නීති අතර ගැටුම

විකිපීඩියා වෙතින්
(නීතිය-නීති පිළිගැටුම වෙතින් යළි-යොමු කරන ලදි)

පොදු නීති පද්ධතිය තුල නීති පිළිගැටුම, පුද්ගලික ජාත්‍යන්තර නීතිය, ජාත්‍යන්තර පුද්ගලික නීතිය හෝ ජාත්‍යන්තර නිතිය (පුද්ගලික) ලෙසින් හැඳින්වෙන්නේ නඩු කටයුත්තට අදාල නීතිය (ලෙක්ස් කවුසායි) ලෙසින් යොදාගනු ලබන අධිකරණ බලයේ නීතිය මත තීන්දුව වෙනස් වියහැකි විදේශීය නීති මූලයන් සම්බන්ධ වන්නාවූ නඩු කටයුතු නියාමනය කරනු ලබන ජාත්‍යන්තර නීතියේ ශාඛාවක් වන ජාත්‍යන්තර අන්තර් රාජ්‍ය නීතියයි.

සිවිල් නීති පද්ධතීන් තුල පුද්ගලික ජාත්‍යන්තර නීතිය කිසියම් රටක දේශසීමාව ඉක්මවා ගිය විදේශීය මූලයක් (නීති පිළිගැටුමක්) සහිත විට කුමණ රාජ්‍යයක නීතිය බලපැවැත්විය යුත්තේද යන්න තීරණය කරනු ලබන අභ්‍යන්තර නීති පද්ධතියේ ශාඛාවකි. යන්නට ජාත්‍යන්තර සිවිල් නඩු විධානය සහ ජාත්‍යන්තර වානිජ බේරම්කරණය (අධිකරණ බලයන් අතර ගැටුම) මෙන්ම පුරවැසි නීතිය (මහජන නීතියේ කෙටසකි) ද ඇතුලත් වෙයි.

නීති පිළිගැටුමේ ස්වභාවය අනුව නෛතික සංකල්පයන්හි ප‍්‍රධාන ධාරාවන් දෙකක් පවතී. එක් පර්යේෂකයින් කණ්ඩායමක් එහි සම්මතයන් ඒකීය, විශ්වීය සහ සෑම රාජ්‍යයක් එයින් බැඳී සිටීම හේතුවෙන් නීති පිළිගැටුම ජාත්‍යන්තර නීතියේ කොටසක් ලෙස දකිති. මෙම ධාරාව සර්වභෞමවාදය ලෙසින් හැඳින්වේ. අනෙක් පර්යේෂකයෝ සෑම රටක්ම සිය ප‍්‍රතිපත්ති මත පිහිටා නීති පිළිගැටුම සම්බන්ධයෙන් තමන්ටම වූ සම්මතයන් නිර්මාණය කරන බව කියා සිටින අතර මෙම න්‍යාය ‘සුවිශේෂීතාවය’ ලෙසින් හැඳින්වේ. පුද්ගලික ජාත්‍යන්තර නීතිය ප‍්‍රධාන කලාපයන් දෙකකට බෙදනු ලැබේ.

x විශේෂිත සම්බන්ධතාවන් සම්බන්ධයෙන් කුමණ රාජ්‍යයේ නීතිය අදාල වන්නේද යන්න තීරණය කරන නීති පිළිගැටුම පිලිබඳ රීතීන්ගෙන් සමන්විත පුද්ගලික ජාත්‍යන්තර නීතියේ අංගය.

x සැබෑ දේපළ පාරිභෝගික නීතිය විනිමය පාලන නියාමනයන්, රක්‍ෂණය, බැංකු නියාමනයන් ආදිය සම්බන්ධයෙන් අනිවාර්යයයෙන්ම අදාල අදාල වන්නාවූ දේශභූමි- බාහ්‍ය ස්වභාවය ඇති වැදගත් නෛතික සංකල්පයන්ගෙන් සමන්විත පුද්ගලික ජාත්‍යන්තර නීතියේ අංගය.

පොදු නීති පද්ධතීන්හි නීති පිළිගැටුම්වලදී මුලින්ම අවධානය යොමු කරනු ලබන්නේ ගැටුම සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා යෝජිත විනිශ්චය අධිකාරයට අධිකරණ බලයක් පවතීද යන්න සහ දෙවනුව පවතින රාජ්‍යයන්හි නීතීන් අතුරින් කුමක් ආරවුල් නිරාකරණය සඳහා යොදාගත යුතුද යන්නයි. එමෙන්ම විදේශීය නඩු තීරණ බලාත්මක කිරීම සම්බන්ධයෙන්ද එය කටයුතු කරයි.

References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Conflict_of_laws

"https://si.wikipedia.org/w/index.php?title=නීති_අතර_ගැටුම&oldid=156241" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි