රදායික කටයුත්ත වන තැපැල් කටයුතු සඳහා යොදාගැනීමේ පුනරුදයක් දක්නට ලැබිණි. මුලදී නියුබ්රෝනර් ගේ තාක්ෂණය යුද්ධ කටයුතු සඳහා පුළුල්ව යොදා නොගත්තත් ඔහුගේ ජංගම පරවී කුඩුව වර්ඩුන් සටනේදී භාවිතයට ගන්න ලද අතර ඉන් බොහෝ යුද්ධ වාසිද ඔවුන් අත් පත්කරගනු ලැබීය. එම උපක්‍රම තවත් විශාල හා පුළුල් ලෙස සොමියේ සටන හිදීද භාවිතා විය. මෙමෙ නිමවීමට පසු, යුද්ධයෙන් පෙර නියුබ්‍රොනර් මහතාගේ ගුවනේ සිට ඡායාරූප ගැනීමට හැකි පරවියන් යුද්ධ කටයුතු වලට කිසිඳු ප්‍රයෝජනයක් නැති බවට කල ප්‍රකාශ සම්බන්දයෙන් ඔහු කල විමසුමට එරට යුද්ධ අමාත්යංශය ප්‍රතිචාර දැක්වූ අතර අනාගත පරීක්ෂණ කටයුතු යුක්තිමත් කිරීමක් සිදු නොවිය.

වොෂින්ටන් ඩී.සී. හි පිහිටි ජාත්‍යන්තර රහස් පර්යේෂක කෞතුකාගාරයේද මෙමෙ පළමු ලෝක යුද්ධියේදී භාවිතා වූ පණිවිඩ රැගෙන යන පරවියන් වෙනුවෙන් සහ ගුවනේදී ඡායාරූප ගනු ලැබූ පරවියන් වෙනුවෙන් කුඩා කුටියක් වෙන්ව පවතී.

දෙවන ලෝක යුද්ධය[සංස්කරණය]

විශාල කැමරාවක් සවිකර ඇති පරවියෙකු, අතින් මුදා හරින සංඥා බලකායේ සොල්දාදුවෙකු සහ පරිවහන සුනකයෙකුගෙ ජර්මානු සෙල්ලම් භාන්ඩයක්
ස්විස්ටර්ලන්ත පේඩන්ට් බලපත්‍රයෙහි වූ ඡායාරූපයක්

පළමු ලෝක යුද්ධය නිම වීමත් සමගම ජර්මානු යුද්ධ අමාත්‍යංශයේ මතයද නොතකමින් ජර්මානු හමුදා විසින් පරවියන් ඡායාරූපකරණයට පුහුණු කරන බවත් මෙහිදී එක පරවියෙකු රැගෙන යන කැමරාවකින් දර්ශන 200ක් පමණ ඡායාරූප ලෙස හසුකර ගැනීමට හැකියාවක් පවතින බවත් වාර්තා විය. මේ අතර ප්‍රංශ ජාතිකයන්ද කියා සිටියේ ඔවුන් විසින් නිර්මාණය කර ඇති පරවියන් හට සවි කරන කැමරා චිත්‍රපට කැමරා බවත් තවද ඔවුන් විසින් පුහුණු සුනඛයන් භාවිතයෙන් පරවියන් සතුරු සීමා වලින් ඔබ්බට (පසු පසට) ගෙන යාමේ ක්‍රමෝපායක් සොයාගෙන ඇති බවත්ය.

මෙලෙස යුද්ධ කටයුතු සඳහා යුද්ධ පරවියන් සහ ජංගම පරවි කූඩු භාවිතය පුළුල් ලෙස සිදු වුවද එය කුමන සීමාවක් දක්වාද යන්න අපැහැදිලි කරුණක්ව පැවතිනි. එසේ යොදාගත්තනම් ඒ යොදාගත්තේ ඡායාරූප ගැනීමේ කටයුතු වලට විය යුතුය. 1942 වර්ෂයේ ලියවුනු වාර්තාවකට අනුව රුසියානු හමුදා විසින් සොයාගත් ඇත හැර දැමු රථයක තිබී පරවියන්ට සවිකරනු ලබන මිනිත්තු 5ක කාල පමාවක් සහිතව ඡායාරූප ගත හැකි කැමරා සොයාගනු ලැබීය. එපමණක් නොව ඔවුන් විසින් පරවියන් පැසක බහාගෙන තැනින් තැනට රැගෙන යා හැකි ලෙස පුහුණු කරන ලද සුනකයන්ද සොයා ගත බවට වාර්තා වේ. තවද 1943 වාර්තා වී තෙබෙන ආකාරයට මිතුරු පාර්ශවය වූ ඇමරිකානු සංඥා බලකායද මෙමෙ තාක්ෂණයට හුරුවීමේ වටිනාකම සහ ඉන් ලබාගත හැකි ප්‍රයෝජන සම්බන්ධව තේරුම් ගෙන සිට ඇත.

දෙවන ලෝක යුද්ධ සමයේදී යුද්ධ පරවියන් යොදාගෙන සිදුකරන ඡායාරූපකරණය පෙරපාසල දක්වා ගිය බව සුපැහැදිලි කරුණකි. මීට හේතුව වුයේ එම පරවියන් ආශ්‍රයෙන් නිර්මාණය වූ සෙල්ලම් භාණ්ඩයි. 1935 සිට මෙමෙ සෙල්ලම් භාණ්ඩ ඉලාස්ටෝලින් නම් වූ සමාගමක් යටතේ නිර්මාණය වූ බවට තොරතුරු ලැබී තිබෙන අතර. 1918 වසරේ දී නිර්මාණය වූ සෙල්ලම් භාණ්ඩ සහ මේවා අතර රටාවක් ලෙස කාලනුරුපිව වෙනස් වූ නිල ඇඳුම් සෙල්ලම් භාණ්ඩයේද නවීකරණය වීමයි. මෙහි දැක්වෙන පරිඳි සමහර සෙල්ලම් භාණ්ඩ, ප්‍රමාණයට වඩා තරමක් විශාල කැමරාවක් සවිකර ඇති පරවියෙකු, අතින් මුදා හරින සංඥා බලකායේ සොල්දාදුවෙකු සහ පරිවහන සුනකයෙකුගෙන් සමන්විත වී තිබීම දක්නට ලැබිණි.

වෙවෙයි නගරයෙහි 'Musée suisse de l'appareil photographique' සිදු කල ගවේෂණ වලට ස්තුති වන්නට මෙමෙ කාලයේදී සිදුවූ පරවි කැමරා නිර්මාණය ගැන තොරතුරු අනාවරණය විය. එම දත්ත වලට අනුව ස්විස්ටර්ලන්තයේ වෝල්ඩේ නගරයෙහි විසූ ඔරලෝසු කාර්මිකයෙකු වූ ක්‍රිස්ටියන් ඒඩ්රියන් මයිකල් (1912 - 1980) මේ කාලය වන විට නියුබ්‍රොනර් මහතාගේ පරිදර්ශක කැමරාව වැඩිදියුණු කිරීමට පටන්ගෙන තිබිණි. 1931 වනවිට ඔහුට ස්විස්ටර්ලන්තයේ හමුදාවේ පරවි සංදේශක සේවහි කටයුතු භාරව තිබුණු අතර 1933 වසර වන විට ඔහු ඉහත සඳහන් කැමරාව සම්බන්දයෙන් උනන්දුවක් දක්වන්නට විය. ඔහු එම කැමරාව මිලි මිලිමීටර් 16 ඡායාරූ පටලයකට නවීකරණය කල අතර ඔහු එය චිත්‍රපට කැමරාවක් දක්වා දියුණු කිරීමද සිදුකරන ලදී. ඡායාරූ පටලය දසුන් අතර මාරු වීමේදී සිදුවන්නාවූ පමාව පාලනය කෙරීමට යාන්ත්‍රණයක්ද මොහු විසින් නිර්මාණය කරන ලදී. මෙලෙස නිර්මාණය වූ මයිකල්ගේ කැමරාවෙහි බර ග්‍රෑම් 70ක් (අවුන්ස 2.5ක් ) පමණක් වූ අතර මුහුර්තයකය ඔරලෝසු යාන්ත්‍රනයකින් ක්‍රියාත්මක වූ ප්‍රථම කැමරාව මෙය වන්නට ඇතයි කියාද සැකකෙරේ.

මයිකල් හට ඔහුගේ කැමරාව ස්විස්ටර්ලන්ත හමුදාවට අලවි කිරීමට සලසුඅමක් තිබුනද එය අසාර්ථක වූයේ එම කැමරා එම තත්වයෙන් නිෂ්පාදනය කිරීමට නිෂ්පාදකයෙකු සොයාගැනීමට නොහැකිවීම නිසාවෙනි. එබැවින් අවසානයේදී නිර්මාණය වූයේ ඉන් කැමරා 100ක් පමණකි. දෙවන ලෝක යුද්ධය පැතිරීමත් සමඟ මයිකල් විසින් පරවියන්ට ආවරණයක් සහ පරවියන් යොදාගෙන ඡායාරූ පටල සහ අම්පන්න රැගෙන යා හැකි රඳවනයක් නිර්මාණය කරන ලදී. 2002 සහ 2007 වසරවල් අතරතුර ක්‍රිරිශ්ලීස් නම් සමාගමක් විසින් ලන්ඩන් නගරයේදී, ඔහුගේ (මයිකල්ගේ) කැමරා 3ක් වෙන්දිසි කල බවටද සනහන් වේ.

වෙවෙයි නගරයෙහි 'Musée suisse de l'appareil photographique' සතුව මයිකල් විසින් ඔහුගේ කැමරාව නිර්මාණය කරන අවධියේ ගනු ලැබූ පර්යේෂණ ඡායාරූප 1000ක පමණ ප්‍රමාණයක් පවතී. මෙහිදී බොහොමයක් ඡායාරූප සඳහා භාවිතා කර තිබෙන්නේ මිලි මීටර් 16 ප්‍රමාණයේ ඇග්ෆා ඕතෝග්‍රැෆික් ඡායාරූ පටලයක් වන අතර අයි එස් ඕ (ISO) අගයහි වේගය 8/10° ක්ද, අනාවෘත හැඩහුරුව මිලිමීටර් 10 X මිලිමීටර් 34 ප්‍රමාණයේද විය. මෙහිදී ගනු ලැබූ ඡායාරූපයක් දෘවිශ්ට(දස ගුණයක්) විශාලනයට යොමු කිරීමට තරම් හොඳ තත්වයේ ඒවා විය. 2007 වසරේ පැවති 'Des pigeons photographes? 'ඡායාරූප ප්‍රදර්ශන අත් පොතෙහි, මෙමෙ ඡායාරූප, කවුළුවක සිට ගනු ලැබූ භූමියේ ඡායාරූප, මිනිස් දෘශ්ටි කෝණයට අනුව පොලවේ සිට හෝ උච්ච ස්ථාන වල සිට ගත ඡායාරූප , ගුවන් යානා ආශ්‍රයෙන් ගුවනේ සිට ගනු ලැබූ ඡායාරූප ලෙස වෙන් කර තිබූ අතර ගුවනේ සිට ඉතා උච්ච ස්ථානවල සිට ගනු ලැබූ ඡායාරූප නිසැක වශයෙන්ම ගුවන්යානයකින් මුදා හරින ලද පරවියන් විසින් ගන්න ලද ඒවා විය යුතු වන අතර මෙහි සාමාන්‍ය පරවි ඡායාරූපකරණයෙහි වූ ඡායාරූප සුළු ප්‍රමාණයක් පමණක් විය.

දෙවන ලෝක යුද්ධයෙන් පසු[සංස්කරණය]

දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇමරිකානු මද්‍යම රහස් ඔත්තු සේවය (CIA) පරවියන් යොදාගෙන සිදුකරන්නාවූ ඔත්තු බැලීමේ කටයුතු සඳහා බැටරි බලයෙන් ක්‍රියාත්මක වන කැමරාවක් නිර්මාණය කල අතර එම කැමරාව මේ වනවිට CIA කෞතුකාගාරයෙහි තැම්පත් කර තිබේ. තවද වෙබ් අඩවියෙහි සඳහන් වන පරිඳි මෙමෙ කැමරාව පිලිබඳ තොරතුරු රහසිගතව පවතී. ස්විස්ටර්ලන්ත පුවත් වල දැක්වෙන ආකාරයට 1970 වසරේදී පරවියන් ගුවන් යානයක සිට මුදාහැරීමේදී භාවිතා වූ කැමරාව අසාර්ථක වී ඇත. 1978 වසරේදී ස්විස්ටර්ලන්ත සඟරාවක පල කල බ්‍රසීලයේ වීදියක ඡායාරූපය පරවියෙකු විසින් ගන්න ලද්දක් වන අතර එහිදී භාවිතා වූ යාන්ත්‍රනය ද්‍රාවික යාන්ත්‍රණයක් බවද සඳහන් වේ. එවකට කලාකාමියෙකු සහ සුරතල් සතුන් ඇති කරන්නෙකු වූ ආමෝස් ලටෙයර් විසින් 2002 සහ 2003 වසර වලදී සංකීර්ණ තාක්ෂණික ඡායාරූප පද්ධතියක් (APS) හා ඩිජිටල් කැමරා භාවිතයෙන් පරවි ඡායාරූපකරණයෙහි නියුතු වූ අතර එම ඡායාරූප ඔහු පෝලන්තයේ, ඕගොන් නගරයේ පැවති ඔහුගේ දේශනයකදීද භාවිතා කර තිබේ. 2008 වසර වන විට පරවි ඡායාරූපකරණය චිත්‍රපට ජවනිකා වලද දක්නට හැකි විය. එනම් 2008 වසරේදී නිර්මාණය වූ ස්ලීපින් බියුටි නම් ආරෙන්ඩ් අගතා විසින් අද්යක්ෂණය කල චිත්‍රපටයේ කුමරා විසින් කුමරිය (ස්ලීපින් බියුටි) සොයා ගනු ලබන්නේ ඔහුගේ පරවියා විසින් ගනු ලබන ඡායාරූපයක් ආධාරයෙනි.

1980 වර්ෂය වන විට ඉහල ප්‍රමිතියකින් යුතු රෙප්ලිකා ඩොප්ලර් ක්‍රීඩා කැමරා සුළු ප්‍රමාණයක් නිර්මාණය වූ අතර 1999 වසර වන විට ස්විස්ටර්ලන්තයේ වෙවේ හි පිහිටි කැමරා කෞතුකගාරයට ඉන් එකක් ලබාගැනීමටද හැකි විය.

අද වන විට නව තාක්ෂය භාවිතයෙන් උසස් තත්වයේ චලිත රූප පටිගත කරගත හැකි මට්ටමට මෙමෙ ඡායාරූපකරණය දියුණුවී තිබේ. 2004 වසරේදී බීබීසී රුපවාහිනියේ විකාශනය වූ ස්ටීව් ලෙනාර්ඩ් විසින් සිදු කල 'ඇනිමල් කැමරා ' (animal camera) නම්වූ වැඩසටහනකින් රාජාලියන්, උකුස්සන් ඇතුළු කුරුල්ලන්ට සවිකළ ක්ෂුද්‍ර කැමරා වල දර්ශන විකාශය විය. මෙහිදී ක්ෂුද්‍ර තරංග භාවිතයෙන් එම කැමරා වල දත්ත ළඟම පිගිටි ග්‍රාහකයකට සම්ප්‍රේෂණය කරගනු ලැබීය. මෙමෙ කැමරා වල බර ග්‍රෑම් 28ක් (අවුන්ස 0.99) පමනක් වූ අතර මේ කාලය වන විට චලිත රූප පරිගත කරන කැමරා සමගම නිමවූ ක්ෂුද්‍ර ශ්‍රව්‍ය වාදකද පරවියන්ට සවිකිරීමට තරම් මෙමෙ තාක්ෂනය දියුණු විය. ගවේෂකයන් විසින් සඳහන් කරන ලද ආකාරයට ඔවුන් ඇල්බට්‍රොස් නම් පක්ෂියෙකුට සවිකළ කැමරාව සෑම තත්පර 30කට වරවක්ම ඡායාරූප ගැනීමේ හැකියවෙන් යුතුවිය. තවද මෙමෙ තාක්ෂනය පක්ෂීන්ට සීමා නොවී සුනඛයන් , පූසන් වැනි සතුන් හට කැමරා සවිකිරීමෙන්ද ප්‍රයෝජනයට ගනුලබයි.

වැඩි විස්තර සඳහා[සංස්කරණය]

නියුබ්‍රොනර් පිළිබඳව[සංස්කරණය]

  • Brons, Franziska (2006), "Bilder im Fluge: Julius Neubronners Brieftaubenfotografie" (in German), Fotogeschichte 26 (100): 17–36. 
  • Gradenwitz, Alfred (1908), "Les pigeons photographes" (in French), L'illustration (3429): 322ff. 
  • Neubronner, Julius (1909) (in German), Die Brieftaubenphotographie und ihre Bedeutung für die Kriegskunst, als Doppelsport, für die Wissenschaft und im Dienste der Presse. Nebst einem Anhang: 'Die Kritik des Auslandes', Dresden: Wilhelm Baensch. 
  • Neubronner, Julius (1910), "Die Photographie mit Brieftauben", in Wachsmuth, Richard (in German), Denkschrift der Ersten Internationalen Luftschiffahrts-Ausstellung (Ila) zu Frankfurt a.M. 1909, Berlin: Julius Springer, pp. 77–96, OCLC 44169647. 
  • Oelze, Friedrich Wilhelm (1910) (in German), Brieftaubensport und Brieftaubenphotographie, Miniatur-Bibliothek für Sport und Spiel, 30–31, Leipzig, Berlin, Frankfurt a. M., Paris: Grethlein, OCLC 251937979. 
  • Wittenburg, Jan-Peter (2007), "Photographie aus der Vogelschau: zur Geschichte der Brieftaubenkamera" (in German), Photo deal 4 (59): 16–22. 

මයිකල් පිළිබඳව[සංස්කරණය]

බාහිර ඈඳුම්[සංස්කරණය]

සැකිල්ල:Https://en.wikipedia.org/wiki/Photography

"http://si.wikipedia.org/w/index.php?title=පරවි_ඡායාරූපකරනය&oldid=301394" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි