නාගරික කෘෂිකර්මාන්තය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
චිකාගෝහි නාගරික ගොවිපළක්

නාගරික කෘෂිකර්මාන්තය හා පරි-නාගරික කෘෂිකර්මාන්තය යනු ගමක, නගරයක හෝ පුරයක ඇතුලත හෝ වටා ආහාර වගාකිරීම, බෙදාහැරීම හා සැකසුම් කිරීමයි. සමහර ජනකොටස් වල ප්‍රධාන අභිප්‍රාය විනෝදාංශය ‍හෝ ප්‍රගාමනය (Recreation) වුවත්, නාගරික කෘෂිකර්මාන්ත සාමාන්‍යයෙන් කරන්නේ ආදායම් ඉපැයීම හා ආහාර නිෂ්පාදනය කිරීමයි. ආහාර කෘෂිකර්මාන්තය ආහාර සුරක්ෂතාවයට ක්‍රම දෙකකින් දායක වේ. පළමුව එය නගරවල ජීවත් වන මිනසුන්ට අවශ්‍ය ආහාර ප්‍රමාණය වැඩිකරන අතර, දෙවනුව එය එළවලු, මස් හා පළතුරු වැඩිපුර පරිභෝජනයට ඉඩ සලසා දේ. පොදු හා කාර්යක්ෂම නාගරික කෘෂිකාර්මික ක්‍රමයක් වන්නේ ජෛවතීව්‍ර (biointensive) ක්‍රමයයි. ශක්තිය ඉතිරිකරන, ආහාර නිෂ්පාදනය කරන ක්‍රමයක් නිසා, නාගරික හා පරි-නාගරික කෘෂිකර්මාන්ත සාමාන්‍යයෙන් නොනැසී පැවැත්වීමට උදව් දෙන (sustainable) ක්‍රියාවක් ලෙස නම් කල හැක.


නාගරික ජනයාට සේවා සැපයීමට පදිංචි ස්ථාන මාරුකිරීම නිසා ඇතිවන පරිසරයේ බිඳවැටීම් වැළැක්වීමට දියුණුවන හා දියුණු වූ රටවල් විවිධ ක්‍රමවේද යොදාගනී. එනම් නව නිෂ්පාදනවලින් යුතු නාගරික ගොවිපළ කෘෂිකාර්මික නගර තුල ස්ථාපනය කිරීමට උදව් වී තිබීමයි.


නාගරික කෘෂිකර්මාන්තයේ ඉතිහාසය[සංස්කරණය]

ආහාර නිෂ්පාදනයට කඳු ජලය වාරිමාර්ග ඔස්සේ (mountain water) සැපයීමෙන් පර්සියාවේ අර්ධ කාන්තාර ක්ෂේම භූමි බවට පත්වීය. ඊට අමතරව මිනිස් අපද්‍රව්‍යය නාගරික ගොවිතැන පෝෂණය කිරීමට යොදාගන්නා ලදී. මාචු පික්චු (Machu Picchu)වල වතුර සංරක්ෂණය කර නැවත භාවිතය නගරයේ ඇති කල වාස්තු විද්‍යාත්මක අංගයක් විය. භෝග වැඩෙන සෘතුවේදී එළවළු තවාන් නිර්මාණය කරන ලදී. I හා II ලෝක සංග්‍රාමයන්හිදී වැවු "වික්ටර් ගාඩ්න්ස්" ඇමරිකාව, කැනඩාව හා එක්සත් රාජධානියේ පළතුරු, එළවළු හා ඖෂධ උද්‍යානයන් වේ. යුද්ධයට අවශ්‍ය ආහාර නිෂ්පාදනයේ පීඩනය අඩුකිරීමට මෙම උත්සාහය රටවැසියන් විසින් ගන්නා ලදී. සමාජ ගෙවතු වගාව බොහෝ ජන සමාජවල පොදු ජනතාවට විවෘත අතර එය රටවැසියන්ට ශාක වගා කිරීමට ඉඩකඩ ලබාදේ. සියැටල් වල "P-පැච්" සමාජ ගෙවතු වගාව මේ සඳහා හොඳ නිදසුනකි.

නාගරික කෘෂිකාර්මික සත්‍යයන්[සංස්කරණය]

  • 50% වන ලෝක ජනගහනය නගරවල ජීවත් වේ.
  • මිලියන 800 ක් වන නාගරික කෘෂිකර්මාන්තයේ යෙදී සිටින ලොව පුරා ජනතාව නාගරික නිවැසියන් පෝෂණය කිරීමට යෙදී සිටියි.
  • අඩු ආදායම් ලබන පදිංචිකරුවන් ඔවුන්ගේ ආදායමෙන් 40% හා 60% අතර ප්‍රමාණයක් ආහාර මත වැයකරයි.
  • වසර 2015 වන විට ලෝකයේ නගර 26 පමණ ජනගහනය මිලියන 10 ක් හෝ ඊට වැඩි වීමට ඉඩ තිබේ. මෙවන් තරමක නගරයක් පෝෂණය කිරීමට දිනකට අඩුම තරමේ ආහාර ටොන් 6000 ක් පමණ අවශ්‍ය වේ.


නාගරික කෘෂිකර්මාන්තය පිළිබද පර්යාදර්ශ[සංස්කරණය]

ප්‍රභව හා ආර්ථිකය[සංස්කරණය]

එක්සතක් ජාතීන්ගේ ආහාර කෘෂිකාර්මික සංවිධානය (FAO) විසින් ආගිමික කෘෂිකර්මාන්තය පහත පරිදි දක්වා ඇත.

“නගරයක හෝ පුරවරයක පාරිභෝජකයන්ගේ දෛනික ඉල්ලුමට ප්‍රතිචාර ලෙස නාගරික හා උපනාගරික ප්‍රදේශ වල භූමය හා ජල විසිරිමත ආහාර හා ඉන්ධන නිපදවීමේ සැකසීමේ හා වෙළද පොළට එක් කිරීමේ කර්මාන්තයකි. මේ සදහා ත්‍රීව්‍ර නිෂ්පාදන ක්‍රම යොදා ගන්නා අතරම බෝග හා පශු සම්පත් විවිධත්වයක් ලබාගැනීම සදහා ස්වාභාවික ප්‍රභව හා නාගරික අපද්‍රව්‍ය නැවත නැවත භාවිතා කරනු ලැබේ.”

ආර්ථිකය හා සම්පත් භාවිතය පිලිගනිමින් නගරයේ සම්පත් නැවත නැවත භාවිතා කිරීමත් සමග නගරයේ පෝෂණ අවශ්‍යතා සදහා නගරය තුළින්ම ප්‍රතිචාර ලබාදෙන කර්මාන්තය ලෙස නාගරික කෘෂිකර්මාන්තය අර්ථ දැක්වීම මගින්, ප්‍රාදේශීය සෞඛ්‍ය ආහාර ආරක්ෂණය හා කුඩා මට්ටමේ සංවිධාන වල යෙදීම් පිලිබද අවධානයක් යොමු නොකරයි.

(මෙම අර්ථ දැක්වීම පදනම් වී ඇත්තේ අන්තර් ජාතික දියුණු කිරීම් හා පර්යේෂණ මධ්‍යස්ථානයේ ලුක් මව්ජියට් (Luc Mougeot) ගේ කාර්යයන් මත වන අතර ආහාර ආරක්ෂණය හා CIRAD වැනි අන්තර් ජාතික කෘෂිකර්මික පර්යේෂණ මධ්‍යස්ථාන සදහා FAO හි විශේෂ වැඩසටහන වු UN – HABITAT ගේ නාගරික කළමණාකරන වැඩ සටහනේ තාක්ෂණික හා පුහුණු කිරීමේ ප්‍රකාශන වල යොදා ‍ෙගන ඇත).

පාරිසරික[සංස්කරණය]

කෘෂිකර්මය, විද්‍යාව හා තාක්ෂණය පිලිබද කවුන්සිලය (CAST) යනු ඒම්ස් අයෝවාහි පිහිටා ඇති විද්‍යාත්මක හා වෘත්තීමය සමාජයන්ගේ අන්තර් ජාතික මූල්‍ය ආයතනයකි. එමගින් ප්‍රතිපත්ති තන්න්නන්ට මාධ්‍යයන්ට පුද්ගලික අංශයට හා මහජනතාවට පිලිගත හැකි විද්‍යාත්මක තොරතුරු සැකසීම හා ඉදිරිපත් කිරීම සිදු කරයි. CAST මගින් පාරිසරික සෞඛ්‍ය, ප්‍රතිකර්මය හා ප්‍රතිනිර්මාණයේ අංග ඇතුළත් කිරීම සදහා නාගරික කෘෂිකර්මය පහත පරිදි අර්ථ දක්වයි.

“නාගරික කෘෂිකර්මාන්තය යනු නිෂ්පාදනය සැකසීම, වෙළද පොළට ඉදිරිපත් කිරීම, පරිභෝජනය සමග සම්බන්ධ වී ඇති සාම්ප්‍රදායික හර ක්‍රියාවන්ගේ සිට එතරම් පිලිගැනීමට හෝ ලේඛන ගත කිරීමට ලක් නොවන අනෙකුත් වාසි හා සේවාවන් වල විවිධත්වය දක්වා විශාල පරාසයක් ඇතුළත් වන සංකිර්ණ පද්ධතියකි. මේවාට නව නිර්මාණය හා විවේකය, ආර්ථිකමය උනන්දුව හා ව්‍යාපාර ව්‍යවසායකත්වය, පුද්ගලික සෞඛ්‍ය හා යහපත් දිවි පැවැත්ම, මහජන සෞඛ්‍ය හා යහපත් දිවි පැවැත්ම, භූ දර්ශණ අලංකරණය හා පාරිසරික ප්‍රතිස්ථාපනය හා ප්‍රතිකර්මය ඇතුළත් වෙයි.”

නූතන සැලසුම් කිරීමේ මුලපිරීම් නාගරික කෘෂිකර්මාන්තයේ මෙම ආකෘතියට වඩාත් වගකිව යුතු වෙයි. එයට හේතුව එය තිරසාර සැලසුම් කිරීමේ වර්ථමාන විශය පථය තුළ හොදින් ගැලපෙන නිසාය. මෙම අර්ථ දැක්වීම මගින් සංස්කෘතිය හා කාලය හරහා අර්ථ නිරූපණ රාශියකට ඉඩ ලබාදෙයි. වර්ථමානයේදී එය තිරසාර නගර ගොඩ නැංවීම සදහා ප්‍රතිපත්ති තීරණ වලට බැදී පවතී.

ආහාර ආරක්ෂණය[සංස්කරණය]

පෝෂණ ආහාර වලට ප්‍රවේශය නගර වල ආහාර හා පසු සම්පත් නිෂ්පාදනය ස්ථාන ගත කිරීම සදහා වන උත්සාහයේ තවත් පර්යා දර්ශයක් වෙයි. නාගරික ප්‍රදේශ වලට ලෝක ජනගහනයෙන් අතිවිශාල පිරිසක් ගමන් කිරීමත් සමග නැවුම් හා ආරක්ෂිත ආහාර සදහා වන අවශ්‍යතාවය ඉහළ යයි. සමාජ ආහාර ආරක්ෂණ ඒකාබද්ධ පාලන මණ්ඩලය (CFSC) ආහාර ආරක්ෂණය පහත පරිදි අර්ථ දක්වයි. “ඕනෑම වෙලාවක සමාජයේ සියලු පුද්ගලයන්ට දේශීය හා හදිසි නොවන ප්‍රභව හරහා සංස්කෘතිමය පිලිගත්, පෝෂණීය වශයෙන් ප්‍රමාණවත් ආහාර සදහා ප්‍රවේශයක් තිබීමයි.”

කම්කරු ශ්‍රමය සපයා ගැනිම[සංස්කරණය]

නාගරික කෘෂිකර්මාන්තය හඳුන්වාදීමට අවධානය යොමුකරන බොහොමයක් නගර මුහුණදෙන ප්‍රධාන ගැටළුවක් වන්නේ ආහාර නිෂ්පාදනය සඳහා ප්‍රමානවත් තරම් කම්කරු කම්කරු ශ්‍රමයක් නොමැති වීමයි.කාර්ය සඳහා සුභසාදනය වැනි වැඩසටහන් මගින් නාගරික කෘෂිකාර්මික ව්‍යාපාර සඳහා කම්කරු ප්‍රභවයක් සපයයි. එමගින් විශාල නගරවල හා අර්ධ නාගරික ප්‍රදේශවල රැකියා ව්‍යුත්තික හා සුබසාදනය මත පදනම්වන ජනගහණය අඩුකිරීමේ ධන බාහිරතාවය සිදු කරයි.

වෙනත් යෝජනා වීඇත්තේ ආහාර නිෂ්පාදනය කිරීමට සිර කරුවන් පුරුදු පුහුණු කිරීමයි සැන්ප්‍රැන්සිස්කෝ සිර කඳවුර ට්‍රීකෝප්ස් හා ගාඩ්න් ප්‍රොජෙක්ට් සමග එකතුව සිර කරුවන්ට කෘෂිකර්මික අධ්‍යාපනය ලබා දෙන අතර ඔවුන්ගේම ආහාර වැවීම සඳහා ඔවුන්ගේම පාත්ති ලබා දේ. සිර කඳවුරු මගින් අනෙකුත් සිර කරුවන් සමග සහයෝගයෙන් කටයුතු කරන්නේ කෙසේද යන්න හා ඔවුන්ගේ පෝෂණයට හා සෞඛ්‍යයට වගකිව යුත්තේ කෙසේද යන්න සිරකරුවන්ට ඉගැන්වීම සඳහා උද්‍යාන විද්‍යාව භාවිතා කරනු ලැබේ කෘෂිකර්මාන්තය හා උද්‍යානකරණය මගින් සිරකරුවන්ට නැවුම් වාත පරිසරය සකස් කර දෙනු ලබන අතර එමගින් සමාජය සමග මිශ්‍ර වීම සඳහා ඔවුන්ට උදවු කරන හැකියා වර්ධනය කර ගැනීමටද ඉඩ ලබා දේ. ගෙවතු ව්‍යාපෘතිය ආරම්භකර වසර දෙකක් තුළ සැන්ප්‍රැන්සිස්කෝ සිර කඳවුරේදී පුනරාවෘත්තී සීඝ්‍රතාවය 55% සිට 24% දක්වා පහළ වැටුණි. එම නිසා සිර කඳවුරු මගින් ගෙවතු ව්‍යාපෘති ආරම්භ සිදුකළ හැකි අතර පුනරුත්තාපනය කිරීමේ හා කෘෂිකර්මාන්ත අධ්‍යාපන පහසුකම් සඳහා ආයතන පරිවර්තනය කිරීම සිදු කරයි. පෙර චූදිතයන් ඉන් පසුව නාගරික කෘෂිකාර්මික ව්‍යාපෘතිවල මෙහෙකරු හිඩස පිරවීම සඳහා යොදාගත හැක.

කම්කරු ශ්‍රමය නොකඩවා ලබාගැනිම[සංස්කරණය]

පාසල් විසින් සාම්ප්‍රධායික පාසල් පරිසර වලට කෘෂිකාර්මික චක්‍රලේක ක්‍රියාත්මක කිරීම ආරම්භකර ඇත. වැල්ඩෝෆ් පාසල් විශ්ව විද්‍යාලවලින් ශිෂ්‍යයන්ට පෝෂණය ඉගැන්වීම සඳහා පාසල් පඅරා ක්‍රියාත්මක වන සමාජ උද්‍යානකරණය භාවිතා කරයි. එවැනි සංවිධාන තුළින් නාගරික පරිසරවල සිටින ශිෂ්‍යයන් ප්‍රාදේශීය කෘෂිකාර්මික ක්‍රියා පිළිවෙළට නිරාවරණය කෙරෙන අතර එසේ නොවුණි නම් ඔවුන් කිසි සේත්ම එවැනි දෙයක් අත් නොදකිනු ඇත. ඔවුන්ගේ නාගරික අධ්‍යාපනයේ සංගෘහිත කොටසක් ලෙස කෘෂිකර්මාන්තය වර්ණනා කිරීමට ශිෂ්‍යයන්ට උගන්වනු ලැබේ. මෙම අධ්‍යාපනය මගින් නාගරික කෘෂිකර්මාන්තයේ අනාගත වෘත්තීය ජීවිතයක් සඳහා මංපෙත් සපයා දේ. කෘෂිකර්මාන්තය හරහා නාගරික හා පෙර නාගරික පාසල් සඳහා පෝෂනය හඳුනා දීම තුළින් අනාගත පරම්පරා සඳහා නාගරික කෘෂිකර්මාන්ත කම්කරු බලයක් පවත්වා ගැනීම යම් බලාපොරොත්තුවක් වර්ධනය කරයි.

නාගරික කෘෂිකර්මයේ වාසි[සංස්කරණය]

UPA ගෙන එන වාසිදායක භාවිතාවක් ක්රියාවේ යොදවන්නා වු නගර විශාල සංඛ්යාවක් ආහාර පාරිභෝගිකයන් ගෙන් පටන් ගෙන නිෂ්පාදන බිහිකරන්නන් දක්වා වූ නගරයේ සිදුවන විපර්යාසය, කල්පවත්නා බව සෞඛ්යය අභිවෘද්දිය හා දිළිඳු කම අඩු කිරීම සඳහා සම්මාදන් වේ. කල්පවත්නා බව - නගරයෙන් පිට පළාත් වෙත අපද්රව්යය බැහැර කිරීම හා ග්රාමීය කලාප වලින් ආහාර ආයාත කිරීම මගින් හඳුනාගත් විවෘත මුදු ක්රමය නිම කිරීමට UPA උපකාර කරයි.

· අපවිත්ර ජලය හා ඓන්ද්රිය අපවිත්ර ඝන ද්රව්ය කෘෂිනිෂ්පාදන වගා කිරීමේ සම්පත් බවට වෙනස් කළ හැක. මුලින් කී අපවිත්ර ජලය වාරිමාර්ග සඳහා භාවිතා කළ හැකි මෙන්ම පසු කී දේ පොහොර වශයෙන් යොදාගත හැක .

· හිස් නාගරික ප්රදේශ කෘෂි නිෂ්පාදන සඳහා යොදාගත හැක. අනෙක් ස්වභාවික සම්පත් ආරක්ෂා කිරීමට පුළුවන. වාරජල සම්පාදනය සඳහා අපද්රව්ය භාවිතය ගෘහස්ත පරිභෝජනයට හා බීමට ගන්නා නැවුම් ජලය සපයා ගැනීමේ හැකියාව වර්ධනය කරයි.

· වගා බිම්වලට වෙනස් කිරීමේදී ජෛව කලාපීය ශාක හා සත්වයින් ඔවුනොවුන්ට හා පරිසරයට දක්වන සම්බන්ධතාවයන් ආරක්ෂා කිරීමට UPA උදව් කරයි.

· නාගරික කෘෂිකර්මය ශක්තිය පිරිමසනු ඇත. උදාහරණයක් වශයෙන් ග්රාමීය ප්රදේශවල සිට නාගරික ප්රදේශවලට ආහාර ප්රවාහනයේදී ක්ෂය කෙරෙන ශක්තිය සුරක්ෂිත කරනු ඇත. තවද ප්රාදේශීය ආහාර නිෂ්පාදනය මගින් ප්රවාහන වියදම් ගබඩා කිරීම් සහ නිෂ්පාදනය පාඩු වීම ආදිය පිරිමැසීමට ඉඩ දෙනු ඇත. ගස් හා පැල සහිත උයන් හා අනෙකුත් ප්රදේශ ඇති කිරීම මගින් නාගරික පරිසරයේ තත්වය UPA මගින් වැඩිදියුණු කරනු ඇත. මේ මගින් දූෂණය අවම කෙරේ.


සෞඛ්‍යය වැඩි දියුණුව - එසේම පරිසරයේ තත්වය වැඩිදියුණු කිරීම මගින් නගරය ජීවත් වීමට වඩාත් හිතකර ස්ථානයක් බවට නාගරික කෘෂිකර්මය විසින් පත් කරනු ඇත.

· UPA සාගින්නට හා මන්දපෝෂණයට එරෙහිව සටන් කරන ඉතා කාර්යක්ෂම උපකරණයකි.එනම් එය නාගරික ජනගහනයේ දිළිඳු කොටස ආහාර වෙතට ප්රවේශ වීම පහසු කරයි.

· දිළිඳු බව අඩු කිරීම :- නාගරික කෘෂිකර්මයේ යෙදී සිටින ජනගහනයෙන් විශාල කොටසක් නාගරික දිළින්දන්ය. සංවර්ධනය වෙමින් පවතින රටවල නාගරික කෘෂි නිෂ්පාදිතයෙන් බහුතරය යෙදෙනුයේ ස්වයං පරිභෝජනයටයි. අතිරික්තයක් වන අතර එය වෙළඳපොලේ දී අලෙවි කෙරේ. ආහාර හා කෘෂිකර්ම සංවිධානයට අනුව නාගරික දිළිඳු පාරිභෝගිකයින් ඉහළ ආහාර මිළ කෙරේ. බොහෝ පීඩා වෙමින් සිය ආදායටමන් 60% ත් 80%ත් අතර ප්රමාණයක් ආහාර මත වියදම් කෙරේ.

· UPA ආහාර සපයන අතර පාරිභෝගික භාණ්ඩ මත කෙරෙන ගෘහස්ත වියදම් තුළ ඉතිරි කිරීම් නිර්මාණය කරයි. මෙසේ වන ආදායමේ වැඩිවීම් අනෙකුත් ප්රයෝජන සඳහා වෙන් කෙරේ.

· නාගරික දිළිඳු ජනතාවගේ ආදායම් ඉහළ යාම ඇති කරමින් UPA අතිරික්තය දේශීය වෙළඳපොලේ අලෙවි කළ හැක.

කෘෂිකර්මය නාගරික ජීවිතයේ අඛණ්ඩ කොටසක් ලෙස දැකීමට ප්රජා සංවිධාන හා උද්යාන මගින් ප්රජාවට උගන්වනු ලැබේ. ෆ්ලෝරිඩා සරසෝටාවේ තිරසාර සංවර්ධනය සඳහා වූ එලෝරිඩා නිවාස ආයතනය ප්රසිද්ධ ප්රජා හා අධ්යාපන ආයතනය හැටියට සේවාවේ යෙදේ. එහි දී කල් පවතින බලය පිරිමැසීමේ අදහස සහිත නව නිර්මාපකයින්ට ඒවා ක්රියාවේ යෙදවීමට හා පරීක්ෂා කිරීමට පුළුවන.

නාගරික ජීවන රටාව සමග කෘෂිකර්මය එකතු කිරීම ඇරඹීමටත් නාගරික කෘෂිකර්මය පිළිබඳව ඉගෙනීමටත් මධ්යස්ථානයක් ෆ්ලොරිඩා නිවාසය වැනි ප්රජා මධ්යස්ථාන මගින් නාගරික ප්රදේශ වෙත සපයා දෙනු ලැබේ.

ප්රජා මධ්යස්ථානවලට වෙනත් උදාහරණ වශයෙන් ෆිලඩෙල්පියාවේ “ග්රීන් ග්රෝ” ගොවිපොල සහ ඕස්ට්රේලියාවේ බ්රිස් බෙන්වල පිහිටි “නෝර්දි වීදි නුවර” ගොවිපොළ දැක්විය හැකිය. ග්රීස් ගෝ ගොවිපොළ අතහැර දමන ලද වැඩ බිමක් සිය නාගරික ගොවිපල බවට පාවිච්චි කරමින්, ආහාර වගා කරනු ලබන විදිය හා තමුන්ගේ ආහාර වගා කර ගත්තේ කෙලෙසද? යන්න ප්රජාවට උගන්වනු ලැබේ. කෘෂිකාර්මික භාවිතා තුළ ප්රාදේශීය පදිංචිකරුවන් සම්බන්ධ කර ගැනුමට හා ඔවුන්ට අධ්යාපනය පිණිස “නෝර්දි වීදි නුවර” ගොවිපල සතිපතා ප්රජා ක්රියාකාරකම් සංවිධානය කරනු ලැබේ.

නාගරික කෘෂිකර්මාන්තයේදී පැන නඟින අපහසුතා[සංස්කරණය]

  1. නිවැරදි පිළියම් කිරීමකින් හා නිරීක්ෂණයකින් තොරව වාරි මාර්ග සඳහා අපද්‍රව්‍යය ජලය භාවිතය ජනගහනය අතර රෝගාබාධ පැතිරීමට හේතු වී ඇත.
  2. දූෂණය වී ඇති භූමියක වගාකිරීම මගින් පාරිභෝජකයන්ට සෞඛ්‍යයමය අවධානම් ඇතිවිය හැක.
  3. මහාමාර්ග අසළ වගාකිරීම මගින් දේශීය වෙළඳපොළවලට නිෂ්පාදන බෙදා හැරීම පහසු කරවන නමුත් නිෂ්පාදන වාහන දූෂණයට නිරාවරණය වීම අවධානමක්ද ඇත.
  4. කෘෂිකර්මාන්තය හා නාගරීකරණය වීම එකිනෙක නොගැළපෙන ක්‍රියාකාරකම් දෙකක් ලෙස සැළකෙන අතර ඒවා සීමා සහිත භූමියක ප්‍රවේශ වීමට හා ක්‍රියාකාරී වීමට තරඟ කරයි.සත්‍යය වශයෙන්ම නගරබද ප්‍රදේශවල පොදු හා පෞද්ගලික වෙන් කර ඇති ස්ධාන හා භාවිත කිරීමට නුසුදුසු ප්‍රදේශ (අධික බෑවුම් හා ජල ගැලීම්වලට ලක්වන තැනිතලා ) වැනි කෘෂිකර්මාන්තය සඳහා සුදුසු වැදගත් අවකාශයන් ඇත.
  5. භූමිය හා ප්‍රභව( සැළකිය යුතු මිළකින් යුත් ජලය වැනි) සඳහා ප්‍රවේශවීමට හෝ නීතිමය තහනම් කිරීම් හා ආර්ථිකමය අවහිරතා නාගරික කෘෂිකර්මාන්තයට මුහුණ දීමට සිදු වූ ප්‍රධාන ප්‍රශ්න අතර වේ.
  6. යුක්තිය සඳහා ආරක්ෂාව මදිවීමද ගොවිතැන්කරණය සඳහා රෝදකයක් ලෙස ක්‍රියා කරයි. එයට හේතුව භාවිතා කරන භූමි දිග පිළිබඳ අවිනිශ්චිතතාවයි.
  7. කර්මාන්තමය වගා කිරීම් තුළින් වඩා කාර්යක්ෂමව විශාල පරිමා වලින් ආහාර නිපදවිය හැකි යැයි පිළි ගන්නා පුද්ගලයන් විසින් නාගරික කෘෂිකර්මාන්තය විවේචනයට භාජනය කරනු ලැබේ.
  8. ප්‍රධානතම තර්කයක් වන්නේ නාගරික ගොවිතැන් කරණයට පමණක් (කුඩා භූමි පුදේහවල වගා කිරීම) අපගේ ආහාර නිෂ්පාදනය ඉතා විශාල ප්‍රමාණයක් සපයන පිටිසර ප්‍රදේශවල භූමි විශ්තෘත නිෂ්පාදනය ප්‍රතිෂ්තාපනය කළ හැකිද යන්නයි. තවමත් කුස ගින්න නාගරික හා පිටිසර යන ප්‍රදේශවල පවතින අතර(ආහාර ආරක්ෂණය මත වැඩි දුර විස්තර බලන්න) කර්මාන්තමය කෘෂිකර්මාන්තයක් පැවතීම එය වැළැක්වීමට හේතුවක් බවට පත්ව නොමැත. මෙම ආහාර අවශ්‍යතාවය සඳහා නාගරික කෘෂිකර්මාන්තයට පිළිතුරු සැපයිය හැකි ප්‍රමාණය ක්‍රමාණුකූලව ගත් කළ නිර්ණය කළ නොහැකි අතර සමහරක් සමාජවල එය වැදගත් ආහාර ප්‍රභවයක් බවට සළකුණු පවතී.
  9. අනෙකුත් විරුද්ධවාදීන් විවාදකර සිටින්නේ දේශීය කරණය වූ ආහාර නිෂ්පාදනය හා නාගරික ප්‍රදේශවලට පොදු සම්පත් හා පොදු භූමි හඳුන්වා දීම මගින් පොදු දේපලවල ශෝකාන්තයක් උදිවනු ඇති බවයි එනමුත් කළින් සඳහන් කර ඇති පරිදි බොහොමයක් නාගරික ගොවිපලවල් හා සමාජ උද්‍යාන පුද්ගලිකව හෝ සිවිල් සමාජ සංවිධාන හරහා කළමණාකරණය වනු ලැබේ.

ආශ්‍රිත[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=නාගරික_කෘෂිකර්මාන්තය&oldid=250235" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි