නවනීදම් පිල්ලේ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
නවනීදම් පිල්ලේ
මානව අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්
වත්මන් තනතුරුධාරි
තනතුර දැරීම
1 සැප්තැම්බර් 2008
නාමයෝජනා කලේ බැං කි-මූන්
පූර්වප්‍රාප්තිකයා ලුවිස් ආබර්
අන්තර්ජාතික අපරාධ අධිකරණයේ විනිසුරු
නිලය දැරීම
11 මාර්තු 2003 – 31 අගෝස්තු 2008
President of the International Criminal Tribunal for Rwanda
නිලය දැරීම
1999–2003
පූර්වප්‍රාප්තිකයා Laity Kama
අනුප්‍රාප්තිකයා Erik Møse
International Criminal Tribunal for Rwanda judge
නිලය දැරීම
1995–2003
Judge of the High Court of South Africa
නිලය දැරීම
1995–1995
නාමයෝජනා කලේ නෙල්සන් මැන්ඩෙලා
පුද්ගලික තොරතුරු
උපත Navanethem Pillay
1941.09.23
ජාතිකත්වය  දකුණු අප්‍රිකාව
කලත්‍රයා(යන්) ගැබී පිල්ලේ
නිවහන ජිනීවා, ස්විට්සර්ලන්තය
උගත් ශාස්ත්‍රාලයය
  • Natal University
  • Harvard Law School
වෘත්තිය Jurist

නවනීදම් "නාවි" පිල්ලේ (1941 සැප්තැම්බර් 23) මහත්මිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය වෙයි. ඉන්දියානු දෙමළ සම්බවයක් සහිත දකුණු අප්‍රිකානු ජාතික කාන්තාවක් වන ඇය එරට ප්‍රථම සුදු ජාතික නොවන මහාධිකරණ විනිසුරුවරියයි.[1] ජාත්‍යන්තර යුධ අධිකරණයේද විනිසුරුවරියක වූ නාවි මහත්මිය රුවන්ඩාව වෙනුවෙන් පත් කල ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සභාපතිවරියද වූවාය. මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය ලෙස පත්වූ ඇගේ සිවු වසරක ධූර කාලය 2006 සැප්තැම්බර් 1 දින ඇරඹී 2012 දී අවසන් වීමට නියමිත වූවත් එම වසරේදී ඇයට තවත් වසර 2 ක ධූර කාලයක් පිරිනැමිණ.[2] [3]

පසුබිම[සංස්කරණය]

දකුණු අප්‍රිකාව තුල ඩර්බන් හි නටල් ප්‍රදේශයේ දී උපන් ඇයගේ පියා දෙමළ සම්භවයක් සහිත බස් රියදුරෙකු විය.[1] [1] 1965 ජනවාරියේදී ඇය නීතිඥයෙකු වූ ගැබී පිල්ලේ සමග විවාහ වූවාය.[4]

ප්‍රදේශයේ ඉන්දියානු සම්භවයක් සහිත ජනතාවගේ ආධාර උපකාර සහිතව,[5][6] ඇය නටල් විශ්ව විද්‍යාලයෙන් 1963 දී BA උපාධියක් සහ 1965 දී LLB උපාධියක් ලැබුවාය.[7] පසුව 1982 දී හාර්වඩ් නීති විද්‍යාලයෙන් LLM උපාධියක් හා 1988 දී Doctor of Juridical Science පිළිබඳ උපාධියක්ද නාවි මහත්මිය හිමිකර ගත්තාය. හාර්වඩ් නීති විද්‍යාලයෙන් නීති උපාධිය හිමි කරගත් පලමු දකුණු අප්‍රිකානුවා වූවේද ඇයයි..[8][9]

නෛතික දිවිය[සංස්කරණය]

1967 දී, නටල් පෙදෙසේ සිටි එකම සුදු ජාතික නොවන [8] නීතිඥවරිය ඇය වූවාය.[1] එබැවින් ඇයට අනෙක් සුදු ජාතිකයන් මෙන් පහසුවෙන් නීති සමාගමක රැකියාවක් ලබා ගැනීමට නොහැකි වූ බව පැවසේ. විකල්පයක් නොවූ තැන ඇය ස්වකීයව වැඩකටයුතු කර ගත් බවද සඳහන්ය.[5] දකුණු අප්‍රිකානු වර්ණභේද සමය පැවැති එම කාලයේදී සුදු ජාතික නොවූ කාන්තාවක් වූ ඇයට විනිසුරු කුටියට පවා යාමට අවසර නොතිබිණි.[5]

වයස 28 දී නීතිඥවරියක ලෙස දකුණු අප්‍රිකානු වර්ණභේදවාදයට එරෙහිව හඬ නැගූ නාවි මහත්මිය එකල දේශපාලන සිරකරුවන් විඳි අඩන්තේට්ටම් හා හිරිහැර පිළිබඳවද හෙලිදරවු කලාය.[10] [10] [5] වර්ණභේද නීති යටතේ ඇගේ සැමියා අත්අඩංගුවට පත්වූ අවස්ථාවේදී ඊට එරෙහිව නඩු පවරා ඔහුව අනීතික ලෙස ප්‍රශ්ණකිරීම් වලට ලක්වීම වැලැක්වූවාය.[4] 1973 දී, නෙල්සන් මැන්ඩෙලා ඇතුළු රොබින් දිවයිනේ රඳවා සිටි දේශපාලන සිරකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සාර්ථක නීතිඥවරියක ලෙස නාවි මහත්මියද පෙනී සිටියාය.[6] ගෘහාශ්‍රිත හිංසනය නිසා අතවරයන්ට ලක්වූ අය වෙනුවෙන් ඇතිකල Advice Desk නම් උපදේශන සේවාවේද නාවි මහත්මිය සම නිර්මාතෘ වරියක වූවාය. කාන්තාවන්ගේ ජාතික සංධානයේ සාමාජිකාවක් වූ නාවි මහත්මිය ආගමික සහ ලිංගික වශයෙන් තිබූ සමාජයීය විශමතා දුරුකරනු වස් දකුණු අප්‍රිකානු ව්‍යවස්ථාවට සමානාත්මතාවය පිළිබඳ වගන්ති එකතු කිරීමටද දායක වූවාය. ඇය 1992 දී, ඇතිකරගත් Equality Now සංවිධානයේ සම නිර්මාතෘවරියකද වූවාය.

1995 දී, දකුණු අප්‍රිකාවේ බලයට පත්වූ අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයේ, නෙල්සන් මැන්ඩෙලා විසින් එරට ප්‍රථම සුදු ජාතික නොවන මහාධිකරණ නිලදාරිනියක් ලෙස නාවි මහත්මියව නිර්දේශ කලේය.[1][5] එහිදී ඇය ප්‍රකාශ කර සිටියේ තමන්ට මුල් වරට විනිසුරුවරුන්ගේ කුටියට යාමට අවස්ථාවක් හිමිවූ බවයි.[6]

නමුත් එරට ඇගේ මහාධිකරණ සේවා කාලය ඉතා කෙටි වූවත්, එක්සත් ජාතීනගේ සංවිධානය විසින් රුවන්ඩාව වෙනුවෙන් පත්කල ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ (ICTR) විනිසුරු තනතුරක් ඇයට හිමිවිය.[5][11] එහි 8 වසරක සේවා කාලය තුල එම මඩුල්ලේ සභාපතිවරිය වශයෙන් සිව් වසරක් ඇය කටයුතු කලාය.[11] පලමු වසර 4 තුල එම මඩුල්ලේ සිටි එකම විනිසුරුවරිය වූවේද ඇයයි.[12]

2003 පෙබරවාරියේදී, පලමු ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අභියාචනා කොට්ඨාශයේ 6 වසරක ධූරකාලය සහිත තනතුරක් ඇයට හිමිවිය.[11] නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඇයට තනතුරක් පිරිනැමීම නිසා 2008 අගෝතුවේදී එම තනතුරින් නාවී මහත්මිය ඉල්ලා අස් වූවාය.[13]

මානව හිමිකම් මහකොමසාරිස්වරිය[සංස්කරණය]

2008 ජූලි 24 දිනදී, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැං කි-මූන් මහතා විසින් ලුවිස් ආබර් ගෙන් පසු මානව හිමිකම් මහකොමසාරිස් ලෙස නාවී පිල්ලේ මහත්මිය පත්විය යුතු බවට නිර්දේශ කලේය.[14] නමුත් නාවී මහත්මියගේ යම් යම් අදහස් නිසා එක්සත් ජනපදය ඊට මුලදී විරුද්ධත්වයක් පල කලද පසුව ඔවුන් විසින් එය හකුලාගන්නා ලදී.[10] 2008 ජූලි මස 28 දින, පැවැති සාකච්චාවකදී ඇති කර ගත් පොදු එකඟත්වයකින් අනතුරුව නාවි මහත්මිය එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් වරිය ලෙස පත්විය.[2] ඇගේ වසර 4 ක පලමු ධූරකාලය 2008 සැප්තැම්බර් 1 වනදා ඇරඹිණි.[2] එහිදී නාවි මහත්මිය පවසා සිටියේ මහ කොමසාරිස්වරයා යනු "ලොව ඕනෑම තැනක අගතියට පත්වූ අයගේ කටහඬ" බවයි.[5] 2012 දී, ඇයට එම තනතුරේ තවත් වසර 2 ක ධූර කාලයක් හිමි විය.[15] නාවි මහත්මිය "BORN FREE AND EQUAL" නම්, ලිංග භේදය සහ ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය පිළිබඳ සම්මුතියකටද මහ කොමසාරිස්වරිය ලෙස අත්සන් කලාය.[16]

2011 දී නාවී මහත්මිය සම ලිංගික අයිතිවාසිකම් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියට ඉදිරිපත් කල යෝජනාවකටද සහය පල කලාය.

නවනීදම් පිල්ලේ මහත්මිය ශ්‍රී ලංකාවේ දෙමළ ඊලාම් විමුක්ති කොටි ත්‍රස්ථ සංවිධානය හා ශ්‍රී ලංකා රජය අතර පැවැති සිවිල් යුද්ධයේ අවසන් භාගයේදී සිදුවූවා යැයි කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ඳයෙන් සොයා බලන එක්සත් ජාතීන්ගේ නියෝජිතවරියක් ලෙසද කටයුතු කරයි.

ඇගයීම්[සංස්කරණය]

2003 දී, කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් වූ පලමු Gruber ත්‍යාගයෙන් ඇය පිදුම් ලැබුවාය. ඩර්හැම් විශ්වවිද්‍යාලයෙන් ඇයට ආචාර්ය උපාධියක්ද පිරිනැමිණ.[17] [18] [7] 2009 වසරේදී, ෆෝබ්ස් සඟරාව විසින් ඇය ලොව 64 වන බලවත්ම කාන්තාව ලෙස නම් කරනු ලැබීය.[19]

විවේචන[සංස්කරණය]

නිදහස් ලෙස හැඟීම් ප්‍රකාශනය සහ සාමකාමී ශිෂ්‍ය විරෝධතාවලට සිදුවූ යම් යම් බාධා නිසා 2012 ජුනි 8 දින කථාවකදී, පිල්ලේ මහත්මිය කැනඩාවේ ක්‍යුබෙක් (Quebec) හී ප්‍රාදේශිය රජය අපලේඛනගත කොට හැඳින්වීම නිසා ඊට ප්‍රතිචාර දැක්වූ ක්්‍යුබෙක් නිලදාරීන් පිල්ලේ මහත්මියව විවේචනය කරමින් පවසා සිටියේ ක්්‍යුබෙක් ප්‍රදේශය වෙනත් අපකීර්තිමත් ප්‍රදේශ සමග සංසංදනය කිරීම නොකල යුතු බවයි.[20]

ශ්‍රී ලංකාවේ සිදුවූ බවට එල්ලවන යුද අපරාධ ගැන පරීක්‍ෂණ කොමිසමක්‌ පත් කිරීමට මානව හිමිකම් කොමසාරිස්‌ ලෙස නවි පිල්ලේ දැඩි උත්සාහයක යෙදේ. නමුත් මානව හිමිකම් කොමසාරිස්‌ ඒ සඳහා කිසිදු බලයක්‌ නැතැයි රුසියාව සහ චීනය ප්‍රමුඛ රටවල් හතරක්‌ ක්‍රි.ව. 2014 මානව හිමිකම් සමුළුවේදී ප්‍රකාශ කරන ලදී. රටක් සම්බන්ධව එවැනි විමර්ශනයක්‌ පැවැත්වීම සඳහා මානව හිමිකම් කවුන්සිලයට බලතල ඇත්නම් එය තහවුරුකරන ලෙස එකී රටවල් නවි පිල්ලේට අභියෝග කර තිබේ.[21]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 1.3 1.4 Reuters (28 July 2008). “[FACTBOX-South Africa's Pillay is new human rights chief”. Retrieved on 30 July 2008.
  2. 2.0 2.1 2.2 Office of the United Nations High Commissioner for Human Rights (2008). "Navanethem Pillay confirmed as new High Commissioner for Human Rights". Retrieved on 30 July 2008.
  3. Navanethem Pillay
  4. 4.0 4.1 Interview with Vino Reddy (11 August 2002). Voices of Resistance. Retrieved on 30 July 2008.
  5. 5.0 5.1 5.2 5.3 5.4 5.5 5.6 Jonah Fisher (28 July 2008). "Profile: New UN human rights chief". BBC News. Retrieved on 30 July 2008.
  6. 6.0 6.1 6.2 Maggie Farley (26 July 2008). "Human rights commissioner fought a long battle for her own rights". The Sydney Morning Herald. Retrieved on 30 July 2008.
  7. 7.0 7.1 Paul Walters (1 April 2005). Citation for honorary doctorate, Rhodes University. Retrieved on 30 July 2008.
  8. 8.0 8.1 [1]
  9. Emily Newburger (Spring 2006). "The bus driver's daughter". Harvard Law Bulletin. Retrieved on 30 July 2008.
  10. 10.0 10.1 10.2 Louis Charbonneau (28 July 2008). "U.N. assembly confirms S.African as human rights chief". Reuters. Retrieved on 20 April 2009.
  11. 11.0 11.1 11.2 International Criminal Court. "Judge Navanethem Pillay". Retrieved on 30 July 2008.
  12. Katy Glassborow (26 July 2006). "Apartheid Legacy Haunts ICC Appeals Judge". Institute for War and Peace Reporting. Retrieved on 30 July 2008.
  13. International Criminal Court (30 July 2008). Resignation of Judge Navanethem Pillay . Retrieved on 30 July 2008.
  14. John Heilprin (24 July 2008). "South Africa lawyer nominated as UN rights chief". The Associated Press. Retrieved on 30 July 2008.[dead link]
  15. http://www.ohchr.org/EN/AboutUs/Pages/HighCommissioner.aspx.
  16. BORN FREE AND EQUAL - Sexual orientation and gender identity in internattional human rights law (2012)
  17. Durham University (15 May 2007). "Honorary degrees for remarkable achievement." Retrieved on 30 July 2008.
  18. CUNY Newswire (25 May 2006). "CUNY Commencement 2006". Retrieved on 30 July 2008.
  19. "The 100 Most Powerful Women". Forbes.com. 
  20. Stephanie Pedersen (June 24, 2012). "Quebec Under Fire For Human Rights Record". The International. සම්ප්‍රවේශය November 1, 2012. 
  21. http://www.divaina.com/2014/03/13/news01.html

සැකිල්ල:Authority control

"http://si.wikipedia.org/w/index.php?title=නවනීදම්_පිල්ලේ&oldid=307792" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි