පයිතගරස් ප්‍රමේයය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න

ගණිතයේ දී පයිතගරස් ප්‍රමේයය යනු යුක්ලීඩ් ජ්‍යාමිතියේ සෘජුකෝණී ත්‍රිකෝණයක පාද තුන අතර සම්බන්ධයකි. සාම්ප්‍රදායිකව මෙම ප්‍රමේයය සොයා ගෙන සාධනය කළා යැයි සැලකෙන ග්‍රීක ජාතික ගණිතඥයකු වන පයිතගරස් හට ගෞරවයක් ලෙස පයිතගරස් ප්‍රමේය ලෙස නම් කළ ද ඔහුට ප්‍රථමයෙන් මෙම ප්‍ර‍මේයය භාවිතයේ තිබී ඇත.

පයිතගරස් ප්‍රමේයය : සෘජුකෝණී ත්‍රිකෝණයක කර්ණය (c) මත ඇඳි සමචතුරස්‍රයේ වර්ගඵලය ඉතිරි පාද දෙක (a හා b) මත ඇඳි සමචතුරස්‍රවල වර්ගඵලයන්හි ඓක්‍යයට සමාන වේ.


[සංස්කරණය] ප්‍රමේයය පහත පරිදි ද ඉදිරිපත් කළ හැක.

සෘජුකෝණී ත්‍රිකෝණයක කර්ණය (සෘජු කෝණයට සම්මුඛ පාදය) පාදයක් වන සමචතුරස්‍රයේ වර්ගඵලය ඉතිරි පාද දෙක (සෘජු කෝණයේ දී හමුවන පාද) පාද වශයෙන් වූ සමචතුරස්‍ර දෙකෙහි වර්ගඵලවල ඓක්‍යයට සමාන වේ. එය පහත පරිදි සැකෙවින් දැක්විය හැක. කර්ණයේ වර්ගය ඉතිරි පාද දෙකෙහි වර්ගවල ඓක්‍යයට සමාන වේ. කර්ණයේ දිග c ලෙස ද ඉතිරි පාද දෙකෙහි දිගවල් a හා b ලෙස ද ගත් විට පයිතගරස් ප්‍රමේයය පහත පරිදි සමීකරණයකින් ප්‍රකාශ කළ හැක.

a^2 + b^2 = c^2\!\,


හෝ c සඳහා විසඳුම ලෙස,

 c = \sqrt{a^2 + b^2}. \,

මෙම සමීකරණය මගින් සෘජුකෝණී ත්‍රිකෝණයක පාදවල දිග අතර සම්බන්ධයක් ලබා දේ. එනම් සෘජුකෝණී ත්‍රිකෝණයක පාද දෙකක දිග දන්නේ නම් ඉතිරි පාදයේ දිග සොයාගත හැක. ඕනෑම ත්‍රිකෝණයක පාද දෙකක දිග හා එම පාද දෙක අතර කෝණය දන්නේ නම් ඉතිරි පාදයේ දිග සොයා ගැනීමට භාවිතා කරන කෝසයින නීතිය පයිතගරස් ප්‍රමේයයේ සාධාරණීකරනයකි. පාද අතර කෝණය සෘජු කෝණයක් වූ විට කොසයින නීතිය පයිතගරස් ප්‍රමේයය බවට ඌනනය වේ.

"http://si.wikipedia.org/w/index.php?title=පයිතගරස්_ප්‍රමේයය&oldid=208485" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්