පරමාණුක අරය

විකිපීඩියා වෙතින්

පරමාණුක අරය , නැතහොත් පරමාණුවේ විශාලත්වය, පරමාණුවේ පැහැදිලිව අර්ථ දක්වා නැත භෞතික අගයන් නොවන අතර එය සියළු අවස්ථාවන්හි නියතයක්ද නොවේ , යම් පරමාණුවක අරීය අගය රදා පවතිනුයේ ඒ සදහා යොදාගන්නා නිර්වචනය මතය. මේ සදහා වූ එකිනෙකට වෙනස් අවස්ථාවනෝචිත නිර්වචන කිහිපයක් ඇත.

“පරමාණුක අරය” යන පදය ගැටළු සහගතය මක් නිසාදයත් , එය නිදහස් පරමාණුක හා නිදහස් අණු යන දෙකේම වෙනස් අගයන් ලබා දෙන බැවිනි. මෑත භාගයේ දී අයනික අරය යන යෙදුම ද භාවිතයේ ගැටළු ඇත. එයට හේතුව , සහසංයුජ හා අයනික බන්ධන අතර වෙනස පදනම් රහිත බැවිනි.

පරමාණුක අරය මුළුමනින්ම තීරණය වනුයේ ඉලෙක්ට්‍රෝන මගිනි. මෙහිදී පරමාණුක න්‍යෂ්ටිය ෆෙම්ටො මීටරවලින් මණිනු ලැබේ. එම අගය ඉලෙක්ට්‍රෝන වළාවේ අගයට සාපේක්ෂව 100,000 වාරයක් කුඩා වේ. නමුත් ඉලෙක්ට්‍රෝන ඇතැම් පෙදෙසක ගමන් කළද , එයට නියමිත ස්ථානයක් නොමැති බැවින් ඉලෙක්ට්‍රෝන වළාවට එතරම් තියුණු මායිමක් නොපවතී.

මෙම හේතූන් නිසා පරමාණු හා අයනවල විශාලත්වය මැනීමට , පරීක්ෂණාත්මක මිණුම් හා ගණනය කිරීමේ ක්‍රමවේදයන් යොදාගනිමින් අදාල මිණුමක් සොයා ගැනීමේ විශාල උත්සාහයක් විද්‍යාඥයින් දරණ ලදී. මෙහිදී ප්‍රති‍ක්ෂේප කළ නොහැකි කරුණක් වන්නේ පරමාණු 30 – 300pm (අරය) ප්‍රමාණයේ ගෝල ලෙස හැසිරීමයි. එවිට පරමාණුවල ප්‍රමාණය එකිනෙකින් වෙනස්වන අතර , මේ වෙනස ආවර්තිතා වගුවේ මූලද්‍රව්‍ය අතර පවතින වෙනස්කම් පැහැදිලි කිරීමට මූලික කරගත හැකිව තිබේ.


පරමාණුක අරයේ ආවර්තික ලක්ෂණ[සංස්කරණය]

පරමාණුවක අරීය ලක්ෂණ කාණ්ඩයක් ඔස්සේ පහළට යන විට වැඩි වේ. මේ අනුව පැහැදිලි කළ හැකි එක් කරුණක් නම්, ඉලෙක්ට්‍රෝන වැඩි වශයෙන් ඇති පරමාණුවල අරය විශාල බවයි. කෙසේ වුවත්, ආවර්තයක් ඔස්සේ තිරසට යන විට මේ තත්වය වෙනස් වේ. එවිට ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වැඩිවන විට අරය අඩුවේ. මෙයට හේතු වන්නේ න්‍යෂ්ටියේ තිබෙන ප්‍රෝටෝන ප්‍රමාණයයි. ප්‍රෝටෝන පරමාණුවේ විශාලත්වයට යම් දායකත්වයක් ලබා දෙන මුත් බොහෝ විට සිදු කරන්නේ න්‍යෂ්ටියේ ධන ආරෝපණ සංඛ්‍යාව වැඩි කිරීමයි. එවිට ඉලෙක්ට්‍රෝන කවච න්‍යෂ්ටිය වෙතට ආකර්ෂණය වේ.

මෙවන් අවස්ථාවක දී වැඩිවන න්‍යෂ්ටික ආරෝපණය සමතුලිත වන්නේ ඒ හා වැඩිවන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය මගිනි. එම සංසිද්ධිය ආචරනය ලෙස හැදින්වේ. මෙවිට කාණ්ඩයක් ඔස්සේ පහළට යන විට පරමාණුවේ ප්‍රමාණය විශාල වේ.කෙසේ වුවද , ආචරණ‍ෙයන් සිදුවන බලපෑම අඩුවන අවස්ථා 2ක් පවතී. මෙම අවස්ථ‍ාවේ දී පරමාණුවේ ප්‍රමාණය අපේක්ෂිත අගයට වඩා කුඩා වේ.

ලැන්තනයිඩවල හැසිරීම[සංස්කරණය]

4f- කාක්ෂිකවල ඉලෙක්ට්‍රෝන එනම් , සීරියම්(z=58) සිට ලුටෙටියම් දක්වා(z=71) වූ ඉලෙක්ට්‍රෝන ආචරණය කෙරෙහි එතරම් බලපෑමක් නොදක්වයි. එමනිසා ලැන්තනයිඩ ශ්‍රේණියෙන් පසුව එම ආවර්තයේ මූලද්‍රව්‍යවල පරමාණුක අරය අපේක්ෂිත අගයට වඩා අඩු වන අතර , ඊට ඉහළ ආවර්තයේ මූලද්‍රව්‍යවල පරමාණුක අරයට බෙහෙවින් සමාන වේ. හැෆ්නියම් හා සර්කෝනියම්හි පරමාණුක අරයන් සමාන වන්නේ ද නයෝබියම් හා ටැන්ටලම්හි පරමාණුක අරයන් සමාන වන්නේ ද තවත් මූලද්‍රව්‍යවල පරමාණුක අරයන් සමාන වන්නේ ද මේ සංසිද්ධිය හේතුවෙනි. මේ බලපෑම ප්ලැටිනම් (z =78) දක්වා හොදින් දැකගත හැකි අතර ඉන්පසුව ඇති මූලද්‍රව්‍ය නිෂ්ක්‍රීය යුගල ආචරණය නමින් හැදි‍න්වෙන සාපේක්ෂතා ආචරණයට යටත් වේ.


d ගොණුවේ මූලද්‍රව්‍යවල හැසිරීම[සංස්කරණය]

d ගොණුවේ මූලද්‍රව්‍ය පරමාණුවල කාක්ෂිකවල හැකිලීම ලැන්තනයිඩ හා සමානවම සිදු නොවුනත් බලපාන හේතුව එකම වේ. මෙහිදී සිදුවන්නේ 3d ඉලෙක්ට්‍රෝනවල දුබල ආවරණ හැකියාව පරමාණුක අරයට බලපෑමයි. මේ නිසා අන්තරික මූලද්‍රව්‍යවලින් පසුව එන ගැලියම් සිට බ්‍රෝමීන් දක්වා වූ මූලද්‍රව්‍යවල රසායනික ලක්ෂණ පෙර පරිදිම ඉහළ ආවර්තයට සමාන වේ.

නිරීක්ෂණ හා පර්යේෂණ මගින් ලබාගත් පරමාණුක අරයන්

(pm වලින් මැන ඇති මෙහි නිරවද්‍යතාව 5pm පමණ වේ)

ගොනුව:Untitled 1.JPG

ගණනය කිරීම් මගින් ලබාගත් පරමාණුක අරයන් (pm වලින් මැන ඇත)

ගොනුව:Untitled 2.JPG
"https://si.wikipedia.org/w/index.php?title=පරමාණුක_අරය&oldid=472639" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි