නිල් අවරිය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
Indigofera tinctoria
නිල් අවරිය
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Plantae
කාණ්ඩය: Magnoliophyta
වර්ගය: Magnoliopsida
ගෝත්‍රය: Fabales
කුලය: Fabaceae
උපකුලය: Faboideae
Tribe: Indigofereae
ගණය: Indigofera
විශේෂය: I. tinctoria
ද්විපද නාමය
Indigofera tinctoria
L.

Indigofera tinctoria bears the common name true indigo. The plant was one of the original sources of indigo dye. It has been naturalized to tropical and temperate ආසියාව, as well as parts of Africa, but its native habitat is unknown since it has been in cultivation worldwide for many centuries. Today most dye is synthetic, but dye from I. tinctoria is still available, marketed as natural coloring. The plant is also widely grown as a soil-improving groundcover.

True indigo is a shrub one to two meters high. It may be an annual, biennial, or perennial, depending on the climate in which it is grown. It has light green pinnate leaves and sheafs of pink or violet flowers. The plant is a legume, so it is rotated into fields to improve the soil in the same way that other legume crops such as alfalfa and beans are.

Dye is obtained from the processing of the plant's leaves. They are soaked in water and fermented in order to convert the glycoside indican naturally present in the plant to the blue dye indigotin. The precipitate from the fermented leaf solution is mixed with a strong base such as lye, pressed into cakes, dried, and powdered. The powder is then mixed with various other substances to produce different shades of blue and purple. නිල් අවරිය ඖෂධීය ශාකයකි. කෘති‍්‍රම නිල් පැහැති ඩයි වර්ග සොයා ගැනීමට පෙර රෙදිපිළි වර්ණවත් කිරීම සඳහා යොදාගත් ශාකයකි.

දේශීය වෙදැදුරන් හිස ගල්වන තෙල් සඳහා බහුලව ම යොදාගන්නා නිල් අවරිය විවිධ රෝග සමනය සඳහා ද ප‍්‍රත්‍යක්ෂ ඖෂධයකි.

පඳුරක් ලෙසින් මීටර 1-2 ක් පමණ උසට වැඩේ. රෝස පැහැති පොකුරු වශයෙන් හටගන්නා කුඩා මල් වසර පුරාම දැකගත හැකිය. නිල්අවරිය කරල් සෙ.මී. 2-3 ක් පමණ දිගවේ. වකුටු වී ඇත.

ශ‍්‍රී ලංකාවේ තෙත් හා අතරමැදි කලාපයේ වගා කරන මෙම ශාකය ඇතැම් විට මඟ දෙපස වල් පැළෑටියක් ලෙසින් වැවී තිබෙනු දැකගත හැකිය. පස සංරක්ෂණය සඳහා පුරන් කුඹුරුවල ද කන්න දෙකක් අතර වෙනත් ගොවි බිම්වල ද වගා කළ හැකිය.

නිල් අවරිය ශාකයේ කොළ, මුල්, මල්, පොතු, ගෙඩි (පංචාංගය) ආදී සෑම අංශයක්ම ඖෂධ ගුණයෙන් අනූන වේ. ඖෂධ සඳහා විශේෂයෙන් ම අමු කොළ ප‍්‍රයෝජනයට ගැනේ.

සෙම හා වාතය සමනය කිරීමේ ඖෂධීය ගුණයෙන් සතු නිල් අවරිය ශාකය වේදනා නාශකයකි. වණ සුව කිරීමටත්, පණුවන් හා විස නැසීමටත්, කෙස් කළු කිරීමටත්, කුෂ්ඨ සුව කිරීමත්, ලේ පිරිසුදු කිරීමටත්, ඉදිමුම නැසීමටත් සමත් නිල් අවරිය ශාකය අත් බේතක් ලෙස ද ගම්මුන් අතර ජනප‍්‍රිය ය.

නිල් අවරිය කොළ යුෂ යොදා සිඳගත් තෙල් හිස ගැල්වීමෙන් කෙස් වැඩීමට හා කළුවීමට මඟ පෑදේ. නිල් අවරිය කොළ තම්බා එම කොළ සෝදා ඇල්දියෙන් අඹරා ගෑමෙන් රතගාය සුවපත් වේ.

නිල් අවරිය දත් කැක්කුමට ද මහඟු ඖෂධයකි. මුල් සපා කෙළ ගිලීමෙන් දත් කැක්කුම පහවී යයි. කම්මුල්ගාය වැලඳුණු රෝගීන්ට නිල් අවරිය කොළ අඹරා ගෑම සිදුකරයි.

මෙවැනි ඖෂධීය ගුණයෙන් පිරිපුන් නිල් අවරිය ශාකය ඉන්ඩිගෝ ඩයි වර්ගය නිපදවීමට ද භාවිතා කරයි. එසේම එම ශාකය ගෙවතු අලංකාරයට ද යොදා ගත හැක්කේ ඇසට ප‍්‍රිය උපදවන හරිත වර්ණයකින් හා අලංකාර පෙනුමකින් යුත් ශාකයක් බැවිනි.

තවාන් වල බීජ රෝපණය කරගත හැකි අතර තවාන් කළ බීජ පැළවීමෙන් මාසයක් පමණ ගත වූ පසු සිටුවීම සුදුසුය. මඳ වැසි සහිත කාලගුණයකදී එම පැළ සිටුවීම වඩාත් උචිත වන්නේ වැඩි අස්වැන්නක් ලබාගත හැකි හෙයිනි.

අග‍්‍රස්ථ අංකුරය අඩි 1 – 1 1/2 ක් පමණ උස පැළවලින් ඉවත් කිරීමෙන් පහළින් ඇති අංකුරය වැඩී අතු පතරින් ගහන පඳුරක් ලබාගත හැකිය. මාස 5ක පමණ සිට අස්වනු නෙළිය හැකි අතර අමුකොළ හා ළපටි කඳ කොටසින් අස්වැන්න ලෙස ගැනේ.

ස්තූතිය - හර්ෂනී රුද්‍රිගු සහ සිළුමින පුවත්පත


සැකිල්ල:Hair colors

"http://si.wikipedia.org/w/index.php?title=නිල්_අවරිය&oldid=274346" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි