නර්ගීස්’ සුළි කුණාටුව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
නර්ගීස්’ සුළි කුණාටුව

නර්ගීස් සුළි කුණාටුව ඉතා බිහිසුණු නිවර්තන සුළි කුණාටුව 2008 මැයි 02 දින මියන්මාරය( බුරුමය) හරහා හමා ගියේය. එය මහා මාරන්තික ඛේදවාචකයක් වූයේ 23,335 ට පමණ මාරකයක් වූ නිසාවෙනි. තවද, අතුරුදන් වී ඇති වී සංඛ්‍යාව දැනට 37,019 වන අතර ගණනය කර ඇති ලෙස‍ට අවසානයේ මෙහි එකතුව 100 000 කට ආසන්න විය හැකි බවට මත ඉදිරිපත් කර ඇත.

උතුරු ඉන්දියානු සාගර කලාපයේ මෙතෙක් සිදු වූ මාරාන්තික සුළි කුණාටුව අතුරින් ‘නර්ගීස්’ කුණාටුව දෙවැනි වී ඇත්තේ ‘නිනා’ කුනාටුවට පමණි. එහෙත් නම් නොකළ කුණාටුද ඇතුළත් වූ පසු ‘නර්ගීස්’ සුළි කුණාටුව 8 වන තැනට පත්වේ. නමුත් මියන්මාරයට බල පෑ සුළි කුණාටු අතුරින් එය 2006 දී හටගත් මාලා සුළි කුණාටුව පමණක් දෙවැනි වේ.

2008 වසරේ උතුරු ඉන්දියානු මුහුදු සුළි කුණාටු කාලසීමාවේදී සිදු වූ මෙම ‘නර්ගීස්’ සුළි කුණාටුව එකී කාලය තුළ උතුරු ඉන්දීය මුහුදු කලාපයේ නම් කළ පළමු සුළි කුණාටුවයි. එය වර්ධනය වීම ඇරඹී ඇත්තේ අප්‍රේල් 27 වන දින බෙංගාල බොක්කේ මධ්‍යම ප්‍රදේශය ආශ්‍රිතවයි. පසුව එය වයඹ දෙසට ගමන් කරනවාත් සමගම ක්ෂණිකව ඉතා බිහිසුණූ කුණාටුවකට පරිවර්තනය විය. අප්‍රේල් 29 වන විට තිබූ වියළි වායු තත්වය ‘නර්ගීස්’ සුළි කුණාටුව අඩපන කළ ද නැගෙනහිර දෙසට ගමන් ඇරඹීමත් සමග ක්ෂණිකව එය ඉතා තීව්‍ර වූ අතර පැයට කිලෝමීටර් 165 ක වේගයකින් ගමන් කළේ මැයි 02 වන දිනය. නමුත් එහි වේගය පැයට කිලෝමීටර් 215 පමණ වන බවට සුළි කුණාටු අවධානම් ඇඟවීමේ ඒකාබද්ධ මධ්‍යස්ථානය ගණනය කොට ඇත. මියන්මාරයට ආසන්න ‘අයියර්වාඩ්’ නම් වෙරළ සීමාවට ළඟා වෙද්දී සුළි කුණාටුව වඩ වඩාත් තීව්‍ර වූ අතර ‘රැන්ගූන්’ නගරය දෙසින් හමා ගිය පසු සුළි කුණාටුව දුර්වල වෙමින් මියන්මාර් හා තායිලන්ත දේශ සීමා ආසන්නයට වත්ම එය සම්පූර්ණයෙන්ම පහව ගියේය.

සුළි කුණාටුව හඳුන්වන ‘නර්ගීස්’ යන නාමය උර්දු නමක් වන අතර එහි අර්ථය ‘ඩැෆොඩිල්’ මල යන්නයි. ඉතා දරුනු නර්ගීස් කුණාටුව - ඉතා දරුනු මට්ටමට වැටෙන සුළි කුණාටු 4ක් ඇති විය. (SSHS)


2008-04-27 වනදා ඇති වූ අතර 2008-05-03 වන දින පහව ගියේය. ඉහළම සුළං වේගයන් 165 km/h [විනාඩි 03 යි] , 215 km/h [විනාඩි 01 යි] පහළම පීඩන තත්වයන් 962 hPa ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, මියන්මාරය යන රටවලට ද බලපාන ලදී.

කුණාටුවේ ඉතිහාසය[සංස්කරණය]

කුණාටුවේ ගමන් මග[සංස්කරණය]

2008 අප්‍රේල් මාසයේ අග භාගයේ ඉන්දියාවේ නැගෙනහිර ගිණිකොන දිග බෙංගාල බොක්කෙන් චෙන්නායි ආශ්‍රිත ප්‍රදේශයේ කුණාටු තත්වයක් වර්ධනය වෙමින් පැවතුනි. අප්‍රේල් 27 වැනි දින පෙ.ව.3.00 ට ඉන්දියාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මෙම තත්වය අවපාතයක් ලෙස හැඳින්වූයේය. ඉන් පැය නමයකට පසු මෙම තත්වය දැඩි වී ගැඹුරු අවපීඩන තත්වයකට පත් විය. මෙම අවස්ථාවේදීම ඒකාබද්ධ සුළි සුලං අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය මෙය නිවර්ථන කලාපීය සුළි සුළඟක් (OIB) ලෙස වර්ග කළේය. අප්‍රේල් 28 ඉන්දියානු වේලාවෙන් පෙ.ව. 5.30 ට ඉන්දීය කාළගුණ දෙපාර්තමේන්තුව මෙම තත්වය සුළි සුළඟක් ලෙස වැඩි වෙමින් පවතින බව සොයා ගත්තේය. මෙම අවස්ථාව වන විට සුළි සුළං කලාපය තිබුනේ චෙන්නායි නගරයෙන් නැගෙනහිර දෙසට සැතපුම් 340 ක් දුරිනි.

අප්‍රේල් 28 දින 'නර්ගිස්' සම්පූර්ණයෙන්ම වාගේ නිශ්චල තත්වයක පැවතුනි. පසුව එදිනම කුණාටුව සුළි සුළඟක් බවට පත් විය. මෙම කාලසීමාව තුල ඉන්දියන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මෙම සුළි කුණාටුව ඉතා හානිකර සුලි කුණාටුවක් බව ප්‍රකාශ කළේය. අප්‍රේල් 29 දින උදේ JTWC (ආයතනය) නර්ගිස් කුණාටුවේ වේගය පැයට සැ. 100 කට ළං වී ඇති බව ප්‍රකාශ කරන ලදී. මුලදී ප්‍රකාශ කෙරුනේ සුළි කුණාටුව බංග්ලාදේශයට හෝ නැගෙනහිර ඉන්දියාවට කඩා වදිනු ඇත යනුවෙනි. පසුව සුලි කුණාටුව ගමන් මාර්ගය අපැහැදිළි බවත් පෙන්නුම් කළ අතර වාතය වියලි වීම සහ අඩු වීම නිසා දුර්වල බවට පත් වී තිබුණි. කුණාටුවේ මධ්‍යම ප්‍රදේශයේ ගැඹුරු කේන්ද්‍රිය පෙදෙස බොහෝ අඩු විය. එම අවස්ථාවේම කුණාටුවේ ගමන් මග ඊසාන දෙසට හැරුණි. අප්‍රේල් 29 දින කුණාටුව නැවත වර්ධනය වීමක් පෙන්ණුම් කළේය.


නර්ගිස් කුණාටුව ගොඩ බිමට කඩා වැදීමට ආසන්නයේ:[සංස්කරණය]

මැයි 1 වැනි දින නැගෙනහිර දෙසට හැරීමෙන් පසු නර්ගිස් කුණාටුව වේගවත් වර්ධනයක් පෙන්නුම් කළේය. මැයි 2 වෙනි දින බුරුමයේ වෙරළට සුළි කුණාටුව කඩා වදින විට එහි වේගය පැයට සැත 135 ක් දක්වා වැඩි වී තිබුනි. මෙම අවස්ථාවේදී ඉන්දියානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සුළි කුණාටුවේ වේගය පැයට කි.මී. 165 (සැ. 105) කට ළං වී ඇති බව සොයා ගෙන තිබුනේය. මැයි 2 වැනි දින 1200 UTC වේලාව නර්ගිස් සුළි කුණාටුව බුරුමයේ අයෙයර්වඩි පෙදෙසට කඩා වැදුනේය. ගොඩබිමේදී කුණාටුවේ වේගය ක්‍රමයෙන් අඩු වූ අතර,අන්දමන් මුහුදු ප්‍රදේශයේදී වේගය අඩු වීමේ සීඝ්‍රතාවය අඩු විය. මැයි 3 දින ආරම්භවත්ම IMD ය සුළි කුණාටුව ගැන එහි අවසාන උපදේශය ප්‍රකාශයට පත් කළේය. කුණාටුව බුරුම තායිලන්ත දේශ සීමාව අසල, කඩතොලු වූ බිම් පෙදෙස දක්වා ඊසාන දෙසට ගමන් කළ පසු ඉතා ඉක්මණින් දුර්වල වූ අතර, එය අවම නිවර්තන කලාපීය කුණාටු තත්වයක් දක්වා අඩු වීමෙන් පසු JTWC ය නර්ගීස් ගැන එහි අවසාන උපදේශය ප්‍රකාශ කළේය.

අන්තර්ජාතික සහන[සංස්කරණය]

බුරුමයේ සුලි සුළඟ වැඩි වශයෙන් බල පෑ ප්‍රදේශය අයෙයර්වඩි

2008 මැයි 6 වෙනි දින නිව්යොර්ක් හි සිටින බුරුම රජයේ නියෝජිතයින් එක්සත් ජාතින්ගේ සංවිධානයෙන් තමන්ට උදව් ලබා දෙන ලෙස විධිමත් ඉල්ලීමක් කළහ. ඒ සමගම අනෙක් අතට බුරුම රජය බොහෝ මූලික උදව් සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක සිටියේය. 2008 මැයි 7 වැනි දින වන විට බුරුම රජය ජාත්‍යන්තර ආධාර සඳහා නිල වශයෙන් එකඟතාව පළ කර නොතිබුණි. එසේ වුවද "අන්තර්ජාතික උපකාර ලබා ගැනීමට කැමති වෙමු. එහෙත් වඩාත් යෝග්‍ය ක්‍රමය ද්වීපාර්ශික ක්‍රමයයි. ආණ්ඩුවෙන් ආණ්ඩුවට ආදී වශයෙනි" යැයි රජය කියා සිටියේය. ඒ වන විට බරපතලම ගැටලුව වී තිබුනේ රටට ඇතුලු වීම සඳහා වීසා ලබා ගැනීමයි.

තායිලන්තයේ තායි රාත් පුවත් පතේ 2008 මැයි 8 දින වාර්තාවකට අනුව එක්සත් ජාතින්ගෙන් ලැබුණු සහන සැපයුම් ද්‍රව්‍ය අඩංගු ඉතාලි ගුවන් යානාවලට හා පාරිභෝගික ද්‍රව්‍ය ටොන් 25 ක් මියැන්මාර් භූමියට ගොඩ බෑමට බුරුම ජුන්ටා පාලනය අවසර දී ඇත. බොහෝ රටවල් සහ සංවිධාන සහන සේවා නොපමාව සැපයීමට ඉතා කැමැත්තෙන් සිටියහ. මෙවැනි බොහෝ රටවල්වල නිලධාරින් සහ ද්‍රව්‍යය, තායිලන්තයේ සහ යැංගොන් ගුවන් තොටුපලේ අවසරය ලැබෙන තෙක් රැඳි සිටියහ. එයට හේතුව වූයේ බුරුම රජය ඔවුනට වීසා සැපයීමට අදි මදි කළ හෙයිනි. මෙම දේශපාලනමය ආරවුල හේතුවෙන් බුරුම ජුන්ටා රජය නිල වශයෙන් එම ද්‍රව්‍ය භාර ගන්නා තත්වයට එළඹෙන විට ඒවා ප්‍රයෝජනයට ගත නොහැකි තත්වයට පත් විය හැකිය යන ගැටලුව ඇති විය.


සහන සැපයීම් සඳහා තවත් උත්සාහයන්[සංස්කරණය]

2008 මැයි 8 දින වන විට "බුරුම ජනතාව සඳහා පදනම" අනාථ වූවන් දහස් ගණනකට ‍කලින්ම සහන සැලසීම සඳහා කණ්ඩායමක් සූදානම් කර ගෙන සිටියහ. මෙම සංවිධානය බෞද්ධ ස්වේච්ඡා සේවකයින්ගේ පාලනය යටතේ තිබුනු හෙයින් බුරුම රජයෙන් ඊට අවසරය ලැබුණි.

අන්තර් ජාතික රතු කුරුස ෆෙඩරේෂණය සහ රෙඩ් ක්‍රෙසන්ට් සොසයිටීස් නම් සංවිධාන ඇමෙරිකන් ඩොලර් 189000 ක් ලබා දෙන බවට පොරොන්දු වූහ. සුළි සුළඟට මැදි වී දිවි බේරා ගත් අයට සෑම සියලු දෙයක්ම අවශ්‍ය බව රතු කුරුස සංවිධානයේ ප්‍රකාශකයෙකු වූ මැට් කොච්‍රේන් කීවේය. ඔවුනට නොතෙමි සිටීම සඳහා තාවකාලික වාසස්ථාන අවශ්‍යය. ආහාර අවශ්‍යය. ඔහු තව දුරටත් කීවේ පල් වතුර රැඳි ස්ථාන මැලේරියා මදුරුවන් බෝවීමට කදිම පසු බිමක් බැවින් කෘමිනාශක බෙහෙත් ගැල් වූ මදුරු දැල් ද අවශ්‍ය බවයි.

සේව් ද චිල්ඩ්රන් ආයතනය සහන කටයුතු සඳහා අවසර ලැබුනු එක් ආයතනයකි. දුරස්ථ ප්‍රදේශවලට උදව් ලැබෙන විට පීඩාවට පත් වන අයගේ සංඛ්‍යාව බොහෝ දුරට වැඩි විය හැකි බව ඔව්හු කීහ.


රට හා දායකත්වය[සංස්කරණය]

ඕස්ට්‍රේලියාව - ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 25
බංගලාදේශය - ආහාර ද්‍රව්‍ය ටොන් 20 ක් සහ ඖෂධ
බෙල්ජියම - යුරෝ 250000 සහ Flanders ගෙන් යුරෝ 100,000
බෲනෙයි - සහන ද්‍රව්‍ය
කැනඩාව ඇමෙරිකන් ඩොලර් මිලියන දෙකක්, මෙයින් ඩොලර් 500000 ක් රතු කුරුසය වෙනුවෙනි. තවත් ආධාර නියමිතය. DART සංවිධානය සීරුවෙන්.
චීනය - ඇමෙරිකන් ඩොලර් මිලියන 5.3 ප්‍රධාන වශයෙන් සහ සහන ද්‍රව්‍ය වලින් - ගුවන් ගමන් වාර තුනක් යොදා‍ගන්නා ලදී. එකකින් ටොන් 60 ක ආධාර ද්‍රව්‍ය ගෙන එන ලදී.
චෙක් - ජනරජය අ.ඩො.154000
ඩෙන්මාර්කය අ.ඩො. 103,600
යුරෝපීය සංගමය අ.ඩො. මිලියන 3
ෆින්ලන්තය යුරෝ 300000
ප්‍රංශය අ.ඩො. 775000
ජර්මනිය අ.ඩො. මිලියන 3
ග්‍රීසිය අ.ඩො. 200000 ඖෂධ හා මානූෂීය ආධාර
ඉන්දියාව සහන උපකරණ, කූඩාරම්, ආහාර, ඖෂධ ටොන් 72 කට වැඩියෙන්
ඉන්දුනීසියාව අ.ඩො. මිලියනයක් මුදලින්. තවත් ආහාර සහ බෙහෙත් ද්‍රව්‍ය
අයර්ලන්තය අ.ඩො. මිලියන1.5
ඊශ්‍රායලය අ.ඩො. 100,000 ආහාර පෞද්ගලික සංවිධාන වලින් ඖෂධ ද්‍රව්‍ය
ජපානය ජපන් යෙන් මිලියන 2.8 ක කූඩාරම්, විදුලි ජනක යන්ත්‍ර අ.ඩො. 2,67,000. අ.ඩො. මිලියන 10 ක ආධාර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක ආහාර වැඩ සටහන යටතේ අ.ඩො. 570000 ආධාර පොරොන්දු වී ඇත.
මැලේසියාව අ.ඩො. 4100,000
නෙදර්ලන්තය යුරෝ 1000,000
නවසීලන්තය න.ඩො.මිලියන 1.5
නොර්වේ අ.ඩො. මිලියන 1.96 ක් දක්වා
පිලිපීනය සෞඛ්‍ය සේවකයින් සහ අ.ඩො. 500,000 සහන ද්‍රව්‍ය
රුසියාව ආහාර ටොන් 80, විදුලි ජනක යන්ත්‍ර, ඖෂධ, කූඩාරම්, පොරෝනා
සිංගප්පූරුව අ.ඩො. 200,000
ස්පාඤ්ඤ අ.ඩො. 775,000 ක ආධාර ලෝක ආහාර වැඩ පිළිවෙල
ස්වීඩනය ජල පිරිසිදු කිරීමේ පද්ධති, සේවා හා භාණ්ඩ සැපයීම
ස්විට්සර්ලන්තය අ.ඩො. 475, 000
තායිලන්තය අ.ඩො. 100,000 ක ආහාර, වෛද්‍ය උපකරණ
තුර්කිය අ.ඩො. 1,000,000
එක්සත් රාජධානිය බ්‍රිතාන්‍ය පවුම් මිලියන 5
එක්සත් ජනපදය අ.ඩො. මිලියන 3.25 6C 130 යානා USS ESSEX Strike group
වියට්නාමය අ.ඩො. 200,000

රට පෞද්ගලික සහන සේවා කණ්ඩායම්[සංස්කරණය]

රට තුළ සහන සේවා කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා ජාත්‍යන්තර සංවිධාන කිහිපයකට (සිද්ධි දාමයට පෙර හෝ ඉන් පසු) අනුමැතිය ලැබී ඇත. මින් සමහරක් සහන සේවා කටයුතුවලට සහයෝගය ලබා දීම සිදු කරති. එවන් සංවිධාන කිහිපයක් පහත දැක්වේ. · Aidmatrix මෙම සංවිධානය මඟින් සහන සේවා කටයුතු සඳහා දායක වීමට කැමැත්තක් දක්වන විවිධ ආයතන, කණ්ඩායම් සහ පුද්ගලයන් සඳහා සම්බන්ධීකරණ සේවා සපයන අන්තර්ජා ‍දොරටුවක් ක්‍රියාත්මක කරයි. මේ ඔස්සේ ද්‍රව්‍යමය ආධාර, මූල්‍යමය ආධාරය ලබා ගැනීමෙත් රාජකාරී ස්ථානයන්හිද සාමූහිකව ආධාර රැස් කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා පහසුකම් සැපයීමත් සිදු කෙරේ. · Giving Children Hope මෙම සංවිධානය සිය බිම් මට්ටමේ සාමාජිකයන් ඇසුරින් හදිසි සහන සේවා සැපයුම් බෙදා හැරීමට කටයුතු කර ඇත. · CARE මෙම සංවිධානයේ මූලස්ථාන කිහිපයක් යැන්හොන්හි පිහිටා තිබූ අතර ඉන් සමහරකට හානි සිදු වී ඇත. නමුත් මෙහි නිලධාරීන්ට සහ සාමාජිකයින්ට හානි සිදු වී නොමැත. මේ වන විට ඔවුන් සතුව වෙනත් සම්පත් පවතින අතර ආධාර ලබා දීම සඳහා සූදානමින් සිටිති. මේ වන විට ද ඉලක්කගත ආධාර ප්‍රමාණයක් ඔවුන් සතුව පවතී. · Chevron Corporation ඇමරිකානු ඩොලර් මිලියන 2ක ආධාර මුදලක් ලබා දීමට තීරණය කර ඇත. ඉන් අඩක් රතු කුරුස සංවිධානයට ලබා දීමටත් ඉතිරිය International Organization for Migration, Mercy Corps, Pact and Save the Children යන සංවිධාන අතර බෙදා දීමටත් සැලසුම් කර ඇත‍. · Church World Service ආයතනය Myanmar Council of Churches සංවිධානය සමඟ එක්ව සහන සේවා කටයුතු දියත් කර ඇත. ඔවුන් සතුව ද මේ වන විට ඉලක්කගත ආධාර ප්‍රමාණයක් පවතී. · Direct Relief International බිම් මට්ටමේ සංවිධාන කිහිපයක් හා එක්ව සහන සේවා කටයුතු ක්‍රියාත්මක කරයි. පරිපාලන කටයුතු සදහා වැය නොකරන, මුළුමනින්ම සහන සේවා ව්‍යාපෘති සඳහා යෙදවෙන සාමාන්‍ය ආධාර ඔවුන් සතුව පවතී. · Doctors Without Borders/Médecins Sans Frontières - සංවිධානයේ කණ්ඩායමක් බිම් මට්ටමේ ක්‍රියාත්මක වන අතර ඔවුන් මේ වන විට සහන ‍සේවා කටයුතු සඳහා දායකත්වය සපයමින් සිටිති. සාමාන්‍ය ආධාර සැපයුම් තොරතුරු මොවුන්ගෙන් ලබා ගත හැක. · Foundation for the People of Burma - සංවිධානය රුන්ගුන්හි ක්‍රියාත්මක වෙමින් සෘජුව ‍සහන සේවා කටයුතු ක්‍රියාත්මක කරයි. සහන සේවා කටයුතු බෞද්ධාගමික ස්වේච්ඡා සේවකයින් අතින් ක්‍රියාත්මක ව අතර තවදුරටත් ලැබෙන ආධාර භාර ගැනීම සඳහා බලාපොරොත්තුවෙන් සිටිති. · GlobalGiving සංවිධානය දැනටමත් මියන්මාරයේ ක්‍රියාත්මක වන බිම් මට්ටමේ සංවිධාන කිහිපයක් සමඟ නිශ්චිත සහන සේවා ව්‍යාපෘති ක්‍රියාත්මක කරති. ‍ඔවුන් හා ක්‍රියාත්මක වන සංවිධාන අතරට IDE , CHF International හා International Medical Corps යන ඒවා අයත් වේ. · Hungarian Baptist Aid සංවිධානය Baptist World Aid හි සෙවිමේ හා ගලවා ගැනීමේ කණ්ඩායම් සහ වෛද්‍ය කණ්ඩායම් සමඟ එක්ව ක්‍රියා කරයි. ඊට අමතරව මේ වන විට මානුෂීය ආධාර සැපයීමටත් විශේෂ ජල පිරිපහදු සහ මළු වශයෙන් ජලය ලබා දීමේ ඒකකයක් ඇරඹීමටත් ඔවුහු ක්‍රියාත්මක වෙමින් සිටිති. · Lutheran World Relief සංවිධානය Church World Service සංවිධානය ඔස්සේ සහන ‍සේවා කටයුතු ක්‍රියාත්මක කරයි. ඔවුන් විශේෂිත මියන්මාර / බුරුම සුළි කුණාටු ආධාර වැඩ සටහනක් ආරම්භ කර ඇත. · මියන්මාර රතු කුරුස සංවිධානය සිය මවු ආයතනයේ නිල වෙබ් අඩවිය හරහා ආධාර ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇත. මේ වන විට ඔවුන් බිම් මට්ටමේ ක්‍රියාත්මක වන අතර ඉලක්කගත ආධාර ලබා දීමට සූදානමින් සිටී. මේ සඳහා ආධාර කිරීමට දක්වන්නේ නම් නිල වෙබ් අඩවිය වෙත පිවිස "Myanmar Cyclone Nargis" ය‍ටතේ "I would like my contribution to go to:" යන යොමුව තෝරාගන්න. · Save the Children ආයතනය මියන්මාර්යේ ක්‍රියාත්මක වන විශාලතම රාජ්‍ය නොවන සංවිධානවලින් එකකි. එමඟින් මේ වන විට සියළු අංශ ආවරණ වන පරිදි දැවැන්ත සහන වැඩ පිළිවෙලක් ක්‍රියාවට නංවා ඇත. මෙම සංවිධානය හරහා ද ඉලක්කගත ආධාර ලබා දිය හැක. · ShelterBox ඕස්ට්‍රේලියානු ශාඛාව සහ අනෙකුත් Rotary International සමුහයේ සංවිධාන ද සහන සේවා කටයුතු සඳහා දායකත්වය දක්වති. මැයි 10 වැනි දා පටන් ShelterBoxes සාමාජිකයින් මියන්මාරය වෙත පැමිණීම ආරම්භ විය. · UNICEF ආයතනය මේ වන විටද රට තුළ ක්‍රියාත්මක වන අතර ආධාරක සැපයුම් ලබා දී ඇත. මෙම සංවිධානය හරහා ද ඉලක්කගත ආධාර ලබාදීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වේ. · Unitarian Universalist Service Committee සංවිධානය Unitarian Universalist Association සංවිධානය සමඟ එක්ව මියන්මාර සුළි කුණාටුවෙන් ජීවිත බේරාගත් පුද්ගලයන් සඳහා මානුෂීය ආධාර අරමුදලක් ආරම්භ කර ඇත. ගැටළු සහගත තත්වයන්ට මුහුණ දීම සඳහා UUSC ආයතනය සැලසුම් සහගතව ක්‍රියාත්මක වේ. අයිතිවාසිකම්වලට තර්ජන එල්ල වූ, සාම්ප්‍රදායික සහන සේවා ව්‍යාපෘති වලින් නොසලකා හැරි සහ ඔවුන්ට මඟ හැරුණු පුද්ගලයන් පිළිබඳ මොවුන්ගේ වැඩි අවධානය යොමු වේ. මොවුන් හරහා ද ඉලක්කගත ආධාර සැපයීම් කළ හැක. · World Vision සංවිධානයේ සාමාජිකයන් 600ක් මේ වන විට බිම් මට්ටමේ ක්‍රියාකාරීව (වීඩියෝ ක්ලිපය බලන්න) මොවුන් ද ඉලක්කගත ආධාර ලබාදීමේ පහසුකම් සපයා ඇත.

නිෂ්පාදනයට සිදු වන බලපෑම[සංස්කරණය]

වී වගාව සඳහා ඉරවඩි ඩෙල්ටා ප්‍රදේශය ඉතා සශ්‍රීක බිම් කඩක් වන අතර “සහල් නැලිය” ලෙස ද හැඳින්වේ. මෙම ප්‍රදේශයෙන් ලැබුණු වී නිෂ්පාදන මඟින් බුරුම ජනතාවට ප්‍රමාණවත් තරම් (ආසියානු ප්‍රමිතීන්ට අනුව) සහල් සපයා ඉතිරිය අපනයනය කිරීමට ද බුරුමය සමත් විය. නාර්ගීස් චණ්ඩ මාරුතය අස්වනු නෙළන කාලයට ආසන්නව සිදු කළ බලපෑම හේතුවෙන් වී නිෂ්පාදනය අඩු වී සාගත තත්වයක් උද්ගත වීමේ හැකියාවක් පවතී. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ගණනය කිරීම්වලට අනුව බුරුමයේ මුළු වී නිෂ්පාදනයෙන් 65%ක ප්‍රමාණයක් චණ්ඩ මාරුතය නිසා බලපෑමට ලක්ව ඇත. මේ තත්වය හේතුවෙන් අනාගතයේ සහල් හිඟයක් ඇති වුව හොත් තත්වය ඉතා භයානක විය හැකි බව ඔවුන්ගේ මතයයි. මෙම තත්වය නිසා දැනට උද්ගතව ඇති ආපදා තත්වය තවදුරටත් වර්ධනය විය හැකි බව ඔවුන් ප්‍රකාශ කර තිබේ. කෙසේ නමුත් යම් හෙයකින් සරත් සෘතුවේ සහ ගිම්හානය අවසානයේ ලැබෙන අස්වනු හොඳ තත්වක පැවතුණහොත් ආපදා අවම කරගත හැකි වනු ඇත.

"http://si.wikipedia.org/w/index.php?title=නර්ගීස්’_සුළි_කුණාටුව&oldid=249774" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි