නව ප්‍රංශය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

නව ප්‍රංශය (ප්‍රංශ: Nouvelle-France) යනු ජැකස් කාටියර් විසින්1534 දී සෙන්ට් ලෝරන්ස් නදිය ගවේෂණය කිරීමෙන් ඇරඹී 1763දී ස්පාඤ්ඤයට සහ මහා බ්‍රිතාන්‍යයට නව ප්‍රංශය පවරාදීමෙන් කෙළවර වූ කාලසීමාව තුලදී ප්‍රංශය විසින් උතුරු ඇමරිකාවේ ජනපද පිහිටුවා ගන්නා ලද ප්‍රදේශයකි.

මුල් ගවේෂණය[සංස්කරණය]

1523 වර්ෂයේදි පමණ ඉතාලි නාවිකයෙකු වූ ගියොවන්නි ඩා වෙරසානෝ (Giovanni da verrazzano) ආසියාවේ චීනය පෙදෙසට බටහිර පැත්තෙන් මුහුදු ගමන් මාර්ගයක් සෙවිම සඳහා ගවේශණ චාරිකාවක් සඳහා කටයුතු යෙදීම මැනැවැයි යන අදහස ප්රංමශයේ පළමු වැනි ප්රැයන්සිස් රජුට ඒත්තු ගන්නා සිටියේය. 1523 වර්ෂයේ අග භාගයේ දි වෙරසානෝ මුහුදු ගමනක් ආරම්භ කර කුඩා මුහුදු යාත්රාදවකින් අත්ලාන්තික් සයුර තරණය කළේය. එම ගමනට ඔහු කැටුව තවත් මිනිසුන් 53 දෙනෙකු ගියහ. ඔවුන් පළමුව වර්තමාන කැරොලිනා නමින් හඳුන්වන ප්ර්දේශය ගවේෂණය කරමින් උතුර බලා වෙරළ දිගේ ඉදිරියට ගොස් නිව් යෝර්ක් බොක්කෙහි පටු සමූද්රඩ සන්ධියක නැංගුරම් ලෑවේය. වර්තමාන නිව් යෝර්ක් පෙදෙසට පැමිණි පළමු යුරෝපීයන් වශයෙන් ඔහු එයට නුවෙල් - ඇන්ගුලෙම් (Nouvell - Angoulêm) යනුවෙන් නම් තැබුවේ ඇන්ගුලෙම්හි පැරනි කවුන්ට්වරයා (Count) වූ රජුට ගෞරව කිරීමක් වශයෙනි. වෙරසානෝගේ මෙම මුහුදු ගමන ‍හේතුවෙන් අලුතෙන් සොය‍ාගත් එම පෙදෙස ජනාවාස කිරීම සඳහා කටයුතු යෙදිය යුතුයයි රජුට ඒත්තු ගියේය.

1534 දී ජැක්වේස් කාර්ටියර් (Jacaques Cartier) ගැස්පේ (Gaspe) අර්ධ ද්වීපයේ කුරුසියක් සිටුවා එම පෙදෙස් පළමුවෙනි ප්රැ්න්සිස් රජුට අයිති බවට ප්ර්කාශයක් කළේය. ඔහු එම අවස්ථාවේ එය නම් කළේ 'කැනඩා' යනුවෙනි. එය නිව් ෆ්රාපන්ස්හි පළමු පලාතයි. කෙසේ වුවද එම ප්ර දේශය ජනාවාස කිරීමට ප්රංෙශවරුන් ගත් මුල් උත්සාහයන් සාර්ථක නොවීය. කෙසේ වෙතත් ප්රංරශ ධීවර යාත්රාර අත්ලාන්තික් වෙරළ සහ ශාන්ත ලෝරන්ස් නදියෙන් රට තුලටද නොකඩවා යාත්රාේ කළේය. ඒ සමගම එහි සිටි ස්වදේශික ඉන්දියානුන් සමග මිත්රවත්වයක්ද පවත්වා ගත්හ. යම්කිසි අවස්ථාවක එම ප්ර දේශය අල්ලා ගැනීමේදි එම සම්බන්ධතාවන් ඉතා වැදගත්යයි ඔව්හු කල්පනා කළහ. ශාන්ත ලෝරන්ස් පෙදෙස ලොම් සහ හම් සම්බන්ධයෙන් ඉතා වටිනා භූමියක් බව ප්රංඑශ වෙළඳුන් තේරුම් ගත්හ. විශේෂයෙන්ම ඒ බීවර් සතුන්ගේ ලොම් සම්බන්ධයෙනි. ඒවා යුරෝපයේ ඉතා දුර්ලභ විය. මන්ද යුරෝපයේ බීවරයන් ඒ වන විට සම්පූර්ණයෙන්ම වාගේ වඳවී ගොස් තිබුනු බැවිනි. මේවායේ ප්රනතිඵලයක් ලෙස තමන්ගේ බලය එම ප්ර්දේශයේ පැතිරවීමට හා එය සුරක්ෂිත කරනු වස් භූමිය ජනාවාස කළ යුතු යයි ප්රංේශ රජය කල්පනා කළේය.

උතුරු ඇමෙරිකාවෙහි ජනාවාස ඇති කිරීමේ තවත් පළමු උත්සාහයක් වූයේ කැරොලිනා කොටුවයි. එය 1564 දී ෆ්ලොරිඩාවේ ජැක්සන්විල් වලට දකුණින් වර්තමානයේ ශාන්ත ඔගස්ටින් යනුවෙන් හැඳින්වෙන පෙදෙසෙහි පිහිටුවන ලද්දකි. හ්යුිගුනෝට් වරුන්ට (Huguenot) සුරලෙ‍ාවක්ය යනුවෙන් අදහස් කරන ලදුව රෙනෙ ගුලෙන් ඩි ලවුඩනියර් (Rena Goulainede Laudonnier) සහ ජින් රිබොල්ට් යන දෙපළගේ නායකත්වයෙන් කැරොලිනාව මුලින් ආරම්භ කරන ලදි. එහෙත් එය පෙද් රෝ මෙනෙන්ඩෙස් ඩි ඇවිලසේ නම් ස්පාඤ්ඤ ජාතිකයාගේ අණ කිරීමකින් කොල්ල කෑමට ලක් විය. ඉන් පසු 1565 සැප්තැම්බර් 20 දින ශාන්ත ඔගස්ටින් නමින් එම ප්ර්දේශයේ ජනාවාසයක් බිහි විය.

ඇකේඩියාව සහ කැනඩාව සංචාරක ගෝත්ර යක් වූ ඇල්ගොන්ක්වින් (Algonquin) ජනතාවගෙන්ද එසේ සංචාරයෙහි නොයෙදෙන ඉරොක්වා වරුන්ගේද වාස භූමි විය. මෙම භූමි ප්ර දේශය අගනා ස්වාභාවික සම්පත් වලින් සරුසාර ප්රිදේශයක් වු හෙයින් ප්රංජශය නෙදර්ලන්තය ආදි යුරෝපීය රටවල ආකර්ශණයට බඳුන් විය. වර්ෂ 1580 පමණ වන විට ප්රං්ශ වෙළඳ ආයතන සංවිධානය වී ලොම් ගෙන ඒම සඳහා නැව් සමග කොන්තරාත්තු ඇති කර ගත්හ. මුල් පදිංචිකරුවන් සහ ඔවුන්ගේ යුරෝපීය අමුත්තන් අතර එම කාලය තුල ඇති වූ සිද්ධීන් වලින් බොහොමයක් ඓතිහාසික වර්තා නොමැති වීමෙන් අප්රඑකටව පවති.

ස්ථිර ජනාවාස පිහිටුවීම සඳහා කෙරුණු මුල් ප්ර යත්නයන් අසාර්ථක විය. 1598 වර්ෂයේදි සේබල් දිවයිනේ ඇකේඩියාහි වෙරළට ඈතින් තාවකාලික වෙළඳ මධ්ය්ස්ථානයක් පිහිටුවන ලද නමුත් එය සාර්ථක වූයේ නැත. 1600 දි ටැඩුසැක් හි ද වෙළඳ මධ්යාස්ථානයක් පිහිටුවන ලදි. එහෙත් ශීත ඍතුවෙන් පසු ඉතිරි වූයේ පදිංචි කරුවන්ගෙන් පස් දෙනෙකු පමණි. 1604 දී ෆන්ඩි බොක්කේ (Bay of Fundy) ඉල් - සෙන්ට් ක්රුවා (Ile - sent - croix) හි ජනාවාසයක් ආරම්භ කරන ලදි. එය පසුව 1605 දී පොර්ට් - රෝයල් වෙත ගෙන යාමෙන් අනතුරුව 1607 දී අතහැර දමනු ලැබුනි. 1610 දී නැවත පිහිටවූ නමුත් 1643 දී විනාශ කෙරුනි. ඉන් පසු පදිංචිකරුවෝ අසල පිහිටි වෙනත් ප්ර්දේශ වලට ගියහ.

1608 දී ප්රංඉශයේ හතරවැනි හෙන්රි රජුගේ අනුග්රවහකත්වයෙන් සැමුවෙල් ඩි චැම්ප්ලෙන් නැමැත්තා ක්විබෙක් නගරය ආරම්භ කළේය. මෙම අවස්ථාවේ එහි සිටියේ පවුල් හයකි. මුලු ජනගහණය විසි අට දෙනෙකි. එය වර්තමාන කැනඩාව නමින් හැඳින්වෙන ප්රරදේශයේ පළමු ප්රං ශ ජනාවාසය විය. ජනපදකරණය කිරීම මන්දගාමි සහ අසීරු කරුණක් විය. බොහෝ පදිංචිකරුවන් මුලදීම මිය ගියේ කටුක දේශගුණය හා ලෙඩ රෝග හේතුවෙනි. 1630 දි ජනපදිකයන් සිටියේ 103 ක් වුවද 1640 වන විට සංඛ්යාඩව 355 ක් විය.

ඉරොක්වාවරුන් සමග යුද කරමින් සිටි එම ප්රකදේශයේ ඇල්ගොන්කින් සහ මොන්ටැග්නිස් ජනතාව සමග චැම්ප්ලේන් ඉතා ඉක්මණින් මිත්ර6ත්වයක් ඇති කර ගත්තේය. ලොම් වෙළඳාම සාර්ථකව ගෙන යාම සඳහා ඔහු හ්යුඉරන්වරු සමග දැඩි සබඳතාවයක් ඇති කර ගත්තේය. එපමණක් නොව තරුණ ප්රංසශ ජාතිකයින් ස්වදේශික හා මිත්රතව ජීවත්කරවීමටද ඔහු කටයුතු යෙදුවේය. එසේ කරන ලද්දේ ස්වදේශිකයන්ගේ භාෂාව සහ සිරිත් විරිත් ඉගෙන ගැනීම උදෙසාය. ඉන් බලාපොරොත්තු වූයේ උතුරු ඇමෙරිකානු ජීවිතයට හැඩ ගැසීමයි. “කූරියර් දි බුවා” නමින් හැඳින්වූ මෙම පිරිස දකුණටද, මහා විල් දක්වා බටහිරටද එම ප්රතදේශයේ ජීවත් වූ හ්යු රන් ගොත්රත කෙරෙහිද ප්රං,ශ ආධිපත්ය් පතුරුවා හැරියේය.

නිව් ෆ්‍රාන්ස්හි සිතියම - 1612 දී සැමුවෙල් ඩි චැම්ප්ලේන් විසින් සකස් කරන ලදි.

ක්විබෙක් පිළිබඳ තොරතුරු අනුව එහි මුල්ම දශක කිහිපය තුල එහි පදිංචිකරුවන් සිටියේ දුසිම් කීපයක් පමණි. එහෙත් දකුණේ ඉංග්රිහසි ජනපද වල වැඩි ජණගහනයක් සිටි අතර ඒවා ධනවත් ප්ර්දේශ විය. 13 වැනි ලුවී රජුගේ උපදේශක රිච්ල්යු කාදිනල් තැනට නිව් ෆ්රානන්ස් ජනපදය ඉංග්රිේසි ජනපද තරමටම කැපී පෙනෙන තත්වයකට ගෙන ඒමට අවශ්යු විය. 1627 දී රිචෙලියු හවුල්කාර සියදෙනාගේ සමාගම නම් සමාගමක් ආරම්භ කළේ නිව් ෆ්රායන්ස් වෙනුවෙන් ආයෝජනය කිරීම සඳහාය. ඔහුගේ අදහස වූයේ සිව් දෙනෙකුට ඉඩම් කොටස් කර දී ක්වීබෙක් ඉතා වැදගත් ගොවිපල වලින් යුක්ත වාණිජ්ය් මධ්ය ස්ථානයක් කිරීමයි. චැම්ප්ලේන්, නිව් ෆ්රා්න්ස් හි ආණ්ඩුකාරයා ලෙස නම් කෙරිනි. රිචෙලියු එම අවස්ථාවේදි රෝමානු කතෝලික නොවන්නන්ට එහි ජීවත් වීම තහනම් කළේය. ප්රෙරතෙස්තන්තවරුන්ට නිව් ෆ්රාකන්ස්හි ස්ථාවර වීමට නම් ඔවුන්ගේ ආගම් ඇදහිලි විශ්වාසයන් අත්හල යුතු බව දැනුම් දෙන ලදි. බොහෝ දෙනෙකු ඉංග්රිවසි ජනපද වලට යනවාට වඩා එය තෝරා ගත්හ. රෝමානු කතෝලික දේවස්ථාන, රිකොලෙට්ස් වැනි මිෂනාරිවරු සහ ජේසුයිට් නිකායිකයින් එම ප්රලදේශය තුල ඉතා හොඳින් තහවුරු වුහ. රිචෙලියු සිඤ්ඤෝරියල් සිස්ටම් (නොහොත් - ඉඩම් හිමි පැළැන්ති ක්රෙමය) නැමති ක්රහමයක් හඳුන්වා දුන්නේය. එය ගොවිතැන් සම්බන්ධ අර්ධ වැඩ වසම් ක්රිමයක් විය. මෙම ක්රතමය 19 වෙනි සියවස දක්වාම ශාන්ත ලෝරන්ස් හි වැදගත් අංගයක් ලෙස පැවතුනේය.


බටහිර නිව් ෆ්රායන්ස්හි සිතියම - ඉලිනොයිස් ජනපදය ද ඇතුලත්වේ. නිර්මාණය කළේ වින්සෙන්සෝ කොරොනෙලි 1688

මේ වකවානුවේදිම දකුණේ ඉංග්රිරසි ජනපද විසින් ශාන්ත ලෝරන්ස් නිම්නය ආක්ර මනය කිරීම ආරම්භ කරන ලදි. 1629 දී ක්වීබෙක් අල්ලා ගත් බ්රි්තාන්ය යෝ 1632 දක්වා එය තමන් යටතේ තබා ගත්හ. එම වසරේ චැම්ප්ලේන් ක්වීබෙක් වෙත ආපසු පැමිණ සියුර් ඩි ලැවිසොලෙට් හට ට්රොඑයි - රිවීරෙ (Trois – Rivieres) හි තවත් කුඩා වෙළඳ මධ්යඑස්ථානයක් ආරම්භ කරන ලෙස දන්වා සිටියේය. ඔහු 1634 දී එය ඉටු කළ අතර චැම්ප්ලේන් 1635 දී මිය ගියේය.

චැම්ප්ලේන්ගේ මරණයෙන් පසු ප්රංයශ කතෝලික පල්ලියට ජනපදය තුල උතෝපියානු ක්රිපස්තියානි ප්ර ජාවක් ඇති කිරීමට අවශ්ය විය. 1642 දී ඔව්හු එහි පදිංචියට යාම සඳහා පිරිසක් සංවිධානය කළහ. එහි නායකත්වය දැරුවේ පෝල් කොමඩේ ඩි මේසන්යු6ව් (Paul Chomedey de Maisonneuve) නැමැත්තාය. ඔහු ශාන්ත ලෝරන්ස් නදියට ඈත ස්ථානයක විලේ - මාරි (Ville – marie) ජනාවාස ඇති කළ අතර එම ජනාවාසය වර්තමාන මොන්ට්රි යල් නගරයේ ආරම්භය විය. 1640 දශකය පුරාම ජේසුයිට් නිකායක මිෂනාරිවරු මහා විල් ප්රයදේශ වලට පැමිණ එහි සිටි හ්යුeරන් ස්වදේශිකයින් තමන්ගේ ආගමට හරවා ගත්හ. මිෂනාරිවරු ඉරොක්වා වරුන් සමග අර්බුද ඇති කර ගත්හ. ඔව්හු නිරතුරුව මොන්ට්රිගයල් වෙත පහර දුන්හ. 1649 වසර වන විට ජේසුයිට් ධර්මදූත ව්යාඔපාරය සහ හ්යුටරන් සමාජය යන දෙකම ඉරොක්වා ආක්ර මණ මගින් සම්පූර්ණයෙන්ම වාගේ විනාශයට පත් විය. (බලන්න Canadian – Martyrs)

නිව් ෆ්රාරන්ස්හි පාරවල් සහ ඇල මාර්ග කීපයක් හැරෙන්නට ප්ර්වාහන යටිතල පහසුකම් කිසිවක් නොතිබුන තරම්ය. එම නිසා ජනතාව ඇල මාර්ග ප්රටයෝජනයට ගත්හ. ප්ර ධානම ප්රිවාහන මාධ්යා ලෙස ශාන්ත ලෝරන්ස් ගංගාව ද ඔරුද යොදා ගන්නා ලදි. ශීත ඍතුවේදි විල මිදුණු විට දුප්පතුන් සහ ධනවතුන් දෙපිරිසම බල්ලන් හෝ අශ්වයින් විසින් අදිනු ලැබු ස්ලෙජ් ගමනාගමනය සඳහා යොදා ගත්හ.

රාජකීය පවරා ගැනීම සහ පදිංචි වීමට කරන ලද උත්සාහයන්[සංස්කරණය]

14 වෙනි ලුවි රජුගේ මහා මුද්රාව - 1663 දී ප්‍රංශයේ පළාතක් ලෙස ජනපදය නැවත ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු නිව් ෆ්‍රාන්ස් හිදී ප්‍රයෝජනයට ගන්නා ලද්දකි.

1650 දි පමණ කාලය වන විටත් මොන්ට්රියල් හි සිටියේ පදිංචි කරුවන් සුළු පිරිසකි. එමෙන්ම ඉතාම අඩු ජණගහනයක් තිබුනු "නිව් ෆ්රාන්ස්" ජනපදය සම්පූර්ණයෙන්ම වාගේ සතුරු "ඉරොකි" හමුදාවට යටත් වුනාක් මෙන් විය. 1660 දි ඇඩම් ඩොලාර්ඩ් දෙ ඔර්මෝ නම් ජනපදිකයෙකු වඩා බලසම්පන්න ඉරොකි හමුදාවන් යටත් කිරීම පිණිස කැනේඩියානු සහ හියුරන් බලකායක් යැවූ නමුදු එම පිරිසෙන් කිසිවෙකු ඉතිරි වූයේ නැත. එහෙත් එය ඉරොකිවරුන්ගේ ආක්‍රමණය ආපසු හරවා යැවීමට සමත් විය. 1663 දී දාහතර වෙනි ලුවී රජු "නිව් ෆ්රාන්ස්" රාජකීය පළාතක් ලෙස නම් කළ විට එම ප්‍රාන්තය වඩාත් ආරක්ෂාකාරි වූයේය. 1665 දී රජතුමා ක්විබෙක් වෙන හමුදා බලකායක් (Carignan - salierers regiment) පිටත් කර හැරියේය. ජනපදයේ ආණ්ඩුව ප්‍රංශ රජයේ පිළිවෙලට ප්‍රතිසංස්කරණය වූයේ ප්‍රංශ නාවික කටයුතු භාර ඇමතිට යටත් ආණ්ඩුකාරයා හෙවත් ඉන්ටන්ඩෙන්ට්වරයෙකු යටතේය. 1665 දි නාවික කටයුතු පිළිබඳ ඇමති ජින් බැප්ටිස්ට් කොල්බර්ට් විසින් ජින් ටැලොන් 'නිව් ෆ්රාන්ස්' වෙත යවන ලද්දේ පළමු ඉන්ටෙන්ඩන්ට් ලෙසිනි. චැම්ප්ලෙන්ගේ මරණයෙන් පසුව එහි අති විශාල බලයක් පතුරුවමින් සිටි ක්විබෙක්හි බිෂොප් තැනගේ බලය ඉහත කී ප්‍රතිසංස්කරණ වලින් පසුව සීමා විය.



Constitution-of-new-france-1759.png

1759 දී නිව් ෆ්රාන්ස් හි දේශපාලන සංවිධානය[සංස්කරණය]

1665-1666 ශීත ඍතුවේදි ප්‍රංශයේ ඉන්නේඩන්ට් තැන වූ ජින් ටැලොන් විසින් නිව් ෆ්රාන්ස් හි 1666 ජන සංගණනය පවත්වන ලදි. එයින් පෙන්නුම් කළේ එහි වාසය කරන්නන්ගේ සංඛ්‍යාව 3215 ක් වූ බ බවය. එය ඊට දශක කීපයකට පෙර ජනගහනයට වඩා බොහෝ වැඩි විය. එහෙත් එම සංගණනයේදී පිරිමි සහ ගැහැනු ප්රතිශතය අතර විශාල වෙනසක් දැකිය හැකි විය. ඒ පිරිමි 2034 ක් සහ ගැහැනු 1181 වශයෙනි. කොලනියේ බලය ශක්තිමත් කිරීමේ සහ එය ප්‍රංශ ජනපද අධිරාජ්‍යයේ මධ්යස්ථානය කිරීමේ අදහසින් ප්‍රංශ රජු වූ දාහතර වෙනි ලුවී වයස 15 සහ 30 අතර (ලෙස් ෆිලේස් දු රොයි - les filles du roi) ස්ත්‍රීන් 700 කට වඩා පිරිසක් 'නිව් ෆ්රාන්ස්' වෙත යැවීමට තීරණය කළේය. ඒ සමගම ස්වදේශිකයන් සමග විවාහ සම්බන්ධතා වලට අනුග්‍රහය දක්වන ලද්දේය. තවද ගිවිසුම් මගින් බැඳුනු (engages යනුවෙන් හඳුන්වන ලද)සේවකයින්ද 'නිව් ෆ්රාන්ස්' වෙත යවන ලදි. එවැනි කාන්තාවක් වූයේ එතිසෙන්ට්රෑදෝ ය. ඇය අනාගත කැනඩා අගමැති කෙනෙකු වූ පියරේ එලියට්රෑඩෝ ගේ මුතුන් මිත්තෙකු වූවාය.

ටැලොන් ඉඩම් හිමි රදළ පන්තියේ සෙඤොරියන් ක්‍රමයද ප්‍රතිසංස්කරණය කිරීමට උත්සාහ කළේය. ඔහු ඉඩම් හිමි රදළ පන්තියට ඔවුන්ගේ ඉඩම් තුල පදිංචි වීමටද ඔවුනට අයත් බිම් සීමා කිරිමටද බල කළේ අලුතෙන් පැමිණෙන පදිංචි කරුවන්ට අවශ්ය ඉඩම් ප්‍රමාණය ඔවුනට හිමි කර දීමේ අදහසිනි. එහෙත් මෙම ක්‍රමය කල් යාමේදි ප්‍රතිඑල රහිත විය. පදිංචියට ආවේ සුලු පිරිසක් පමණී. ඔහු විසින් ආරම්භ කරන ලද විවිධ කර්මාන්ත වලට ලොම් වෙළඳාම අභිබවා යාමට නොහැකි විය.

හමුදාමය අර්බුද[සංස්කරණය]

හෙන්රි හඩ්සන් 'හඩ්සන් බේ' සහ අවට බිම් පෙදෙස් ඉල්ලා සිටි හෙයින්, නිව් ෆ්රාන්ස් හි ප්‍රංශය යටතේ පැවති භූමි ප්‍රදේශ වලට ඈතින් තිබුණු දැනට කැනේඩියන් නොර්ත් (Canadian north) නමින් හැඳින්වෙන පෙදෙස හරහා ඉංග්‍රිසි ජනපදිකයෝ ඔවුන්ගේ සීමාවන් පුලුල් කිරීම ආරම්භ කර තිබුනි. 1670 දී කුරේ දී බුවා (Coureurs des bios) පියරේ එස්ප්‍රි රොදිසන් (Pierre-Esprit Radisson) සහ මෙදාර්ද දෙ ග්‍රොසෙයියෙ(Médard des Groseilliers) ආදි ප්‍රංශ ජාතිකයන්ගේ සහයෝගය ඇතිව හඩ්සන් බේ සමාගම ආරම්භ කරන ලද්දේ හඩ්සන් බොක්ක තුලට වැටෙන සියලුම බිම් වල ලොම් වෙළඳාම පාලනය කිරීම අපේක්ෂාවෙනි. මේ නිසා‍කැනේඩියානු ලොම් වෙළඳාමේ ඒකාධිකාරිය අවසාන විය. මෙයට හිලව්වක් වශයෙන් ප්‍රංශ ජාතිකයින් ඔවුන්ගේ භූමි සීමාවන් දකුණටද, ඇමෙරිකානු ජනපද වල බටහිර තෙක්ද පළල් කළහ. 1682 දී රෙනෙ රොබර්ත් කැවෙලියර්, සියුර්දෙ ලා සල්, ඔහියෝ සහ මිසිසිපි නිම්න ගවේශනය කරමින් මෙක්සිකෝ බොක්ක දක්වා දකුණට විහිදුනු එම මුලු භූමි ප්‍රදේශයම ප්‍රංශය සඳහා ඉල්ලා සිටියහ. ඔහු මෙම ප්‍රදේශය නම් කලේ 'ලුසියානා' ලෙසය. 1685 දී ලා සාල් එම නව භූමි ප්‍රදේශ‍ෙය් පළමු ජනපදය ඇති කිරීමට උත්සාහ ගත් නමුදු සිතියම් වල වැරදි සහ නාවික ගමනා ගමන ප්‍රශ්න හේතුවෙන් ඒ වෙනුවට ජනපද පිහිටුවීමේ අදහස යොමුවුනේ ෆොර්ට් සෙන්ට් ලුවී හෙවත් දැනට ටෙක්සාස් වෙතය. 1688 දී මෙම ජනපදය ඉන්දියානු ආක්‍රමණය සහ ලෙඩ රෝග හේතුවෙන් සම්පූර්ණයෙන්ම විනාශ විය.

නිව් ෆ්‍රාන්ස් හි මෙම කොටසේ ඉතා සුලු වශයෙන් ජනපද බිහි වෙමින් පැවතුනද යුද්ධ උපක්‍රමික අතින් වැදගත් බලකොටු බොහෝ ප්‍රමාණයක් ආණ්ඩුකාර ලුයී ඩි බුආ දෙ ෆ්‍රොන්තොනොස් ගේ නියෝග යටතේ ඉදි කෙරුනි. ඒ වන විට ජනාවාස නොවී තිබුනු නිව් ෆ්‍රාන්ස් හි පැරණි කොටස් වලද බලකොටු ගොඩ නැගුනි. මෙම බලකොටු බොහොමයක ආරක්ෂක භට පිරිස් රඳවනු ලැබූහ. එම බලකාය 1682 සහ 1755 කාලය අතරතුර තිබු එකම නිත්‍ය භට හමුදාවයි.

ඉංග්‍රිසි සහ ප්‍රංශ භූමි ප්‍රදේශ පුරා පැවති සුලු සුලු සටන් වලින් පසු 1689 දී ඉංග්‍රිසින් සහ ඉරොකි වරු (Iroquois) නව ෆ්‍රාන්ස් වෙත ප්‍රධාන පෙළේ ප්‍රහාරයක් එල්ල කළහ. විලියම් රජුගේ යුද්ධය නමින් හැඳින්වූ මෙම යුද්ධය 1697 දී අවසන් වූ අතර ඈන් රැජිනගේ යුද්ධය නම් දෙවැනි යුද්ධය 1702 දී පැන නැංගේය. මෙම යුද්ධ දෙකෙන්ම වලින් ක්විබෙක් නගරයට හානියක් නොවීය. එහෙත් පොර්ට් රෝයල් සහ ඇකේසියා යටත් වුනි. 1713 දී උට්රෙච්ට් ගිවිසුම සමග නිව් ෆ්‍රාන්ස් වෙත සාමය ළඟා විය. ගිවිසුමෙන් නිව්ෆවුන්ඩ් ලන්තය සහ ඇකේඩියාහි කොටසක් (අර්ධද්වීපික නොවාස්කොෂියා) බ්‍රිතාන්‍ය වෙත පවරා දුන්නද අද කාලයේ නිව් බ්‍රන්ස්වික් නමින් හැඳින්වෙන පෙදෙසින් කොටසක් මෙන්ම ඉල් රොසෙල් (කේප් බිරිටන් අයිලන්ඩ්) සහ ලුයීබර්ග් කොටුව ඉල්සෙන්ට් ජීන් (ප්‍රින්ස් එඩ්වඩ් දූපත) ආදි පෙදෙස් වල පාලනය ප්‍රංශ ජාතිකයින් අතරේම පැවතුනි.

ගිවිසුමෙන් පසු නිව් ෆ්‍රාන්ස් ජනපදයේ සමෘර්ධිය ආරම්භ විය. වැලොන් යටතේ අසාර්ථකව තිබූ ධීවර කර්මාන්තය සහ ගොවිපල ව්‍යපාරද දියුණු වීම ආරම්භ විය. සීග්‍ර වෙළඳ කටයුතු සඳහා මොන්ට්‍රියල් සහ ක්විබෙක් අතර කිංග්ස් හයිවේ (Kings high way) නම් වූ (ප්‍රංශ Chemin du roi) මාවතක් තනන ලදි. පැරණි වරායන් වල තත්වය උසස් කිරීමත් , නව වරායයන් තැනීමත් නිසා ධීවර කර්මාන්තයද දියුණු විය. ජනපදිකයන්ගේ සංඛ්‍යාව විශාල ලෙස වර්ධනය විය. 1720 වන විට කැනඩාව 24,594 ක ජනගහණයෙන් යුත් ස්වයං පෝෂිත ජනපදයක් විය. මුලදි දේවස්ථාන වලට තිබුණු බලතල අඩු වුවද සමාජ සුභ සාධන කටයුතු සහ අධ්‍යාපන කටයුතු ඒවා මගින් පාලනය විය. ප්‍රංශ කැනේඩියානුවන් මෙම සාමකාමි කාල පරිච්ඡේදය බොහෝ විට හඳුන්වනු ලබන්නේ නිව් ෆ්‍රාන්ස් හි ස්වර්ණමය යුගය වශයෙනි.

සාමය පැවතුනේ 1744 වර්ෂය තෙක් පමණි. එම වර්ෂ වලදි විලියම් ෂර්ලි නම් මැසචුසෙට් හි ආණ්ඩුකාරයා ලුයීබර්ග් වෙත ප්‍රහාරයක් එල්ල කළේය. ප්‍රංශය සහ නිව් ෆ්‍රාන්ස් යන දෙකම වැටලීමෙන් බේරුනේ නැත. ලුයීබර්ග් යටත් විය. බලකොටුව නැවත අල්ලා ගැනීමට 1746 දී ප්‍රංශය උත්සාහ කළ නමුත් ‍නොහැකි විය. අයික්ස් - ලා - චැපල් (Aix - ia - chapelle) ගිවිසුම මගින් ප්‍රංශයට එය ආපසු ලැබුනු නමුත් උතුරු අමෙරිකාවේ ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය අතර තිබූනු සටන් නිමා නොවීය. පෙන්සිල් වේනියාවේ වර්තමාන පිට්ස් බර්ග් නමින් හැඳින්වෙන ප්‍රදේශයක් ඇලෙග්හෙන් සහ මොනොන්ගහෙලා ගංඟා දෙක එකතු වන ස්ථානයේ තිබුනු ඩුකුස්නේ (Duquesne) බලකොටුව හත් අවුරුදු යුද සමයේ බටහිර තිබුනු වඩාත්ම යුද උපක්‍රමික ප්‍රදේශය ආරක්ෂා කරන ලදි. ඔහිගෝ ගංගා නිම්න ප්‍රදේශය ප්‍රංශ පාලනය යටතේ තිබීම සහතික කෙරෙනු පිණිස එය තනා තිබුනි. වර්ජිනියාවේ කුඩා ජනපද හමුදාවක් මෙහි බලකොටුවක් තැනීම ආරම්භ කළ නමුත් සියුර් දී කොන්ත්‍රොසොර් (Sieur de contrecoeur) යටතේ පැමිණි ප්‍රංශ හමුදාවක් විසින් ඔවුන් පලවා හරින ලදි. ඒ 1754 වර්ෂයේදීය. නිව් ෆ්‍රාන්ස් ජනපදය ප්‍රකාශ කර සිටියේ මෙය ඔවුන්ගේ ජනපදයේ කොටසක් යනුවෙනි. ඒ අතරම ඉංග්‍රිසින් එය පැහැර ගැනීමෙන් වැලැක්වීම ප්‍රංශ ජාතිකයින්ගේ අභිලාශය විය. ප්‍රංශ ජාතිකයින් එහි "ඩුකුස්නේ" (Duquesne) නමින් බල කොටුවක් තැනවූහ. ඔවුන්ගේ අරමුන වූයේ එය වෙළඳ කටයුතු සහ ප්‍රදේශයේ ආදි වාසී ජනතාව සමග හමුදාමය බැඳිම් ශක්තිමත් කිරිමේ මූලස්ථානයක් සහ ශක්තිමත් සංග්‍රාමික බලකොටුවක් ලෙස පාවිච්චි කිරීමය. 1755 දී බ්‍රිතාන්‍ය හමුදා ප්‍රධානියෙකු වූ එඩ්වඩ් බ්‍රැඩොක් එම බලකොටුව අල්ලා ගැනීමට විශාල හමුදාවක් යැවූ නමුත් ඔවුන් බලකොටුවට ඒමට පෙර කුඩා ප්‍රංශ සහ ආදිවාසි ජනතාවගෙන් යුත් කුඩා හමුදාවක් සැඟවී සිට පහර දුන්හ. බ්‍රැඩොක් මරා දමන ලදි. ඔහුගේ හමුදාව පලා ගියේ බොහෝ මළ සිරුරු යුද බිමේ අත හැර දමමිනි.

