න්‍යෂ්ටික චුම්බක අනුනාදය

විකිපීඩියා වෙතින්
බෘකර්700 MHz. න්‍යෂ්ටික චුම්බක අනුනාද (NMR) වර්ණාවලීමානය

න්‍යෂ්ටික චුම්බක අනුනාදය යනු පරමාණුවක න්‍යෂ්ටිය සතු විද්‍යුත් චුම්බක විකිරණ අවශෝෂණය කර ප්‍රතිවිකිරණය කිරීමේ භෞතික සංසිද්ධියයි. යම් නිශ්චිත අනුනාද සංඛ්‍යාතයකදී ප්‍රතිවිකිරණය වන ශක්ති ප්‍රමාණය අදාල බාහිර චුම්බක ක්ෂේත්‍රයේ ප්‍රබලතාවය සහ අදාල පරමාණුක සමස්ථානිකයේ චුම්බක ගති ලක්ෂණ මත රඳා පවතී. ප්‍රායෝගික යෙදුම් වලදී මෙකී අනුනාද සංඛ්‍යාතය, විද්‍යුත් චුම්භක වර්ණාවලියේ VHF හා UHF පරාසයේ පවතී.එම නිසාවෙන් මෙම සංසිද්ධිය පරමාණුක න්‍යෂ්ඨි වල ක්වොන්ටම් යාන්ත්‍රික චුම්භක ගති ලක්ෂණ නිරීක්ෂණය සඳහා බහුලව භාවිතා කරනු ලැබේ. බොහෝ විද්‍යාත්මක තාක්ෂණයන් අණුක භෞතික විද්‍යාව, ස්ඵටික සහ ස්ඵටික නොවන ද්‍රව්‍ය පිලිබඳ අධ්‍යනය කිරීමට න්‍යෂ්ඨික චුම්භක අනුනාද වර්ණාවලීක්ෂය භාවිතා කරයි.

ප්‍රෝටෝන සහ නියුට්‍රෝන වල එකතුව හෝ වෙන වෙනම ප්‍රෝටෝන සංඛ්‍යාව හෝ වෙන වෙනම නියුට්‍රෝන සංඛ්‍යාව හෝ ඔත්තේ අගයක් වන සියලුම සමස්ථානික වල නිසඟ චුම්භක ඝූර්ණය සහ කෝණික ගම්‍යතාවය පවතී.වෙනත් වචන වලින් පවසතොත්, නියුක්ලයිඩයේ ප්‍රෝටෝන සහ/හෝ නියුට්‍රෝන (ප්‍රෝටෝන සහ නියුට්‍රෝන වල එකතුව හෝ වෙන වෙනම ප්‍රෝටෝන සංඛ්‍යාව හෝ වෙන වෙනම නියුට්‍රෝන සංඛ්‍යාව හෝ) ඉරට්ටේ සංඛාවක් පවතී නම් සංයුක්ත බැමුම ශුන්‍ය වේ.බහුලවම අධ්‍යයනය කරන ලද න්‍යෂ්ටි 1H, හා 13C වන අතර 2H, 6Li, 10B, 11B, 14N, 15N, 17O, 19F, 23Na, 29Si, 31P, 35CL, 113Cd, 129Xe, 195Ptසමස්ථානික පිලිබඳවද වැඩිපුර අවධානය යොමුව ඇත.