නිශා ඡායාරූපකරණය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
සිංගප්පූරුවට ඉහළ අහස රාත්‍රීයේදී දිස්වන අයුරු.

රාත්‍රී කාලයේ දී බාහිර පරිසරයෙන් ලබා ගන්නා ලද ඡායාරූප හැඳින්වීම සඳහා නිශා ඡායාරූපකරණය යන යෙදුම භාවිත කෙරේ. රාත්‍රී ඡායාරූප ලබා ගන්නා ඡායාරූපකරුවන්හට කෘත්‍රීම ආලෝකය යොදා ගැනීම හෝ ඉතා දිගු අනාවරක කාල භාවිතය සිදු කළ හැකිය. මින් පසුව සඳහන් කළ ක්‍රමයේ දී අන්‍යෝන්‍යතා බිඳ වැටුම නැවත සකස් කිරීම සඳහා සහ ප්‍රමාණවත් තරම් පැහැදිලි ප්‍රතිබිම්භයක් ප්‍රතිග්‍රහණය කිරීම සඳහා සහ ඡායාරූප පටලයට ප්‍රමාණවත් තරම් කාලයක් සැපයීමට අනාවරක කාලය තත්පර ගණනාවක සිට විනාඩි ගණනාවක කාලයක් දක්වා ඉහළ නංවනු ලැබේ. අධි වේගී ඡායාරූප පටලවල වැඩි දියුණුවත්, අධි සංවේදී ඩිජිටල් ඡායාරූප සංවේදක නිෂ්පාදනයත්, පුළුල් විවර කාච භාවිතයත්, නගර ආශ්‍රිතව ආලෝකකරණයේ ඉහළ යෑමත් හේතුවෙන් පවතින ආලෝකය යොදා ගෙන නිශා ඡායාරූපකරණයේ යෙදීමේ හැකියාව ක්‍රම ක්‍රමයෙන් ඉහළ යමින් පවතී.

රාත්‍රිකාලයේදී ධාවනය වන වාහන වල දැල්වෙන පහන් වලින් විහිදෙන ආලෝකයට නිරාවරණය වීම හේතුවෙන් ඡායාරූපය හරහා ඉරි ඇඳේ.

[සංස්කරණය] රාත්‍රී ඡායාරූපකරණයේදී පහත සදහන් තාක්ෂණ ක්‍රම හා උපාංග භාවිතා කෙරේ

· දිගු නිරාවරණ කාලය හේතුවෙන් ත්‍රිපාදයක් වැනි ස්ථායි පද්ධතියක් මත තබා ඡායාරූපය ගැනීම අවශ්‍ය වේ.

· ෂටරය නිදහස් කරන මොහොතේ සිදුවන වේව්ලීම වැළැක්වීම සඳහා ෂටරය නිදහස් කරන කේබලයක් හෝ ස්වයං මුහුර්තකයක් භාවිතා කෙරේ.

· ආලෝකය අඩු විටදී ස්වයංක්‍රීය නාභිගත කිරීම හරිහැටි සිදු නොවන බැවින් නාභිගත කිරීම ශිල්පියා මඟින් සිදුකළ යුතු වේ. නුතන සංඛ්‍යාංක කැමරා මෙය සාර්ථක කරගැනීම සඳහා උපක්‍රම අනුගත කර ඇත.


[සංස්කරණය] දිගු නිරාවරණය, කිහිප වරක් ෆ්ලෑෂරය යොදා ඡායාරූප ගැනීමේ තාක්ෂණය

මෙම ‍තාක්ෂණයේදි ජංගම ෆ්ලෑෂරයක් මඟින් ගොඩනැගිල්ලක විවිධ කොටස් හෝ ඇතුලත කොටස් දිගු කාලයක් නිරාවරණය කර තබයි.


දිගු නිරාවරණය යනු,වැඩි ආලෝක ප්‍රමාණයක් කැමරාව තුළට ඇතුල් විම සඳහා දිගු කාලයක් ෂටරය විවෘතව තැබීමයි. මෙමඟින් ඡායාරූපය ලා පැහැ වන අතර රාත්‍රී ඡායාරූප සහ අඳුරු ඡායාරූප සඳහා මෙය සුදුසු වේ.


වස්තුව විවිධාකාර දීප්තීන්ගෙන් දැකගැනීම සඳහා ඡායාරූපය ගන්නා විට ෆ්ලෑෂරය ඉදිරිපස වර්ණවත් ජේල් යොදා ගනු ලැබේ. මෙසේ නිරාවරණය කොට තිබියදී විවිධ ජේල් වර්ණ යොදාගෙන ෆ්ලෑෂරය කිහිප වරක් ක්‍රියාත්මක කිරීම සුලභ තත්ත්වයකි. මෙමඟින් අවසාන ප්‍රතිබිම්භයේ හොඳ වර්ණ සංකලනයක් ලබාගත හැකිය. මෙය සාර්ථකව සිදු කිරීම සඳහා ඡායාරූප ශිල්පියා සතුව විශේෂ දක්ෂතාවයක් සහ හොඳ නිර්මාණාත්මක හැකියාවක් තිබීම අවශ්‍ය වේ. මෙම තාක්ෂණය භාවිතා කිරීමෙන් විවිධ කොටස් විවිධ පැහැයන්ගෙන් පෙන්වීමේ හැකියාවද ඡායාරූප ශිල්පියාට ලැබේ.

[සංස්කරණය] උදහරණ

"http://si.wikipedia.org/w/index.php?title=නිශා_ඡායාරූපකරණය&oldid=198644" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්