නව සම සමාජ පක්ෂය

විකිපීඩියා වෙතින්
නව සම සමාජ පක්ෂය
ආරම්භකවික්‍රමබාහු කරුණාරත්න
ලේකම්වික්‍රමබාහු කරුණාරත්න
ආරම්භය1977
බිඳීමලංකා සම සමාජ පක්ෂය
මූලස්ථානය17 බැරක්ස් වීදිය, කොළඹ 02
මතවාදයකොමියුනිස්ට් වාදය, ට්‍රොට්ස්කි වාදය
ජාතික අනුබැඳියවාමාංශික විමුක්ති පෙරමුණ
ජාත්‍යන්තර අනුබැඳියසතරවන ජාත්‍යන්තරය
මැතිවරණ ලාංඡනය
මේසය
වෙබ් අඩවිය
nssp.info
ශ්‍රී ලංකාවේ දේශපාලනය
දේශපාලන පක්ෂ
මැතිවරණ

නව සම සමාජ පක්ෂය යනු, ශ්‍රී ලංකාවේ ට්‍රොට්ස්කිවාදී දේශපාලන පක්ෂයකි. ආචාර්ය වික්‍රමබාහු (බාහු), සුමනසිරි ලියනගේ සහ අනෙකුන් විසින් නායකත්වය සැපයුණු වාම සම සමාජ නැඹුරුව, ලංකා සම සමාජ පක්ෂය (ලසසප) වෙතින් නෙරපා හැරීමත් සමගම මෙය සංස්ථාපනය වුණි. සිරිතුංග ජයසූරිය (සිරි) සහ වාසුදේව නානායක්කාර (වාසු) පසුව මෙය හා සම්බන්ධ වූහ. 1976දී සමගි පෙරමුණ වෙතින්, ලසසප විසිවීයාමත් හා සමගම බොහෝ සංඛ්‍යාවක් නැඹුරුව වෙත සම්බන්ධවූ අතර, 1977 දෙසැම්බර් මාසයේදී එය නව සම සමාජ පක්ෂය ලෙසින් ප්‍රකාශයට පත් කෙරිණි.

නසසප මුලදී, CWI වෙත අනුබද්ධිතව සිටියද, CWIහී අදහස පරිදී, ස්ටැලින්වාදය, පූර්ව යටත් විජිත වාදී සහ අර්ධ-යටත් විජිත වාදී ලෝකයේ ප්‍රවර්ධනයන් සහ ජාතික ප්‍රශ්නය පිළිබඳව CWIහී විශ්ලේෂණය හා නසසප කිසිවිටෙක සම්පූර්ණ වශයෙන් එකඟ වූයේ නැත.[1] සංරක්ෂණය කළ පිටපත 2005-12-01 at the Wayback Machine සමහරුන් විසින් නෙරපාහැරීමක් ලෙසින්ද, CWI විසින් බෙදීමක් ලෙසින්ද හැඳින්වෙන ක්‍රියාවලියක් ඔස්සේ, එය CWI වෙතින් 1988දී වෙන් වී ගියේය. ඉතිරිවූ CWI සාමාජිකයෝ, එක්සත් සමාජවාදී පක්ෂය පිහිටුවාගත්හ. 1991 පටන්, ආචාර්ය කරුණාරත්න විසින් මෙහෙයවන නසසප, සතරවන ජාත්‍යන්තරයෙහි ශ්‍රී ලාංකික පාර්ශවය ලෙසින් පවතියි.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=නව_සම_සමාජ_පක්ෂය&oldid=592373" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි