නව යොවුන්විය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

නව යොවුන්වියේ සංවර්ධනය[සංස්කරණය]

යොවුන්විය.jpg

ජීවිතයේ නව පිබිදීමක් ඇතිවන යුගයක් ලෙසත් උපතේ සිට ක්‍රමයෙන් සිදුවෙමින් ආ වර්ධන ක්‍රියාවලීන්ගේ පරිපාකත්වය අරඹන අවධියක් ලෙසත් නව යොවුන් විය හඳුන්වනු ලබයි. මෙතෙක් දෙමාපිය ආරක්ෂාව යටතේ සිටි ළමයා ළමාවිය අතහැර දමා ස්වාධීන වීමටත් තමාගේ ආරක්ෂාව සලසා ගනිමින් බැහැරට යාමට හැකියාව ලබාගන්නා අවධිය ලෙසත් නව යොවුන් විය හැදින්වේ.


Adolescence යන පදයෙහි, අර්ථය වර්ධනය වන පරිණතිය කරා යන අර්ථය .කායික,බුද්ධිමය ,චිත්තවේගී, සමාජමය හා සදාචාරය යන සෑම අංශයකින් ම සංවර්ධනය වීමත්, පරිපාකත්වයට පත්වීමත් යන අදහස ඉන් ගම්‍ය වේ.ළමාවිය පසු කරමින් වැඩිහිටිවියට සුදුසුකම් ලබන අවධියයි.නව යොවුන් විය යනු කවර වකවානුවක්ද? මේ පිළිබඳව සුළු මතභේද ඇතත් එය මනෝ විද්‍යාඥයින්ගේ (Jersid,Mccadless) පිළිගැනීම වනුයේ මල්වරවීමේ හෙවත් යෞවනෝදයේ මූලික ප්‍රකාශ වීමත් සමඟ හෝ ඒ කාලය ආසන්නයේ සිට හෝ නව යොවුන් විය ඇරබෙන බවයි.


Verslid,Fleming ආදීන් පෙන්වා දෙනුයේ අවු:12-20 අතර කාලය නව යොවුන් අවධිය ලෙස ගත හැකි බවයි.ලිංගික පරිණතභාවය ,උසෙහි උපරිම වර්ධනය ලබාගැනීම හා බුද්ධිය පරීක්ෂණ වලින් පරීක්ෂා කළ හැකි ඉහළම මානසික වර්ධනය, යන සියල්ල මේ කාලය තුළ වර්ධය වන හෙයිනි. Mussen අවු:11-18 අතර යුගය ලෙස නව යොවුන් අවධය වෙන් කරන අතර,හර්ලොක් පෙන්වා දෙනුයේ නීතමය පරිනතිය ලෙස සලකන අවු:21 දක්වා කාල‍ය ඉහළ සීමාව ලෙස ගත යුතු බවයි.ඒ අනුව ඇය පිරිමි ළමයින්ගේ නව යෞවන කාලය අවු:11-21 දක්වාත් .ගැහැනු ළමයින්ගේ නව යෞවන කාලය අවු:10-21දක්වාත් ලෙස සලකයි.

‍මේ කාලය ද නැවත අනු කොටස් 3ට වෙන් කර දක්වයි.

එනම්:

1.වැඩිවිය පැමිණීම(මල්වර වීම) අවු:11-14 අතර කාලය.(කායික ලිංගික ඉන්ද්‍රියන්ගේ වර්ධනය)

2.සංක්‍රාන්ති අවධිය(අවු:15)(සම ලිංගික සබඳතා වලින් විරුද්ධ (ඉතර)ලිංගික සබඳතා වලට )

3.පසු නව යොවුන් විය.(අවු:16-21)

මේ අනුව පෙනී යන්නේ කණිෂ්ඨ ද්විතීක අවධිය ආරම්භයේ සිට තෘතීක අධ්‍යාපන අවධිය දක්වා වන කාලය නව යොවුන් වියට සම්පූර්ණයෙන් හෝ කොටස් ලෙස හෝ සම්බන්ධ වන බවයි.මනෝ විශ්ලේෂණවාදීන් නව යෞවන වියේ කැලඹිලි ස්වභාවයට හේතුව මනෝ විද්‍යාත්මක බව පවසන අතර,ශාරීරික හේතු ද ඊට බලපායි.

තාරුණ්‍යය..jpg


















ශාරීරික හා මානසික වෙනස් වීම් :[සංස්කරණය]

ශාරීරික වර්ධනය[සංස්කරණය]

  • ලිංගික වර්ධනය
    තුරුණු බව.JPG
  • හදිසි වැඩීම
  • බුද්ධි වර්ධනය


කායික වෙනස් වීම්:[සංස්කරණය]

ජීවිතයේ ැන් කවර අවධයකට ද වඩා කායික වෙනස්වීම් පැහැදිලිව ක්ෂණිකව දක්නට ලැබෙනුයේ ගැටවර වියේදීය. බාහිරව විද්‍යාමාන වන විවිධ ශාරීරික ලක්ෂණවලට පසු තලව ඇත්තේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් කිපයනක ක්‍රියාකාරීත්වය මොළයේ හයිපතැලමස් (Hypothalamus) නම් කොටසක් වේ.එය චිත්තවේග ප්‍රතිචාර පාලනය කිරීමෙහිලා සහ ඒවා හැසිරවීමෙහිලා ද පිටියුටරි නම් ග්‍රන්තියක පිහිටා ඇත්තේ මොළයේ ,හයිපතැලමස් කොටසට මදක් පහලින්ය.ශරීර වර්ධනය නකරෙහි බලපාන වර්දන හෝමෝනයත් නිපදවනු ලබන්නේ පිටියුටරි ග්‍රන්ථි වලිනි.


ළමා කාලයේදී ශරීර වර්ධනය හා විකසනය සදහා පිටියුටරි ග්‍රන්ථියෙන් නිකුත් වන වර්ධන හෝමෝන උපකාරී වන අතර නව යෞවන අවධියේදී පිටියුටරි ග්‍රන්තථියේ අමතර කිර්යයක් ද ඉටු වේ. හයිපොතැලමස් කොටසෙන් ලැබෙන උපදෙස් අනුව, පිටියුටරි ග්‍රන්ථිය හෝමෝන නිකුත් කරන අතර අන්තරාසර්ග ග්‍රන්ථිවලට අදාල හෝමෝනයක් නිකුත් කිරීමට උපදෙස් දෙයි.එපමනක් නොව ඒ ඒ ග්‍රන්ති වලින් නිකුත් කළ යුතු ප්‍රමාණය තීරණය කිරීමත්,ඒවා නිසි පරිදි ගලා යාමට සැලැස්වීමත් පිටියුටරි ග්‍රන්ථිය මගින් කෙරේ.ගැටවර වියේ කායික හා ලිංගික වෙනස්වීම් සිදුවනුයේ ඒ මගිනි.


ලිංගික වර්ධනය:[සංස්කරණය]

මෙකල සිදු වන ප්‍රධාන කායික හා ලිංගික වෙනස්කම් වලට හෝමෝන වල බලපෑම සෘජුවම බලපායි.නව යෞවුන් විය ආරම්භ වීමට පෙර ලිංගික පරිණතිය එහි පූර්ණ පරිණත බවෙන් 10%-20% අතර ප්‍රමානයක් පමණි ලැබෙනුයේ. එහෙත් නව යෞවුන් විය ලෙස ගත වන වසර 8-9 කාලය තුළ ලිංගික පරිණතියෙන් 80%-90% පමණ ප්‍රමාණයක් සිදු වේ.මේ නිසා හෝමෝන ක්‍රියාකිරීත්වයේ ප්‍රතිඵලයක් වශයෙන් ඉතා වේගවත් හදිසි ලිංගික ආවේග වර්ධනයට නව යෞවනයා පාත්‍ර වේ. මෙම ලිංගික පරිණතිය නිසා කාසික හැඩරුවෙහි සහ ලිංගික අනන්‍යතාවයෙහි ප්‍රධාන වෙනස්කම් සිදු වේ.

හදිසි වැඩීම:[සංස්කරණය]

ඇඩ්රිනල් ග්‍රන්ති වලින් සහ ලිංගික ග්‍රන්ථි වලින් (gonads)නිකුත් වන හෝමෝනයක් නිසා පිරිමි ළමයි සහ ගැහැණු ළමයින් ඉතා ශීඝ්‍ර වර්ධනයක් (Growth spurt) සිදු වේ .මේ නිසා නව යෞවනයා උසින් සහ මහතින් ශීඝ්‍රයෙන් වැඩේ.හෝමෝන නිකුත් කිරීම ආරම්භ වීමක් සමඟ ගැහැනු ළමයිගේ ඩිම්බ කෝෂ වල සහා පිරිමි ළමයිගේ වෘෂණ කෝෂ වල ක්‍රියාකාරීත්වය ඇරඹේ.මේ සමඟ ද්විතීක ලිංගික ලක්ෂණ වන පිරිමි ළමයිගේ රැවුල වැඩීම,රහස් ප්‍රදේශ වල රෝම වැඩීම ,කටහඬ වෙනස් වීම හා උස, බර වැඩිවීමත් ගැහැනු ළමයිගේ ද රහස් ප්‍රදේශ වල රෝම වැඩීම,පියයුරු වර්ධනය උකුළ ප්‍රදේශ පළල් වීම මෙකල සිදු වේ. පිරිමි ළමයිගේ වර්ධනය වේගවත් වීම ආරම්භ වනුයේ අවු:9-12 ත් අතරදීය.

මානසික වර්ධනය[සංස්කරණය]

බුද්ධි වර්ධනය:[සංස්කරණය]

පෙර පාසල් වියේ ළමයාගේ චින්තන ක්‍රියාවලිය පාසල් යන අවධියේදී වෙනසකට භාජනය වූවාටත් වඩා ,එනම් පූර්ව ක්‍රියාකාරී බවෙන් ,ක්‍රියාකාරී බවට පත් වූවාටත් වඩා පැහැදිලි වෙනසක් මේ අවධියේ සිදු වේ .පියාජේ හදුන්වා දෙන පරිදි ,චින්තනයේ සෑම දියුණු අවධිවක් ම මුල් අවධියට වඩා බැදීම් වලින් නිදහසක් ලබන අතර චින්තනමය ක්‍රියාකාරීත්වයේ මනා පාලනයක් ඇති කරයි.මෙම අවධියේදී වියුක්ත චින්තන අවධිය (අවු:12-18) අන් සියලු අවධි වලට වඩා පුළුල් සචලතාවයක් දක්වයි.වියුක්ත චින්තන අවධියේ දකිය හැකි විශේෂ ලක්ෂණ රා‍ශියකි.ඒවා මෙසේ දැක්විය හැකිය.

1.නිදහස ,සචලතාවය හා නම්‍ය සුළු බව.

2.පාලනය.

3.ලැදියාවන් හා අවශ්‍යතාවයන්

4.නව යොවුන් වියේ ඇගයුම් සහ ආකල්ප.

වසන්තය.jpg

5.සමාජ සම්බන්ධතා.

6.මානසික ආකූලතා.

7.කායික වර්ධනය හා සම්බන්ධ ගැටළු

8.ලිංගික වර්ධනය හා සම්බන්ධ ගැටළු.


මූලාශ්‍ර:


අධ්‍යාපන මනෝවිද්‍යාව හා ගුරුවරයා:(දයාරෝහණ අතුකෝරාළ, හේළිණිමලා අතුකෝරාළ.)

"http://si.wikipedia.org/w/index.php?title=නව_යොවුන්විය&oldid=22638" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි