නයිල් ගඟ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
නයිල් ගඟේ පිහිටීම
ඊජිප්තුවේ කයිරෝ නගරය හරහා ගලන නයිල් ගඟේ දර්ශනයක්

නයිල් ගඟ උතුරු අප්‍රිකාවේ උතුරට ගලන ප්‍රධාන ගංගාවක් වන අතර එය ලොව දිගම ගඟ ලෙස ද සැළකෙයි[1]. එහි දිග කිලෝමීටර් 6,650කි. එය විශාල ඩෙල්ටාවකින් අවසන් වන අතර ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියාව අසලින් මධ්‍යධරණී මුහුදට වැටෙයි.

නයිල් ගඟ සෑදෙන්නේ සුදු නයිල් සහ නිල් නයිල් නමැති ප්‍රධාන අතු ගංගා දෙකකිනි. උගන්ඩාවේ වික්ටෝරියා වැවෙන් ආරම්භ වන සුදු නයිල් ගඟ සූඩානය හරහා කාර්ටූම් වෙත ගලන අතර, එහිදී නිල් නයිල් ගඟ මුණ ගැසී ඉන් පසුව ඊජිප්තුව හරහා ගලා යයි. නිල් නයිල් ගඟ ගලා එන්නේ ඉතියෝපියාව හරහා ය. දිනකට ඝන මීටර මිලියන 300ක් පමණ ජලය නයිල් ගඟෙන් මුහුදට වැටෙයි.

පැරණි ඊජිප්තු ශිෂ්ඨාචාරය නයිල් ගඟ දෙපස ගොඩ නැඟුණි. ඊජිප්තු පිරමිඩ පිහිටා ඇත්තේ ද නයිල් ගඟ ආසන්නයේය. ඊජිප්තුවේ භූමිය වැඩි වශෙයන් කාන්තාරවලින් සමන්විත වන නිසා එහි භෝග වගාවට අවශ්‍ය ජලය සම්පූර්ණයෙන්ම පාහේ ලබාගන්නේ නයිල් ගඟෙනි. ලෝක ප්‍රසිද්ධ අස්වාන් වේල්ල බැඳ ඇත්තේ නයිල් ගඟ හරහා ඊජිප්තුවේ අස්වාන් නගරයේදී ය.


[සංස්කරණය] මූලාශ්‍ර

"http://si.wikipedia.org/w/index.php?title=නයිල්_ගඟ&oldid=205991" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්