එම පරාජයේ ප්‍රථිපලයක් වශයෙන් බ්‍රිතාන්‍යයෝ ප්‍රංශ ප්‍රධාන නගරය වූ ක්විබෙක් නගරයේ ජයග්‍රහණය සඳහා සූදනම් වීමට තීරණය කළහ.

මේ අතරේ ප්‍රංශ ජාතිකයින් තමන්ගේ බටහිර දෙසට කෙරුණු ගවේෂණ දිගටම කරගෙන ගියහ. ඒ සමගම දේශීය ජනතාව සමග වෙළඳ සබඳතා පුලුල් කර ගත්හ. ලුයී ඩි ලා කොර්න් සහ ෂැවලියර් ඩි ලා කොර්න් (Louis de la corne and chevalier de la corne) විසින් ඩි ලා කොර්න් බලකොටුව ගොඩ නංවල ලදි. එය ගොඩනංවන ලද්දේ දැන් සස්කැචෙවන් (Sascatchewan) නමින් හඳුන්වන කැනේඩියානු පළාතේ එම නමින් හැඳින්වූ ග‍ෙඟ් ශාඛාවක නැගෙනහිර දෙසිනි. මෙය ප්‍රංශ අධිරාජ්‍යය බිඳ වැටීමට පළමුව උතුරු අමරිකාවේ පිහිටුවන ලද බටහිර පැත්තට වන්නට තිබුනු ඈතම මුරපොල විය.


Nouvelle France 1534-1763.

ඇද වැටීම සහ බ්‍රිතාන්‍ය පාලනය[සංස්කරණය]

නිව් ෆ්‍රාන්ස්හි දැන් ජනගහණය 70,000 කට වැඩිය. එය ශත වර්ෂයේ මුලදීට වඩා විශාල වැඩි වීමකි. එහෙත් බ්‍රිතාන්‍ය ජනපද වල ජනගහනය ඊට වඩා වැඩි විය. එය දශ ලක්ෂයකට වැඩි විය. (මෙම ප්‍රමාණයට ප්‍රංශ සහ "හ්‍යුග්නෝත්" වරුන් සෑහෙන සංඛ්‍යාවක් ඇතුලත් විය) ප්‍රංශ ජාතිකයින්ට බ්‍රිතාන්‍ය ජාතිකයින්ට පහර දෙනවාට වඩා බ්‍රිතාන්‍ය ජනපදිකයන්ට (British Colonist) නිව් ෆ්‍රාන්ස් වෙත පහර එල්ල කිරීමට සැළසුම් කිරීම වඩා පහසු කරුණක් විය. 1755 දී ජෙනරාල් එඩ්වර්ඩ් බ්‍රැඩොක්ගේ නායකත්වයෙන්, ප්‍රංශ බලකොටුවක් වූ ඩුකුස්නෝ (Duqvesne) වෙත පහර දීම සඳහා හමුදාවක් ගියහ. ප්‍රංශ හමුදාව සහ ඔවුන්ගේ මිත්‍ර ඉන්දියන් හමුදාවට ද වඩා සංඛ්‍යාත්මක වශයෙන් ඔවුන් වැඩි වුව ද ප්‍රංශ හමුදාව විසින් බ්‍රැඩොක්ගේ හමුදාව පලවා හැර බ්‍රැඩොක් ද ඝාතනය කරනු ලැබීය.

1758 දී බ්‍රිතාන්‍ය හමුදා නැවත ලුයීබර්ග් අල්ලා ගන්නා ලදී. මේ නිසා ශාන්ත ලෝරන්ස් ගඟ වෙත පිවිසීමේ මාර්ගය අවහිර කිරීමට ඔවුනට හැකි විය. මෙය එම යුද්ධයේදී බොහෝ තීරණාත්මක කරුණක් විය. 1759 දී බ්‍රිතාන්‍ය හමුදා ක්විබෙක් නගරය මුහුදින් වට කළහ. ජේම්ස් වුල්ෆ් විසින් මෙහෙයවන ලද හමුදාව විසින් සැප්තැම්බර් මාසයේදි "ඒබ්‍රහම් තැන්නේ යුද්ධයේදි" ලුයී ජෝෂප් ඩි මොන්ට්කාම් යටතේ වූ ප්‍රංශ හමුදාව පරාජයට පත් කරනු ලැබූහ. ක්ව්බෙක් නගරයේ වූ බල ඇණිය සැප්තැම්බර් මස 18 වෙනි දින යටත් වූහ. ඊළඟ වසරේ බ්‍රිතාන්‍යයෝ මොන්ට්‍රියල් වෙත පහර දුන්හ. එසේ කළේ ඔවුන් කැනඩාව බ්‍රිතාන්‍යයට යටත් වූ බව පිළිගැනීමට අකමැති වූ හෙයිනි. මොන්ට්‍රියල් බ්‍රිතාන්‍යයන් විසින් 'නිව් ෆ්‍රාන්ස්' සම්පූර්ණයෙන්ම අල්ලා ගන්නා ලදී. නිව් ෆ්‍රාන්ස් හි අන්තිම ප්‍රංශ ආණ්ඩුකාරයා වූ පියරේ ෆ්‍රාන්ස්ටා ඩි රිගෝද මාකි දි වැද්රෙයිල් - කවග්නල් බ්‍රිතාන්‍ය මේජර් ජනරාල් ජෙෆ්රි ඇම්හර්ස්ට් ට යටත් විය. එසේ යටත් වූයේ 1760 සැප්තැම්බර් 8 වැනි දින දීය. ප්‍රංශය විසින් 1763 පෙබරවාරි 10 දින අත්සන් කරන ලද පැරිස් හි ගිවිසුමෙන් විධිමත් ලෙස කැනඩාව බ්‍රිතාන්‍යයට පවරා දෙන ලදී.

පසු කලෙක බ්‍රිතාන්‍ය පදිංචිකරුවන් පැමිණ ඉහල කැනඩාව (අද කාලයේ ඔන්ටාරියෝ) සහ නිව් බ්‍රන්ස්වික් ප්‍රදේශ ස්ථාපිත කරන තෙක් නිව් ෆ්‍රාන්ස්හි ප්‍රංශ සංස්කෘතිය සහ ආගම වැඩි පුර බල පවත්වමින් තිබුණේය. ස්පාඤ්ඤ පාලනය යටතේ තිබුණු ලුසියානා ප්‍රාන්ත ප්‍රදේශය හත් අවුරුදු යුද්ධය අවසාන වූ තැන සිට ඇමෙරිකානු ජනපද දහතුනේ ජනාවාසවලට ළඟා විය නොහැකි තරම් ඈතින් පිහිටා තිබුණේය.

බ්‍රිතාන්‍ය විසින් ප්‍රංශය පරාජය කර අවුරුදු දොළහකට පසුව පහල බ්‍රිතාන්‍යය ජනපද දහතුනේ ඇමෙරිකන් විප්ලවය පැන නැගුනේය. අද්මිරාල් ලුයී පිල්ප්ගේ ඩි වඋද්රෙයිල් සහ මේජර් ක්ලෙමන්ට් ගොසෙලින් ද ඇතුළත් බොහෝ ක්විබෙක් වරු සටනේ කොටස් කරුවෝ වූහ. 1781 දී බ්‍රිතාන්‍ය යෝර්ක්ටවුන් හිදි පරාජය විය. ඉන්පසු 1784 දී වර්සේල් ගිවිසුමෙන් මහාවිල් වලට පහළින් බ්‍රිතාන්‍යයන් සතු සියලු හිමිකම් නැගී ගෙන එන එක්සත් ජනපදයට හිමිකර දෙන ලදී. ප්‍රංශ ස්පාඤ්ඤ සන්ධාන ගිවිසුමක් මගින් 1801 දී ලුසියානා ප්‍රාන්ත ප්‍රංශයට පවරා දෙන ලදී. මේ නිසා නැපෝලියන්ට 1803 දී එය ඇමෙරිකාවට විකිණිමට හැකි විය. මෙම විකිණිමෙන් ශාන්ත පියරේ සහ මිකුලොන් (St.prerre and miquelon) නම් දූපත් හැර උතුරු ඇමෙරිකාවේ ප්‍රංශ යටත් ප්‍රදේශ සියල්ලෙහි අවසානය සනිටුහන් විය. ඉහත දූපත් දෙක පමණක් අද ද ප්‍රංශ ප‍ාලනය යටතේ පවතී.

1791 සිට 1841 දක්වා ඉහළ කැනඩාව සහ පහළ කැනඩාව ලෙසින්ද අනතුරුව 1841 සිට 1867 දක්වා කැනඩා ප්‍රදේශය ලෙස ද (Province of Canada) පැරණි නිව් ෆ්‍රාන්ස් හි කොටස් බ්‍රිතාන්‍යය යටතේ පාලනය විය. අනතුරුව 1867 දී බ්‍රිතාන්‍ය උතුරු ඇමෙරිකා පනතින් බ්‍රිතාන්‍ය උතුරු ඇමෙරිකාවේ බොහෝ ප්‍රදේශයකට ස්වයං පාලනයක අයිතිය ලබා දුන් අතර ඒ සමගම ප්‍රංශ භාෂාව කථා කරන ක්ව්බෙක් (පැරණි පහළ කැනඩාව) ප්‍රදේශය කැනඩා සන්ධානයේ (Confederation of Canada) මුල්ම පළාත් වලින් එකක් ලෙස ද ව්‍යවස්ථාපිත කරන ලදී. අද වන විට ප්‍රංශය සතුව පැරණි නිව් ෆ්‍රාන්ස් ප්‍රදේශයෙන් ඉතිරිව තිබෙන්නේ කැනඩාවේ නිව් ෆවුන්ඩ්ලන්නයේ වෙරළින් කි.මි.25 ක් දුරින් පිහිටි සෙන්ට් පියරේ සහ මිකුලොන් නමින් හැඳින්වෙන කුඩා දූපත් කීපයක ප්‍රදේශයයි.

Claude Bernou Carte de lAmerique septentrionale.jpg
"http://si.wikipedia.org/w/index.php?title=නව_ප්‍රංශය&oldid=302544" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි