පටල පට කැමරා ඩිජිටල් කැමරා බවට පරිවර්තනය කිරීම

විකිපීඩියා වෙතින්

පටල පට කැමරා ඩිජිටල් කැමරා බවට පරිවර්තනය කිරීම

ඩිජිටල් කැමරාවන් ක්i‍රමක්ක‍රමයෙන් පැතිරයන විට බොහෝ ඡායාරූප ශිල්පීන් ඇසූ පැනයක් වූයේ තමන්ගේ පටල පට කැමරා ඩිජිටල් කැමරාවන් බවට පරිවර්තනය කළහැකිද යන්නයි. පිලිතුර වූයේ ‘පුලූවන්’ සහ ‘බැහැ’ යනුවෙනි. මි.මී. 35 කැමරාවන් බොහොමයක් එසේ පරිවර්තනය කළ නොහැකි ඒවා විය. එයට හේතුව ඒ සඳහා විශාල වියදමක් දැරීමට සිදුවීම පමණක් නොවේ. මෙම කැමරාවන්හි කාචයන්ද ඩිජිටල් කැමරාවන් දක්වා විකාශය වීමේදී විශාල වශයෙන් වෙනස්වී තිබීම තවත් හේතුවකි. ඩිජිටල් කැමරාවක් බවට පරිවර්තනය කිරීමේදී ප්ය‍රධාන වශයෙන්ම සිදුවන්නේ කැමරාවේ පසුපස කොටස ඉවත්කොට ඊට සුවිශේෂී ලෙස නිර්මාණය කළ ඩිජිටල් ඒකකයක් සවිකිරීමයි. පසුපස කොටස ගලවා ඉවත්කිරීම හේතුවෙන් ඉලෙක්ට්‍රොනික උපාංග සඳහා මෙන්ම LCD තිරය ඇතුලත් කිරීමට අවශ්‍ය ඉඩකඩද ලැබේ.

NC2000 සහ Kodak DCS කාණ්ඩය වැනි මුල් කාලීන ඒක කාච ප්ට‍රතිඡායා කැමරාවන් මි.මී. 35 පටලපට කැමරාවන් වැඩිදියුණු කිරීමෙන් නිර්මාණය කළ ඒවා වෙයි. මේ කාළයේ තාක්‍ෂණය යනුවෙන් හඳුනාගැනුනේ ඩිජිටල් පසුපස කොටසක් සවිකිරීම නොව කුට්ටියක් වැනි කැමරාවට වඩා විශාල ඩිජිටල් ඒකකයක් මත කැමරාව ස්ථානගත කිරීමයි. කෙසේ වෙතත් මේවා විකිණීමෙන් පසු සිදුකළ පරිවර්තනයන් නොව කර්මාන්තශාලාවේදීම සවිකරනු ලැබූ ඒකකයන් විය. මෙහි සිදුවූ සැලකිය යුතු පරිවර්තනය ලෙස දැක්විය හැක්කේ 1998-2001 කාළයේදී නිර්මාණය කරනු ලැබූ EFS-1 නම් උපාංගයයි. එය පටල පටය ඇතුලත් කෙරෙන ඉඩ තුලට ඇතුල් කළ හැකිවූ අතර කැමරාවට මෙගා පික්සෙල් 1.3 ක විභේදන බලයක් සහ රූප රාමු 24 ක ධාරිතාවයක් ලබාදෙනු ලැබිණි. 2002 වන විට එම සමාගම මෙගා පික්සෙල් 10 ක විභේදන බලයකින් EFS-10 නිර්මාණය කිරීමට අත්හදා බැලීම් ආරම්භ කරන ලදී.

මි.මී. 35 කැමරාවන් සමහරක්ද ඩිජිටල් පසුපස කොටසක් සමඟ වෙළඳපළට පැමිණි අතර එම මාදිලීන් අතරින් Leica කැපී පෙනෙන එකක් විය. මධ්‍යම සහ විශාල ආකෘතියේ කැමරාවන් (මි.මී. 35 වැඩි පටල පට භාවිතා කරන කැමරා) භාවිතා කරන අය ඩොලර් 10,000 ඉක්මවූ ඩිජිටල් ඒකක මිළදී ගැනීමේ හැකියාව සහ ඊට කැමැත්ත දැක්වූ පිරිසක් වූහ.

මෙම පසුපස ඒකකයන් භාවිතාකළ විශාල සංවේදකයන් හේතුකොටගෙන මේවායේ ඡායාරූප ගොනු විශාල ඒවා විය. 2006 දී නිපදවනු ලැබූ P45 39 MP කැමරාවෙන් ලබාගත් TIFF රූපයක ප්න‍රමාණය මෙගා බයිට් 224. 6 ක් තරම් විය. මධ්‍යම ප්ෙ‍රමාණයේ විස්තරාත්මක ඡායාරූප ගතහැකි කැමරාවන් චිත් ‍රාගාර සහ මිනිස් රූප ඡායාරූපකරණය සඳහා යොදාගැනුනි.