නැම්මට උඩින් (Above the fold)

විකිපීඩියා වෙතින්

“නැම්මට උඩින්” යන පුවත් පතක් මුල් පිටුවේ ඉහල කෙලවරේ වැදගත් ප්‍රවෘත්තියක් හෝ ඡායා රූපය පලකිරීමේ ග්‍රැෆික් සැකසුම පිළිබඳ සංකල්පයකි. බොහෝ පුවත්පත් පාරිභෝගිකයාට ලැබෙන්නේ දෙකට නමා බැවින් ඒවායේ මුල් පිටුවේ ඉහල භාගය පමණක් දර්ශනය වේ. එමනිසා “නැම්මට උඩින්” කොටස කතුවරයින් සලකනු ලබන්නේ පාරිභෝගිකයාට පුවත්පත මිලදී ගැනීමට පොළඹවන කොටස ලෙසය. එයින්ම එය කතුවරයාට අනුව එම දිනයේ වැදගත්ම ලිපිය වන බව ප්‍රත්‍යාවේෂණය කරයි. එමෙන්ම නැම්මට උඩින් ලෙස හැදින්වෙන ප්‍රදේශය පුවත්පත් රාක්ක වල පවතින විට වඩා මතුවී පෙනෙන බැවින් එහි වෙළද දැන්වීම් ප්‍රචාරකයින්ගේ දැන්වීම් පල කිරිමට කැමති ප්‍රදේශය වේ.

“නැම්මට උඩින්” යන යෙදුම සාමාන්‍යයෙන් වැදගත් හා මතුකර පෙන්වන ඕනෑම කොටසක් හැදින්වීමට යෙදිය හැක.


විචල්‍ය[සංස්කරණය]

අනුචලනයට උඩින් (Above the Scroll) යනු වෙබ් පිටුවක උඩම කොටස වේ. එනම් මවුසරය අනුචලනය නොකර දර්ශනය වන කොටස වේ. සමහර වෙබ් අලෙවිකරුවන් මෙය පුවත්පත්වල පරිදි නැම්මට උඩින් ලෙස හඳුන්වයි. නැම්මට යටින් ඇති ලිපි හා තොරතුරු “නැම්මට යටින්” ලෙස හඳුන්වනු ලැබේ.

"https://si.wikipedia.org/w/index.php?title=නැම්මට_උඩින්_(Above_the_fold)&oldid=469530" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි