නාලන්දාව
නාලන්දා යනු ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පිහිටි පෞරාණික විශ්ව විද්‍යාලයකි. නාලන්දාව බිහාර් ප්‍රාන්තයේ පැට්නාවලට සැතපුම් 55 ක් පමණ ගිනිකොණ දෙසින් පිහිටා ඇති අතර Pala අධිරාජ්‍යය යටතේ ක්‍රි.පු. 427 සිට ක්‍රි.පු. 1197 දක්වා පිහිටි බෞද්ධාගමිකයන්ගේ ඉගෙනුම් මධ්‍යස්ථානයයි. එය වාර්තාගත ඉතිහාසයේ පළමුවන මහා විශ්ව විද්‍යාලය ලෙස සැළකේ. එහි ඛණ්ඩාංක පිහිටුම 25.1357660 N 85.4449230 E වේ. නාලන්දාව නැවත සොයාගැනීමේ ගෞරවය හිමි වන්නේ ඇලෙක්සැන්ඩර් කානින්ග්හැම් පුරා විද්‍යාඥයාටය.
පටුන |
[සංස්කරණය] නිරුක්තිය
නාලන්දා යන සංස්කෘත වචනයේ අර්ථය දැනුම බෙදා දෙන්නා (නාලම් හෙවත් නෙළුම යනු දැනුමේ සංකේතයකි, ධා යනු දානයයි) යන්නයි. චීන දේශාඨන භික්ෂුවක් වන Xuanzang නාලන්දා යන නාමයට අර්ථකතන කිහිපයක් ලබාදේ. ඉන් එකක් නම් එහි පැවති අඹ වනයක් මධ්‍යයේ පිහිටි වැවක ජීවත් වු නාගයෙක් හේතුවෙන් බවත්, අනෙක නම් බුදුරජාණන් වහන‍්සේගේ සමයේදී මෙහි අත්හිටුවීමකින් තොරව දානය ලබා දීමත් ය.
[සංස්කරණය] බුද්ධ සමයේ නාලන්දාව (ක්‍රි.පු. 500)
බුදුරජාණන් වහන්සේ නාලන්දාවේ කීප අවස්ථාවක වාසය කර ඇති බව සඳහන් වේ. උන්වහන්සේ පාවාරික අඹ වනයේ සිටින කාලයේ අපාලි ගෘහපති, දීඝතපස්සී, කේවට්ඨ හා අධි බන්ධාකාපුත්ත යන අය සමඟ වාද පැවැත්වුයේය.
බුදුරජාණන් වහන්සේ මගධයේ ගත කළ අවසාන චාරිකාවේදී නාලන්දාවට පැමිණි අතර සැරියුත් මහරහතන් වහන්සේ පරිනිර්වාණයට පෙර බුදුරජාණන් වහනසේ පිළිබඳ තමා තුළ ඇති භක්තිය සිංහ නාද කළේ මෙහිදීය.
රජගහනුවර සිට නාලන්දාව තෙක් මාර්ගය අම්බලම්තිකා හරහා වැටී ඇති අතර නාලන්දාවේ සිට එය පාඨලිගාම වෙත ගමන් කරයි. බහු පුත්ත චෛත්‍ය, නාලන්දාව හා රජගහනුවර අතර පිහිටා ඇත.
කේවට්ට සුත්‍රයට අනුව බුදුසමයේදී නාලන්දාව වැදගත් ජන ඝනත්වයෙන් අධික හා සමෘද්ධිමත් නගරයක් වු අතර පසු කාලීනව එය ඉගැන්වීම් මධ්‍යස්ථානයක් ලෙස ප්‍රසිද්ධියට පත් විය. සංයුක්ත නිකායට අනුව බුදුසමයේදී නාලන්දා නුවර දරුණු දුර්භික්ෂයකට මුහුණ පා තිබේ. බුදුරාජණන් වහන්සේ දකුණත් අග්‍රශ්‍රාවක සැරියුත් රහතන් වහන්සේ ඉපදීම හා පිරිනිවන් පෑම සිදුවුයේ නාලන්දාවේදීය.
සෝනාදින්න වාසය කළේ නාලන්දා නුවරය. ජෛන ආගමේ කේන්ද්‍රස්ථානයක් වන මෙහි මහාවීරතුමාද කිහිපවරක් වාසය කර ඇත. මහාවීර, මෝක්ෂය අවබෝධ කරගත්තේ නාලන්දාවේ පාවපුරිහිදී යැයි විශ්වාස කෙරේ. (ජෛන ආගමේ එක් නිකායකට අනුව ඔහු ඉපදී ඇත්තේ එය අවටගමක් වු කුන්ඩල්පුරයේය)
අශෝක අධිරාජ්‍යයා (ක්‍රි.පු. 250) මෙහි පන්සලක් තනා ඇති අතර ටිබෙට් මුලාශ්‍රවලට අනුව නාගර්ජුන මෙහි ඉගැන්වීම සිදු කර ඇත.
[සංස්කරණය] නාලන්දා විශ්වවිද්‍යාලය ආරම්භ කිරීම හා වර්ධනය
ඓතිහාසික මුලාශ්‍රවලට අනුව නාලන්දා විශ්ව විද්‍යාල ක්‍රි. පු. 450 දී කුමාරගුප්ත ඇතුළු ගුප්ත අධිරාජ්‍යයේ අනුග්‍රහයෙන් ආරම්භ විය.
[සංස්කරණය] නාලන්දා විශ්ව විද්‍යාලය හැඳින්වීම
නාලන්දාව ලෝකයේ මුල්ම නේවාසික විශ්ව විද්‍යාල අතරින් එකකි. එය ලෝකයේ ඉතා ප්‍රසිද්ධව පැවති අතර එහි සමෘද්ධිමත් සමයේදී ශිෂ්‍යයන් 10,000 ක් හා ගුරුවරුන් 2,000 කට නවාතැන් පහසුකම් සැලසිය හැකි විය. එය ගෘහ නිර්මාණ ශිල්පයේ අග්‍රකෘතියක් ලෙස සැළකෙන අතර එය වටා උස් තාප්පයක් හා එක දොරටුවක් පිහිටා තිබුනි. නාලන්දාවේ වෙන්ව පිහිටි අංගන 8 ක් හා පන්සල් 10 ක් මෙන්ම භාවනා ශාලා හා පන්ති කාමර විශාල සංඛ්‍යාවක්ද පැවතුණි. එහි බිමේ පොකුණු හා උද්‍යාන පිහිටා තිබුණි. පොත්පත් ගබඩා කිරීමට මහල් නවයකින් යුත් පුස්තකාලයක් පැවතුණි. නාලන්දා විශ්ව විද්‍යාලයේ අධ්‍යයන ක්ෂේත්‍ර රාශියක විෂයන් ඉගැන්වු අතර කොරියාව, ජපානය, චීනය, ටිබෙටය, ඉන්දුනීසියාව, පර්සියාව සහ තුර්කිය යන රටවල්වලින් ශිෂ්‍යයන් හා පඬිවරුන් විශාල ප්‍රමාණයක් ඉගෙනීම ලැබීය.
[සංස්කරණය] අධ්‍යයන පටිපාටිය
එකල ලෝකයේ පැවති සියළුම දැනුම නාලන්දා අධ්‍යයන පටිපාටියේ අඩංගු විය. සියළුම විෂය කේෂ්ත්‍ර වලට අදාළ විෂයන් බුද්ධ ධර්මය හා හින්දු ධර්මය, පූජනීය හා ලෞකික, දේශීය හා විදේශිය යන සියළුම විෂයන්, ශිෂ්‍ය ඉගෙනුම් විද්‍යාව, තාරකා විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, හා තර්ක ශ්‍රාස්ත්‍රය වැනි විෂයන් යොදා ගනිමින් පාරභෞතික විද්‍යාව, දර්ශනවාදය, යෝග ශ්‍රාස්ත්‍රය, වේදය හා බුද්ධ ධර්ම ග්‍රන්ථ හැදෑරීය. තවද ඔවුන්ට විදෙස් දර්ශන පිළිබඳ අධ්‍යයනයටද අවස්ථා සැළසිනි.
[සංස්කරණය] බුදුදහම කෙරෙහි බලපෑම
ටිබෙට් බුදුදහම හෙවත් වජ්‍රයානයේ විශාල ප්‍රමාණයක් හට ගැනීම සිදු වුයේ 9-12 ශත වර්ෂවල අග භාගයේ නාලන්දා ගුරුවරුන් හා සම්ප්‍රදායන් තුළිනි. ඉන්දියානු දර්ශනවාදයේ මුල් ආරම්භකයෙකු හා බෞද්ධ පරමාණුක වාදයේ ප්‍රාථමික සිද්ධාන්තවාදියෙකු වන ධර්ම කීර්ති (7 වන ශතවර්ෂය පමණ) පඬිවරයා නාලන්දාවේ ආචාර්යවරයෙක් විය.
වියට්නාමය, චීනය, කොරියාව හා ජපානයේ අනුගමනය කරන මහායාන බුදුදහමේ මුලාරම්භකය මෙම පෞරාණික විශ්ව විද්‍යාලය තුළ විය.
ථේරවාද බුදු දහමද නාලන්දාව තුළ ඉගැන්වුවද, නාලන්දාව ථේරවාදී කේන්ද්‍රස්ථානයක් නොවු නිසා එහි වැඩි දියුණුවක් දක්නට නොලැබේ.
[සංස්කරණය] පරිහානිය හා අවසානය
1193 දී බක්ටියාර් චිල්ජි (bakphi Khilite) ගේ මුස්ලිම් හමුදා නාලන්දා විශ්ව විද්‍යාලය විනාශ කරන ලදී. මෙය ඉන්දියාවේ බුදුසමය බුදුදහම පරිහානියට පත්විමේ සන්ධිස්ථානයක් ලෙස සැළකිය හැක. විශ්ව විද්‍යාලය හා එය ඉගැන්වීම් කේන්ද්‍රස්ථානයක් බව නොසැලකූ මුස්ලිම් ආක්‍රමණිකයෝ එහි තැන්පත් කර තිබු ඓතිහාසික ලියවිලි පිළිබඳව නොතැකූහ. චිල්ජි විසින් නාලන්දාවේ තැන්පත් කර තිබූ කුරානය පමණක් නැවත ලබාගන්නා ලෙස අණ කළ බව කියවේ. පර්සියානු ඉතිහාසඥයෙකු වන මින්හස් ඔහුගේ ග්‍රන්ථයක දක්වා ඇත්තේ භික්ෂුන් දහස් ගණනක් එම විනාශයේදී පණපිටින් පිළිස්සීමට ලක්වු බවත් තවත් දහසක්දෙනාගේ හිස ගසා දැමු බවත්ය. ගිනිබත් වු පුස්තකාලයේ ගින්න මාස ගණනක් පැවතුනු අතර ග්‍රන්ථ පිළිස්සීමෙන් නැගුණ දුම කඳු හරහා අඳුරු ඝන පටයක් මෙන් විහිදී තිබුනු බව කියවේ. 1235 දී නාලන්දාව වෙත නැවත ගිය ටිබෙට් පරිවර්තකයෙකු වු ඩැග් ලොට්ස්වා (Chag Lotsawa) ට දැකගත හැකි වුයේ විනාශයට හා කොල්ලකෑමට ලක්වු නාලන්දාවේ, රාහුල ශ්‍රී භද්‍ර නම් අවු. 90 වයසැති ගුරුතුමෙකු ප්‍රදේශයේ බ්‍රාහ්මණයෙකු ආධාර ඇතිව හැත්තෑවක් පමණ විශාල පිරිසකට ඉගැන්වීමේ නිරත වන අයුරුය.
[සංස්කරණය] නටඹුන්
නාලන්දා විශ්ව විද්‍යාලයේ සමහරක් නටඹුන් අදටත් ඉතිරිව පවතී. වර්තමානය තෙක් කැණීම් කරන ලද කොටස වර්ග මීටර 150,000 තෙක් පැතිර පවතින අතර Xuanzang ගේ අතීත වාර්තා අනුව සලකා බලන විට තවමත් 90% ක් පමණ කැණීම් වලට ලක් වී ඇත.
නාලන්දාව මනුෂ්‍ය වාසයෙන් තොර වන අතර එයට සමීපතම ගම්මාන Bargaon නම් වේ. 1951 දී ථේරවාදි, පාලි හා බුදු දහම පිළිබඳ නවීන මධ්‍යස්ථානයක් ජග්දීෂ් කාශ්‍යප නම් භික්ෂුන් වහන්සේ විසින් ඇති කරන ලදී. එය නව නාලන්දා මහා විහාරය නම් වේ. වර්තමානයේ එය මුළු ප්‍රදේශයම චන්ද්‍රිකා ඡායාරූප ගත කිරීමේ වැදගත් වැඩසටහනක් පවත්වාගෙන යයි..
නාලන්දා කෞතුකාගාරයේ පැරණි ලියවිලි රාශියක් හා කැණීම් වලින් සොයාගත් භාණ්ඩ ප්‍රදර්ශනයට තබා ඇත.
[සංස්කරණය] නැවත ඇති කිරීමේ සැළසුම
- 2006 දෙසැම්බර් 6 දින පළවු නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ ඩොලර් බිලියනයක් වැයකොට පැරණි ප්‍රදේශය ආසන්නයේම නාලන්දා විශ්ව විද්‍යාලය නැවත ඇති කිරිමේ සැළැස්මක් සඳහන් විය. සිංගප්පුරුව, චීනය, ඉන්දියාව හා ජපානය යන රටවලින් සමන්විත සන්ධානයක් ඩොලර් මිලියන 500 ක් නව විශ්ව විද්‍යාලය තැනීමටත්, තවත් ඩොලර් මිලියන 500 ක් අවශ්‍ය යටිතල පහසුකම් ඇති කිරීම සඳහාත් රැස් කිරීමට බලාපොරොත්තු වේ.
- 2007 මැයි 28 දින මෙරිනිව්ස් පුවත්පතට අනුව නැවත ගොඩනැගූ විශ්ව විද්‍යාලයේ පළමු වන වර්ෂයේදී 1137 ක් බඳවා ගැනීමට බලාපොරොත්තු වන අතර, වර්ෂ 5 කින් පසු එය 4530 ක්ද, දෙවන අදියරේදී එය 5812 ක් ලෙස වර්ධනය කිරීමට ද බලාපොරොත්තු වේ.
- 2007 ජුනි 12, නිව්ස් පෝස්ට් ඉන්ඩියා පුවත්පතේ වාර්තාවකට අනුව ජපාන රාජ්‍ය තාන්ත්‍රික නොරා මොටොයාපු පවසා ඇත්තේ බිහාරයේ අන්තර් ජාතික නාලන්දා විශ්ව විද්‍යාලය ගොඩනැංවිම සඳහා ජපානය ආධාර සැපයීමට සූදානම් බවය. තවද එය අතීතයේ පැවති ලෙසම සම්පුර්ණයෙන්ම නේවාසික විශ්ව විද්‍යාලයක් වන අතර පළමු අදියරේදී විදේශීය ශිෂ්‍යන් 46 ක්, ඉන්දියානු සිසුන් 400 කට වැඩි පිරිසක් සහිත පාසල් 7 ක් ගොඩනැගීමට බලාපොරොත්තු වේ. විද්‍යාව, දර්ශන වාදය හා තවත් විෂයයන් ඉගැන්වීමට යෝජිතය. කීර්තිමත් ජාත්‍යන්තර පඬිවරයකු එහි උපකුලපති ලෙස පත්වනු ඇත.
- 2007 අගෝස්තු 15 ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පතට අනුව ආචාර්ය ඒ.පී.ජේ. අබ්දුල් කලාම්ද 2007 සැප්තැම්බර් කාලයේදී යෝජිත වැඩපිළිවෙලකට එකතු වීමට නියමිතය.
- 2008 මැයි 5 NDTV වාර්තාවකට අනුව නොබෙල් සම්මානලාභි අමාර්ටියා සෙනි පවසා ඇත්තේ මෙහි පදනම 2009 දී ගොඩනංවන අතර පළමු වන ඉගැන්වීම් පන්තිය ඉන් අවුරුදු කිහිපයකට පසුව ආරම්භ වේ. නාලන්දා උපදේශන සේවයේ ප්‍රධානියා වන සෙන් පවසා ඇත්තේ මෙය සම්බන්ධ අවසාන වාර්තාව නැගෙනහිර ආසියානු සමුළුවට 2008 දෙසැම්බර් දී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.